IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


විස්සයි විස්ස කිරුළ ලංකාවට

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර බංගලිදේශයේ මීර්පුර්හිදී අද (6 ) පැවැති  විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන්  ශ්‍රී ලංකාව කඩුලු හයක විශීෂ්ට ජයක් හිමි කැර ගත්තේය.

කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දියා කණ්ඩායමට ආරාධනා කළ අතර ඉන්දියාව ඕවර විස්සේ දී කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය. ලකුණු 131ක  ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකාව කණ්ඩායම ඕවර 17යි පන්දු 5කදී  ලකුණු 132ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකාව (ඕවර 17.5) - 132/4

ඉන්දියාව (ඕවර 20) - 130/4

තරඟයේ වීරයා - කුමාර් සංගක්කාර

 

එම් ඩී කේ පෙරේරා - 05

ටී එම් ඩිල්ෂාන් - 18

මහේජ ජයවර්ධන - 24

කුමාර් සංගක්කාර - 52 (නොදැවී)

එච් ඩී ආර් එල් තිරිමාන්න - 7

එන් එල් ටී සී පෙරේරා - 21 (නොදැවී)

(කේක් දෙකක් කපයි. එකක් මාලිංගට. එකක් කණ්ඩායමේ ශූරයන්ට)

 

 

 

(ඡායාරූප ඒඑෆ්පී , ෆේස්බුක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ට්විටර් වෙබ්අඩවිවලිනි)



අදහස් (0)

විස්සයි විස්ස කිරුළ ලංකාවට

එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 07 April 2014 02:16 AM

එල්. ටී.ටී.ඊ ත්‍රස්තවාදයට විරුද්ධව ඉන්දියානු සාම හමුදාවට සටන් කරන්න බැරි වුණාට අපේ රණවිරුවන්ට, එය ජයග්‍රාහී අන්දමට අවසන් කරන්න පුළුවන් වුණා. මිලියන 1000 කට වඩා ඉන්නා ජනගහණයකින් තෝරා ගත් කණ්ඩායමක් පරදවන්න මිලියන 21ක් පමණ වූ කුඩා ජනගහණයකින් තේරුන ශරීර වලිනුත් කුඩා කොල්ලන් පිරිසකට හැකිවුණා. මෙයට මුලික වශයෙන් පාදක වුයේ, අපේ රණවිරුවොත්, අපේ ක්‍රිකට් ක්‍රීඩකයොත් රටට ආදරයෙන්, හොඳ පුහුණුවක් හා ක්‍රමානුකුල බවකින් සටනට එළඹි නිසයි. වෙනත් වචන වලින් කිවහොත් අපේ මුතුන් මිත්තන් වැව් තනා දාගැබ් ඉදිකර ලබාගත් ජාන ශක්තිය ජීව විද්‍යාත්මකව අපට උරුම කර තිබීමත් නිවැරදි කණ්ඩායම් නායකත්වයක් යටතේ ඒ හැකියාවන් මතුකරගෙන ඉදිරියට ගිය නිසා මේ ජයග්‍රහණ ලැබූ බවයි. දේශපාලනයේදී මෙය පුර්ණ වශයෙන් තුරන් වී තිබීම රට ලැබූ විශාලම පරාජයයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 07 April 2014 11:39 AM

ක්‍රීඩකයන් විසින් ඔවුන්ගේ යුතුකම් කොටස මනාව ඉටුකර ඇත , කරුණාකර පාලක මණ්ඩලය මොවුන්ට හිමි දීමනා ලබාදෙන්න(දිල්)

:       0       0

රන්ජනී ලන්ඩන් Monday, 07 April 2014 08:17 PM

ඔබ සැමට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා, ත්‍රිවිධ රත්නයේ සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන්! (නි)

:       0       0

සුරේෂ් Monday, 07 April 2014 11:42 AM

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්..! පුද කරන අතරම මීළඟ ලෝක කුසලානය අපගේ මව්බිමට ගෙන ඒමටත් වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි ආදරයෙන් පතමු. ජය ශ්‍රී...........! (ස)

:       0       0

සරෝජා Monday, 07 April 2014 02:20 AM

අපේ ලංකාවට දෙවි පිහිටයි! (නි)

:       0       0

අරුණ-දෝහා Monday, 07 April 2014 11:48 AM

ක්‍රිකට් අඹරේ දිදුලන ක්‍රිකට් තරු අතරට පෑයූ දීප්තිමත් තරු ඔබලාට හදවතින්ම සුභ පතන්නෙමි (දිල්)

:       0       0

ජ. තිසර Monday, 07 April 2014 02:40 AM

ඔබ සැම ලද මෙවර ජයග්‍රහණයට මගේ සුභ පැතුම්! මා සතු එකම පැතුමක් හදතුල සැමදා.. ලංකා කොඩිය විස්සයි විස්සේ රන්දා.. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද පරදා.. ක්‍රීඩකයනේ අප පිනවනු මේ ඉරිදා.... ජයග්‍රහණෙ අප අත ළඟටම ආවා... ඉරිදා අපි සැවම සිතූ දෙය සිදුවූවා... කාසියෙ වාසියත් අප හට ඇතිවූවා... සංගා අපේ පිත්තේ බල පෙන්වූවා.... එකසිය තිස් දෙකක් දක්වා පිති පාර... රැක්කා පන්දු පිටියේ අඟලක් නෑර... හරි ලස්සනයි පෙන්වූ දස්කම් ශූර... කුසලානයත් ඔබ සැමටයි දැන් බාර.... (නි)

:       0       0

අසන්ක Monday, 07 April 2014 02:47 AM

අපි නම් දැනගෙන හිටියා අපි දිනනවා කියලා. ලංකාදීප, ඔබටත් ස්තුතියි, සැනකින් මේවා පළකරනවාට. (නි)

:       0       0

නඩරාජා Monday, 07 April 2014 12:05 PM

ශ්‍රී ලංකාවට ජයෙන් ජයම ලැබේවා. තවත් ජය ඉදිරියට. (ස)

:       0       0

ෆෛරූස් Monday, 07 April 2014 02:49 AM

නියමයි කොල්ලෝ, ඔහොම යමු. (නි)

:       0       0

සෝමදාස Monday, 07 April 2014 02:49 AM

අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

දසුන් Monday, 07 April 2014 12:09 PM

නියමයි කොල්ලනේ. (ස)

:       0       0

අරුණ- දෝහා Monday, 07 April 2014 12:15 PM

ගමේ ගොඩේ දකින සටන්කාමී අත් නොහරින ටෙනිස් බෝල් ක්‍රිකට් මතකයට ආවා " නියමුවා ඔබයි මාලිංග තුති ! (ස)

:       0       0

සුමිත් Monday, 07 April 2014 03:18 AM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

චතුර Monday, 07 April 2014 12:21 PM

ජය වේවා අපේ සිංහයන්ට.........සතුට මෙතෙක් යැයි කියන්න බෑ. (ස)

:       0       0

දීපා Monday, 07 April 2014 03:35 AM

සුභ පැතුම් අපේ සිංහයන්ට... (නි)

:       0       0

දයානන්ද කුවෛට් Monday, 07 April 2014 12:27 PM

සංගා, මහේල නික්ම යාම අපේ කණ්ඩායමට ලොකු පාඩුවක්. නමුත් කවදා හෝ එය සිදුවෙනවා.සදා මතකයක් තබා වෙන්වීම අපටද අමතක නොවෙමි.ඔබ දේපල ඇතුළු කණ්ඩායමට මගේ උණුසුම් සුබ පැතුම්. ජයවේවා!!!!!. (ස)

:       0       0

රමසි Tuesday, 08 April 2014 06:31 PM

"පරණ පිනක් මගේ ඉහේ කඩාගෙන වැටුනා" මෙහෙම කියන අයත් ඇති නේද? (නි)

:       0       0

ලක්විදු Tuesday, 08 April 2014 06:33 PM

මේ කුසලානේවත් ඇණ ටික ප්‍රවේශම් කරගත්තොත් හොඳයි (නි)

