1990 දී කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියන් සිය දෙනකු පමණ කොටි ත්‍රස්තවාදීන් විසින් මරා දැමුණු බවට පසුගිය අප්‍රේල් මාසයේ ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මරා දැමුණු මුස්ලිම් වැසියන් සිය දෙනාගේ සිරුරු කුරුක්කල්මඩම් මුහුදු වෙරළ ආසන්නයේ වළ දමා ඇතැයි ද කාත්තන්කුඩියේ අබ්දුල් මජිඩ් මොහොමඩ් මහතාගේ පැමිණිල්ලේ සඳහන්ය.
කලවංචිකුඩි අධිකරණ නියෝගයකට අනුව ජූලි පළමු වැනි දා සමූහ මිනීවලේ කැනීම් ඇරැඹීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි ප්‍රතිපලය මානව හිමිකම් කඩකරනවා කියන පැත්ත තවත් බර වෙන එකයි. (ස)
මුස්ලිම් අය කතා කරන්නේ දෙමල භාෂාව. හැබැයි ඒ මිනිස්සු කවදාවත් කොටිත් එක්ක එකතු උනේ නැහැ. කොටින්ට රට පාවා දුන්නේ නැති නිසා තමයි නැගෙනහිර පල්ලියක සියගණන් මුස්ලිම් අය මරල දැම්මේ. තව, උතුරේ හිටපු සියලු මුස්ලිම් අය පැය 24ක් ඇතුලත යන්න කියලා එලව ගත්ත. ඔබට මතකද මන්දා හමුදාවේ මුස්ලිම් අම්මලාගේ දරුවොත් හිටියා. මෙහි ප්‍රතිපලය අලූත්ගම මුස්ලිම් අයට දිලා. (ස)
තවම අපි අතර තියෙන්නේ බොළඳ මානසිකත්වයක්. එ්කයි අපි තවම තුන්වන ලෝකයේ රටක් වෙලා ඉන්නේ. (ස)
නිශාර්ඩ් ඔයා හරි .. මේ හැමදේටම පිටිපස්සෙන් ඉන්නේ පටු දේශපාලන වාසි...(ස)
සුපුන්, ඔබ හරි, මට හිතාගන්ට බැරි ඇයි තවමත් සමහර උදවිය ජාති, ආගම්, වශයෙන් බෙදිලා කුලල් කා ගන්නේ කියලා. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. මේ රට හැරෙන්ට අපිට වෙන රටක් නැහැ. අපි ඔක්කොම සමගියෙන් ඉමු කියල හිතන්ට බැරි ඇයි කියන එකයි. (නදී)
මේ රට සිංහල මුස්ලිම් දෙමළ සියළු ජාතීන්ට පොදුයි හමුදාවේ මුස්ලිම් අම්මලාගේ දරුවොත් හිටියා. ඕවත් මතක තියාගන්න.(නදී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මේ විදියට හදිසියේම මෙහෙම දෙයක් සොයන්නේ ඇයි? (නි)
ආන්දෝලනාත්මක ආරංචියක් (නි)
මෙයින් ඉදිරියට මොන වගේ ප්‍රශ්න ඇති වුණත් අපි සැමදා සමගියෙන් සිටිමු. පෙර දිනවල ඇතිවුණ දේවල් මතක් කරනකොටත් බය හිතෙනවා (නි)
ඉවසීමෙන් බලා සිටිමුකෝ, වෙන්නේ මොනවාද කියලා (නි)
දැන් කළු කොඩි දායිද ? (නදී)
මොකද අවුරුදු විසි හතරකට පස්සේ වුනේ? (ස)
එහෙම කාලයක් එහෙම දෙයක් සිදුවුණා කියල මුස්ලිම් මිනිස්සුන්ට මතකද මන්දා? සිංහල අම්මලාගේ දරුවෝ කොටින්ගෙන් මේ අයව බේරගත්ත කියලා, (ස)
දැන් බලමුකො අපි හකීම්ල බදුරදීන්ල මොනවද ජත්‍යන්තරයට කියන්නෙ කියලා.(නදී)
මීට අවරුදු කීපයකට කලින් ඔය වගේම සුරියකන්දේ මිනිවලවල් ගොඩගත්තා. විසඳුම් නැහැ. තාවකාලික ආන්දෝලනයක් ඇති කළ එක විතරයි (නදී)
ඔක්කොම අපිට තමා ගහන්නේ. (ස)
මුස්ලිම් අය කතා කරන්නේ දෙමල භාෂාව හැබැයි ඒ මිනිස්සු කවදාවත් කොටිත් එක්ක එකතු උනේ නැහැ. කොටින්ට රට පාවා දුන්නේ නැති නිසා තමයි නැගෙනහිර පල්ලියක සියගණන් මුස්ලිම් අය මරල දැම්මේ (නදී) තව, උතරේ හිටපු සියලු මුස්ලිම් අය පැය 24ක් ඇතුලත යන්න කියලා එලව ගත්ත
දැන් මේකටත් කොමිසමක් පත්කරන්නේ නැද්ද? 100 දෙනාත් ඉවරයි කොටිත් ඉවරයි මොකටද දැන් මේක හාරන්නේ? මල මිනිසුන් ගැන පරීක්ෂණ නොකර මේ ලඟදි මිනිසුන් මරපු අය ගැන විදිමත් පරීක්ෂණයක් පැවැත්වීම කාලෝචිත වනු ඇත (නදී)
දැන් තියෙන කැක්කුම ඒ දවස්වල නොතිබුනේ ඇයි? (නදී)
දැන් අවුස්සන්නේ පන දෙන්නද? (නදී)
දැන් මරල වලලපුවා ගොඩ ගන්නේ රටේ කරන්න වැඩ නැතුවද ? අමුතු නාඩ ගමක් නටන්නේ. ඕවට වග කියන්නේ කරුණාද, කේ.පී ද, ආණ්ඩුවද? මිනිස්සු රවට්ටන්න එපා. දැන්වත් පොලවේ පය ගහල ඇත්තට මුණ දෙන්න (නදී)