තම පෙම්වතාට පහර දුන් පුද්ගලයා තංගල්ල උසාවියේදී හඳුනාගත් නමුත් ජීවිතයට ඇති බිය නිසා ඔහු නොපෙන්වු බව වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොනා කොළඹ මහාධිකරණ විනිසුරු රෝහණි වල්ගම මහත්මිය ඉදිරියේ සාක්කි දෙමින් ප්‍රකාශ කළාය.
ඇගේ පෙම්වතා වන බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් තංගල්ල රිසෝට් හෝටලයේදී 2011 දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ ඝාතනය කිරීමේ නඩුවේ දී ඇය සාක්කි දුන්නාය.
ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය,තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාන පතිරණ,ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන්,හා ප්‍රගීත් චතුරංග සැකකරුවෝය.
වික්ටෝරියාගේ පෙම්වතා මරා දැමිම හා ඇය කෙළෙසී යැයි ඔවුහු චෝදනා ලබා සිටිති.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ ඇය සාක්කි දුන්නාය.
ඇය මෙසේද කීවාය.
‘ශිෂ්‍යත්වයක් මත අධ්‍යාපනය සදහා උතුරු කොරියාවට ගොස් සිටියදී මට ෂයික් හමු වුණා.ෂයික් ඒ කාලේ උතුරු කොරියාවේ රතු කුරුසේ වැඩ කළා.වසර දෙකහමාරක්ම අපි පෙම්වත්තු වීමු.2012 දී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියෙමු.’
‘මම දෙවරක් ශ්‍රි ලංකාවට පැමිණියා.2011 පෙබරවාරි 17 වැනිදා අපි දෙදෙනාම පැමිණ තංගල්ල රිසෝට් හෝටලයේ නැවතුණා.’
‘දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ සාදයක් තිබුණා.ඊට සහභාගී වු අය ශාලාවේ ඩාන්ස් කරමින් සිටියා.මැදියම් රැයේ ෂයික් හා මා අතර ආරවුලක් ඇති වුණා.ඉන් පසු ෂයික් මා සමග කතා කළේ නැහැ.මම බිම වාඩි වී ඇඩුවා.’
‘අප නතර වී සිටි කාමරයට ගියා.එය තිබුණේ නාන තටාකය ළඟ.එතැන සිටි පුද්ගලයා අඩන්නේ ඇයි දැයි මගෙන් ඇසුවා . එවිට මා බය වුණා.කාමරයට දිව්වා. පිරිසක් එහිදි මට පහර දුන්නා. පිහිනුම් තටාකයටත් තල්ලු කළා.’
‘මා වැටුණේ තටාකයේ වතුර අඩු කොටසට.ඉන් ගොඩවීමට හදද්දී යළිත් මිනිහකු මා තල්ලු කළා.කණ්ඩායමක් සමඟ එතැන් සිටි මිනිහෙක් මගේ ඔළුවට පයින් ගැහුවා .යළිත් මා වතුරට වැටුණා.
පිහිනුම් තටාකයේ ගැඹුරු ප්‍රදේශයේ සිට අමාරුවෙන් ගොඩට ආවා.
ෂයික්ට කෑ ගැහුවා.’
‘ඒ අවස්ථාවේ ෂයික් බිම වැටී සිටියා .මා එහි ගියා.ඔහුට සිහිය තිබුණේ නෑ.මුහණේ කැපුම් තුවාල තිබුණා.’
‘ෂයික් මගේ උකුලට ගත්තා මටත් සිහි නැති වුණා.මට සිහිය ආවේ මාතර රෝහලේදී.මගේ සාය ඉඟ ළගට පහත් කර තිබුණා.ළය ප්‍රදේශය ටී ෂර්ටයකින් වසා තිබුණා යට ඇදුම් ඉවත් කර තිබුණා.
පසුව මා කරාපිටිය පිටිය රෝහලට යැව්වා.’