:       0       0

දීපා Monday, 07 April 2014 03:41 AM

ඉන්දියා වලට ගහපු එක ගැන මට නම් කප් එක ගත්තට වැඩිය සතුටුයි.සුභ පැතුම් අපේ සිංහයින්ට! (නි)

:       0       0

නිහාල් Monday, 07 April 2014 09:35 PM

කණ්ඩායමක් වශයෙන් අවභෝදයෙන් ක්‍රීඩා කළනිසා ජයග්‍රණය ලබාගත්ත ඔබ සැමට මගෙන් සුබ පැතුම්. (දී)

:       0       0

ගැමී Monday, 07 April 2014 04:14 AM

සංගා අන්තිමට සෙල්ලම් කළ ඕවර් 50 ලෝක කුසලානය පැරදුන වෙලාවේ දුන් පොරොන්දුව ඉෂ්ට කළා. (නි)

:       0       0

තාරක Monday, 07 April 2014 09:58 PM

නියම කොල්ලෝ ට්ක අපේ, සංගත්, මහේලත්,අපේ ක්‍රිකට් වල වීරයෝ, ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්.!!!!!. (දී)

:       0       0

කොලින් තාසන් Monday, 07 April 2014 05:09 AM

සංගා, සහ මහේලේට අපේ සුභ පැතුම්! මාලිංග ඇතුළු සියලුම ක්‍රීඩකයන්ට අපේ ස්තුතිය හිමි වෙනවා. මොකද , ලංකාව නැවත වරක් ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුනට ගෙන ආ නිසා. (නි)

:       0       0

මාලනි Monday, 07 April 2014 12:53 PM

ජයවේවා අපෙ සිංහයන්ට. සියලු දෙවි පිහිටයි. (ස)

:       0       0

සිරි Monday, 07 April 2014 12:53 PM

ශ්‍රී ලංකා පිළට උණුසුම් සුබ පැතුම් නිතැතින්ම පුද කරමි. මේ ජයග්‍රාහී හෝරාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අමිල මෙහෙවරක් ඉටුකළ ගරු ගාමිණී දිසානායක ශ්‍රීමතාණන් ගේ නාමයද ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි. (ස)

:       0       0

රොහාන් Monday, 07 April 2014 05:26 AM

හැමදාම වුණේ කොල්ලෝ ටික මහන්සි වෙලා රටට ගෙනෙන සල්ලි ටික අහක ඉන්න අය හොරකම් කළ එකනේ (නි)

:       0       0

අර්ශා Tuesday, 08 April 2014 07:08 PM

මහේලයි සංගයි ඉන්න විදිය හරිම සංවේදියි නේද? (නි)

:       0       0

චන්දන Monday, 07 April 2014 05:34 AM

අභිමානවත් දිනුමක්. සාමූහිකකමේ,නිහතමානීකමේ,අධිෂ්ඨානයේ,ඉලක්කය නිවැරදිව හඳුනාගැනීමේ හැකියාවේ ප්‍රයෝජනය ගත් වීර සිංහ පැටවු මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම ජන්ප්‍රසාදයට පත්වෙනවා. මෙය තවදුරටත් රැකගැනීමට වරම් ලැබේවා! (නි)

:       0       0

ඔසී Wednesday, 09 April 2014 07:14 PM

අපේ හෙළ විරුවන් තමයි මේ... හදවතින්ම ඔබ සැමට සුභ පතමි. (නි)

:       0       0

දයාන් Monday, 07 April 2014 12:57 PM

විවිධ ලෝක කුසලාන අවසන් තරඟ පහකට අප එක දිගටම ආවා. ඒවත් ජයග්‍රහණ. මේක විජග්‍රහණයක්...!!! මගෙත් ශුභ පැතුම්...! (ස)

:       0       0

නිමල් Monday, 07 April 2014 05:42 AM

අපිට හරිම සතුටුයි (නි)

:       0       0

අචිනි Monday, 07 April 2014 12:58 PM

සංගා, මහේල ඔබගේ සමුගැන්ම දුකක් වුණාට හරිම ගෞරවාන්විතයි. අපේ කොල්ලෝ සියලු දෙනාට සුබ පැතුම් ... ජයවේවා මව් ලංකා ....! (ස)

:       0       0

බණ්ඩා Monday, 07 April 2014 01:01 PM

මාලිංග, ඔබට හැකියාව වගේම වාසනාවත් තියෙනවා. ඔබ අපේ ක්‍රිකට් කණ්ඩායමේ අනාගත නායකයා. (ස)

:       0       0

චින්තක Monday, 07 April 2014 10:42 PM

96 විල්ස් ලෝකකුසලානය ලංකාවට ගෙන්න වෙර දුන් අතපත්තු වාස් වගේ අයගේ සේවය ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දෙන එක නම් කියා නිම කළනොහැකි සේවයක් (දී)

:       0       0

පෙරේරා Monday, 07 April 2014 10:43 PM

අපේ ක්‍රිකට් විරුවන්ට සුභපැතුම් (දී)

:       0       0

අචිර Monday, 07 April 2014 10:43 PM

කුහක මාධ්‍යවෙදින්ටයි ඉන්ටෙර් නෙට් වීරයන්ටයි තමන්ගේ පිත්තෙන් හා පන්දුවෙන් පිළිතුරු දුන් ලසිත් මාලිංග ඇතුළු ලංකා ක්‍රීඩකයන්ට අපගේ සුභපැතුම් (දී)

:       0       0

ගයාන් Monday, 07 April 2014 11:58 PM

පෙරේරා නම් කැමති නැහැ වගේ අපි දිනුවට. ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි නම් හදවතින්ම සතුටු වෙනවා (නි)

:       0       0

සමන් Monday, 07 April 2014 06:03 AM

චමින්ද වාස් තමාගේ රාජකාරිය මැනවින් ඉටු කරන බව අපේ වේග පන්දු යවන්නන් තහවුරු කළා. එය මෙම තරඟයට මහඟු පිටුවහලක් වුණා. සුභ පැතුම්! ජය වේවා! (නි)

:       0       0

කසුන්ග Monday, 07 April 2014 01:30 PM

තමන්ගේ ස්ථානය පුද කරමින් නියම නායකත්ව ලක්ෂණ පෙන්වූ දිනේෂ් චන්දිමාල් සහෝදරයාටත් අප්‍ෙ ස්තූතිය පුද කරන්න ඕන. (ස)

:       0       0

මොහමඩ් Tuesday, 08 April 2014 12:23 AM

මාලිංග, සංගා, මහේල සියලු ක්‍රීඩකයින්ට නිව්යෝර්ක් වල සිට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

පෙරේරා Monday, 07 April 2014 01:35 PM

දැන් සේරම හරි. ජීවන වියදම අඩු වෙයි , බඩු මිලත් අඩු වෙයි. පඩිත් වැඩි වෙයි. ඉතින් හුරේ පාර දෙමු (ස)

:       0       0

ඇනා Tuesday, 08 April 2014 12:29 AM

ලංකා කොල්ලෝ තමයි නියමම සිංහයෝ. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 08 April 2014 12:29 AM

ලංකා කොල්ලන්ට සුභ පතනවා (නි)

:       0       0

අකිල Monday, 07 April 2014 01:41 PM

දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියල කරවට මල්මාලා දානවා. 1ක් 2ක් ගොයියෝ පැරදුනාම අයියෝ මොකක්ද මේ කලේ අහනවා. (ස)

:       0       0

ඉසුරු Monday, 07 April 2014 01:47 PM

නියම කොල්ලෝ ට්ක අපේ ජය ජය ශ්‍රී (දිල්)

:       0       0

අසිත Tuesday, 08 April 2014 01:10 AM

අපේ කණ්ඩායමේ සැම දෙනාටම සුභ පැතුම්! (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 06 April 2014 10:10 PM

ශ්‍රී ලංකාව දිනේවා! මුළු කණ්ඩායමටම උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 06:36 AM

බඩුමිල වැඩිකරගන්න නම් නියම වෙලාව මේක (නි)

