අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයට හදිසියේ ම කඩා වැදු වල් අලියකු පැය බාගයක් තිස්සේ පාරේ එහෙ මෙහෙ දිව යමින් කළබල කාරී ලෙස හැසිරීම නිසා එම මාර්ගය ගමනා ගමනයට බාධා එල්ල විය. මෙම අලියාගේ ඇස් පෙනීම ඉතා දුර්වල බව වනජීවි නිලධායෝ කියති. ප්‍රදේශවාසීන් අලිවෙඩි පත්තු කිරීම පසු අලියා කැලය දෙසට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අලියෙක්ද වන අලියෙක්ද දන්නා කෙනෙක් ඉන්නවද. (දී)
අපිට වගේම අපේ රටේ ඉන්න ලස්සන අලියාටත් එයාගේ අයිතිවාසිකම් තියෙනවා (දී)
අයියෝ... මේ අහිංසක සත්තුන්ගේ වනාන්තර ටික විනාස කිරීමේ අදීනවයි මේ... මේ සත්තු ටික ඉවරයි.. ලංකාවේ වනජීවින් සහ පරිසරයම දැන් විනාශ වෙලා තියෙන්නේ. (දී)
කෑම දීලා දීලා පුරුදු කර ගත්තාම ඔහොම වෙනවා (දී)
අලින්ගේ ප්‍රශ්න ගැන සංවේදීව බලන්න තරම් හදවතක් සහ මොලයක් ඇති බලධාරියෙක් නැති නිසා මේ වටිනා සම්පත අපට අහිමි වෙන දිනය වැඩි ඈතක නොවේ!(දී)
මේ වර්ගයේ අලි ඇතුන් ඇත්තේ ලංකාවේ පමණි. මිනිස් සතුරන් ඔවුන්ගේ වගුරු බිම් මංකොල්ල කනවා. ඔවුන්ගේ නිදහස නෑ.මොවුන් විනාශ වෙනවා දකින්න කොටසක් බලා සිටිනවා. තව වසරකීපයක් ගියොත් මෙහෙම අප අනාගතයට අහිමිවන දෑ අපමණයි.(දී)
කැලේට වැඩිය කාපට් පාර හොඳයි කියල හිතිලද කොහේදෝ. (දී)
යු ට්යුබ් එකේ මම නිතරම මේ වගේ අලින්ගේ වීඩියෝ බලනවා .. වෙන රටවල මිනිස්සු මේ වගේ දේවල් වීඩියෝ කරලා හැමෝටම බලන්න යු ට්යුබ් දාද්දි රටේ ජනතාවට වඩා ජංගම දුරකථන තියෙනවා කිවුවත් වීඩියෝ කරගන්න කෙනෙක් නෑ.. එහෙම නැත්නම් වැහි වහල තියෙන්නේ දෙකයි පනහේ ජංගම දුරකථන ද .(දී)
පිටිගල ගේ කතාව හරියටම හරි අපේ වන ජීවින් ගැන හරියට සොයා බැලිය යුතුයි ඒ වෙනුවට දැන් කරන්නේ මහා විශාල අලි ඝාතනයක් දළ කපා ගන්නයි අලි පැටවුන් අල්ල ගන්නටයි. ලංකාවේ වන ජිවින්ට නරක කාලයක් දැන් බලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. (දී)
මේ සත්තු පාරට එන්නේ නැතුව කොහේ යන්නද ඒ සත්තුන්ගේ ප්‍රදේශ වල මිනිස්සු බලෙන් ගිහින් ගෙවල් හදලා අලි කොහේ ඉන්නද ඉතින් (දී)
අප්‍රිකානු අවලක්ෂණ අලි වගේද අපේ අලි? බලන්නකෝ බෝලෙ වගේ.පාරට ආවත් බලාගන්න ලැබෙන එකත් වාසනාවක්. (නි)
හොඳ ඡායාරූපයක් (ස)
මොන දේ වුණත් ඌ අලියෙක්නෙ. ඒ නිසා මේ ගැන හිතන්න ඕනේ නෑ. (ස)
කොහොම වුණත් අලින්ටත් මේ රටේ ඉන්න අයිතියක් තියෙන්න ඕනේ නේද?? (ස)