‘ෂයික් මළ බව එහිදී දොස්තරවරයෙක් කිව්වා.කරාපිටියෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළා.තවමත් මා තුවාල වලට බෙහෙත් ගන්නවා.මට පහර දුන්නේ ඕ ඒ ළහිරු කැලුම් .’
වැඩි දුර විභාගය කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට එල්ලුම්ගහ නියම වුණත් පොදු සමාව නොලැබුනොත් තමා පුදුමේ. එල්ලුම්ගහට නියම වූ කී දෙනෙකුට පොදු සමාව ලැබුනද? (ස)
ප්‍රෙමිල් ඔබගේ කියමන හරි. (ස)
ප්‍රේමිල්, ඔබ හරි .. (ස)
කෝ අර සේනාව ??? (ස)
එල්ලුම් ගහට නියම වූ කී දෙනෙකුට පොදු සමාව ලැබුනද? යටගහන්න හැදු ප්‍රස්නයක්. මේ කොමෙන්ට්ස් දකින විට රජය තමන්ගේ අත වැසියන්ට නීතියෙන් ගැලවිලා අපරාද කරන්න ඉඩ දෙන බවක් කියවෙනවා. ඒ අපවාදයෙන් බේරෙන්න නම් හැකි ඉක්මනින් මේ නඩුව ඉවර කොට මොවුන්ට මරණ දඬුවම ලබා දෙන්න. (නදී)
මේ වගේ අය 29 වෙනිදට ඡන්දෙ ඉල්ලනවා. එදාටත් ඔබේ මනාපය ඔලුව පාවිච්චි කරලා දෙන්න. මේ ප්‍රාදේශීය දේසපාලන වසංගතය වනසා දමමු.(නදී)
දකුණේ අය දැන් දැන් කරන්නේ ඔහොම වැඩම තමා. ඒක දැන් දකුණේ ස්ට්යිල් එකක් වෙලා.(නදී)
මෙයා සුදු පාටට ඇදලා එන්නේ සුද්ද වන්තයෙක් කියල පෙන්නනද? ගොඩක් මැරයෝ උසාවි එනකොට සුදු පාට අදින්නේ ඇයි? (නදී)
මරණ දඩුවම දෙන්න ඕනේ. (ස)
ඇත්තටම අද රටේ ලොකු අදායමක් ගේනවා රටට මේ සංචාරකයන් එන එක. ඒක කවුරුත් දන්නා දෙයක්. ඇත්තටම මෙය අපට සම්පතක්. මෙහෙම යනකොට අපේ රටට ආයෙත් මේ අය එයිද? මේ මිනිස්සුන්ට උපරීම දඩුවම් දෙයි කියලා අපි බලන් ඉන්නවා. (ස)
අහිංසක කුරුළු කුඩුවක් විනාශ කළ මුන්ට සමාව නම් දෙන්න එපා. (ස)
ජනතාවට නිතිය ගැන තිබෙනේ අවිශ්වාසය දුරු කරන්න. මොවුන්ට ඉක්මනටම නිසි දඬුවම් ලබා නොදුන හොත් රජයේ මානව හිමිකම් චෝදනාවට ලක් වීම තව දුරටත් වැඩි දියුණු වේ. එවිට රටේ මිනිසුන් රජයේ දේශපාලකයින් වෙනුවෙන් හඬ නගයි කියා කෙසේ බල පොරොත්තු වන්නද. (අ)
චන්දී, ඔබේ කතාව ගැන 100% එකඟ වෙන්න බැහැ.. ලංකාවේ පිරිමියෙක් වශයෙන් මේ අපරාධකරු හා ඔහුගේ ගෝලබාල පිරිස කරපු දේ අතිශයින් පිළිකුල් කරනවා... රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ මුන්ට... ඒ නිසා චන්දී සොයුරිය ලංකාවේ හැම පිරිමියම එකම මිම්මෙන් මනින්න එපා... මම වගේ ගොඩක් හොඳ අයත් ඉන්නවා... හොඳේ.... (ස)