:       0       0

අබුඩාබි පොඩ්ඩා Tuesday, 08 April 2014 01:25 AM

කන්න බඩගිනි වෙන්නේ නැහැ.ඊයේ රෑ සතුට වැඩිකමට කන්න බැරි වුණා.බඩ තවමත් පිරිලා තියෙන්නේ සතුටට.මට පිස්සු වගෙයි.මගේ ශ්‍රී ලංකා මෑණියන්ට ජය වේවා! ජය ජය ජය වේවා! (නි)

:       0       0

තුසිත Sunday, 06 April 2014 10:18 PM

නියම කොල්ලෝ ටික (නි)

:       0       0

කපිල Sunday, 06 April 2014 10:21 PM

ජය වේවා.! (නදී)

:       0       0

චමිල් චන්දන Sunday, 06 April 2014 10:21 PM

නියමයි! (නදී)

:       0       0

ශමින්ද්‍ර Monday, 07 April 2014 01:56 PM

සංගා, මහේල 2015 කප් එකත් අරන් දෙන්න. (ස)

:       0       0

සමරකෝන් Sunday, 06 April 2014 10:23 PM

ඔබලාට බුදු සරණයි.(නදී)

:       0       0

චමින්ද Monday, 07 April 2014 06:49 AM

මිලියන විසි එකක් ජනයාගේ හදේ පැතුම් කිසිවිට සුන් නොකර.... පෙන්වා වීර විකුම් නංවා ජය කෙහෙළි.... උතුම් සංගා ඇතුළු කෙලි විරුවන් කළා පිදුම්... (නි)

:       0       0

කරුණා Monday, 07 April 2014 02:02 PM

ක්‍රිකෙට් වලට හොඳ ඔලුවක් තියෙන්න ඕන බව සංගා පෙන්නුම් කළා. (ස)

:       0       0

විකී Sunday, 06 April 2014 10:23 PM

අපගේ උණුසුම් සුබපැතුම් ශ්‍රීලංකා ! (නදී)

:       0       0

තුසිත අබේකෝන් Tuesday, 08 April 2014 03:39 AM

දිනේෂ් චන්දිමාල් පුතා, නුඹ නියම සිංහ පැටියෙක්. තම රට වෙනුවෙන් නිලතල පුජා කළ නුඹ මේ රටටම ආඩම්බරයක්. මේ ජය පැන් වලින් 100% නුඹටත් අයිතියි. (නි)

:       0       0

රෝයි Sunday, 06 April 2014 10:24 PM

සංගා මහේල ඔබ නියම ලෙස කාර්ය නිම කර ඇත. ඔබේ 20/20 දිවියේ හොද නිමාවක්.(නදී)

:       0       0

චින්තා Monday, 07 April 2014 07:02 AM

අපේ කොල්ලෝ ලංකාවට ආවම මම බලන්න යනවා (නි)

:       0       0

සරත් Monday, 07 April 2014 02:03 PM

අපේ කොල්ලන්ට ජය. (ස)

:       0       0

සංජය පෙරේරා Sunday, 06 April 2014 10:25 PM

අපේ කොල්ලන්ට උනුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

උපසේන Tuesday, 08 April 2014 04:17 AM

කණ්ඩායම් දෙකම පිට්ටනියේ හැසිරුනු ආකාරය අපි හැමෝටම අාදර්ශයක්.අපි සහෝදර රටවල් බව අමතක කරන්න එපා. (නි)

:       0       0

තිස්ස Sunday, 06 April 2014 10:25 PM

කෝ සැමි ඔබගේ නිහත මානි කතාවට ස්තුතියි. ජයවේවා. මාලිංග ඔබේ අරමුණ වදන් විශිෂ්ඨයි. ලෝක තලයේ මගේ ලක් මව බැබලවූ ඔබට ජය පිට ජයවේවා ! සංගා..මහේල ..මගේ ලක් මව ලෝ අබරේ බැබලු ඔබ දෙපලට තෙරුවන් සරණයි ...!(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 06 April 2014 10:26 PM

දිනේවා ශ්‍රී ලංකා ..සුභ පැතුම්. (නදී)

:       0       0

රංග Tuesday, 08 April 2014 08:39 PM

ඉදිරියේදිත් ශ්‍රී ලංකාවට ජයෙන් ජයම ලැබේවා! (නි)

:       0       0

වජිර Sunday, 06 April 2014 10:27 PM

ඉන්ඩියා 130/4 (20/20 ඕවර); ශ්‍රී ලංකා 134/4 (17.5/20 ඕවර) (නදී)

:       0       0

තිසර Tuesday, 08 April 2014 06:47 AM

මට නම් සතුට වැඩිකමට මොනවා කියනවද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

අශෝක දිසානායක Sunday, 06 April 2014 10:29 PM

ලස්සනයි දරුවනේ. (නදී)

:       0       0

සුපුන් Tuesday, 08 April 2014 08:45 PM

මහේල - සංගා, ඔබ දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අමරණීයයි. ඒ සේවය වෙනුවෙන් ඔබ දෙදෙනාටම අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

තිලක් Sunday, 06 April 2014 10:29 PM

ආඩම්බරයි ශී‍්‍ර ලංකා ! (නදී)

:       0       0

නාත් රණසිංහ Tuesday, 08 April 2014 06:59 AM

මගේ සුභ පැතුම්! ජිනීවාවක් මොකටද මෙතනට? මෝඩයන්ට තේරෙන්නේ නැහැ ජිනීවා පැරදුනේ මෝඩ ප්‍රතිපත්ති නිසා කියලා. (නි)

:       0       0

පිටිගල Sunday, 06 April 2014 10:29 PM

මේ මැච් එක අපේ කට්ටිය කණ්ඩායම් හැගීමෙන් දිනා ගත්තා, ඒ ගැන අපේ සතුට, සුභ පැතුම්, ප්‍රණාමය! හැමෝටම.(නදී)

:       0       0

සමන් කුමාර Monday, 07 April 2014 07:22 AM

ක්‍රීඩකයෝ කෝටි ගණන් හම්බ කරන්නේ දිවා රෑ නොබලා පුහුණුවීම් කරලා මහන්සි වෙලා, අත පය තුවාල කරගෙන සහ තවත් බොහෝ කැපවීම් කරලා. එහෙම නැතුව, කුඩු විකුණලා, එතනෝල් විකුණලා හෝ ශීත කාමරවල වාඩිවෙලා ඉඳලා නෙමෙයි. මේ ක්‍රීඩකයෝ හම්බ කරලා ගෙනත් දෙන සල්ලි වඩා හොඳයි ක්‍රීඩකයින්ටම දෙන එක. කුඹුරක් කොටන ගොවියාටත් අස්වැන්නෙන් බාගයක් අඳ ගොවි අයිතියට ලැබෙනවා. (නි)

:       0       0

පුෂ්ප කුමාර Monday, 07 April 2014 07:25 AM

ඔන්න ලංකාවේ පුහුණුකරුවන්ගේ වැඩ.සිරිලක දේ සිරි සැප දේ...... (නි)

:       0       0

ගුනා Monday, 07 April 2014 07:29 AM

ශ්‍රී ලංකා මාතා... පා විස්කම් බොහොමා... (නි)

:       0       0

ගාමිණී විජයරත්න Sunday, 06 April 2014 10:31 PM

ශ්‍රී ලංකාවට ජය වේවා! (නි)

:       0       0

මංගල Sunday, 06 April 2014 10:31 PM

ලැබුවා වූ ජයත් සමඟින් සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

සාම Sunday, 06 April 2014 10:33 PM

ශ්‍රී ලංකා පිලට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

නිශාන්ත Sunday, 06 April 2014 10:33 PM

අපේ කොල්ලන්ට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

මෙවන් Monday, 07 April 2014 07:43 AM

වැටිලා, වැටිලා,වැටිලා,වැටිලා, පස්වන වතාවේ දී ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටි මාලිංග පෙරටු කොටගත් වීරෝධාර සිංහ රාජයින්ට හදවතේ ගැඹුරුම තැනින් නිකුත්වන්නාවූ සුභාශිංසන ධාරා පතුරුවමි! සංගා, මහී ඇතුළු සියල්ලටම චිරං ජයතු!!! සනත්, හෂාන්, මාවන්, වාස් තිරය පිටුපස සිට ඉටුකළ භූමිකාව අති විශිෂ්ඨයි.(නදී)

