තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වලට එරෙහිව තමිල්නාඩුවේ සිට ලංකාවට ගෙන එන භාණ්ඩ ගොඩබෑම හා ශ්‍රී ලංකාවෙන් චෙන්නායි නුවරට යවන භාණ්ඩ පැටවීම වර්ජනය කිරීමට වරාය අධිකාරියේ සේවකයෝ සැරැසෙති.
එහි මුල් පියවර ලෙස අද දහවල් 12 සිට පස්වරු එක දක්වා වර්ජනය කළ වරාය සේවකයෝ වරාය අපනයනය දොරටුව ඉදිරිපිටදී තමිල්නාඩු රජයට විරෝධය පෑහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් ගේන කසිකබල් දෙමළ චිත්‍රපටි බලන අය තවම ඉන්නවා (නි)
තමිල් නාඩුවට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ (දී)
නියම උත්තරයක් තමයි ඒක (දී)
ඉන්දියාවේ ආර්ථිකයට බලපාන උත්තරයක් (දී)
මමනම් 100% එකඟයි ඒ කල වැඩේට (දී)
වරාය සේවකයන්ට අපේ සහයත් ලැබෙනවා (දී)
තමිල්නාඩුවෙන් ලංකාවට වෙන භාධා නවත්වන්න (දී)
කියලාවත් කර ගන්න බැරි දෙයක් තමයි ඒ කරලා තියෙන්නේ (දී)
දැක්කාද ඉන්දියාවේ ආර්තිකයට් ලංකාවේ සේවකයන්ටත් බලපෑම් කරන්න පුළුවන් (දී)
ලංකාවේ හොද චිත්‍රපටි නැති නිසානේ ඉන්දියාවේ ඒවා බලන්නේ. මේවා ලොකු ලොකු ප්‍රශ්න නෙමෙයි. (නි)
ලාංකික සේවකයන්ට අපගේ උත්තමාචාරය
නියමයි (දී)
කරන දෙයක් පරිස්සමෙන් (දී)
බොහොම හොඳ ක්‍රියා මාර්ගයක්, සිංහලයා දෙවැනි කොට සළකන්න දෙන්න පුලුවන්ද අපේ රට ඇතුලේ? ඉන්දියාවේ වාහන වහාම මිලදී ගැනීම නැවතීමට එකතු වන්න සිහලුනි. (නි)
මේ කරන වැඩෙන් අපිටයි පාඩු. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න හදන්න එපා.. (ස)
මෙතන අදහස් දාන්නේ බොරු ජාති ආලේ තියෙන අය, ඉන්දියාව ලොකු රටක්, අපි සමගියෙන් කටයුතු කලයුතුයි. (ස)
නියමයි, ඔහොම යන එක හොඳයි. පර දෙමළුන්ට පාඩමක් උගනන්න ඕනි. (ස)
මෙතන ගොඩක් අය ඉන්දියාව කියන්නේ තමිල්නාඩුව කියන වැරදි වැටහීමෙන් ඉන්නවා. උතුරු ඉන්දියාවේ ලාංකිකයන්ට පිළිගැනීමක් තියනවා. මම නම් හිතන්නේ නෑ වරාය වර්ජනය හොඳ වැඩක් කියලා. නමුත් ලාංකිකයන් තමිල්නාඩු බඩු ප්‍රතික්ෂේප කරනවානම් බඩු එන එක නිකන්ම නවතීවි. හොඳයි ඔය අක්කල නැන්දලා කියන්න බලන්න හොඳ සාරි අඩුවට එපා කියලා?(නදී)