ජනපතිතුමනි, මේ දුෂිතයන්ගෙන් රටත් ජාතියත් බේරා ගැනීම කළ හැක්කේ ඔබතුමාටම පමණි. උපරිම නීති හා දඩුවම් උවමනාමයි. (ස)
මේ වගේ අපරාධකරුවන් මුළු සමාජයටම කරදරයක්. මොවුන් සමාජයෙන් ඈත් කර තැබිය යුතුයි. (ස)
මේ වගේ මිනිසුන් තමා ලංකාව අද ලෝකයේ අපහාසයට ලක් කරලා තියෙන්නේ.නඩුවෙන් සාධාරණය ඉටු නොවුනත් ස්වභාව දහම නිසි දඬුවම් වෙලාවට දේවි මදි නොකියන්න. (ස)
ඕකට ඡන්දෙ තව සැරයක් ඉල්ලුවත් දෙන හරක් ඉන්නවා ලංකාවේ (ස)
මෙම පුද්ගලයා එල්ලුම් ගස් යැවීමට සුදුසුයි. (ස)
සාධාරණ විනිශ්චයක් ලබා දෙන්න. මුළු රටම දෑස් දල්වා බලා හිදී. (ස)
ප්‍රෙමිල් සමඟ 100% මම එකඟ වෙමි. (ස)
ප්‍රාදේශීය දේශපාලඥයෝ කරන අමන වැඩ.(නදී)
මේ වගේ අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න කල් ගත උනා වැඩි (දී)
මේ වගේ අයෙක් මීගමුවෙත් ඉන්නවා(දී)
ඔබ එඩිතරව ඇත්ත පවසන්න. (නි)
අපේ ගමේ අපරාද බොහොම අඩුවෙන් සිදුවෙන්නේ.ගමේ තරුණ පිරිස සංවිදානය වෙලා වැරදි කරන අයට හොදට දඬුවන් දෙනවා.ගමේ නම කනවට. (දී)
නිතිය හරියට ක්‍රියාත්මක කරන්න නැතිනම් අපිව ජාත්‍යන්තරව අප්‍රසාදයට ලක්වෙනවා (දී)
මේ වගේ දේවල් වෙනකොට පුළුවන් යස අපුරුවට ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න (දී)
මේවගේ රට කන අයට මරණ දඬුවම දිය යුතුමයි (දී)
ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවට මෙන්ම ඔබගේ පක්ෂයටද නිගාදෙන්න පවුකාර දේශපාලුවන්ට තවත් නම් ඉඩදෙන්න එපා. තදින්ම නිතිය ක්‍රියාත්මක කරන්න. මහජනතාව ඉදිරියේ එල්ලාම මරන්න. එහෙම උනොත් මේ වගේ අසික්කිත, රට ගඳ ගස්සන වැඩ නවතිවි. ඒ වාගේම සබරගමුව පැත්තේ නූරි වත්තේ දේශපාලුවා (අත කොටා)ගැනත් නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න.(නදී)
මේ වගේ අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න කල් ගත උනා වැඩියි.(නදී)
මේ අපරාධකරුවන්ට දෙන දඬුවම් ලෝකයටම පෙනෙන්න දෙන්න. (නි)
පිට රට ඉන්න අපිට කවදා කටපුරා ආඩම්බරෙන් ලංකාවෙන් කියන්න පුළුවන් වේවිද මන්ද. (ත)
මෙයා හිරේ ඉඳලා අාව කියන්න පුලුවන්ද. එළියේ හිටියට වැඩිය මහත් වෙලා නේද? (නදී)
