සෞදි මිනිස් බල සැපයුම් ආයතනය තවත් නව සේවාවක් ඉතා නුදුරේදීම හඳුන්වාදීමට යයි.
ශ්‍රමිකයින් බඳවා ගැනීමේ කමිටුවේ සභාපති සාද් අලි බදාන් මහතා අරාබි භාෂාවෙන් පළවන සෞදි පුවත් පතකට මේ බව ප්‍රකාශ කැර ඇත.
රහා නොහොත් සහන සේවාවන් මඟින් සෞදි පුරවැසියන් හට ගෘහ සේවක සේවිකාවන් ඉතා ඉක්මනටත් පහසුවටත් ලබා ගත හැකි බව පවසයි.
ශ්‍රමිකයින් සැපයීමේදී ඇති වන ගැටළු විසදීම ,පෞද්ගලික විදේශ රැකියා ආයතන ඉතා වැඩි මුදලක් අය කැර මින් කැරෙන මුදල් සුරා කෑම සහ නුපුහුණු ගෘහ සේවක සේවිකාවන් පහසු ක්‍රමවේදයක් යටතේ ලබා දීම වැනි කරුණු ක්‍රමවත් ලෙස සිදු කිරීම් මේ වැඩපිළිවෙළේ අරමුණ යි.
මෙම සේවාව ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ සක්‍රීයව හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද පැවසේ.
පසුගිය මාසයේදී සෞදි කම්කරු අමාත්‍යංශය මඟින් හඳුන්වා දුන් නව නීතී යටතේ ගෘහ සේවක අයිතීන් මෙමගින් ආරක්ෂා කරන අතර ඔවුන් සෞදි අරාබියේ පවතින නීතීයටත් ස්ලාම් දහමට ගරු කිරීමට බැඳී සිටිය යුතු බව එම පුවත්පත කියයි.
නව නීතීය අනුව කම්කරු අමාත්‍ය ඇඩෙල් ෆැකී පවසා ඇත්තේ ශ්‍රමිකයින් සමඟ එළඹෙන ගිවිසුම ප්‍රකාරව සෑම හාම්පුතකුටම මාසය අවසානයේ ඔහු හෝ ඇය වැටුප් නියමිත පරිදි ගෙවිය යුතු බවයි.
ඊට අමතරව සෑම සතියකටම එක් වරක් නිවාඩු ලබා දිය යුතු බවයි.ඊට අමතරව යෝග්‍ය නවාතැන් පහසුකම් ලබා දිය යුතු අතරම සෑම දිනකම පැය නවයක විවේකයක්ද ලබාදිය යුතු බව පවසයි.
කෙසේ වුවද ගෘහ සේවක සේවිකාවන් ඉස්ලාම් දහමට ගරු කරමින් සිය හාම්පුතා අණට කීකරුව ගෘහයේ රැකියාව කිරීමට බැදී සිටි අතර හාම් පුතා විසින් පවරන ලද රාජකාරි පැහැර හැරීමට කිසිඳු අයිතියක් නොමැති අතර සාධාරණ හේතුවකින් තොරව රැකියාවේ නොයෙදීම සිදු කළ නොහැකි බවද පුත්පත පවසයි.
පිලිපිනය පවසා ඇත්තේ ඉහත සඳහන් කරුණු මත රැකියාවේ යෙදීම සඳහා අවම වශයෙන් ඩොලර් 400 ක් (රුපියල් 47200 ) ලැබිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සියල්ල අවලංගු කරන එක ප්‍රයෝගික නැහැ
මම ජාතිවාදියෙක් හෝ අන්තවාදියෙක් හෝ නෙමෙයි. මම නියම ශ්‍රී ලාංකික ජාතිකයෙක්. මම කියන එක තේරුම් ගන්න ඔයාට නොහැකි නම් මම මොනවා කරන්නද? රටේ පැවත්ම තියෙන්නේ විදේශ විනිමයෙන්. ලෝකේ වැඩියෙන්ම ඇමතිවරු ඉන්න රට ලංකාව. ඒවා නඩත්තු කරන්නේ කොහමද? මම අවුරුදු 21 ඉඳන්ම ඉන්නේ, වැඩ කරන්නේ සෞදිවල, මම අපේ දෙමව්පියන් හා මගේ පවුල හා නෑදෑයන්ට මගෙන් පුළුවන් උදව් උපකාර කරලා ලංකාවට විදේශ විනිමය අරන් එන කෙනෙක්. මමත් දෙන්නෙක් වැඩට ගේනවා එයාලා කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ කරමින් යනවා. එහෙත් මම සම්පූර්ණයෙන්ම කැමති නැහැ අපේ ගැහැණු මෙහේ එනවට. කොන්ද පණ නැති පිරිමි හා ආණ්ඩුව නිහඬ නම් අපි කෑ ගහලා වැඩක් තියෙනවද සුරංග ? (ස)
