බොරැල්ලේ වනාතමුල්ල සින්නදූපතේ ‘මලී‘ නම් කතක හෙරොයින් මත් කුඩු ගුලියක් ගිල අසනීප වීමෙන් පසුව රෝහලේදී මරුමුවට පත් වූ බව පොලිසිය පවසයි.
පොලිසිය මත්කුඩු වටලද්දී ඇය ගුලි දෙකක් කටේ දමා ගන්නට තැත් කළ බවත්, එක ගුලියක් ගිලීම වළක්වා ගත් නමුත් අනික් ගුලිය ගිල ඇති බවත් පොලිසිය කියයි.
ඇගේ පවුලේ සමීප සාමාජිකයන් රැසක්ම මත්කුඩු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදින බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වුණ එක තමා හොද.නැත්නම් ඒ මිනිහා ආයෙත් නිදහස් වෙලා ඒ දෙයම කරාවි.. (නි)
තවත් කුඩු මලී කෙනෙක් බිහිවෙන්න නම් දෙන්න එපා. (නි)
මේ අය හිරේ යද්දී තව අය යොදවනවා.ගහේ මුල තියෙද්දී දළු කඩලා වැඩක් නැහැ. (නි)
නියමයි. ඔහොම යං ඔහොම යං. (නි)
නියම දඬුවම. අර කවදාවත්ම ක්‍රියාත්මක වෙන්නේ නැති මරණ දඬුවමට වඩා කොච්චර හොඳද. කුඩු අහුවෙලා මරණ දඬුවම නියම කරපු අය කොච්චර ඉන්නවද කරදරයක් නැතුව? (නි)
රටට කරන ලොකුම සේවය නම් මේක තමයි (නි)
අනිත් අයටත් මේ විදියටම ගිලින්න සැලැසුවා නම් ..... (නි)
අපේ පොලිසිය කියන්නේ ලෝකේ හාස්කම් තියන පොලිසියක්.කුඩු ගෙන්වන අයව දන්නේ නැහැ , කුඩු විකුණන අයව විතරයි දන්නේ. ජනතාවට බුදුම සරණයි ,සාදු සාදු !!!! (නි)
අවිගත්තෝ අවියෙන්ම නසිති. ගෙන්වන අය බලවතුන් නිසා බෙදාහරින අයවත් අල්ලමු නේද? (නි)
ගිල්ල ද ගිල්ලුවද දන්නේ නෑ..පොලිසිය සාමාන්‍යයෙන් මොනවා හරි වැටලීමට ගියොත් අනිවාර්යයෙන්ම සැකකරුවා මැරෙනවා . ආයුද පෙන්නන්න ගියත් එහෙමනේ (අ)
ගිලපු කුඩු ටිකට මොකද ඉතින් වුණේ? (නි)
මාටින්, ඔය කියන්නේ අපරාධකාරයන්ට නිදහසේ අපරාධ කරන්න කියලද?මෙවැනි විදිහට හෝ අපරාධකාරයන් අඩුවෙනවා නම් පොලිසියට ගරුකළ යුතුයි.මෙම කාන්තාව ඇත්තටම කුඩු ගිලින්න ඇති.කුඩුකාරයන්ගේ එක් සැලැස්මක් තමා කුඩු ගිලින එක. (නි)
මාටින්, ඔයා නොදන්නා දේවල් නොකියා පාඩුවේ ඉන්න (නි)
මාටින්, ඔය සිද්ධ වුණ දේ හොඳ නැද්ද? අනික, අවුරුදු ගාණක් හරි ගිහින් එලියට ආවොත් ආයෙත් පරණ දේවල්මයි කරන්නේ? (නි)
අගනා දෙයකි. තවත් ඇති මොවුන්වත් සොයා ඉක්මනින් නඩු දමන්න. (අ)
මාටින් කුඩු කාරයෝ රටම කන ත්‍රස්තවාදීන්ටත් අනන්ත කොටසක් මේ වගේ එවුන් කුඩු ගිලල මලත් කුඩු ගිල්ලවල මලත් අනාගත පරම්පරාවට කරන යහපතක්. මාටින් පොලිසිය එක්ක තරහින් වගේ ඉන්නේ.(අ)
අනුන්ට අඹරපු ගුලි තමුන්ගේම හිරවෙලා ඕකතමා කියන්නේ කල කල දේ පල පල දේ කියල (අ)
කී දෙනෙක් නැති කරලද කුඩු මාලි නැති වුණේ. (අ)