මේ ගොල්ලන්ට පෙන්නන්න ආවුද නැතුව ඇති. එහෙම වුනානම් මේ ප්‍රශ්නෙත් ඉවරයි.(නදී)
මෙවන් අධමයන්ට උපරිම දඩුවම් දෙන්න. නඩුවට ගතවෙලා ඇති කාලය හොදටම වැඩි. මරණ දඩුවම දෙන්න කරුණාකරලා. අම්මා කෙනෙක්ගෙන් ඉපදුන අය නොවෙයි මේ නරකාදී, (අ)
මේ වගේ අපරාධකාරයින්ව ප්‍රසිද්ධියේ ගල් ගහල මරන්න ඕන. (ස)
මම මේ නිකන් අහන්නේ මෙයාලව ආයුද පෙන්වන්න එක්කරන් යන්න බැරිද (අ)
පොරකයට අරින්න. (ස)
විශොෂයෙන් මප්‍රදෙසිය සභා විසුරුවා හැරිය යුතුයි මේවගේ ඉන්න හැම ඒකාම දුෂකයෝ සහ හොර මංපහරන්නෝ මේ බලුරලා නිසා ලංකාවේ ගරුත්වය විනාශවෙලා ගිහින් (අ)
ලංකාවට නිගා කරන මේ අයට එල්ලුම ගහට අනිවාර්යෙන්ම යවන්න ඕනේ. මරණ දඩුවම අනිවාර්ය අතිගරු ජනදිපතිතුමනි මේ සම්බන්දයෙන් විශේෂ අවදානය යොමුකරන්න .(අ)
තිරිසන්නු ඒ අයගේ මුහුණවල් වලින් පේනවා කිසිම ආගමක් දහමක් දන්නැති සත්තු වගේ මිනිස්සු කියල .සාදාරන තීන්දුවක් බලාපොරොත්තුවෙන්න අමාරුයි (අ)
මේ තරුණයව මරල තරුණිය සමුහ දුෂණයක් කළා මදිවට මේ සුද්දිගේ යට ඇඳුමත් හොරකන් කරලා කියල සාක්කි වලට කියල තියනවා.එහෙම මානසික රෝගියෝ ලංකාවේ ගුගල් වලින් සෙක්ස් කියන දේ ලෝකේ වැඩියෙන්ම හොනවා කිවම ඊනියා ඇමරිකන් විරෝදී මැට්ටෝ ඒවා කුමන්ත්‍රණ ලෙස තප්පුලනවා. (අ)
චන්දෙට ඉස්සෙල්ලා, ජිනීවා වලට ඉස්සෙල්ල රඟ දක්වන නාට්‍යයක් මේක. අනේ චන්දදායකයොන්ට දෙයියන්ගේම පිහිටයි. විසිනම වනදායින් පස්සේ මේකත් ඉවරයි.. (දී)
නන්දන පනාගොඩ, අනුරංග සෙනවිරත්න සහ ප්‍රෙමිල් සමඟ මම එකඟ වෙමි. (නි)
අපේ රට විනාශ කරන කණ්ඩායම් දෙකක් සිටිනවා. එකක් තමයි සමහර දේශපාලඥයෝ. අනික් කට්ටිය තමයි නීතිය අතට ගන්න අය. රට හදන්න නම් මොවුන් ගැන තීරණයක් ගත යුතුයි. (නි)
හැබෑටම මොකද මේ නඩුව මේ තරම් කල් ඇද ඇද ඉන්නේ? බොහෝ ප්‍රශ්න කාලය විසින් විසඳනවා කියන සංකල්පය මතද? (නි)
මේ වගේ අයට ඡන්දෙ දෙන අයටත් ගහන්න ඕනෑ. මිනිසෙක් මරලා, ගැහැනියක් දුෂණය කරන්න තරම් අසහනයක්...? මේ වගේ අපරාධ කරන්න තව දුරටත් ඉඩ නොදෙමු. මීට වඩා අද නීති රීති වලට බය සමාජයක් රටට ඕනෑ කියලයි මම හිතන්නේ. (නි)