අසංග මහතා, ඉම්රාන් මහතා, ඔතන ජාතිවාදී කතාවක් කියලා නැහැනේ. ඇයි ඔයාගේ හිතේ ඔච්චර කහට ? බලනකොට ඔබතුමා නේද බොරු ජාතිවාදී චෝදනාවක් හෝ අදහසක් දක්වලා තියෙන්නේ ? ඔබතුමාලා වගේ හුඟක් අය මං දැකලා තියෙනෙවා. (ස)
තිලක් ඩුබායි මහතා ඔබතුමා ඩුබායි කොහෙද ? ඇයි ඔබතුමාට දන්නේ නැද්ද ගෘහ සේවිකාවන් ගෙන් කිසිඳු මුදලක් යන විට අය කරගන්නැති බව .ඊට අමතරව ගෘහ සේවිකාවන්ගේ අතට අවම රුපියල් 50,000/= ක් හෝ ඊට වැඩි මුදලක් දෙන බව මං හොඳින් දන්නවා,මොකද ඒජන්සී ආයතනය හාම්පුතාගෙන් ඩොලර් 1800/= ක මුදලක් අය කරගන්න නිසා.කවුරු කවුරුත් නොදන්නා දේ කතා කිරීමෙන් වලකින්න . ඔය එජසියෙන් දෙන මුදලට තමන්ගේ අම්මව,නංගිව,අක්කව එක්කෝ බිරිඳව විකුණන් කන අය්යලා ඉන්නේ ඔය බෞද්ධ සිංහලයන් බව මා සාක්ෂි සහිතව කියන්නෙමි . (ස)
ඉම්රාන්, ඕගොල්ලන් වගේ ජාති වාදයන් ඉන්නකන් ප්‍රශ්න විසඳන්න අමාරුයි.ඔයා මෙතනත් ජාතිවාදී විදියට තමයි අදහස් දක්වලා තියෙන්නේ. (ස)
සෞදි යන්නේ නැතිව ලංකාවේ කරන්නම දෙයක් නැද්ද? (දී)
සවුදි යන කාන්තාවන්ගේ මහත්තුරු ඒ කරන නින්දිත වැඩේ ගැන ලජ්ජා වෙන්න ඕනේ (දී)
පහුගිය දවස්වල සවුදි ගිය ගැහැණු අයට වෙච්ච කරදර ප්‍රස්ද්ධ වුනා ඊට පස්සේ සෞදියට යන එක ටිකක් අඩු වුනා . ඒ අඩුවීම නැවත වැඩිකරල වහල් සේවයට යවන්න දිරිමත් කිරීමක් මේ කරන්නේ. රැවටෙන්න එපා තමන්ගේ ගැහැණිය රටයවා ඒ සල්ලි වලින් කන්න බොන්න පිරිමි ලැජ්ජ වෙන්න ඔන. ඒනිසා තමන්ගේ බිරිදව රට යවන්න එපා (දී)
අපෙ රටේ ඉස්ලාම් ආගම අදහන අය ඉන්නවනේ. ඉතින් ඒ අය මේ රටට ගෘහ සීවිකාවන් වශයෙන් 100% යක් ම යවන්න ඕනේ. එතකොට ආගමික ගැටළුවක් නැහැ. අන්ත වාදී නොවන රටවලට අනික් අය යවන්න. (දී)
සෞදිය හෝ කිසිම රටක් ලංකාවට බුලත් තියලා වැඳලා අනේ අපේ රටට ඔයාලගේ ගෘහ සේවිකාවන් එවන්න කියලා කියලත් නැහැ කියන්නත් බැහැ. එහෙත් අපේ දේශපාලකයන් තමයි ඔය රටවලට ගිහින් හැම ගිවිසුමක්ම අත්සන් කරලා අපේ දුප්පත් අයව වැඩට එවන්නේ. ලංකාවේ ලෝකේ හැම රටකම වෙන දේවල් වලට වඩා හුඟක් දේවල් වෙනවා දැනුවත් හෝ නොදැනුවත්ව. සුද්දට බැනලා මහා ලොකුවට නිදහස ලබා ගත්ත කළු සිංහල නායකයන් අද වෙනකම් කරන්නෙත් අපිව හැඟීම්බරව කොටවලා තමුන් රජ කරන එක මිසක් රටට අපිට සේවයක් නම් නෙමෙයි. බොරුවට කෑ කෝ ගහල වැඩක් නැහැ. (ස)
සෞදියේ ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ කරුමෙට හැමදාම සෞදියට පත්වෙලා එන්නේ හිතක් පපුවක් නැති තානාපති වරයෙක් සහ නිලධාරීන් මුන් මිනිස්සු නෙමෙයි තිරිසන්නු .මුන්ගේ පවුල් පිටින් විනාශ කෙරුවත් මදි මට නම්. (ස)