:       0       0

නඩරාජා Tuesday, 08 April 2014 07:45 AM

අපේ ලාංකික කොල්ලන්ට ලංකික මගේ හදපත්ලෙන් සුබ පැතුම්.(නදී)

:       0       0

සුනේත්‍රා Sunday, 06 April 2014 10:34 PM

සංගා ,මහේල,ඔබට අපේ සුභ පැතුම්! කණ්ඩායමේ සියලු දෙනාටම තව,තවත් ජයග්‍රහණ ලබාගන්නට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ඉෂාර ගුණසේකර Monday, 07 April 2014 07:46 AM

අපේ කණ්ඩායමට හදවතින්ම සුබ පතනවා ' ජයවේවා.(නදී)

:       0       0

මිහිර Tuesday, 08 April 2014 08:00 AM

මාලිංග, සංගා, මහේල ඇතුළු මුළු කණ්ඩායමේම එකමුතුව අගය කරමි. අචිර කිවුවා වගේ මාලිංගට පසුගිය කාලයේ හැම පැත්තෙන්ම පහර ගැහුවා. දැන් එයාලට ඒ කටින්ම ඔහුව වර්ණනා කරන්නත් සිදුවෙනවා. මාලිංග කියලා තිබුනා මෙම ජයග්‍රහණයට බලපෑවේ වාසනාව නොවේ මහන්සි වී වැඩ කිරීමයි කියලා. ඒ කතාවට මම 99% ක් ම එකඟ වෙනවා. නමුත් 1% වාසනාවක් තිබුනා. ඒ තමයි වෙනදා අවසාන තරඟයක් බලන්න දුවගෙන එන අය මෙදා පාර අාවේ නැති එක. (නි)

:       0       0

සුපුන් Tuesday, 08 April 2014 08:58 PM

මේ ජයග්‍රහණය අපිට අතිශයින්ම වැදගත් වන්නේ ඉන්දියාව පරාජයට පත් කිරීම නිසයි. (නි)

:       0       0

හේවගේ Sunday, 06 April 2014 10:35 PM

අපගේ සුබපැතුම් ඔබ සැමට! (නදී)

:       0       0

ප්‍රියන්ත විජේසිංහ Monday, 07 April 2014 07:47 AM

මහේල සංඟා මාලිංග ඔබ අපේ රට ඉහලින්ම ඔසවා තැබුවාට ගොඩක් පින්. ජය සතුට ඔබ සැමට.(නදී)

:       0       0

ප්‍රියන්ත විජේසිංහ Tuesday, 08 April 2014 08:08 AM

මහේල සංගා මාලිංග ඇතුළු සැමට කතරගම දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාවයි රැකවරනයයි රට දිනවන්නට ඔබට තව ශක්තිය ලැබේවා! (නදී)

:       0       0

රකිත් Tuesday, 08 April 2014 08:25 AM

දුන්නා පැන පැන දුන්නා. කෝ බෝලේ හොයා ගන්නට බෑනේ දිනුවා කප් එක දිනුවා අපේ සිංහ පැටව් ශ්‍රී ලංකාවේ.(නදී)

:       0       0

නිමල් Tuesday, 08 April 2014 09:04 PM

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

පාතිමා Sunday, 06 April 2014 10:43 PM

උණුසුම් සුභ පතුම් ! (නදී)

:       0       0

රසික කරුණාතිලක Sunday, 06 April 2014 10:46 PM

සියල්ලන්ටම සුභ පැතුම්! (නදී)

:       0       0

සුරංග Sunday, 06 April 2014 10:46 PM

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි.(නදී)

:       0       0

රේණු Tuesday, 08 April 2014 09:08 AM

සංගා සහ මහේලට සුභ පතන අතර නව නායකත්වය යටතේ ජයග්‍ර‍හණය කරා ලක් පිල මෙහෙය වු මාලිංගටද සුභ පතමි. එදා මාලිංගගේ මුවින් පිටවුණ වචනයේදි කෑගහපු අය අද හුරේ දානවා. නියමයි මාලි, ඒකතමයි එදා අපි කිවුවේ ඔයා සෙල්ලම් කරන්නේ ඔයාගේ දක්ෂකමින් කියලා. (නි)

:       0       0

සමීර Tuesday, 08 April 2014 09:12 PM

ඔබයි අපගේ සැබෑම විරුවන් (නි)

:       0       0

දීපාල් Sunday, 06 April 2014 10:47 PM

ශ්‍රී ලංකා කණ්ඩායමට හදවතින්ම සුබ පතමි! (නදී)

:       0       0

ධනංජය Sunday, 06 April 2014 10:47 PM

මේ පාර අයි පි එල් එකට අපේ සිංහ පැටව් ගත්ත නැති එක ගැන ඉන්දියාවට සදා කල් දුක් වෙන්න වෙනවා, අපේ සිංහ කොල්ලන්ට සදා ජය.(නදී)

:       0       0

සුරංග Sunday, 06 April 2014 10:47 PM

තරඟය බලන්ඩ නොගියට ජනාධිපතිට ස්තුතියි.(නදී)

:       0       0

ලොකුගේ Monday, 07 April 2014 08:05 AM

අපේ කොල්ලන්ට ජයෙන් ජය! (නදී)

:       0       0

මහින්ද අලුත්ගෙදර Sunday, 06 April 2014 10:49 PM

අපේ ක්‍රිකට් විරුවන්ට හදවතින්ම මඟේ සුභ පැතුම් එක් කරනවා. මේ ජයග්‍රහණය අපිට අතිශයින්ම වැදගත් වන්නේ ඉන්දියාව පරාජයට පත් කිරීම නිසයි. ඒ අනුව ඔවුන් සිතා ගතයුතු කරුණක් තිබෙනවා. ඒ ඕනෑම අංශයකින් ශ්‍රී ලංකාවට පසුකර යා නොහැකි බවයි. (නදී)

:       0       0

ප්‍රභාත් පින්සර Monday, 07 April 2014 08:07 AM

මෙතනින් නොනැවතී ලෝක කුසලානය දිනා ගැනීමට අපේ සිංහ පඅටවුන්ට හැකිවේවා! (නදී)

:       0       0

කුමාර Sunday, 06 April 2014 10:49 PM

ජය වේවා ! (නදී)

:       0       0

ජගත් Monday, 07 April 2014 08:07 AM

සුභ පැතුම් අපේ සිංහයන්ට.(නදී)

:       0       0

සම්පත් Sunday, 06 April 2014 10:49 PM

සංගක්කාර...ඔබට අපේ උපහාරය ! (නදී)

:       0       0

ශ්‍රීමාල් ඩුබායි Sunday, 06 April 2014 10:49 PM

වීර කොල්ලෝ මගේ සුභ පැතුම්! (නදී)

:       0       0

ලක්ෂ්මන් ප්‍රේමරත්න Monday, 07 April 2014 08:11 AM

ජිනිවා වලදී ලංකාවට එරෙහිව ඉන්දියාවට හොදම පාඩම අපේ කොල්ලෝ ටික කලා හොදටම ඇති. අපේ කොල්ලන්ට ජයෙන් ජය වේවා! (නදී)

:       0       0

නිලාන් Monday, 07 April 2014 02:41 PM

සුභ පැතුම් (දිල්)

:       0       0

මොහමඩ් Sunday, 06 April 2014 10:50 PM

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

උපුල් Sunday, 06 April 2014 10:51 PM

සංගා, ඔබ අ විශිෂ්ට මහත්මයෙක්.ඔබ මුළු ලොවටම ආඩම්බරයක්.අහංකාර ඉන්දියානුවන්ගේ සැර බාල කළාට ඔබට සහ මුළු කණ්ඩායමටම හදපිරි සුභ පැතුම්! (නි)

:       0       0

තරිදු Monday, 07 April 2014 08:20 AM

අපේ සිංහයන්ට ජය වේවා. අපේ කොල්ලෝ හැමදාම වීරයෝ තමයි. අපේ කොල්ලන්ට බුදු සරණයි. (නදී)