සහතික ඇත්ත ප්‍රෙමිල්. මේ දේවල් වලට මේ වගේ අයට ජන්දය දාන හැම කෙනෙක්ම වගකියන්න ඕනෑ. (නි)
ඇත්තටම මගේ රට ගැන මට හරිම දුකයි..!! පුදුම පිරිමින් (සියලුම දෙනා නොවෙයි) ඉන්න පුදුම රටක් මේක. (නි)
දැන් ලංකාව කෙනෙකුට තනිවම පාරේ බැහැලා යාමට නොහැකි තරමට දූෂිත වෙලා අවසානයි. (නි)
පුදුමාකාර අදහස්නේ තියෙන්නේ..මේ අදහස් දාන වැඩි පිරිසක් පතන්නේ මේ තිරිසන් සත්වයින් උසාවියෙන් නිදහස් වෙනවා දකින එකද? (ස)
තංගල්ල ප්‍රාදේශීය සභාපති ඇතුලු මැරයන් තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය පුරවැසියෙකු මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා දූෂණය කලහ. ගං කබර දේශපාලනය විසින් ඔද්දල් කොට තිබෙන ලංකාවේ ප්‍රාදේශිය දේශපාලනය මුලුමනින්ම පාලනය වන්නේ මෙවැනි නූගත් අධ්‍යාපන යක් චාරයක් නොමැති අධමයන් මගිනි. ලොක්කන්ගේ ආරක්‍ෂාව සහ ආශිර්වාදය ලද මොවුන් හෙට දිනයේ ඔබගේ නිවසට පැන ඔබගේ දියණිය හෝ බිරිඳ දූෂණය කලද ඔබට නීතිය හමුවේ කිසිවක් කල නොහැක. මේ දේශයේ ඔබ හතරවන පන්තියේ පුරවැසියෙකි. නූගත් අධ්‍යාපනයක් චාරයක් නොමැති අයට ජන්දය දී ඔවුන් ජනතා නියෝජිතයන් කල ඔබද මේ විනාශයට වග කිව යුතුය. (දී)
ජිනිවා වල ලංකාවට එරෙහි පරික්ෂණ තියන්න මේවත් හේතු වෙනවා.ස්ත්‍ර්‍රින්ට ජිවත් වීමට නුසුදුසු රටක් ලෙස දැනටමත් ලොකයා විසින් ලංකාව හංවඩු ගහලා ඉවරයි. (දී)
මානව හිමිකම් එක දක්වා දුර දිග ගිය නිසා මේ නඩුව ගැන අපි ගැඹුරින් සිතාබැලිය යුතුයි. (නි)
ඔව් මානව හිමිකන් බලන්න කියන්නේ එක තමා .අපේ අය මහලොකුවට සද්දේ දැම්මට ඕව බලන්න ඕනි.සදරණය ඉෂ්ටකරගන්න (අ)
මරණ දඩුවම දුන්නත් බන්ධනාගාර බස් එකට නගින්නත් කලින්ම පොදු සමාවක් ලැබෙයි, විධායකය තියෙනකන් මේක හදන්න බැහැ (දී)
ඇත්තම කියලා නියම වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙමු (දී)
මේ වගේ දේවල් වලට නඩු අහන්න කල් ගත්තා හොදටම වැඩි (දී)
ලංකාවට ඇලුම් කල ලංකාවට ආදරය කරපු දෙදෙනෙකු දෙවරක් ලංකාවට පැමිණ ලංකාවේ තිරිසන් මිනිසුන් අතින් කෙනෙක් මෙරුම් කාල , අනික් කෙනා තිරිසන් මිනිසුන් විසින් කෙලෙසා දමා. මේවා දකිද්දී පිට රැටියන් තවමත් ලංකාවට පැමිණීම පුදුමයි. මෙම තිරිසන් මිනිසුන්ට උපරිම දඬුවම් දෙන්න. සාදාරන යුක්තිය ඉටුකරන්න. දේශපාලන බලපෑම් වලට යටත් නොවී.(නදී)
