උසස් පෙළ විභාගයට ලියා අවසන් වීමෙන් පසුව හැටන්හි ගලබොඩ දිය ඇල්ලේ නෑමට ගිය සිසුන් විසි එක් දෙනාගෙන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.
දෙදෙනාම අවුරුදු 18 ට අඩු අය බව දැනගන්නට ඇත.
උසස් පෙළ විභාගයට ලියා අවසන් වීමෙන් පසුව හැටන්හි ගලබොඩ දිය ඇල්ලේ නෑමට ගිය සිසුන් විසි එක් දෙනාගෙන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.
දෙදෙනාම අවුරුදු 18 ට අඩු අය බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස 15 ඉදලා 20 වෙනකම් ගොඩක් ළමයි කියන දෙයක් අහන්නේ නැහැ. අපරාදේ කොල්ලෝ දෙන්නා.(නදී)
"අනේ අහිංසක කොල්ලෝ. අපේ ජනමාධ්‍ය හා පාසල් වලින් ළමයි දැනුම්වත් කරනවා මදි." මේ කොල්ලන්ට ටියුෂන් පන්තියෙන් එහාට දෙයක් නැත. කියවන්නෙත් නැත බොළඳ ටෙලි නාටක බැලුවට එම නිසා ඕව ගණන් නොගෙන ඉම්මු. (නදී)
දෙමව්පියන් හැටියට මීට වඩා ළමයි ගෙන හොයා බලන්න ඕනේ.(නදී)
"දැන් කාලේ කොල්ලෝ වයස 18 ට වෙන්නත් කලින් මත් බෝතලේ අතට අරන් වතුරට බහින්නේ.." හරියට හරි එම නිසා ඒ පව් එගොල්ලම ගෙන ගියාවේ.(නදී)
මට මතකයි නික්සාන් මල්ලිව .... අහිංසක ලමයෙක් (දී) ..
" අපිත් දශක තුනකට විතර ඉස්සර හිටියේ ඔය වයසේ . අපිත් කොලුකමට නොයෙක් දේවල් කලා එත් අපේ ගුරු ගෞරවය සහ දෙමාපියන්ට තිබුණු කීකරු කම නිසා වැරදි වැඩ කරන්න පෙළඹුනේ නැහැ . " ඒවගේම අපිට කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියා දැනගෙන සිටිය. පීනන්න බැරිනිසා නොදන්නා නුපුරුදු තැන්වල නාන්න ගියෙ නැහැ (දී)
අවුරුදු ගානක් මහන්සි වෙලා පාඩම් කරලා විභාගේ ලියල ඒ සතුට විඳගන්න බෙදා හදා ගන්න යාළුවො ටික යන්න ඇති , අපිත් පාසල් අවදියේ ගෙවල් වලට හොරෙන් මෙහෙම කරලා තියෙනවා , හැබෙයි මම හැම වෙලාවේම මගේ යාළුවො ඇතට යනකොට කෑ ගහලා ගෙන්නගන්නවා මෙතන විසිඑක් දෙනෙක් ඉඳලත් තමන්ගේ යාළුවො ගෙන බලාගන්න කෙනෙක් ඉඳල නෙහනේ , පවු ඉතින් අහිංසක ජීවිත දෙක , නිවන් සුව ඔබ දෙපොළට (දී)
"මේ ළමයි දෙන්නගේ ෆොටෝ දෙකක් දාලා මේ ඇල්ල ළඟ සමරු ඵලකයක් හදන්න මේ දරුවන්ට ගෞරවයක් ලෙස" මොන ඉටිගෙඩියකටද ? මෙම අදහස් දරන අයතමයි අපට ඉන්න පාලකයින් තේරුවේ (දී)