:       0       0

ඩොනල්ඩ් පෙරේරා Tuesday, 08 April 2014 10:03 AM

ලොවටම ගෙන යමින් ශ්‍රී ලංකා අභිමන. ජය ගත්තේ විස්සයි විස්ස ලෝ කුසලානේ... (ස)

:       0       0

තිස්ස Sunday, 06 April 2014 10:51 PM

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කරදීම සම්බන්ධයෙන් ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 06 April 2014 10:51 PM

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ධම්මිකා Sunday, 06 April 2014 10:52 PM

අපගේ උණුසුම් සුභ පැතුම්! සංගා සහ මහේලට කදිම සමුගැනීමක් (නි)

:       0       0

මෙලනි Sunday, 06 April 2014 10:52 PM

අපි ඇත්තෙන්ම අපේ කණ්ඩායම ගැන සතුටු වගේම ආඩම්බර වෙනවා (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Monday, 07 April 2014 08:25 AM

සංගටයි, මහේලටයි මෙම ජයග්‍රහණය තිළිණයක් ලෙස පිළිගන්වනවා කියූ මාලිංග එය එලෙසින්ම ඉටු කළා. ඇති විශිෂ්ටයි. අපේ රට නැවත කීර්තිමත් දේශයක් කල ඔබ සැමට සදා ජය !තෙරුවන් සරණයි!. (නදී)

:       0       0

තරිඳු Monday, 07 April 2014 08:28 AM

ලෝක කුසලානය දිනු අපේ කොල්ලන්ට ජයෙන් ජයම වේවා! අපේ කොල්ලන්ව පරද්දන්න කාටවත් බැරියෝ.(නදී)

:       0       0

සුභා Tuesday, 08 April 2014 11:20 AM

අපේ ක්‍රිකට් විරුවන්ට මගෙන් උණුසුම් සුබ පැතුම්. ජය වේවා ලක්මෑණි !!! (ස)

:       0       0

සේන Thursday, 10 April 2014 05:01 AM

මෙන්න මගෙත් සුභ පැතුම්...! (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 06 April 2014 10:54 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ඇන්ටන් Monday, 07 April 2014 02:57 PM

හදවතින්ම අපේ කොල්ලන්ට උණුසුම් සුබ පැතුම් (දිල්)

:       0       0

උපතිස්ස Sunday, 06 April 2014 10:55 PM

මගේ සුභ පැතුම් ශ්‍රී ලංකා කණ්ඩායමට (නි)

:       0       0

ඉෂාර කරුනාතිලක Monday, 07 April 2014 08:29 AM

ඉන්දියාවට දෙන්න පුළුවන් උපරිම පරාදය දුන්නේ ජිනිවා වලදී අපිට දුන්න පරාදය මතක් වෙන්න. කොහොම වෙතත් කෝලි , ඔබ මැච් එක අවසානයේ හැසිරුණ විදිය අපි අගය කරනවා. හොද දේ අගය කිරීම ශ්‍රී ලංකා අපේ සිංහ ගතියක්... ජය වේවා සිංහයන්ට.(නදී)

:       0       0

ඇන්ටන් Monday, 07 April 2014 02:59 PM

අපේ සිංහ පුතුන්ට සුබ ප්‍රර්ථනා (දිල්)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 11:22 AM

ලංකාවේ අපේ සිංහ කොල්ලන්ට සුභ පතනවා. ඒ වගේම සංගා, මහේල ඔයාලා කණ්ඩායමේ නැති එක ලොකු පාඩුවක් අපිට. ඔයාලා දෙන්නටත් සුබ පතනවා ඉදිරි අනාගතයට. (ස)

:       0       0

ජනක කුදලුගොඩ අකුරැස්ස Sunday, 06 April 2014 10:56 PM

ලසිත් මාලිංග සහ ලංකා කණ්ඩායමට මගේ සුභ පැතුම්! ලසිත්ගේ නිර්භීතකමයි,සංගාගේ සුපිරි බවයි තමයි ලංකා ජයේ රහස (නි)

:       0       0

ශාන්ති Sunday, 06 April 2014 10:58 PM

ගොඩක් සතුටුයි. අපේ වීරයන්ට ජය වේවා! (නි)

:       0       0

උදේනි Sunday, 06 April 2014 10:59 PM

නුඹලා සැමදා අපේ වීරයෝයි. ජය වේවා! (නි)

:       0       0

සනා Monday, 07 April 2014 08:32 AM

අපේ කොල්ලෝ නියමයි! අපේ සුභ පැතුම්! (නදී)

:       0       0

රිද්මා Tuesday, 08 April 2014 11:30 AM

අපේ සිංහ පැටවුන්ට සුබ පැතුම්. මහේල, සංගා සමුගැනීම නම් හරි දුකක්. ඔයාලටත් සුබ පතනවා. අපේ කණ්ඩායමට තවත් ශක්තිය ලැබේවා මේ වගේ ජයග්‍රහන තවත් ලංකාවට ගෙන එන්න. (ස)

:       0       0

සිල්වා Thursday, 10 April 2014 05:13 AM

සතුට වැඩිකමට ඇස් වලට කදුළු උනනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමට දළදා සමිදු පිහිටයි! (නි)

:       0       0

ජනක කුදලුගොඩ අකුරැස්ස Sunday, 06 April 2014 10:59 PM

අපේ සිංහ කොල්ලන්ට මගේ සුභ පැතුම් සංඟා ඔබ සුපිරියි. මාලිංග ඔබ එඩිතරයි.(නදී)

:       0       0

අමින්ත Sunday, 06 April 2014 10:59 PM

හොඳට ප්ලැන් කරපු තරඟාවලියක්. වාසනාව අපේ පැත්තේ තිබුනා. මාලිංග ලකී නායකයෙක්. (නදී)

:       0       0

සජ්ජාඩ් අහමඩ් අල් කොබාර්, සව්දි අරාබිය Sunday, 06 April 2014 11:00 PM

මගෙන් සුබ පැතුම්! (නධී)

:       0       0

නලීන් Tuesday, 08 April 2014 11:39 AM

අපේ සිංහයන්ට සුබ පැතුම්. (ස)

:       0       0

බුද්ධික Sunday, 06 April 2014 11:00 PM

නියමයි සංඟා.(නදී)

:       0       0

ජගත් Sunday, 06 April 2014 11:00 PM

සංඟට සහ මහේලට ගෞරවනීය සමුගඇනීමක්. සියලුදෙනාටම සුබ පැතුම්.(නදී)

:       0       0

හුෂේන් Monday, 07 April 2014 08:40 AM

අපගේ උණුසුම් සුභ පැතුම් ශ්‍රීලංකා ! (නදී)

:       0       0

තුෂාරිකා Tuesday, 08 April 2014 11:44 AM

අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම්. (ස)

:       0       0

ඉන්දික Sunday, 06 April 2014 11:01 PM

දෙවෙනි ලෝක කුසලානය සහ ආසියානු සුරයෝ.(නදී)

:       0       0

සමන් Monday, 07 April 2014 08:40 AM

අපේ කොල්ලන්ට සුබ පැතුම්! ඉන්දියාව ආයේ ක්‍රිකට් සෙල්ලම් කරයිද මන්දා? (නදි)

:       0       0

කමල් රණසිංහ Monday, 07 April 2014 08:40 AM

ජීවිෙත්ටම ලබපු ලොකුම අවුරුදු තෑග්ග මේක.(නදී)

:       0       0

ධර්මසිරි Sunday, 06 April 2014 11:03 PM

ජයවේවා ශ්‍රීලංකා.(නදී)

:       0       0

ඉන්දික ගම්පහ Sunday, 06 April 2014 11:03 PM

ජය ශ්‍රී. හදවතින් සුභ පැතුම් ! (නදී)

:       0       0

මෝහමෙඩ් නිෆල් Sunday, 06 April 2014 11:04 PM

අපේ කොල්ලෝ කවදත් වීරයෝ.(නදී)