අපේ රටේ මුහුදු තීරයන්ගෙන් මනරම් මුහුදු තීර වන්නේ දකුණේ සහ නැගෙන හිරයි. ස්වභාව ධර්මයා මැවූ මේ පුදුමය නිසා අපේ රටේ ඇත්තන් වාගේම පිට රැටියන් පවා පුදුම වෙනවා. ඒ නිසයි මේ පළාත් සඳහා සංචාරකයින් පැමිණෙන්නේ. ඒත් පුදුමය ඒක නොවෙයි දේශපාලන බලය අරන් රටට වින කටිණ කට්ටියක් එකතු වෙලා අපේ රටේ ඒ දේවල් එයාලගේ කියා හිතමින් රට විනාශ කරන එක ගැනයි.(නදී)
මේ වගේ නරුමයන් නිසා ලංකාව ඉවරෙටම ඉවරයි.(නදී)
තරහ වෙන්න එපා මෙහෙම කියනවට. මානව හිමිකන් ආපු නිසා අද මේ නඩුව අහන්නේ නැත්නම් මේකත් යට. මතකනේ මේක ආපහු අහන්න ගත්තේ එක නිසා.(නදී)
යටගහන්න හැදු ප්‍රස්නයක්. ටික දවසක් නඩු අහවි. ඡන්දෙන් සහ ජිනීවා සමුළුවෙන් පස්සේ මොනා වෙවිද දන්නේ නැහැ.(නදී)
මම නම් කියන්නේ වැරදිකරුවන්ට එල්ලුම් ගහ නියම කළ යුතුයි. (නි)
ඔය කේස් එක කොච්චර පරණ එකක් ද ? ජිනීවා වලට පෙන්නන්ද? (නදී)
වැරදිකරුවන්ට එල්ලුම් ගහ නියම කළ යුතුයි. (ස)
මේ වගේ පහත් අයට උපරිම දඬුවම් දෙන්න ඕන. සමූහ දූෂණයක් කියන්නෙ රටට තත්වය බොහොම පහත හෙලන දෙයක්. ආගන්තුක සත්කාරය අතින් ඉහලින්ම ඉන්න අපේ රට වගේ රටක මේ දේ හරිම වැරදි දෙයක්. විදේශික කෙනෙකු නිසා තත්වය බරපතලයි රටක් විදියට මේ කරදර ආයෙ නොවෙන්න නම් හරියටම නීතියෙන් දඬුවම් දෙන්න ඕන(දිල්)
මිනිස්සු බුද්ධිමත්ව හිතලා තීරණ ගත්තා නම් මේ වගේ දේවල් වෙන්නේ නෑ (දිල්)
යහපත් සමාජයක් බලාපොරොත්තු වෙන්න නම් නීතීය ක්‍රියාත්මක කරන්න වෙනවා හරියටම (දිල්)
මේ නඩුවේ විසදුම කල්තියා ලංකාවේ ඔක්කොම දෙනා දන්නා නිසා අදහස් දාල වැඩක් නැහැ (දිල්)
මේ නඩු විභාගය සාධාරණව පැවැත්වෙයි කියල හිතන්න බැහැ. (ස)
මොවුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන.... අනිවාර්යෙන් මරණ දඩුවම දෙන්න ඕන... මුන්ව විතරක් නෙමේ... මොවුන්ගේ වටේ ඉන්න හෙංචයියලා වත් මරන්න ඕන... එතකොට ආයිමත් එකෙක්වත් ඔය වගේ වැඩ කරන්න යන්නේ නෑ. (ස)