ජයවේවා නියම වැඩක් (දී)
ඉන්දියාවෙන් ගේන වාහන කාලෙකට හරි නොගෙන ඉන්න බලමු .(නදී)
අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන වැඩක්. ලංකාවේ වරාය වලටම නරක නාම එන වැඩක් මේක. වරායේදී වන ප්‍රමාද, හානි වලට වරායටම වග කියන්න වේවි. අනිත් එක මේ ඉන්දියාවෙන් එන බඩු, වාහන, බෙහෙත්, පොත්පත්, උපකරණ පාවිච්චි කරන්නේ අදායම අඩු අය. පුළුවන් කෙනා ජපන් , යුරෝපීය බඩු ගන්නවා.(නදී)
රිස්වාන් ඕක ඔයාගේ මතය. අපි දන්නවා මෙහේ අය ගොඩක් හිත්න්නෙ ඔහොමයි කියලා. ගගෙන් වතුර බී මුහුදට ආවැඩීම. යුද්දෙදි අපේ රට වෙනුවෙන් සිංහල කොල්ලෝ 26600ක් දිවිපිදුවා. මුස්ලිම් 93යි. මොකද දන්නෑ ඉන්දියාවෙන් අඩු කුලියට මෙහේ කුඹුරු වැඩට ඇවිත් හිටියෙ. ඇත්ත කතාව කිව්වොත් දැන් දැන් ඉංදියාවට ලංකාව නැතුව බෑ. ඉන්දියාවේ ඉන්නෙ පාරෙම කැත කරන එවුන්.(නදී)
මේ වගේ දේවල් වලින් තමිල්නාඩුවට පණිවුඩයක් දෙන එක හොඳයි. අපිටත් යමක් කළ හැකි බව ඒකෙන් පේනවා. නැතිනම් ඒගොල්ලෝ කරන දේවල් තව තවත් වැඩි වෙයි. තමිල්නාඩුව සමග තියෙන සියලු ගනුදෙනු අතහැරලා ඉන්දියානු මධ්‍යම රජය එක්ක තියෙන සුහදතාවය වර්ධනය කර ගත යුතුයි. අපි නිවට ජාතියක් නොවේ.(නදී)
තමිල් නඩුවට හොඳ පහරක්, කට්ටිය කියන්නේ ලංකාවේ ඔයවගේ වැඩක් කලාම ඉන්දියාවට පාඩුවක් දැනේනේ නැහැ කියලා. අපි චීනෙත් එක්ක සම්බන්ධය වැඩි කර ගනිමු.(නදී)
ලංකාව ඉන්දීය ප්‍රාන්තයක් නොවේ. දැන්වත් රටවල් වලට ගැති නොවී අපේම ප්‍රතිපත්තියක් හදා ගනිමු. අපේ නිෂ්පාදන වැඩිකරමු. (නි)
ඉන්දියාවේ සියලු දේ වර්ජනය කරනවානම් බුදුහාමුදුරුවොත් වර්ජනය කරමු.(නදී)
චන්ද්‍රා වීරසිංහ, රිස්වාන් කියලා තියෙන්නේ සම්පුර්ණ ඇත්ත. ඇත්ත කියනකොට බොක්කටම වදින කොට තිත්තයි නේද?(නදී)
තමිල්නාඩුවේ සියළු දේ අපි වර්ජනය කරමු.(නදී)
නියමයි.(නදී)
දකුණු ඉන්දියාවේ ඉන්න ඔක්කොම මිනිස්සුන්න්ට ජයලලිතාගේ පිස්සුව නැහැ. මම නිතර තමිල් නාඩුවට යනවා. ඒ ම්නිස්සුන්ට ඔය ලංකාවේ එල්.ටී.ටී ප්‍රශ්නය ගැන හොයා හොයා ඉන්න වෙලාවක් නැහැ. ඔය උන තියෙන්නේ දකුනු ඉන්දියා දේශපාලුවන්ට විතරයි. ඒ නිසා අපි ඉන්දියාවේ මිනිස්සු එක්ක රංඩු වෙලා වැඩක් නැහැ.(නදී)