බණ්ඩාර , එහෙනම් ඔයත් මැදපෙරදිග ඉඳලා තියෙනවා....ඇයි ගියේ එහෙනම් ඔයත් මෝඩයෙක් නේ ... (ස)
සෞදි යවන විදේශ රැකියා ආයතනවලට ජනමත ගොඩ නගලා වැඩක් තියෙනවද? රටේ පවතින ආණ්ඩුවට අපි එකතුවෙලා ගෘහ සේවිකාවන් යැවීම නතර කරන්න ජනමතයක් ගොඩ නැගිය යුතුව එත්තේ නැතුව විදේශ රැකියා ආයතනවලට නොවෙ. ඔය ගෘහ සේවිකාවන් යෙවීම නිසා ලැබෙන විදේශ විනිමය ලංකාවට ලැබුනේ නැත්නම් ලංකාවේ ආර්ථිකය අන්ත අගාදයට ගිහින් අපි ඔක්කොම එකතුවෙලය් දුක් විඳින්න වෙන්නේ. බොරුවට රට ජාතිය ආගම ගැන කතා කරන ඔය එක නායකයෙක් වත් සෞදියට ගෘහ සේවිකාවන් යැවීම නතර කරන්නේ නැත. මම සෞදියේ වැඩ කරන්නේ මමත් සෞදියට ගෘහ සේවිකාවන් එන එකට කැමති නැ
මේවා හීනයක් තමයි...නිවසකට සේවයට ගියාට පසු සේවකයන්ගෙන් වැඩ ගන්නේ සතුන්ගෙන් වගේ කිසිම නිදහසක් දෙන්නේ නැත...විසේසයෙන්ම රමදන් මාසෙම සේවකයන්ගෙන් වැඩ අරගෙන මරනවා හම්පුතලා හොඳට කලා බීලා නිදියනවා.වැඩ කරන සේවකයෝ පැය 24 පැය 18 වැඩ කරන්න ඕනා.සෞදි අරාබිය ගැන කව්රුත් හොඳට දන්නා රටක්. ගෙදරකට ළමයි පස් අයදෙනෙක් ඉන්න ගෙදරකට වැටුනොත් දෙවියන්ගේම පිටයි....මෙතන පෙන්වා තිබෙනවා හාම් පුතා විසින් පවරන ලද රාජකාරි පැහැර හැරීමට කිසිඳු අයිතියක් නොමැති කියා ඒ කතාවේ තරුම කුමක්ද...? .මගේ අදහස නම් මොනයම් මසුරං ලැබුනත් මේ වගේ අපායවල් වලට අපේ අහිංසක කාන්තාවන් එවන එක නවත්තන්න කියා. (දී)
අරාබි කාරයන්ගේ ඉඳුල් හෝදන්න යන්නේ නැතිව අපේ රටේ ජීවත් වෙන්න ඕනෙ තරම් මාර්ග තියෙනවා. කාන්තාවෝ රට යවලා පිරිමි මෙහෙ පිස්සු නටනවා.පවුල් ජීවිත නැති කරගෙන අන්තිමට හිටපු තැනිනුත් පහලට යනවා. කීයෙන් කී දෙනා ද හොඳින් ඉන්නේ. අර්ෂා මෝඩ කතා කියන්න එපා. මමත් මැදපෙරදිග ඉඳලා තියෙනවා. (ස)
මේ ක්‍රමය නම් හොඳයි. ඒත් ඒජන්සිකාරයෝ නම් මෙයට සම්බන්ධ කරගන්න එපා. (නි)
ඔබ බෞද්ධ හෝ කතෝලික අයෙක් නම් වහාම සෞදි නොගොස් ගෙදර නතර වීම වඩාත් මැනවි .. සෞදි ගොස් දුක් විදිනවට වඩා ලංකාවේ සිට ගණිකා සේවයේ යෙදීම වඩාත් සුදුසු වනු ඇත මෙවැනි පුවත් පල කිරීම ගැන දෙවතාවක් සිතිය යුතුයි නේද (දී)
අනේ අපේ හෙලදෙරණේ මහත්තුරුන්ගේ අදහස් දැක්කම දුක හිතෙනවා, ඇති හැකි අය කිඹුල් කඳුළු හෙලනවා යස අගේට, බැරිද අපි වෙනුවෙන් අපි කියල දුප්පත් අපේ ජනතාවට සහන සලසන්න ? (දී)
සමහර ගැහැණු අය රට යන්නේ දුප්පත්කම නිසාම නෙවෙයි.මමත් වැඩ කරන්නේ විදේශ රැකියා ආයතනයක .මාස හතර පහ ළමයි ඉන්න අම්මලත් රට යන්න අහනවා.දුප්පත් නම් අහළ පහළ ගාමන්ට් එකකට යන්න පුළුවන්නේ.එතකොට රෑට හරි දරුවෝ ළඟ අම්මලට ඉන්න පුළුවන්.අපේ අම්මලා ළඟ දැන් දරු කැක්කුම කියන එකත් නැතිව ගිහිල්ලා.සමහර අම්මලට අපි තේරුම් කරලා දෙනවා පොඩි දරුවෝ දාලා රට යන එකේ භායානක කම ගැන.චාමක කියනවා වගේ කොන්ද පණ තියෙන පිරිමි ඉන්නවා නම් තමන්ගේ බිරිඳව රට යවන්නේ නැහැ. (ස)
