විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑරෑම් 130 ක් සමග ගිරාදුරුකෝට්ටේ හෙබරවදී බදාදා රාත්‍රියේ නවයයි තිහට පමණ යලි අත්අඩංගුවට ගනු ලැබුහ.
වලාන දුෂන මර්ධන අංශයෙන් මෙම වැටලිම කළේ ඔවුනට ලැබුණු ඔත්තුවක් අනුවය.
ඔවුන් දෙදෙනා සමග කැබ් රථයේ රියදුරාද අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් වෙන්න බැරි දෙයක්. ගිය පාරත් ප්ලැන් කරලා ඇල්ලුවා. මේ පාර වෙන විදිහකට ප්ලෑන් කරලා අල්ලලා වගේ.(නදී)
මෙවැනි ජනතාවට හානිකර පවිකාරයින් තවදුරටත් දේශපාලන භූමියේ රදවා ගන්නේ රටෙි නීතියේ අඩුපාඩුවක් නිසාද නැත්නමි ජරාජීර්ණ වු රටෙි දේශපාලනය හෝ ජනතාවගේ අවාසනාවටද? (නදී)
උණ පුරුකේ අවුරුදු හතක් දාලා තිබුනත් බලු වලිගෙ ඇද අරින්ට බැහැලු. (නදී)
අනේ පව් කව්රු හරි තරහ කාරයෙක් දලා ද දන්නේ නැහැ ?? මේගොල්ලෝ ඕවගේ වැඩ කරන්න දන්නා ය නෙවෙයි නේ. (අ)
දෙපැත්තෙන් කොයි පැත්තට කියල හරි බේරෙන්න පුළුවනි (දී)
නියම දඩුවම් ලබා දෙන්න (දී)
දෙපැත්තෙන් කොයි පැත්තට කියල හරි බේරෙන්න පුළුවනි (දී)
මේ දෙන්නා හරීම හොඳයි කියලා පහුගිය වතාවේ කව්දෝ කිව්වා මට මතකයි. (නදී)
වලාන දුෂණ මර්දනයෙන් ආවේ මොකද මෙච්චර දුර. මේක කාගේ හරි ගේම් එකක් කියල හොදටම පැහැදිලියි.(නදී)
බුදු අම්මේ, ආයෙත් දෙන්නම යනකොට ජීප් එකට ගංජා දාලා. මේ අයව හම ගහන්න එපැයි. මේක පුදුම රටක්. (නදී)
වලානේ ඉඳලා ගිරාඳුරුකෝට්ටේ ට යන්න අඩු ගානේ වරුවක් වත් (පොලිසියට නිසා) ගතවෙනවා.ඒ අනුව මේ දෙදෙනා ඔය ගංජා පාර්සලේ දාගෙන වරුවක් තිස්සේ මොකක්ද කළේ?? මේ නාට්‍ය හරියට අධක්‍ෂණය කරලා නැහැ. හරියට අර ""කන්ගැට්ටා"" නාට්‍ය වගේ. ඒකෙනම් රඟපෑමත් අන්තිමයි. (ත)
ගිය පාර අහුඋන වෙලාවේ කීවා මේක කාගෙද ඇමැතිවරයකුගේ වැඩක් කියලා. දැන් මෙයාලා මොනවා කියයිද දන්නේ නැ...... ගංජා මෙයාලා යන කැබ් අකට හොරෙන් ඇවිත් නගිනවා ඇති....(අ)
මේ දෙන්නගෙන් එක්කෙනෙක් පත්තර වලට කිව්වා "මම සිගරැට් එකක්වත් නොබොන කෙනෙක් කියලා " මම වීඩියෝ එකක් දැක්කා එයා සිගරට් එකකුත් ගහගෙන හෙන දුම් පොල්ලකකුත් දාගෙන ඉන්නවා. (අ)