:       0       0

චමි Sunday, 06 April 2014 11:07 PM

ශ්‍රී ලංකා කණ්ඩායමට අපෙන් සුබපැතුම් ! (නදී)

:       0       0

අනිල් Monday, 07 April 2014 08:45 AM

20-20 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට උණුසුම් සුබ පැතුම්! මහේල - සංගා, ඔබ දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අමරණීයයි. ඒ සේවය වෙනුවෙන් ඔබ දෙදෙනාටම අපගේ උත්තමාචාරය! (නදී)

:       0       0

කුමාර Sunday, 06 April 2014 11:08 PM

කාටද ආඩම්බර? අපේ පුංචි රටට. ශ්‍රී ලංකාවට (නි)

:       0       0

සන්ධ්‍යා Sunday, 06 April 2014 11:08 PM

අපේ කොල්ලන්ට ජය වේවා! (නි)

:       0       0

කිත්සිරි Sunday, 06 April 2014 11:08 PM

සංගා මහේල අැතුලු සැමට උත්තමාචාරය පුදමු. (නි)

:       0       0

සුසන්ත විලියම්ස් Monday, 07 April 2014 08:49 AM

බොහොම කාලෙකට පස්සේ හදවතින්ම කරපු ලස්සන දෙයක්. සැරදේ මගේ ලංකා. ! (නදී)

:       0       0

ජයවර්ධන Tuesday, 08 April 2014 12:12 PM

අපෙ ක්‍රිකට් විරුවන්ට ජය. එකමුතු වූ විිට කළ නොහැක්කක් නැත. සංගා හා මහේලට මගෙන් සුබ පැතුම්. මේ සමුගැනීම ඔවුන් දෙදෙනාට නම් අමතක වෙන එකක් නෑ. අපිට තමයි පාඩුව. කොහොම වුණත් සියලු දෙනාටම සුබ පැතුම්. (ස)

:       0       0

පද්මසිරි Monday, 07 April 2014 08:50 AM

ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුභපැතුම්. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් මාන්නයෙන් සහ අඩුම විනයකින් යුත් රටවන ඉන්දියාව අවසන් තරගයකදී පරාජය කිරීම ඉතා වැදගත්. කෙසේ වෙතත් තරගය අවසානයේ විරාට් කෝලිගේ හැසිරීම අගය කලයුතුයි. (නදී)

:       0       0

සෑම් Sunday, 06 April 2014 11:12 PM

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම සුභ පැතුම්! ලසිත් මාලිංගව ටික කාලයක් අපේ කට්ටියට මතක තියේවි. කණගාටුව එයයි.ඔහු ලෝකයට අනර්ඝ ක්‍රීඩකයෙක්. අපේ කුහක මිනිස්සුන්ට වැරදිකාරයෙක් (නි)

:       0       0

ඇසිස් Sunday, 06 April 2014 11:12 PM

අපේ කොල්ලෝ කවදත් දක්ෂයි. අපේ කොල්ලන්ට ජය වේවා! (නි)

:       0       0

චමී Monday, 07 April 2014 08:51 AM

ලක් මෑණියන්ගේ නාමය ලොව පුරා බැබලවීමට ඔබලා දරණ කැපකිරිම, උත්සාහය ගැන මත්ක වෙද්දිත් ඇස් වලට කදුළු උණනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමට දළදා සමිදු පිහිටයි.(නදී)

:       0       0

ඉස්මිල් හුස්සෙන් Tuesday, 08 April 2014 12:23 PM

අපේ කොල්ලන්ට මුළු ලංකාවේම වගේම සියලුම පිට රට සිටින අපේ අයගේ ප්‍රණාමය... (ස)

:       0       0

ඉසුරු Monday, 07 April 2014 08:56 AM

නියමයි! (නදී)

:       0       0

දේවිකා Sunday, 06 April 2014 11:23 PM

සුබපැතුම් !! (නදී)

:       0       0

දසුන් තිවංක Monday, 07 April 2014 08:59 AM

නියමයි ශ්‍රී ලංකාව නියමයි! (නදී)

:       0       0

පහන් Sunday, 06 April 2014 11:24 PM

පපුව හිරවෙනවා මැරෙයිද මන්ද සතුට දොරේ ගලනවා ..(නදී)

:       0       0

පසිදු Monday, 07 April 2014 08:59 AM

අපේ සිංහ පැටුවුන්ට මගේ හදපිරි සුබම සුභ පැතුම්. බටහිර කොදව් නායකයාගේ අදහස් රත්තරන් වටිනවා. බටහිර කොදව් කණඩායමට මගේ හදපිරි ස්තුතිය.(නදී)

:       0       0

ගන්දර සයිමොන් Sunday, 06 April 2014 11:25 PM

සිංහයන් සිංහයන් මෙන් ජය ගත්තා.(නදී)

:       0       0

රේණුකා Sunday, 06 April 2014 11:30 PM

නියම ක්‍රිකට් වීරයන්ට මගේ උණුසුම් සුභ පැතුම්. ...ජයවේවා...(නදී)

:       0       0

එම් සීවලී හිමි Monday, 07 April 2014 09:10 AM

ගොඩාක් සතුටුයි ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි ! (නදී)

:       0       0

රොෂාන් රත්නායක Monday, 07 April 2014 03:55 PM

අපේ වීර සිංහයින්ට හද පතුලෙන්ම සුභ පැතුම්.(දිල්)

:       0       0

රුවන් Sunday, 06 April 2014 11:35 PM

අපේ කොල්ලෝ දුන්න මේ පාරනම් ඉන්දියාවට එපා වෙන්න. සංගත්,මහේලත්,අපේ ක්‍රිකට් වල වීරයෝ. අපේ කොල්ලන්ට ජය වේවා. ලංකාවට ජය වේවා! (නදී)

:       0       0

හේමන්ත Sunday, 06 April 2014 11:35 PM

මගේ හද පිරි සතුට ලංකා කණ්ඩායමට (නි)

:       0       0

ප්‍රමුදි නිසංසලා Monday, 07 April 2014 03:59 PM

අනේ අපේ සිංහයෝ ටික දිනන්නේ.....ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටුයි.ඒ මොහොතේ ඇස් වලට කදුළු ආවා සංගා ඔබ නම් රටට සම්පතක්. 20/20 ලෝක කුසලානයට කැප උන සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම් (දිල්)

:       0       0

කුමාරි Sunday, 06 April 2014 11:38 PM

ජය වේවා! වසර ගණනාවකට පසු මතක විදියට අවු.18 කට පසු අපට ජය ගෙනා ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

දයානන්ද කුවෛට් Monday, 07 April 2014 04:05 PM

චන්දිමාල් කියන්නේ මහත්මා ගතිගුණ ඇති නායකයෙක්.සෑම නායකයකුටම හොඳ ආදර්ශයක් වේවා. චන්දිමල්ට සහෝදරයට මගේ උත්තමාචාරය පුද කරමි. (ස)

:       0       0

බන්දුල Sunday, 06 April 2014 11:38 PM

නියමයි , නියමයි සිංහ පැටවුනේ, නියමයි !!! (නි)

:       0       0

රුවන් Sunday, 06 April 2014 11:40 PM

ඉඩෝර සමය නිමවිය.20/20 කප් එක අපිට ලැබුන මුරුගසං වර්ෂාවකි (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 06 April 2014 11:40 PM

ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට පෙන්වූ අපේ වීරයින්ට උත්තමාචාරය. (නි)

:       0       0

මහේෂ් Monday, 07 April 2014 09:25 AM

20-20 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට උණුසුම් සුභ පැතුම්! මහේල - සංගා, ඔබ දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අමරණීයයි. ඒ සේවය වෙනුවෙන් ඔබ දෙදෙනාටම අපගේ උත්තමාචාරය! (නදී)

:       0       0

ජීවක Sunday, 06 April 2014 11:47 PM

ජිනීවා මතක් වුණා මට (නි)

:       0       0

රත්න Sunday, 06 April 2014 11:50 PM

අපේ සිංහ කොල්ලන්ට ජයවේවා! (නි)

