(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍යාරක්ෂිතව පළතුරු ඉදවීමේ කුටීරයක්  අනුරාධපුර නගරයේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා විවෘත කළේය.

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු කළමනාකරණ ආයතන මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙම සෞඛ්‍යාරක්ෂිතව පළතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වා දී ඇත.

ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතන මගින් වැඩසටන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යංශය කියයි .

ආහාර වල තත්ව පරීක්ෂාව ,ගුණාත්මක ආහාර නිශ්පාදනය වෙනුවෙන් වැඩසටහන් පැවැත්වීම ප්‍රමිති සහතික නිකුත් කිරීම පර්යේෂණ සිදු කිරීම මෙහි ප්‍රධානම කාර්යයන් වේ.

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වා දීමේ වඩසටහන දීප ව්‍යාප්තව සිදු කිරීමට පසු අස්වනු කළමණාකරන ආයතනය කටයුතු කරන බව අමාත්‍යංශය පවසයි.