ප්‍රතිපල එන්න කලින් කනගාටු දායක ප්‍රතිපලයක් (දී)
ලස්සන ගොඩාක් දේ ජීවිතේට තිත්තද (දී)
දෙම්ව්පියන්ටම බැනලා වැඩක් නැ.ළමයිනුත් දැනගන්න ඕන. (දී)
තරුණ වයසේ ළමයි මේවගේ වැඩ වලට යන එක නවත්ත්වන්න කොහොමටත් බෑ. අවශ්‍ය ළමයින්ට පිහිනුම් කුසලතා හා ප්‍රථමාධාර ගැන හොඳ දැනුමක් ලබාදීමයි සාන්ත ජෝන් ගිලන් රථ හමුදාව, රතු කුරුස හමුදාව මෙවැනි වටිනා පුහුණු වීම් කරනවා. පාසල් වල ගුරුවරු ඒවාට උනන්දු වෙලා ළමයින්ට එවැනි පහසුකම් ඇති කරන්න ඕන. (දී)
මේ පිරිස මෙච්චර කල් ජීවත් උනේ ලංකාවේ නේද, මේ දේවල් වල ලස්සන වගේම ඉන් එහා ගිය භයානක කම තේරුම් ගන්න ඕන මේවා කරන්න කලින්, (දී)
මේවා තමන්ගේම මෝඩ කමට වෙන දේවල් කරන්න දෙයක් නේ උසස් පෙළ කරන ළමයෙක්ට මීට වැඩ මොලේ තින්න ඕනි. අපිත් ඔය සේරම කලා. නමුත් මෝඩ වැඩ වලට ගියේ නැහැ කොලු කම කියා. අහිංසක දෙමුපියෝ ඔයාලා දෙන්න ඔතනට ගෙන්න කොයි තරම් දුක් විදින්න ඇද්ද? අද එයාලට මේ දුන්න දුක ගෙවන්න වෙයි.(නදී)
අද අපේ රූපවාහිනී නාලිකා ඉදිරිපත් කරන්නේ හරයක් නැති වැඩ සටහන්ත මිනිසුන්ට දැනුමක් දෙන්න නැහැ. සත්‍ය ඉදිරිපත් කරන්නේ නැහැ. යමක් ඉදිරිපත් කලත් අරමුණ තුන්වන පාර්ශවයකට රිදවීම. විනිවිද භාවයක් නැහැ. ජනමාධ්‍ය බොහෝවිට අයිතිකරුවන්ට යට වෙලා. හරසුන් වැසටහන් වලින් පිරිලා. මාධ්‍යෙව්දීන් පැහැණු වී කරලක් වගේ වෙන්න ඕනේ. මාධ්‍යය හරියට දේව කාරියක් වගේ.(නදී)
ඇයි දරුවනේ මෙහෙම හිතුවක්කාර වැඩ කරන්නේ. පව් නේද ඔයගොල්ලන්ගේ අහිංසක දෙමව්පියෝ. ඒ අය කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඔයාලට උගන්වන්න ඇත්තේ.(නදී)
අනේ අපොයි කොලු පැටව් දෙන්නා. මේ දෙන්නම විබාගයත් ඉහලින්ම සමත් ඇති කියලා මම හිතනවා.(නදී)
මම අදහස් කලේ මෙතන මේ දෙන්නා මැරුණා කියල අනිත් අයට මතක් කලාම මින්පසු මෙවැනි දේවල් වෙන එක වලක්වන එකයි. ඒ සමගම ෆොටෝ දැමීම නිසා ජීවිතය නැති උන දෙන්නට අගෞරවයක් වෙන එක වලක්වන එකයි. එහෙම නැතුව ඒ දෙන්නා ගෞරව ලැබීමට සුදුසු දෙයක් කලා කියන එක නෙවෙයි. එය දියුණු රට වල කරන දෙයක්. (දී)
තමන්ගේ ජීවිතය ගැන මිට වඩා හිතන්න තිබුනා.(නදී)