ඉන්දියාව ලොකුයි තමා ලෝක සිතියමේ. අපේ බඩගෝස්තරවාදීන්ට නම් ඉන්දියාවට බනිනකොට රිදෙනවා. මාර විදිහට උණු වෙනවා. ජාති ආලය තියා තමන්ගේ ජාතියවත් මතක නැහැ. පිට රටින් එන දේවල් නැති වෙයි කියලා බයේ.(නදී)
සමහරකගේ හොර ජාවාරම් වලට මේකෙන් පහරක් වදිනවා . ඒ අයයි මේකට විරුද්ද.(නදී)
නියමයි නියමයි. ඔහොම යං. ඔහොම යං. ආසියාවේ ආශ්චර්ය. සුබ අනාගතයක්. (නි)
නරි නාඩගම් නැතුව අපි සමගියෙන් කටයුතු කළයුතුයි. ඉන්දියාව ලොකු රටක්. (නි)
කවුද කියන්නේ ඉන්දියාවට පාඩු වෙන්නේ නැහැ කියලා? මොකද යුරෝපෙට බදු විකුණන්න කියලද. (නි)
රිස්වාන්ගෙ මෝඩ කතාවලට හිනාත් යනවා.(නදී)
හලාල් ප්‍රශ්නය නිසා මේ මස 2ට අපනයන අදයමත් අඩු වෙලාලු. දැන් තවත් අලුත් ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා.(නදී)
වරුණ මෝඩ කතා කියන්න එපා. තමිල් නඩුවේ දෙමල චිත්‍රපටි වර්ජනය කලොත් පාඩුව චිත්‍රපට සංස්ථාවටයි. ඒකත් වහන්න වෙනවා.(නදී)
තමිල්නාඩුවෙන් බදු ප්‍රතික්ෂේප කළොත් අපේ ගැහැනුන්ට අඳින්න වෙන්නේ චීන ඇඳුම් තමයි. (නි)
අනේ ඔය ස්ට්‍රයික් වලින් වැඩක් නැහැ. අපේම අය මෙහේ ඇනකොටා ගන්නවා (නි)
මේ ක්‍රියාමාර්ගය හරහා තමල්නාඩුවේ නිෂ්පාදකයින්ට වන අලාභය සමග එරට තුළ නව මතයක් ගොඩ නැගේවි. අපටත් පාඩුවක් දැනේවි. නමුත් ස්වාධීන වීමට මෙය කදිම අවස්ථාවක් කරගනිමු. අපට දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරු තුඩුව දක්වා තියන පාරවල් අයිනේ අල බතල වර්ග හිටෙවුවත් ස්වාධීන වෙන්න පුළුවන් (නි)
ඉන්දියාවට යවමුද රෝච්කෙට් මිසයිල් එකක්? (නි)
හොද අදහස් ටික,මම මේ බලාගෙන ඉන්නේ අර සුජිත් කියල මහාචාර්ය වරයෙකුත් සමහර විට හොද අදහස් පලකරනවා,කෝ අද එය නෙතිද?(නදී)
අපිට ඔහොම වෙලා මදි . (නි)
අනේ මේකේ අදහස් දක්වලා තියෙන්නේ මේ රටේ සිංහල මිනිස්සුද කියලා පුදුම හිතෙනවා. වෙන ජාතිකයො නම් කමක් නැහැ. අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඔන්න ඔය දේ නිසයි. අපේ මේ රට ඉන්දියාවේ කොලනියක් නෙමෙයිනේ එයාලගේ පදේට අපි නටන්න. වරයේ ඉන්න කොන්ද පන තියෙන මිනිස්සුන්ට අපේ ප්‍රණාමය. ඔක්කොම නවත්වන්න කොහොම හරි. (නි)
