(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වන සත්ව සංගණන ආදිය විහිළුවට ලක්වීම සුදුසු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"වන සත්ව සංගණනය ගැන අද කතා කරන්න වෙනවා. ඒ සංගණනය විධිමත් විය යුතුය.මේ සංගණනයේ විධිමත් බවක් අප දකින්නේ නෑ.බහුවිද රාජ්‍ය ආයතන ඒකාබද්ධ වී මෙය කළ යුතුයි.
ඒ නිසා මේ සංගණන විහිළුවට ලක් කිරීම ඒ තරම් යෝග නෑ .ඒවා විහිළුවට ලක්වන්නේ සංගණන සංගණනය කිරීමේ ක්‍රම අවිධිමත් ලෙස ඉදිරිපත් කරන විටයි.නමුත් රටක් ලෙස ඉදිරියට යන්න නම් දත්ත කේන්ද්‍රීයව එය කළ යුතුයි.නමුත් විහිළුවට ලක්වන ආකාරයට සංගණන රටා නිර්මාණය කිරීම ඒ තරම් සුදුසු නෑ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සංගණන විහිළුවට ලක් කරන්න එපා
රනේ Monday, 17 March 2025 12:01 PM
අනේ මගේ කට..
Pankumburage Monday, 17 March 2025 12:22 PM
අර ඔයාගේ අප්පුහාමිට කියන්න ඕක...
ජනරළ Monday, 17 March 2025 01:41 PM
පහුගිය දවස් වලවල ඔබේ මහා ලේකම් වරයාගේ සිට ඔබ පක්ෂයේ බොහෝ දෙනෙක් සත්ව සංගණනය උපහාසයට ලක් කළා. අපි දන්නවා ඒ උදවියට තියෙන්නේ සංගණනය ගැන ප්‍රශ්නයක්ම නෙමෙයි ආණ්ඩුව ගැන තියෙන ප්‍රශ්නයක් බව. මේ ආණ්ඩුව මොන හොඳ දෙයක් කළත් ඔවුන් දකින්නේ එකේ ඇද කුද විතරයි.
අරවින්ද මොණරවිල Monday, 17 March 2025 04:29 PM
ගවයන්, බූරුවන් වැනි අයට නාමයෝජනා දුන් විට ඔහොම වෙනවා. ඒ නිසා ඊළඟ පාරවත් සුදුසු අය හොයලා බලලා නාම යෝජනා දෙන්න.
Aru Monday, 17 March 2025 09:55 PM
සංගණනය හරියට කරනවා නම් කවුරුත් එයා විහිලුවකට ගන්නේ නෑ.. නමුත් සංගණනයක් කරන්න දන්නේ නැති අය විසින් කරන සංගණනය විහිලුවක් වීම මිනිස් ශ්‍රමය නාස්තියක් වගේම මුදල් නාස්තියක් සහ එම දත්ත කිසිම වැදගත් වැඩකට භාවිතා කරන්න බැරි වෙයි