හසන් -- ඔයාගේ පැහැදිලි කිරීම හරියටම හරි, ඒ වුනත් ගෘහ සේවිකාවන් නවත්වලා අපිට පුළුවන් වුර්තිකයන් යවන්න, බලන්න සියලුම රෝහල්වල හෙදියන් පිලිපීන ජාතිකයන් ගෙවල් ඇතුලට වැඩට ගියාට පසුව ඔය කියන ගිවිසුම් ඔවුන් පිළිගන්නේ නැහැ ඒවා ක්‍රියාත්මක වෙනද කියල බලන්න අපේ කව්රුත් යන්නේ නැහැ (දී)
අනේ මේ මෝඩ "ආරි" මොන්‍වද මේ කියවන්නේ? අපි මේ අද ඊයේ ලංකාවට ඇවිත් පැලපදියම් වුණේ නැහැ. පරම්පරා ගණනක් මේ රටේ ජීවත් වුනා. මේක මගෙත් රට. කියන්න බලන්න එහෙනම් ඕගොල්ලෝ කොහෙන්ද මෙහෙට ආවේ කියලා. (නි)
වීර ඔයාටනම් ඉන්න නියම ස්ථානය අංගොඩ තමා. කොහෙද යන්නේ කියල අහපුහාම කියන්නේ මල්ලේ පොල් කියලා. අපි අද කතා කරන මාතෘකාවට සරිලන දෙයක් කතා කරන්න නැත්නම් අදහස් පල නොකර ඉන්නවා. (අ)
අනේ වීර මහතා ඔබ තුමාලා වැනි මිනිස්සුන් අපේ රටේ ඉන්න නිසා වත්ද අපේ රට අනෙකුත් රටවල්වලට සාපේක්ෂව හැම අතින්ම පසු බැසගෙන යන්නේ ?(නදී)
ඔබ මහාවන්ශේ කියවන්න දන්නේ නැති පොඩි බබෙක් නිසා 2වසර සිංහල පොතක් හොයාගෙන කියවලා බලන්න ගල් පැලෙන බොරු නොකියා.(දී)
නුඹලා නෙමෙයි මේ රට ගොඩ නැගුවේ.මේක සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ගොඩ නැගුනු රටක් මිසක් නුඹලාගේ අරාබි පරම්පරා වලින් ගොඩනැගුනු රටක් නොවේ.අපියි අවුරුදු 2500 දිවී දෙවැනිකොට මේ රට රැක්කේ.හමුදාවට ගිහින් සිංහලයෝ 26600ක් මැරෙන කොට මුස්ලිම් මැරුණේ 4දෙනයි.(මුතාලිෆ් උතුමා මැලේ ජාතිකයෙක් මිසක් මුස්ලිම් නොවේ.මැලේ අය 89ක් රට වෙනුවෙන් දිවි පිදුවා.)නුඹලාගේ පරම්පරා ගණනක් අපිට විරුද්ධව හතුරුකම් කරා.කැප්පෙටිපොල තුමාවත් සුද්දන්ට පාවල දුන්නේ නුඹලාගේ මුත්තෙක්.ඇයි අපේ පෙරහැරවලට ගල්ගහුවේ.මේ රට සිංහලයාගේ විතරයි.අනිත් අයට දුන්නේ මේක නවාතැනකට විතරයි.මේක ලෝකේ තියෙන එකම සිංහල බෞද්ධ රට.එහෙම නැතුව බහු වාර්ගික රටක් නෙමෙයි.අපි කොහෙන් ආවත් අරාබියෙන් ආපු ඔහෙට අයිතියක් නැහැ එහෙම අහන්න.(දී)
වීර, ගජබාහු රජතුමාත් මෙහෙන් සොලී රටට බර වැඩ ගැනීමට බලෙන් පැහැරගෙන ගිය සිංහලයන් 12000 වෙනුවට සොලී රට ආක්‍රමණය කරලා ද්‍රවිඩයන් 12000ක් ගෙනාව කියල කිව්වා නේද ???, නිකන් ගල් පැලෙන බොරු කියන්න එපා මනුස්සයෝ........(නදී)
ඉම්රාන් ඔබටම කියවුනා නේද "සෞදිය මිහිපිට අපායක් කියලා".අන්න ඒක තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියලා. නුඹලා නම් අපේ බෞද්ධ සිදස්ථාන විනාශ කරලා රටේ ඉන්න සත්තු මරාගෙන කාල,1915 දී දළදා පෙරහරට ගල්ගහලා,අපිට එරෙහිව ආයුද ගන්න කතා කරලා රට වෙනුවෙන් හොඳ වැඩ කළා නේද?නුඹලා දුන්නු අත හපාකන ජාතියක්.(නදී)