ඒ සේවකයන්ගේ වර්ජනය අපි අගය කරන්න ඕනේ (දී)
ඉක්මනින් තමිල්නාඩු භාණ්ඩවල නම් ගම් විස්තරයක් ජනතාවට දෙන්න අවශ්‍යයි. (ස)
චා...චා...චා...ඒෙහම කරන්න ඒපා. මේ දෙයින් වෙන පාඩුව ඉතා විශාලයි.(නදී)
ඇත්තටම මේක අගය කරන්න ඕන වැඩක්. ලාන්කිකයො විදියට ආඩම්බරයි මේ වැඩේට. වරාය විතරක් නෙමෙ අනික් හැමෝමත් මේකට සහාය දෙන්න ඕන. පැයක් විතරක් කරලා මදි. දිගටම මේක කරන්න ඕන. ඉන්දියාව නැතුව අපි නැගිටින්න ඕන. අපි උන්ට ඒක කියා දෙන්න ඕන. ජය වේවා. (ස)
මේවගේ වාරයේ විතරක් නොවේ තමිලනාඩුවෙන් ගේන්න තිබෙන බඩුත් පරිහරණ නවත්තන්න ඕන පරක්කු වෙලා හරි වාරයේ සේවකයෝ ගත්ත තීරණයට අපේ ස්තූතිය. (ස)
නියම ආරංචිය මේ අවුරුද්දට අහපු හොදම ආරංචිය. ජයවේවා. (ස)
බෙහෙත් විතරක් නෙවෙයි. ආහාර පාන කොච්චර තමිල්නාඩුවෙන් එනවද හැමදෙක්ම නවත්තන්න ඕන. අපිට අපේම කියල ආර්ථිකයක් හදාගෙන දැන්වත් පිටරටට දත නියවන එක නවත්තන්න ඕනේ. (ස)
හරිම සතුටක් හිතට දැනෙනව අනේ, කොන්ද පණ ඇති සිංහලයන් තවමත් අපේ රටේ සිටින එක ගැන ජය අපටයි ලංකාවේ. (ස)
එහෙනම් අර ඉන්දියාවට ගිය 11 දෙන ක්‍රිකට් සෙල්ලම් කරලා ගේන සල්ලිත් වර්ජනය කරමු. (ස)
ශ්‍රී ලංකාවේ හොර ජාවාරම් කරන තමිල්නාඩු ව්‍යාජ වෙළෙදුන් සියල්ලම ලංකාවෙන් පන්නා දැමිය යුතුය .(ස)
වරාය විතරක් මදි ,කිසිම දෙයක් ගෙනෙන්නත් ,යවන්නත් එපා ,අපි ඉන්දියාවට යන එකත් නවත්වන්න ඕන (ස)
මෝඩ වැඩ කරන්න එපා. එහි පාඩුව අපටම තමය් ලංකාව කියන්නේ ඉන්දියාවට දුවිල්ලක් වගේ. මෙම වර්ජනයෙන් ඉන්දියාවට කිසිම පාඩුවක් වන්නේ නැහැ. (ස)
බොහොම ස්තූතියි. ඉන්දියාවෙන් එන බඩු බාන්නේ නැතිව විතරක් නෙමේ ආපහු හරවල යවන්න උන්ගේ ඒවා උන්ටම කන්න කියලා. අපි එකමුතු වෙලා ඔය නිරින්ගෙන් ගැලවෙන්න බලමු. (ස)
බොහොම හරි.(නදී)
පරක්කු වෙලා හරි හොද දෙයක් කරලා තියෙන්නේ තව මදි දැනෙන්න කරන්න ඕන.(නදී)
ජාති භේදයක් නැති ලෝකෙන්ම උතුම් රට බිහි කරමු.(නදී)
මගේ අදහස තමිල්නාඩුවෙන් ගෙන්වන දේවල් ගැන දැනුවත් කළ යුතුයි..!(නු)