:       0       0

තුසිත අබේකෝන් Monday, 07 April 2014 09:37 AM

කණ්ඩායම වශයෙන් ක්‍රීඩා කර තම උපරිමය කණ්ඩායමට දායක කළ ඔබ සියලන්ම අපේ සදා අමරණිය විරුවන්ය. මාලිංග ඔබ පෙන්නු පරිනත බව හා හොඳ අදහස් පිළිගැනීමේ ගුණයට ඔබට මල් මිටක්. සංගා මහේල ඔබ දේපල සදා නොමැකෙන සමරුවක් අපට තිළිණ කර අපෙන් සමු ගැනීම ලාංකික අපේ හදවතට හරි දුකක් උනත් ඔබලා දුන් ආදර්ශය රෝද පුටුවෙන් ගියත් බලය අත් නොහැරිම අපේ අයට හොඳ ආදර්ශයක්. මුලු කණ්ඩායමටම අපේ උන්සුම් සුබ පැතුම්. (ස)

:       0       0

සවි Tuesday, 08 April 2014 02:12 PM

ගොඩක් අයට චන්දිමාල් අමතක වෙලා. ඒත් චන්දිමාල් මානසිකව වැට්ටුවෙ අපේ ක්‍රිකට් බෝඩ් එක. (ස)

:       0       0

රූපවතී Monday, 07 April 2014 09:38 AM

මගේ රටට දළදා හිමි සරණයි ..!.ක්‍රීඩාවේ ජයග්‍රහණය කරා කැප උණු අපේ වීරයන්ට ශ්‍රී මා බෝ සමිදු පිහිටයි ...ක්‍රීඩාව නිමවෙන තුරු ඉතාමත් සතුටින් අපි විදේශයෙහි සිට නැරඹුවේ හරිම ජාති ආලයකින්, දේශාභි මානයකින් ..! තෙරුවන් සරණයි ...! ඔබ සැමට ...!!! (ස)

:       0       0

සුරංග Sunday, 06 April 2014 11:50 PM

සුභ පැතුම් කොල්ලනේ! ඔබයි ලෝකයෙන්ම විශිෂ්ටයින් (නි)

:       0       0

දීපාල් Sunday, 06 April 2014 11:50 PM

කමෝන් ශ්‍රී ලංකා! (නි)

:       0       0

ජනක Monday, 07 April 2014 09:44 AM

අපේ කොල්ලෝ ලෝක කුසලානයත් දිනලම තමා මේ පාර නම් පස්ස බලන්නේ. ඉන්දියාවට ගෝනි දාගන ඉන්න වේවි. ජය වේවා අපෙ කොල්ලන්ට. (ස)

:       0       0

ශාන්ති Sunday, 06 April 2014 11:54 PM

අපේ කොල්ලන්ට ජය වේවා! (නි)

:       0       0

චානි Sunday, 06 April 2014 11:58 PM

ජය වේවා! සතුටු කඳුළු ගලා යනවා. කොහොම නමුත් , දේශපාලනයෙන් සහ පවුල් අවුල් වලින් ජීවිතේ ගඳ ගස්සා ගන්නේ නැතුව , ඉතා ආදර්ශමත් ක්‍රීඩා දිවියක් ගතකර සමුගෙන යන , ඒ මහත්මාවරුන් දෙපලට හිස නමා ආචාර කරමි. (නි)

:       0       0

ඉෂාක්-සෞදි Monday, 07 April 2014 09:55 AM

අපේ රටට අභිමානය ළඟා කර දුන් අපේ සිංහ පැටවුන්ට අපේ උත්තමාචාරය. ජය වේවා මගේ ලක් මෑණියනි .... (ස)

:       0       0

ප්‍රසන්න Monday, 07 April 2014 10:00 AM

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම සුභ පැතුම්! මං හිතන්නේ මාලිංගට බැනපු හැමෝම මාලිංගගෙන් සමාව ගත්ත නම් හොඳයි නේද?? මහේල සහ සංගා, ඔබ දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අමරණීයයි.... (ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 07 April 2014 12:08 AM

ලංකා කණ්ඩායමට මගේ ආදරණීය සුභ පැතුම්! (නි)

:       0       0

බණ්ඩා Monday, 07 April 2014 05:23 PM

චන්දිමාල්ට වගේ අපේ විපක්ෂයටත් බැරිද පොඩි අවස්ථාවක් සජිත්ට දීලා බලන්න? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 07 April 2014 12:10 AM

අපේ අය කොහොමත් දක්ෂයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 07 April 2014 12:10 AM

තිසරට නියම තැන දීම ගැන ස්තූතියි! (නි)

:       0       0

සිරිල් මාලදිවයින Monday, 07 April 2014 10:06 AM

ලංකාව තනියම එක පැත්තක, මුළු ලෝකෙම අනික් පැත්තෙ. ඇමරිකාවට කණගාටු ඇති ඉන්දියාව ලව්ව අපට ගස්සවන්න බැරිවුන එක ගැන. මාලිංග ගත්ත තීරණේ අපිට දිනන්න රුකුල් වුනා. සංගා, මහේල විශිෂ්ඨයි. අමතක නොකල යුතු දෙයක් තියනව අපිට නිදහසේ සතුටු වෙන්න පුළුවන් තරමේ ආරක්‍ෂාවක් ඇති කල හමුදාවටත් සේනාධිපති ඇතුළු දායක වුවනට ස්තුතියෙන් කොටසක් නොදෙන්න තරම් අපි කුහක නොවිය යුතුයි. එහෙත් මේකෙන් අදහස් කරන්නෙ නැහැ කුඩු, පාතාල, මැර, අසික්කිත තුච්ච දේශපාලනය හරි කියල. කෙසේ වෙතත් ලංකාවටත් ගරු ක්‍රීඩකයන්ටත් අපේ ආචාරය.(නදී)

:       0       0

ෂපීක් Monday, 07 April 2014 10:07 AM

ශ්‍රී ලංකා පිලට උණුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

අකිල චාමර මදුශාන් Monday, 07 April 2014 12:14 AM

සුභ පැතුම් අපේ වීරයන්ට! (නි)

:       0       0

වසන්ත Monday, 07 April 2014 10:07 AM

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි....යකඩ බෝල දෙකට පලයි....ජය ශ්‍රී .....! (නදී)

:       0       0

අනිල් රෝහණ Monday, 07 April 2014 12:14 AM

මහේල සංගා, ඔයාලා දෙන්නා ලංකාවට ,ලංකාව වෙනුවෙන් කළ දේ අනන්තයි. අපිට කිසිම දෙයක් ලංකාව වෙනුවෙන් තාමත් කරන්න බැරි වුණා.ඔබ දෙපල මෑත කාලයේ බිහිවූ යුව රජවරුන්ට සමානයි. ඔබ දෙපලට බුදු සරණයි! (නි)

:       0       0

රොහාන් Tuesday, 08 April 2014 03:08 PM

ශ්‍රී ලංකා කණ්ඩායමට මගේ සුබ පැතුම්. (ස)

:       0       0

මහේෂ් නීලකාන්ත Monday, 07 April 2014 05:40 PM

මේ පාර අපි දිනුවා. මොකද දන්නවද? අන්තිම මොහොතේ කෙනෙක් එතනට ගියේ නැහැනේ. (නි)

:       0       0

රිද්මා Tuesday, 08 April 2014 03:26 PM

ලංකා පිලට සුබ පැතුම්. සංගා මහේල ඔබ දෙපලටත් සුබ පැතුම්.මේ මැච් එක ඔවුන් දෙදෙනට අමතක නොවේවි.ඔබ දෙපල ජය. (ස)

:       0       0

සංදීප් Monday, 07 April 2014 12:27 AM

ශ්‍රී ලංකා කණ්ඩායමට අපෙනුත් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අමිත Monday, 07 April 2014 12:28 AM

ජය අපටයි ශ්‍රී ලංකා!!! සංගා, මහේල ඇතුලු අපගේ ක්‍රීඩකයින්ට උත්තමාචාරය! (නි)

:       0       0

රංගන විරාජ් Monday, 07 April 2014 10:21 AM

සංගා මහේල ඔබ අති විශිෂ්ඨයි. තිසරගේ පිතිහරඹය නියමයි! (නදී)

:       0       0

නිලන්ති Tuesday, 08 April 2014 03:37 PM

වාසනාවයි, දක්ෂකමයි, එකමුතුකමයි තියෙනවනම් ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා අපේ සිංහ පැටව් ඔප්පු කරල පෙන්නුවා. අපේ කණ්ඩායමට ජය.තවත් මෙවැනි ජයග්‍රහන ගෙන දීමට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

මදුරි Monday, 07 April 2014 10:25 AM

සුභ පැතුම් ශ්‍රී ලංකා !!!! (ස) .