ඩෙනම් ,ගජබාහු රජු කියන්නේ වංකනාසික තිස්ස රජුගේ පුතා.මේ තොත්ත බබෝ ඔබ ගජබාහු රජතුමාගේ වීරක්‍රියා දන්නේ නැති වුනාට දෙක වසර සිංහල පොතේ තියෙනවා.ඒ කතාව දන්නේ නැත්නම් දෙක වසරේ ළමයෙක්ගෙන් අහලා දැනගන්න. (ස)
මේවා ප්‍රචාරය කරන්න එපා. මේවා ඇත්ත නෙමෙයි. සෞදි යන්න දෙන්න එපා.(නදී)
ආරිට අපි කියන දේවල් තේරුම් ගන්න බැරිද? යුරෝපයේ , ඇමෙරිකාවේ, මැදපෙරදිග හා ලෝකේ හුඟක් රටවල් වල නිසියාකාරයෙන් රැකි රස්සාවට ගිය ලාංකිකයනුත් ඉන්නවා, ඒ වගේම් හොර මාර්ගයෙන් ගිය අයත් ඉන්නවා. ලංකාවට විදේශ විනිමය නැතිව ජීවත් වෙන්න කිසිෂේත්ම බහේ දෙන් තියෙන වාතාවරණය අනුව. අපි රටට යමක් විදේශ විනිමය ලෙස ගෙන එනවා. ඔය වීර කතා කියන කෙනෙක් රට වෙනුවෙන් කිසිම දෙයක් කරලා නාහේ. අපි රට විරුවෝ. (නදී)
මාත් කියන්නේ ලංකා ගැහැණු සෞදියට යවන්න එපාකියලයි නමුත් මේ දුප්පත් පවුල් වල දැවෙන ආර්ථික ප්‍රශ්නවලට විසදුම් මොනවාද? ඉහත සදහන් පරිදි පිලීපීන තානාපති කාර්යාලය හරිම විපරම් නිතර සොයාබලනව, ඇයි අපේ තානාපති කාර්යාලයත් ඒ තත්වයට ගෙන්න බැරි. අනික සෞදි ගිය ඇය පමණද මැරෙන්නේ (කොරියා, ජපන්, යුරෝපා) ගිය ඇය පවා මැරී ඇත. (දී)
මේ වීර මහතා , ගජබාහු රජතුමා ලංකාවේද? ඉන්දියාවෙන් ආපු රජතුමෙක්ද? පොඩ්ඩක් ඉතිහාසය රහසිගතව හාරලා බලන්න ඇත්ත හෙළිවේවි.හැබැයි වෙනස් කරන්න නම් හදන්න එපා. (නි)
අර්ෂා,ඩෙනම්,ඉම්රාන්,ලංකාවේ රස්සාවල් නැතුව පිටරට යනවා නම් ඇයි ඔයගොල්ලෝ මොකටද රස්සාවල් නැති ලංකාවට ආවේ. (නි)
වීර වාරේ එනකොට අපිට ජීවත් වෙන්න ලංකාවත් තියෙයි ද? හැම දෙනාටම ගොඩාක් වටිනා වස්තු අපේ දේශපාලකයන් පිට රට සමාගම්වලට විකුණලා ඉවරයි. 45% විදේශ විනිමය එන්නේ අරාබි රටවල ගිහින් වලන් හෝදලා මගේ වීර පුතේ, වීරකම් ගැන කතා කරන අය තම හැමදාම රට පාවා දෙන්නේ. මම මගේ දෙවෙනි අදහසේ පල කරපු විදිහට අපි ගැහැනුන්ට බුලත් තියලා වැඳලා එන්න කියල නැහැ. රට කන දේශපාලකයන්ගේ පැවැත්ම සඳහාත් උන්ගේ හා ලෝකේ ලොකුම ඇමති මණ්ඩලයක් පාලනය කිරීම සඳහාත් හැම දේම කරමින් සිටිනවා. සෞදි අරාබියාවේ රටවල් 124 ජාතීන් වැඩ කරනවා. එහෙත් සාක් කලාපියේ රටවල් වලින් ගෘහ සේවිකා හැටියට එන්නේ ලංකාවෙන් විතරයි. ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ වීර වගේ වීරයෝ එහෙත් වැඩක් කරන්න කොන්ද පන නැති පැය 24 ම කසිප්පු බීගෙන තමුන්ගේ ගැහෙනු රට යවලා එයින් ලැබෙන මුදලත් නාස්ති කරමින් ඉන්න කාල කන්නියන් නිසා නේද අපේ ගැහැණු සෞදි වලට ගිහින් දුක් වෙන්නේ?(නදී)