මෙතන සියළුදෙනා ඉතා අවංකව අදහස් පළකරලා තිබෙනවා. මේක තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය (නි)
හරිම කණගාටුදායකයි! ළමයි මීට වැඩ දෙමව්පියන්ට සමීප වෙලා විවුර්තව කටයුතු කරනවානම් මේවා ගොඩක් අඩුවෙයි! (දී)
තවත් අරක්ෂාකාරීව හැසිරෙන්න අවශයයි.(නදී)
නොදන්න වතුරට කවදාවත් බහින්න එපා දරුවනේ.අපිත් ඔය කාලේ වතුරට හරි ආසයි ඒක විනෝදයි. ඒත් අපිට ආදරේ කරන අයට, රටට අපි ජිවත්වන එකයි වැදගත්.(නදී)
ළමයිනේ අවුරුදු 18ක් ඔයගොල්ලන්ව ලොකු මහත් කරන්ට අම්ම තාත්තල දුක් විදිනවා. නාන්න ආශාවක් තිබුනා නම් හොඳ ආරක්‍ෂිත තැනකට යන්ට තිබුනා. ඔය 21 දෙනෙකෙන් එක්කෙන්කුටවත් හිතුනේ නැතිද නොදන්නා තැනක නාන්ට යන එක භයනකයි කියලා. අපිට මෙම දර්ශනය දැකලා දුකයි. දෙමාපියන්ට කොහොම ඇතිද? කවදාවත් ගෙදරට බොරු කරන්ට එපා.(නදී)
මරණය දුකක් වන්නේ මිය දෙන්නන්ට නොව ජීවත් වන්නන්ටය. (ස)
දෙවියනේ මෙහෙම වෙයි කියල හිතලද වතුරට බැස්සේ? පව් තරුණ ළමයි! නිවන් සැප ලැබේවා! (නි)
තරුන ජවය. මෝඩකම ඉහ වහා ගිය තවත් සිදුවීඹක්.(නදී)
මේ තරුණ ළමයි මෙච්චර මෝඩ මොකද මන්දා. තමන්ට පීනන්න බැහැ කියලා දන්නවා නම් ජලය ගැඹුරුයි කියලා පේනවා නම් ඇයි යන්නේ? දැන් ළමයි කී දෙනෙක් දියේ ගිලී මලාද? පාසල් වලින් දෙමාපියන්ගෙන් මේ ළමයි දැනුවත් වෙලා මදි මයේ හිතේ. නිවන් සැප ලැබේවා කියන්නත් හිතක් නැහැ, මේ ළමයි තව කොච්චර කාලයක් ජීවත් වෙන්න හිටි අයද?.නිවන් සැප ලබන්න පෙර නැවත වාරයක් ලක් පොලාවේම ඉපදේවා!(නදී)
අනේ දෙයියනේ අපිත් ඉස්සර පන්ති කට් කරලා විනෝද වෙන්න යන්නේ මෙතනට.(නදී)
මේවට දෙමව්පියන් සහ ගුරුවරුත් වගකියන්න ඕනා. අපිත් දශක තුනකට විතර ඉස්සර හිටියේ ඔය වයසේ . අපිත් කොලුකමට නොයෙක් දේවල් කලා එත් අපේ ගුරු ගෞරවය සහ දෙමාපියන්ට තිබුණු කීකරු කම නිසා වැරදි වැඩ කරන්න පෙළඹුනේ නැහැ . දැන් ගුරුවරු දරුවකුට දඬුවමක් කලොත් දෙමව්පියන් පොලිසි යන්න තරම් අසීලාචාර වෙලා ඉතින් වැරදි කරන ශිශ්‍යෙයක් දක්කකාම ගුරුවරුන්ට අහකබලන්න සිද්ධ වෙනවා . අනික් කාරණේ දෙමාපියෝ හිතන්නේ තමන්ගේ ළමයාව ජනප්‍රිය ඉස්කෝලෙකට ඇතුල් කලාම , ටියුෂන් පන්ති වලට යැව්වම ඔක්කොම හරි කියලයි , කිසිම සදාචාරයක් පුරුදු කරන්නේ නැහැ . හොඳට හොයා බැලුවොත් සමහරවිට මේ ළමයි මත්පැන් පාවිච්චි කරලා හිටිය වෙන්නත් පුළුවන් . කොහොම උනත් මියගිය දරුවන් ගැන කනගාටු වීම හැර වෙන කරන්න දෙයක් නැහැ මෙවැනි දේවල් ගැන අසන්න නොලැබේවා.(නදී)