තමිල්නාඩු විතරද? අපේ රටට ඉන්දියාවෙන් එන තරමක් එන්නේ බාල බෙහෙත්. මේවා නිසා අපේ ජාතියම දුර්වල වෙලා ලෙඩ වෙලා. අපි දැන්වත් නිල නොවන ඉන්දියාවේ යටත් විජිතයක් ලෙස ජීවත්වීම නවතා දැමිය යුතය.(නදී)
ඔහොමවත් පිට කොන්දක් අපේ මිනිස්සුන්ට කියල දැනගන්න ලැබීමත් සතුටක්.මේ වැඩෙත් සමාජවාදයට විරැද්ධයි කියලා කියාවි..,(නු)
මටත් හිතෙනවා නාරද. ඔයා හරි.(නදී)
එකෙන්ම ඔහොම තමෙයි ඉන්න ඕනි.ජය වේවා!!!(නදී)
නාරදගේ කතාව ඇත්ත. හැමදෙයක් ගැනම අපි කල්පනා කරන්න ඕනා. අපි හැමදෙනාම එකමුතුව වැඩකරන්න ඕන කාලය දැන් ඇවිත් තියෙන්නේ.(නදී)
අත්ටට මට මෙහෙම දෙයක් හිතෙනවා, අපිට ගොඩක් බෙහෙත් තමිල්නාදුවෙන් එනවනේ, ඕවට වසක් විසක් දල එවන්දත් බැරිකමක් නෑ නේද ?(නු)
ඉතාම හොදයි .. අපි සියළුම තමිල්නාඩුවෙන් එන භාණ්ඩ වර්ජනය කළ යුතුයි.. ඇත්තටම අපට ඔවුන්ගේ බාල බඩු අවශ්‍ය නැත... ඒ වගේම අපි නැවැත්විය යුතුයි තමිල්නාඩුවෙන් ලංකාවට මිනිසුන් පැමිණීමත්.. අපිට ස්වාධීන වෙන්න පුළුවං... ඔවුන් නැතිව ඉතාම පහසුවෙන්..!(නු)
ඕව විතරක් මදි. ඊයේ ලංකාවට එරෙහිව උපවාස කරපු තමිල්නාඩු නළු නිළියන්ගේ චිත්‍රපට ලංකාවේ පෙන්වීම හා සීඩී හා ඩීවීඩී ආනයනය හා විකිණීම සපුරා තහනම් කල යුතුය.(නදී)
ඉන්දියාව අපි දුව්ලිල්ලක් ද කියල පෙන්නුවැහැකි රිස්වාන් ඔයාලා අපි ගන්න ට්.වී.එස් මොටෝර් යතුරුපැදි, බජාජ් 3 වීලර් ගන්න එක නැවැත්තුව නම්. එන්දියාවේ මාර්කෙට් එකට ඒක හොදට තේරේවි. ටාටා බස් ගෙන්වන එක නවත්තන්නකෝ කොහොමද කියලා බලන්න. (නදී)
සමන් හරි. රිස්වාන්ලගේ කට්ටිය තමයි මාසෙට දෙපාර ගානේ ඉන්දියාවට ගිහින් ඉන්දීය බඩු අරගෙන එන්නේ. ගුවන්තොටුපොළේ අය මේ ගැන සැලකිලිමත් වෙන්න.(නදී)
දුප්පත් අය තමයි මෙහෙමවත් කරන්නේ. අර සල්ලි වහින්න තියෙන අය අයි.පී.එල් ගහන්න ගියේ.(නදී)
අපි ඉන්දියාවට යන වන්දනා ගමන් නවත්වමු.(නදී)
නැහැ රිස්වාන් , මෝඩයන්ට උත්තර දෙන්න ඕන මෝඩ විදිහටමයි, අනික ඉන්දියාවට අපි දුවිල්ලක් ගනනටවත් වටින්නැති උනාට දුවිලිවලටත් යමක් කරන්න පුළුවනි කියා දන්වන්නට ඕනේ .(නදී)