මොවුන් හෙට දිනයේ ඔබගේ නිවසට පැන ඔබගේ දියණිය හෝ බිරිඳ දූෂණය කළ විටද ඔබට නීතිය හමුවේ කළ හැකි කිසිවක් නොමැත. අනුන්ට මෙසේ සිදුවුණද තමාට එසේ සිදු නොවේ යයි ඔබ සිතුවත්, ඔබටත් මෙය සිදු වන දිනය වැඩි ඈතක නොවේ. නූගත්, විනයක්, ස්වයං හික්මීමක්, තමාට තමාව පවා පාලනය කරගත නොහැකි මොවුනට ජන්දය දී ඔවුන්ට හැසිරවිය නොහැකි තරම් බලය ලබාදුන් අයද මේ විනාශයට වග කිව යුතුය. (ස)
බය නැතුව ඇත්ත කියන්න. වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලැබිය යුතුයි. (නි)
වරදකරුවන්ට දඬුවම් නොලැබීමත්, නිවැරදිකරුවන් වරදකරුවන් කර දඬුවම් පැමිණවීමත් අප රටේ අද අනන්‍යතාවය වෙලා. රටේ සභ්‍යත්වය, සදාචාරය,වටිනාකම් තුට්ටුවකට නොසළකන රැවටිලිකාර කණ්ඩායම් වලට මුලු රටම නතුවෙලා තිබෙන ඉතාම කණගාටුදායක කාල වකවානුවක් අපි ගතකරන්නේ. මැලේසියානු ගුවන් යානයට වගේ අපේ රටටත් වුණේ මොකක්ද කියලා හොයාගන්න බැරි දවස බොහොම අත ළඟ කියලා තමයි කියන්න වෙන්නේ. (නි)
ප්‍රෙමිල්ගේ කතාව සහතික ඇත්ත. රටේ මිනිස්සු වැඩි දෙනෙක් කියන්නේ 'කවුරු බලයේ හිටියත් ඕවා නවත්වන්න බැහැ' කියන කතාව මිසක්, රටේ නීතිය අරාජික වෙලා කියන එක නෙමෙයි. බොහෝ දෙනා එය පිළිගන්න අකමැතියි. ශ්‍රී ලාංකික අපිට මේ වගේ දෙයක් වුණොත් කොච්චර අසරණ වෙනවද? මොළය පාවිච්චි කර තීරණ ගන්න කාලය පැමිණ ඇත. (නි)
මොනවා වුණත් මේ වගේ දේවලට ලෝක නීතියෙන් නම් දඬුවම් අනිවාර්යයි. (නි)
වරද කවුරුන් කළද එය වරදක්මය. (නි)
වැරදිකරුවන්ව ප්‍රසිද්ධ ස්ථාන වලට ගෙනගොස් ප්‍රසිද්ධියේ දඬුවම් දියයුතුයි. (නි)
වහාම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න,අපරාධ වලට සම්බන්ධ සියලුම දෙනාට උපරිම දඩුවම් දෙන්න,නීතිය ස්ථාපිත කිරීමේ වගකීම රජය පැහැර හැරියා කියන්න ඉඩ තියන්න එපා. හෙට දවසේ අපේම කෙනෙක්ව දුෂණය කරලා මරලා දායි. මේ මිනිස්සු ලංකාවේ මොන පාසලකට ගිහින්,මොන සමාජීය හා දේශපාලන පසුබිමක් යටතේ හැදුනු වැදුණු මිනිසුන්ද? මොනවා වුණත් මියගිය කෙනා නැවත උපදින්නේ නැහැ. (නි)
ඔබේ කතාව හරියට හරි, ප්‍රමිල්. (නි)
ප්‍රෙමිල් කියන්නේ ඇත්ත තමයි. (නි)
අධිකරණය ශක්තිමත් සහ අපක්ෂපාති ආයතනයක් වූ විට මේ වගේ අපරාධ බොහෝ දුරට අඩුවනු ඇත. අපරාධකරුවන් කුමන හෝ මාර්ගයකින් නීතියෙන් ගැළවිය හැකි බව දන්නා නිසා වැරදි කිරීමට බිය වන්නේ නැත. (නි)