අනේ මෙහෙමත් අපරාධයක්, තවත් අහිංසක තරුණ ජීවිත 2ක් මගේ රටට අහිමි වුනා. (අ)
පුතාලම දෙන්නෙක් ඉන්න මට මෙය ඉතාමත් කනගාටු දායක සිද්දියක් අනේ පුතේ නුබලාගේ මාපියන් මේ දුක කෙසේ දරන්නද ...?පිටිගල .,කියන්න වගේ නිවන් සුව පතන්න නම් බැහැ.!!! සසර සරණ තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු ''නොවේවා'' කියා පතන්නම් (අ)
අනේ දෙවියනේ මොකද මේ වෙන්නේ හැමදාම අහන්න ලැබෙන්නේ මොනවද මේ දෙමව්පියන් ළමයි යන එන තැන් හොයන්නේ බලන්නේ නැත්තේ ඇයි. දැන්වත් ගුරුවරුන්ට ගරුකරලා කියන දේ අහන්ඩ ලමයි හදන්ඩ ඕනා නේද? අපිට ගුරුවරු අදටත් දෙවිවරු. අද දැක්කත් ගරුකරනවා දැන් ලමයි වැඩිහිටියෝ අදුනන්නේ නැහැ.(නදී)
හරිම කනගාටුදායක ප්‍රවෘත්තියක් හැම කෙනෙක්ම ඉගෙන ගන්න ඕනේ පිහිනන්න (අ)
ළමයින්ව දැනුවත් කරනවා මදි නොවෙයි ළමයි කියනදේ අහන්නේ නැතුව ගෙවල් වලට හොරෙන් ගිහිල්ල ඕනවට කරගන්න දේවල්.පවු අහිංසක දෙමාපියෝ. (අ)
අසරණ දෙමාපියන් මේ දුක කෙසේ දරන්නද? (නි)
ගංගා ඇල දොළවල් වල දියනෑමට ගිය තරුණ ජිවිත කොපමණ නම් රටට අහිමි වුණාද? පාසැල දෙමාපියන් පොලිසිය සිවිල් සංවිදාන වලින් දැනුවත් කළා නම් අනතුරු අවම කළ හැක (නි)
අනේ අහිංසක කොල්ලෝ. අපේ ජනමාධ්‍ය හා පාසල් වලින් ළමයි දෙනුවත් කරනවා මදි. මේ පිළිබද වෙනම වැඩමුළු පාසල් වල තියන්න ඕන. අපිට ලමයි කී දෙනෙක් නැති වුනාද දියේ ගිලී.(නදී)
මාත් මේ වයසේදී ගෙදරට හොරෙන් පිහිනන්න පුරුදුවෙන්න කුඩා ඔයට ගිහිල්ලා අනන්ත වාරයක් ගිළිලා වතුර පෙවිලා ඇති. පූරුවේ පිනකට මගේ පණ රැකිලා තියෙන්නේ කියලා දැන් මට හිතෙනවා. (නි)
දිය ඇලි යට විශාල වලවල් හෑරීම ස්වාභාවිකව සිදුවෙන දෙයක්. ඒ අසල වතුර ගලා ගෙන යන්නේ නිෂ්චිත රටාවකට නෙමෙයි. ඒ නිසා පීනන්න දක්ෂ අයත් මේ තැන්වල ගිලෙන්න පුළුවන්. (නි)
මේවා අද සමාජයේ සුලබ දේවල් වෙලා.දෙමාපියන්ටත් දරුවෝ ගැන බලන්න වෙලාවක් නැහැ දරුවොත් ඔයිට වඩා හිතන්න ඕනෑ.නිවන් සුව ලැබේවා! (නි)