කොන්ද තියෙන අය ඉන්නේ එහෙනේ බලන් ගියාම. ජය වේවා!(නදී)
චන්ද්‍ර වීරසිංහ සහෝදරිය, රිස්වාන් කියන දෙය හරි. කවදත් හරි දෙය කියන්නේ. මා හිතන හැටියට කිසිම පාඩුවක් ඉන්දියාවට වෙන්නේ නැහැ. පාඩුව අපටම තමයි.(නදී)
උතුරු කොරියාවේ වගේ කිසිම රටකට දෙවැනි නොවන ජාතියක් වෙමු,,ඔබට ජය! (ස)
නියම තීරණයක්. අපිට පාඩුවක් වෙන්නෙ කොහොමද? තමිල්නාඩුව කියන්නෙ ඉන්දියාවට නෙමෙයි. අපෙන් කොන්ද පණ තියෙන තීරණයක් ගන්නවා දැකීමත් සතුටක්. වරායෙ කට්ටිය බඩු බාන්නෙ නැත්නම් ඒක කරන්න කැමති කට්ටියත් ඉන්න බව පේනවා. තමිල්නාඩුව නිසා ඉන්දියාව එක්ක තරහ වෙලා වැඩක් නැහැ. (නි)
පාඩුව කෙසේ උවත් තමිල්නාඩු ගනු දෙනු නවතමු.(ස)
ඉතාම හොදයි..!(නු)
රට වෙනුවෙන් ඔහුන්ට කල හැකිදේ කරනවිට ලාබ පාඩු ගැන කතා නොකියා ඔහුන්ට සුබ පතන්න.(නදී)
කොන්ද ඇති අය අතර කොන්ද නැති පෙරේතයොත් ඉන්නවා.(නදී)
ඉන්දියාවවත් තමිල්නාඩුවවත් අපිට ලොකු නැ.(නදී)
තමිල්නාඩුවට අපෙන් යන සල්ලි නවත්තමු . එහෙන් මෙහෙට එන සල්ලි ගමු. අනික සල්ලි රටට ගේන අයට ඉරිසියා කරන්න එපා.(නදී)
බොහොම හොදයි මේවගේ වෙලාවට සියලු දෙනාම රට ගැන හිතල ආණ්ඩුවට සහයෝගය දෙන්ඩ ඕනා. අපි තමිල්නඩුවට තියා ඉන්දියාවටවත් බය නැති සිංහයෝ. ලෝකෙම භයානකම ත්‍රස්තවාදියෝ නැතිකළ අපේ රට තමිල්නාඩුවට බයවෙයිද?(නදී)
ඉන්දියාවෙන් බෙහෙත් ගේන්නේ නැතුව ජර්මනියෙන් වගේ හොද බෙහෙත් ගෙන්න ගියොත් ගොඩක් සල්ලි ඕන. පුළුවන්ද ගෙවන්න.(නදී)
නියම වැඩක්.අපෙන් ප්‍රශංසා ඔබ සැමට, දිරිය..ශක්තිය ඔබලාට.(නදී)
මෙතන සමහර අය තමිල්නාඩුවට ආවඩනවා. බොහොම හොඳ වැඩේ. ඉන්දියාවෙන් ගෙන්නන සේරම දේවල් නවත්වන්න ඕනේ. අපේ රට ස්වයන්පොෂිත කරගන්න නම්. ඉන්දියාවේ භාණ්ඩ වෙඩි හරියක් විකුනන්නේ ලංකාවට.(නදී)
වරාය සේවකයන් ඉතිහාසයේ ගත් හොදම තීරණය මේක කියල මට හිතෙනවා.(නදී)
රිස්වාන් උන්නැහේ, ඔයා ඔහෙට වෙලා කරන දෙයක් කරගෙන ඉන්න. අපේ දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව. ඒත් මේක හිතා ගන්න. සංවේදී දේවල් වලට පණ්ඩිත වාක්‍ය දාන එක භයානක ප්‍රතිපල ගෙන දෙන බව.(නදී)