:       0       0

මධුරි Monday, 07 April 2014 10:25 AM

සුභ පැතුම්! (නදී) .

:       0       0

ඉෆ්හාම් Monday, 07 April 2014 06:03 PM

නියම කණ්ඩායම් හැඟීමෙන් මුළු තරගාවලිය පුරාවටම ක්‍රීඩා කළ නිසා අපි දිනුවා. අපේ කොල්ලන්ට මගේ සුභ පැතුම්! ජය ශ්‍රී ! මීළඟ 50 ලෝක කුසලානෙත් ලැබේවා! (නි)

:       0       0

සංජීව Monday, 07 April 2014 12:31 AM

1996 කාලය නැවත අපිට මතක් වුණා. ජය වේවා! (නි)

:       0       0

සුසන්ත කුමාර Monday, 07 April 2014 10:28 AM

සුභ පැතුම්. (ස)

:       0       0

ඔසී Monday, 07 April 2014 06:11 PM

මට නම් සතුට දරාගන්න අමාරුයි (නි)

:       0       0

දොන් Monday, 07 April 2014 10:34 AM

ලෝක කුසලානයක් දිනලා ලස්සනට අයින් වුණ හොඳම ක්‍රීඩකයෝ දෙන්නට මගෙන් සුබ පැතුම්.. නියමයි. (ස)

:       0       0

චාමික Tuesday, 08 April 2014 04:07 PM

මාලිංග ජයග්‍රාහී අවසන් තරග දෙකට නායකයා වුවත්, චන්දිමාල් ඒ දක්වා දුරක් කණ්ඩායම රැගෙන ගිය නායකයා. චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් වීමේ තීරණය කැමැත්තෙන් පිළිගත් බවයි දැනගන්නට ලැබුණේ. මා හිතන්නේ, ලෝක කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් චන්දිමාල්ට මීට වඩා ගෞරවයක් ලබාදීම අපේ යුතුකමක්. (ස)

:       0       0

සමීර Monday, 07 April 2014 10:34 AM

ශ්‍රී ලංකාව ලොව අංක 1 දක්වා ඔසවා තැබු ඔබ සැමට ස්තුතියි. ඔබ වැනි පුතුන් ලක්මාතාවට ශක්තියක්.(නදී)

:       0       0

මංගල Monday, 07 April 2014 12:55 AM

අපි කවදත් සිංහයෝ (නි)

:       0       0

පාලිත Monday, 07 April 2014 10:54 AM

එකමුතු කම ලොවට පෙන්වූ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මගේ හද පිරි සතුට , ජය වේවා.(නදී)

:       0       0

චන්දන Monday, 07 April 2014 06:29 PM

මහේල, සංගා, මාලිංග සහ චන්දිමාල් ඇතුළු කණ්ඩායමට සුභ පැතුම්! (නි)

:       0       0

සුස්සයින් Monday, 07 April 2014 10:56 AM

සුභ පැතුම් (ස)

:       0       0

බන්දුල රත්නායක Monday, 07 April 2014 01:01 AM

ඇත්තටම ගොඩාක් ආඩම්බරයි අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන. ලසිත් මාලිංග කිව්වා වගේම කරලත් පෙන්නුවා. ඔබ සැමට අපේ සුභ පැතුම්. (නි)

:       0       0

නිලුපුල් Monday, 07 April 2014 10:57 AM

මහත්වරුන්ගේ යයි කියන ක්‍රීඩාව ගෞරවනිය ලෙස ජය ගත් අපේ සිංහ කොල්ලන්ට ශ්‍රී ලංකාවාසි අපි සැමගේ ප්‍රණාමය සහ ආශිර්වාදය ලැබේවා.... අපේ රටට ක්‍රීඩාව තුළින් ගෞරව නාමයක් ලබාදුන් සංගා සහ මහේල සොයුරන් ඇතුළු සියලුම සොයුරන්ට තෙරුවන් සරණ වේවා......! (ස)

:       0       0

ආරච්චි Monday, 07 April 2014 01:06 AM

ජය වේවා! (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 07 April 2014 11:01 AM

මාලිංග, සංගක්කාර, මහේල, ඇතුලු සියලුම ක්‍රීඩකයිනට උණුසුම් සුබ පැතුම් ...!!! (ස)

:       0       0

සරත් පර්ත් Monday, 07 April 2014 06:54 PM

මුළු කණ්ඩායටම මගේ උණුසුම් සුභ පැතුම්! එකමුතුකම ජයග්‍රහණයේ අඩිතාලමයි.නිහතමානිකම එයට පිටුවහලකි (නි)

:       0       0

දිනේෂ් නාලක Monday, 07 April 2014 11:03 AM

ලෝක සිතියමේ තිතක් බදු මගේ මව්බිමේ ප්‍රෞඩත්වය නැවත වරක් මුළු ලෝකෙටම කියාදුන් සිංහ පැටවුනේ ඔබලාට අපි සැමගේ ප්‍රණාමය පුද කරන්නෙමු. (ස)

:       0       0

චාමි Monday, 07 April 2014 01:20 AM

අපිටත් අපේ කොල්ලෝ ගැන ෂුවර් එකක් තිබුනා (නි)

:       0       0

දිනේෂ් නාලක Monday, 07 April 2014 11:13 AM

මහේල, සංගා නික්ම යාම අති විශිෂ්ට ලෙස සිදු කළා.......... ඔබට මගෙන් සුබ පැතුම් විශිෂ්ටයි කොල්ලනේ.. (ස)

:       0       0

රජින්ද Monday, 07 April 2014 01:40 AM

අති විශිෂ්ට ලෙස අපේ කොල්ලෝ ටික ලැබූ මේ ජයග්‍රහණයට ලක්වාසී අප සියලු දෙනාගේම හදපිරි උණුසුම් සුභ පැතුම් පළකර සිටිමු.මොනවා වුණත් විරාත් කෝලි අපේ සංගාගේ අර්ධ ශතකයට සුභ පැතීමද නිහතමානිව අගයකොට සළකමු. (නි)

:       0       0

පෙරේරා Monday, 07 April 2014 07:38 PM

ඔබ දිනන විට ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක්. අප නිතර ඔබට ජය ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

දුම්මලසූරිය Monday, 07 April 2014 01:52 AM

ක්‍රීඩාලෝලී අප සැමගේ පැතුම් ඉටු කරමින් 20/20 ලෝක කුසලානය අප උතුම් මාතෘභූමියට දිනා දුන් ජාතියේ සිංහ පැටවුන්ට අපගේ උත්තමාචාරය! ජයවේවා! (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 07 April 2014 01:58 AM

වර්ෂ 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙයෙන් ජය ලැබූ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

දුමින්ද Monday, 07 April 2014 07:52 PM

සිංහ අභිමානය යළිත් වරක් ලොවට පෙන්වූ විරුවන්ට අපගේ හද පිරි උත්තමාචාරය! (නි)

:       0       0

එස් කේ අජිත් Monday, 07 April 2014 07:55 PM

අපේ ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගැනුමට සහයෝගය දුන් බංගලාදේශ ප්‍රේක්ෂකයින්ටද අපගේ ස්තුතිය පුදකරමු. (නි)

:       0       0

තිලක Monday, 07 April 2014 11:32 AM

ජයවේවා!!!!! අපේ කොල්ලන්ට. මහේල , සංගක්කාර ඔබලාගේ දක්ෂ ක්‍රීඩා කෞෂල්‍යය විශිෂ්ටයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 708 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4583 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2763 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 254 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1360 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1473 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27998 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site