ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 835ක් විල්ගමුව ප්‍රාදේශීය සභාවේ නිල කැබ්රථයේ අසුන යට සැකපිට විල්ගමුව ප්‍රාදේශීය සභා සභාපති, හිටපු සභාපති සහ රියැදුරා මහියංගනය මහේස්ත්‍රාත් ගීතානී විජේසිංහ මෙනෙවිය විසින් අප්‍රේල් 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත වීරසේකර, හිටපු සභාපති රංජිත් කුමාරසිංහ සහ කැබ්රියේ රියැදුරු ප්‍රියන්ත ප්‍රදීප් යන තිදෙනාය.
ඔවුන් ගමන් ගත් කැබ්රථයේ පිටුපස අසුනේ මෙම ගංජ අසුරා තිබූ බව ඔවුන් අත්අඩංගවටගත් වලාන දූෂණ මර්දන ඒකකය අධිකරණයට දැන්වීය
විල්ගමුවේ සිට හෙබරව ප්‍රදේශයට ගංජා ගෙනයන බවට ලැබූ තිබූ තොරතුරක් මත වලාන දූෂණ මර්දන ඒකකය එම කැබ්රථය පසු පස හඹාගොස් ගංජා සමග මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
සැකකාර සභාපති සහ උපසභාපති ගංජා ග්‍රෑම් 275 මෙම කැබ්රථයේ අතිරේක රෝදයේ සඟවාගෙන යමින් සිටිය දී විල්ගමුව නිපෝන් පාලම අසලදී පසුගිය මාර්තු 01 වැනි දා විල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නාවුල අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස දහසක මුදල් හා රුපියල් 50,000 ශරිර ඇප මත මුදා හරිනු ලැබ සිටියහ. එම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල මැයි 16 වැනි නාවුල අධිකරණයේ යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීම් ගැන. අපට හිතන්න යමක් ඉත්රිකරලා තියෙන හැඩයි. අපි නොදැන, චෝදනා නොකර ඉදරියේ සිදුවන දේ ගැන බලා සිටිමු.(නදී)
ගංජා කියන්නේ ඕපියම් ලෙසින් හඳුන් වන රසායනය අඩංගු ගසකි. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඕපියම් අඩංගු බෙහෙත් වර්ග ඔපියටස් නමින් පාමසි වලින් වට්ටෝරු ගත බෙහෙත් ලෙස ලබා ගත හැක. මේවායේ පුරුද්දට යන ස්වභාවය නිසා වෛද්‍ය වරුන්ගේ උපදෙස් මත ලබා ගත හැක. රජය නියමිත පාලනයක් යටතේ ඔපියුම් නිෂ්පාදනය කරන්නේ නම් ඉතා ඉහල විදේශ විනිමය උපයීමට පිළිවන.(නධී)
හිරේ දැම්මට මෙයාගේ නමට කොළඹ ප්‍රධාන පාරකුත් නම් කරලා තියෙන්නේ මොකද.? කරුණාකර ජයන්ත වීරසේකර මාවතේ නම වෙනස් කරන්න.(නදී)