සිංහලයන් කියන්නේ අරාබි කාරයින්ගේ වැසිකිලි හෙදිය යුතු පිරිසක් නොවේ.අරාබින් ලවා මෙහෙකාර කම් කරවාගත යුතු පිරිසක්.කවද හරි ඔය තෙල් ඉවර වුනාම ඒක සිදුවේවි.මොකද ගජබාහු රජතුමාත් මෙහෙන් සොලී රටට බර වැඩ ගැනීමට බලෙන් පැහැරගෙන ගිය සිංහලයන් 12000 වෙනුවට සොලී රට ආක්‍රමණය කරලා ද්‍රවිඩයන් 12000ක් මෙහෙ බර වැඩ කිරීමට රැගෙන ආව.එහෙම ඉතිහාසයක් තියෙන ශ්‍රේෂ්ට ජාතියකට වෙච්ච දේ?අර්ෂා,ඩෙනම්,එකක් මතක තියාගන්න කොකාට වාරයක් එනවා නම් තිත්තයාටත් වාරයක් එන බව.(නදී)
බෙල්ල කපා ගන්න අාස නම් ගියාට කමක් නෑ. (ස)
ඩෙනම් අපිට පෙනෙන විදියට ඔයත් ඒජන්සී ආයතනයක් කරන කෙනෙක් වගේ. අද ගොඩක් ඒජන්සී ආයතන කරන්නේ ඔබතුමාලගේ කට්ටියනේ. අපි හොඳට දන්නවා ඒ අයත් කරන වැඩ. අපිට නම් හොඳටම ඔප්පු කරලා දෙන්න පුළුවනි, ඔබලාගේ පාර්ශවය කරන කෘර වැඩ ගැන. ඒ නිසා කටවල් ටිකක් පරිසම් කරගෙන හිටියොත් ඇඟට ගොඩක් ගුණයි. (ස)
ඩෙනම්, මුළු ලෝකයම ඔබලා ගැන දන්නවා. මුළු ලෝකයම ඔබලා ගැන බලාගෙන ඉන්නේ කව්ද ජාතිවාදියෝ කියලා.අපේ හිත් වල නම් කිසිම කහටක් නැහැ. (නි)
ඉම්රාන් මහත්තයා, ඔයා කියන කතාව ඇත්ත.තමන්ගේ කෙනෙක් රට ගිහින් කරදරයක් වුණාම නම් බොරුවට කෑ ගහනවා.යන්න කලින් නම් එජන්සි වලට ගෙනත් භාර දෙන්නේ තමන්ගෙම අය තමයි.ඩෙනම් කියනවා වගේ අම්මා.අක්කා.බිරිද.නංගි ගෙනත් භාර දෙන්නේ ඔය අයම තමයි.මාත් එජන්සියක වැඩ කරන නිසා දන්නවා දරු කැක්කුම නැති අම්මලා පොඩි එවුන්ව දාලා රට යන්න අහනවා.ඒ වගේම අවු 60 අම්මා රට යවන්න හදන දරුවොත් මේ රටේ ඉන්නවා.අම්මාලා වයසට ගියාම කන්න අදින්න දෙන්න බැරි දරුවන්ටත් අනාගතේ වෙන්නේ ඔය ටිකමයි.ඉම්රාන් ඔයා කියනවා වගේ මේ කෙෂ්ත්‍රයේ ගොඩක් හොඳ පැතිත් තියෙනවා.වැරදි පැතිත් තියෙනවා.අපි කටයුතු කරන්න ඔනේ ඒ වැරදි පැති වලට විසදුම් හොයා ගන්නයි. (ස)
මම අත්දෙකීමෙන් කියන්නේ. දිසානායක 100% ක් හරි. යවන්න තිය බලන්නවත් එපා සෞදි කියන රට දිහා.මට කියන්න තියන දෙය දිසානායක කියපු දේම තමා. (දී)
මේ රජයට මීට වඩා හොද විකල්පයක් නැද්ද.මොනතරම් දේවල් ලංකාවේ කිව්වත් සෞදි වලට ආවම ඒවා කිසි දෙයක් නැහැ.අසරණ වෙන්නේ එන අය. (නි)
අර්ෂා, රටකට ඇති රැකියා අවශ්‍යතාවය වහල් සේවය පමණක්මද? (නි)
විදේශ රැකියා ආයතන ඉතා වැඩි මුදලක් අයකරමින් කෙරෙන මුදල් සුරා කෑම ක්‍රමවත් ලෙස සිදු කිරීම මේ වැඩපිළිවෙළ මගින් සිදු වේවිද? (නි)
සෞදි නම් යන්න එපා වැදලා කියන්නේ (නි)
කරුණාකර සෞදි යවන්න එපා (නි)
සෞදි ඇරීම තහනම් කරන්ඩ. වහල් වෙළදාම එපා.(අ)
සෞදියට යවන්න එපෝ කියල බෙරිහන් දෙන කට්ටිය, ලක්ෂ 8 පමණ මැදපෙරදිග රැකියා කරන අයගේ පවුල් නඩත්තු කරන ක්‍රමයක් පැහැදිලි කලොත් කාලෝචිත වේ (අ) .......
