වසර දහයක් සේවය කළ පළාත් සභා මන්ත්‍රීනට විශ්‍රාම වැටුපක් ගෙවීමේ යෝජනාවක් වයඹ පළාත් සභා මන්ත්‍රී සෝමසිරි ගුණතිලක මහතා එහි කාරක සභාවකට ඉදිරිපත් කැර ඇත.
යෝජනාව සම්මත වුවහොත් මන්ත්‍රීවරු තිහක් පමණ විශ්‍රාම වැටුප් අයිතිය හිමි වනු ඇත.මීට පෙරද මෙවැනි යෝජනා ඉදිරිපත් වු නමුත් මහා භාණ්ඩාගාරයේ අනුමැතිය නොලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පෝස්ටර් ගහගෙන, මිනී මරාගෙන, රජයේ දේපල පාවිච්චි කරගෙන ඔය තැනට ගියේ ඇයි කියලා අපි හැමෝම දන්නවා. ඒ බව දැන දැනත් ඡන්දදායකයෝ මෙයාලව පත් කරලා යවනවා. (නි)
මම නම් කියන්නේ හොරකන් කරන්නත් දෙන්න ඕනේ. පව්නේ. (ස)
ඡන්දයක් තියෙනවා නම් ඡන්දෙ කාට හරි දෙන්න ඕන. එම පක්ෂ ජාතික ප්‍රතිපත්තියක් අනුමත කරගන්න ඕන. මේක රැකියාවක්ද ව්‍යාපාරයක්ද එහෙම නැත්නම් ජනතා සේවයක්ද කියලා. (ස)
අපි බලමු. මහ ඇමතිතුමා මොනවද කියන්නේ කියලා. (ස)
අනේ ඉතින් එයාලා අපි වෙනුවෙන්ම සේවයට කැපවූ අයනේ (නි)
හිගන්නාගේ පාත්තරේට තවත් එක හෙනහුරෙක් කඩා වැටෙන්නයි යන්නේ. (ස)
බලමු මේකට විරුද්ධ වෙන්නේ කවුද කියලා?? (නි)
ඇයි විශ්‍රාම වැටුප් ගෙවන්නේ? (නදී)
අනේ දෙයියනේ වයඹ මේ දිනවල බොන්න වතුරත් නැහැ මිනිසුන්ට.(නදී)
ඔන්න බලන්න පක්ෂ විපක්ෂ නැතුව ඕකට නම් අත් උස්සයි. මම ඉන්න රටෙත් ඔහොමයි. (ස)
විශ්‍රාම වැටුප් කියන්නේ රටට ජනතාවට වටිනා සේවයක් කල අයට තමන්ට ශරීරය , මොලය වෙහෙසන්න බැරිඋනාම ජනතා මුදලින් ගෙවන දීමනාවක් (දිල්)
රජයේ සේවකයන්ට දැන් දැන් විශ්‍රාම පරිතෝෂිකයත් නවතන්න හදන්නේ ඔය වැඩේට වෙන්න බැරිද? (නි)
රට සවාරියක් යන්න හැදුවා. ඒක ජනාධිපතිතුමා මැදිහත් වෙලා නතර කළා.දැන් විශ්‍රාම වැටුපක් ගන්න යෝජනා කරනවා? (නි)
විශ්‍රාම වැටුපක් ගෙවමු.වයඹ ජනතාව වශයෙන් අප එය අනුමත කරන්නම් .නමුත් එය ඉල්ලුම් කරන්නා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශනයක් ප්‍රසිද්ද කර තමන්ට ජීවත් වන්නට අදායමක් නොමෙති බව ප්‍රසිද්ද කරන්න.මෙම අබියෝගය සියලුම දෙසපාලුවන්ට බව සලකන්න. (දී)
එහෙනම් ඔන්න ඔහේ දීලා දාන්න. අපිට බැරියෑ ඒ සල්ලිත් ගෙවන්න (නි)
මෙයාලට ඉල්ලන සියල්ලම දීලා බැලුවා නම් මාමලාට,නැන්දලාට වයසට ගියාම සතුටින් ඉන්න පුළුවන් (නි)