IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වන සැරිය - ඕළු මුවා

ඕළු මුවා යනු අදින් වසර ලක්ෂ 150-350ත් අතර කාලයක සිට මිහිතලය මත වාසය කරන්නට ඇතැයි සිතන සත්ත්ව විශේෂයකි. ඉංග්‍රීසි බසින් ‘‘බාකින් ඩියර්‘‘  ලෙස හඳුන්වන මොවුන් විශේෂ ගණනාවක් ලෝකය පුරා දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ ඕළු මුවා ලෙස හඳුන්වන විශේෂය සත්ත්ව විද්‍යාත්මකව ‘මුන්ටියාකුස් මුන්ජැක්‘ ලෙස හැඳින්වේ.

ලොව පුරා මේ විශේෂයේ උප විශේෂ 15ක් වාර්තාවෙයි. ඉන්දියාවේ එවැනි උප විශේෂ දෙකක් දක්නට ලැබෙන අතර ඒ අතරින් එක් උප විශේෂයක් වන ‘මුන්ටියාකුස් මුන්ජැක් මලබාරිකස්‘ නමැති උප විශේෂය ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි.

ඔවුන් සත්ත්ව විද්‍යාත්මක වර්ගීකරණයට බඳුන්කැර ඇත්තේ 1780 වර්ෂයේ දී සිමර්මාන් විසිනි.

ඕළු මුවන් ශ්‍රී ලංකාවේ සියළුම දේශගුණික කලාපයන්හි දක්නට ලැබෙයි. මෙරට සිටින මුවන් අතරින් බහුලව ම සිටින විශේෂය ලෙස ද හැඳින්වේ. පහළ කඳුකරයේ වැඩි වශයෙන් දක්නට ලැබේ. කැලෑ අයිනේ දෙදෙනා බැගින් බොහෝ විට සැරිසරති. රාත්‍රී කාලයේ ආහාර සොයා යන ඕළු මුවා හිමිදිරියේ හා රෑ බෝවූ පසු දැකිය හැකිය. බල්ලකු බුරන හඬට සමාන හඬකින් කෑගසයි. කොටියකු හෝ වෙනත් ආක්‍රමණිකයකු දුටු ගමන් නොනවත්වා කොළ වර්ග කෑමට ගනී.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, දකුණුදිග චීනය, උතුරු ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, කාම්බෝජය, වියට්නාමය, සුමාත්‍රා, ජාවා, බාලි, බෝර්නියා ඇතුළු රටවල් රැසක පැතිර සිටින මොවුන් නිවර්තන වැසි වනාන්තර, වියළි කලාපීය වනාන්තර, ශුෂ්ක වනාන්තර, තණ බිම්, සවානා බිම්, ලඳු කැලෑ ඇතුළු සෑම පරිසර පද්ධතියක ම පාහේ දැක්නට ලැබෙයි. එමෙන් ම මුහුදු මට්ටමේ සිට අඩි 9,800ක් දක්වා පැතිර සිටින ඕළු මුවන් උප විශේෂ 15ක් ලෝකයේ දක්නට ලැබෙයි.

විල්පත්තු වනෝද්‍යානයේදී ජනක සේනාරත්න මහතා ඕළු මුවා ඡායාරූප ගත කළේය.

web-muwa



අදහස් (0)

වන සැරිය - ඕළු මුවා

සිරිපාල Tuesday, 10 February 2015 09:25 AM

මේ සත්තු දඩයම් කරනවා... බොරු කියන්න ඕන නෑ.(හේ)

:       0       1

ලසන්ත Tuesday, 10 February 2015 09:50 AM

ඉංගිරියේ බෝධිනාගල ආරණ්‍යයේ ගොඩක් ඉන්නවා මේ සත්තු (දිල්)

:       0       0

ජයත් Tuesday, 10 February 2015 10:30 AM

ඔව් සිරිපාල, ඔයා හරි එහෙම වෙනවා තමයි. නමුත් මෙයා මරන්න තහනම් සතෙක් හරි, රතු දත්ත පොතේ ඉන්න කෙනෙක්ද කියල නම් හරි මම හරියට දන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 142 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 155 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 131 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1000 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 48 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 80 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38432 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 893 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site