ඔය සට කපට තානාපති අප්‍රසිද්දියේ බුදුන් වැඳලා අරාබි යමපල්ලන්ගෙන් කස පහර කෑ අහිංසකයාට බොරු කතා ගොතල වගකීම් පැහැර හැරියා අපට මතකයි.මෙයා එහෙ බොරුවට තානාපති කාර්යාලේ ඇතුලේ බෞද්ධ උත්සව සංවිදානය කරලා එහෙ ආගමික නිදහස ඇතිබවට සිංහලයන් රවට්ටුව.මුස්ලිම් අයවත් රවට්ටනවා.මෙයාට අහිංසක රිසාන බේරගන්නත් බැරිවුනා.ඔය මනුස්සය වගේ කපටින්ට අහුවෙන්න එපා.ඔහු හෘද ශාක්ෂියට එකගව ලංකාවෙන් පඩි ගෙන සෞදියට වැඩ කරන අයෙක්. (අ)
අපේ කාන්තාවන් ගොඩක් එහෙ යන්න වැඩ කරන්නම නෙමෙයි,එයාල තව තව ඒවා සිහින මවාගෙන තමා එහෙ යන්නේ(අ)
සෞදි ඇරීම තහනම් කරන්න. වහල් වෙළදාම එපා. එහෙනම් අපේ දේශප්‍රේමියන් තමන්ගේ පෙම්වතියන්ට සුදු අශ්වයෝ,ලැම්බෝගිනි අරන් දීලා තියෙන්නේ? (නි)
සවුදියෙන් රස්සා දෙනකල් බලා ඉන්නේ නැතුව ලංකාවේම රස්සාවල් ඇති කලානම් හොදයිනේ. ඇයි අවුල්ද ? (දී)
දිසානායක, සෞදියට ජනතාව යවන රැකියා ඒජන්සි වලට එරෙහිව ජනමතයක් ගොඩනගන්න ඕනේ. මෙය අපේ රටේ වගකිව යුත්තන්ට කළ හැකි වුවත්, කවුරුවත් උනන්දු වෙන්නේ නැහැ හැමදාම අපේ ශ්‍රමිකයෙක් සෞදියේදී ඝාතනය වුනහම අපි මේ ගැන සතියක් විතර කතා වෙනවා. ඊට පස්සේ නිහඬ වෙනවා. (ස)
දිසානායක, ඔබගේ අදහස හරියටම හරි. දවසකට පැය 9 නිවාඩු. ඒ කියන්නේ දවසකට පැය 15 වැඩ කරන්න ඕනෑ. ඒ කියන්නේ ලංකාවේ දවස් 2 කින් කරන වැඩ මෙහෙ එක දවසෙන් කරන්න ඕනෑ. අසරණයන්ගෙන් වහලුන්ගෙන් වගේ වැඩ ගන්න එකද නිතිය?ජාත්‍යන්තර කම්කරු නීතියට අනුකුලව දවසට වැඩ කරන්න පුළුවන් පැය 8යි. (නි)
පිලිපිනේ අය ගැන නම් එයාලාගේ රටේ තානාපති බලනවා, ලංකාවේ තානාපති බලන්නේ එයා ගැන විතරයි. (ස)
කරුණාකර සෞදිය නමැති රටට අපේ අහිංසකයන් යවන රැකියා නියෝජිතයන්ට එරහිව ජනතා මතයක් ගොඩ නගන්න. (නි)
දෙවියන්ගේ නාමෙට අත්දෙක එකතු කරලා වැදලා කියන්නම් .මේ කාලකන්නි මිනිස්සු ඉන්න රටට එන්න හිතන්නවත් එපා. ඔබට දුක් විඳලා මැරෙන්න ආස නම් එන්න ..කරුණා කරලා මේ කියන දේවල් රටේ අනිත් අයටත් දැනුම් දෙන්න කාරුණික වන්න ...මිහිපිට අපායක් මේක .. යමපල්ලෝ තමා මෙහෙ මිනිස්සු. ඒක නිසා එන්න එපා ..දෙවියන්න්ගේ නාමෙට..... (ස)
මොන විදියේ දේවල් දුන්නත් දැම්මත්, අරාබි ජාතීන්ගේ ජීවන ගති වෙනස් වෙන්නෙ නැහැ (නි)
රැකියා ඒජන්සි තහනම් කරන්න , ශ්‍රී ලාංකිකයනි, කරුණාකර සෞදි යන්න නම් එපා. වෙන රටකට යන්න. (ස)
අනේ අහිංසක මිනිස්සු අමාරුවෙ දාන වැඩ නම් කරන්න එපා. ඔය පැත්තෙන් ඇහෙන දේවල් නම් එච්චරම හොඳ නැහැ නේද? (ස)
ලංකාවෙන් තවදුරටත් 'ගෘහ සේවිකාවෝ' යවන්න අපි ලැහැස්ති නැහැ. දැන් යවන්නේ 'ගෘහ පාලිකාවෝ'.ඒ නිසා සෞදි මිනිස් බල සැපයුම් ආයතනයේ ගෘහ පාලිකාවන්ට අදාළ සේවා කොන්දේසි මොනවාද කියා දැනගන්න කැමතියි. (නි)
සෞදි කියන්නේ මිහිපිට අපායක් අන්‍ය ආගමිකයන්ට. මම නම් කෙල කෝටි ගානක් දෙනවා කිවුවත් ආයේ යන්නේ නැහැ. නොදකින්. (ස)
පිස්සුද මන්දා මේ පිලිපීනයට? අපේ ආණ්ඩුවට කතා කළා නම් හරිනේ (නි)
ආසියාවේ ආශ්චර්යවත් රටේ ඉදලා අපේ අම්මලා,නංගිලා,සහෝදරියන් දුක්විදින්න යවන්නේ ඇයි? (නි)