හරිම දුක හිතෙනවා,මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙකුත් ඔතනම දියේ ගිලිලා මැරුණා, අනතුරුදායක තැනක්,ජීවිතේ වටිනාකම තාරුණ්‍යයේ කෙළිලොල් කමින් වැසුනම මෙවැනි අනතුරු සිදුවෙනවා. තමුන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් අරන් ජීවත්වෙන්න ඕනා. අපි කීදෙනෙක් වැස්සට කුඩා නැතුව අව්වට තොප්පියක්වත් නැතුව යනවද එච්චරම සැලකිල්ලක් නැහැ අපි ගැනම. අනිත් මල්ලිලා නංගිලත් පරෙස්සමින් විනොද වෙද්දී, මොකද ලෝකෙම අමාරුම විභාගයට මුහුණ දුන්නනම් ජීවිතේට මුහුණ දෙන්න පහසුයි.(නදී)
හිතට හරිම දුකයි මොකුත්ම ලියන්න හිතක් නැහැ, ඒත් දුක නිවෙනවා මොනවා හරි ලීවොත්,, කියල හිතුන ,,, දෙමාපියොත් මේවට වගකියන්න ඕනා.. ඉහ තිබුණු තැනට කර ගියාට දෙමා පියෝ දරුවෝ කියන කරන හැමදේම..ගණන් නොගෙන හිටියම වෙන්නේ , උන් ලොකු මහත් කරලා, නොකා නොබී ,උන්ට උගන්වලා අවසානේ මැරෙන තුරාම, උන්ගේ වියෝව ආවර්ජනය කරමින් කදුළු බොන්න. මෙය දකින ඔබ අපි හැමෝම යමක් ඉගන ගෙන තම දරුවන් දැනුවත් කර ඔවුන්ව මෙවැනි දේවලින් වලකා ගන්න අදිටන් කර ගනිමු. මෙවන් විපතක් මතු උපදින ආත්මයකදීවත් ඔබට නොම වේවා!(නදී)
අපොයි දෙවියනේ කොහොමද දරාගන්නේ 1995,1996 අවුරුදුවල ඉපදුන කිරිසප්පයෝ නේද ?(නදී)
හරිම අපරාධයක්.අපේ අය මේවා ආදර්ශයට ගන්නේ නැහැ කවදාවත්.ඒකනේ හැමදාම මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. (නි)
දැන් කාලේ කොල්ලෝ වයස 18 ට වෙන්නත් කලින් මත් බෝතලේ අතට අරන් වතුරට බහින්නේ... (නි)
නිසලව කඩා හැලෙන, අප කුඩා කල මහත් අස්වැසිල්ලක් වූ, අපට සම්පතක් වූ මේ දිය ඇල්ල ද? නැත්නම් එය පරිහරණය කරන වැරදි අකාරයද මේ විනාශයට මුල? (නි)
මේ ළමයි දෙන්නගේ ෆොටෝ දෙකක් දාලා මේ ඇල්ල ළඟ සමරු ඵලකයක් හදන්න මේ දරුවන්ට ගෞරවයක් ලෙසත් මින් ඉදිරියට එතනට යන අයට අනතුරු ඇඟවීමක් කිරීමටත්. (නි)
දෙමව්පියන් අතෙත් වගකීමක් තියෙනවා. විශේෂයෙන් විභාගයක් ඉවර වෙන දවසේ මේ වගේ අනුවන වැඩ කරන්න අපේ ළමයි පුරුදුවෙලා තියෙනවා. දෙමව්පියන් හැටියට මීට වඩා ළමයි ගෙන හොයා බලන්න ඕනේ.(නදී)