නීති ඔක්කොම පොතට පමණි. යන්න එපා වහල් සේවයට. අරාබිකරයාගේ සැළකිල්ල බලන්න අරාබි ගිහිල්ලම බලන්න ඕනෑ. කලාතුරකින් 1% අඩු ප්‍රමාණයක් හොඳ මිනිස්සුත් අරාබියේ ඉන්නවා. (නි)
මොනවා දෙනවා කිව්වත් යන්න නම් එපා ඔය වහල් සේවයට. (නි)
අර ඇන ගහලා එවන යටත් මොකක් හරි සහනයක් සලසවනවද දන්නේ නැහැ නේද (නි)
සෞදි එනවා නම් දෙපාරක් කල්පනා කරලා එන්න. මොකද සමහර විට ආයේ මෙහෙන් ගෙදර යන්න වෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා. දන්න නිසා කියන්නේ. (නි)
ද සිල්වා බර්ලින්ගේත්, දිසානායකගේත් අදහසට මමත් එකගවෙනවා (නි)
අර්ෂා මැදපෙරදිග රැකියා නැහැ කියලා ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැහැනේ. අනික අපි මේවා කියන්නේ අපිට තියෙන අත්දැකීම් අනුව (නි)
අපෝ මෙහෙට තවත් එවන්න එපා. අපි විතරයි දන්නේ මෙහෙ දුක් විඳින හැටි... (ස)
අනේ එන්න නම් එපා.මේ අපායට මෙහෙ ඇවිල්ලා වැඩ කරන විදිහට මේ පැය ගාණ ලංකාවේදී මහන්සි වුනොත් හොදට ඉන්න පුළුවන් තමන්ගේ දරු මල්ලොත් එක්ක.වදින්නම් එන්න එපා.මැරෙන්න ,අතපය ඇගේ තියන ඉන්ද්‍රියන් නැතුව අබ්බගාත වෙලා යන්න වෙන්නේ. (නි)
මේ ලෝකේ ලජ්ජා නැති ජාතියක් ඉන්නවා නම් ඒ ලාංකිකයෝ වෙන්න ඇති. (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ දුප්පත්කමටයි සෞදි යන්නේ (නි)
කොන්ද පන තියෙන පිරිමි ඉන්නවා නම් ගැහැණු සෞදි එවන්න එපා.ගැහැණු මෙහේ ආවට පස්සේ ලංකාව අමතක වෙනවා.ගැහැණු මෙහිදි කරන දේවල් දන්නේ මේ ඉන්න අපි විතරයි. (නි)
ඊශ්‍රායෙල් රටේ සාත්තු සේවිකාවකට ලක්ෂ එකහමාරක් පඩිය ගන්න පුළුවන්. ඒත් කෙනෙක්ට වුවමනාව තිබුනත් එන්න බැහැ. ඒජන්සි ගාස්තුව දරාගන්න බැරි හින්දා. මෙයට රජය මැදිහත්වෙලා පුහුණු කරලා, සාධාරන මුදලකට යවනවා නම් සෞදියේ වගේ දුක් නොවිඳ ලොකු මුදලකුත් හම්බ කරගන්න පුළුවන්. මෙහෙ නීතියත් හරිම සාදාරනයි. මේක විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වෙලා කෙරුවානම් ගොඩාක් හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්. (නි)
ශ්‍රී ලාංකිකයන් ගැන සෞදි සේවායෝජකයන් දක්වන්නේ පැහැදීමක්.ඉන්දීය,බංග්ලාදේශ,පකිස්ථාන සහ ඊජ්ය්ප්ත්තු රටවල්වල අයට වඩා ශ්‍රී ලාංකිකයින් අවංක සහ කම්මැලි නැතිලු.මම දැකල තියෙනවා සමහර අරාබි අය වැඩිහිටි ගෘහසේවිකාවන් සියරට එනවිට ඔවුන්ගේ බෑග් එක ගුවන් තොටුපල කව්න්ටර් එකටම ගෙනත් දීලා යන, පොඩි කාලේ ඉඳලම හැදුව නිසා වෙන්න ඇති,වැඩිම ගෘහ සේවිකාවන් ප්‍රමාණයක් ඉන්නේ සෞදියේ,අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් සිදු උනාට බහුතරයක් සිය විදේශ ගමනේ ඉලක්ක සපුරා ගන්නවා අනිත් අරාබි රටවලට වඩා මොකද වැරදි මගට යාමට ඉඩ නැති නිසා.කාන්තාවන්ට වෙන හිරිහැර අඩුම රට පිලිපීන සේවිකාවන්ට. ඔවුන්ගේ තානාපති කාර්යාලය හරිම විපරම්.ඒ වගේම නිශ්චිත වැටුපකට මිස ඊට වඩා අඩු වැටුපකට විදෙස් සේවය ඉඩ දෙන්නේ නැහැ.අපිටත් එවැනි සේවයක් අවශ්‍යයයි..බොරු සුදුසුකම් පෙන්වා සහ වයස සහ ශාරීරික දුර්වලතා සඟවා ගෘහසේවිකාවන් සපයන්නන්ට දඬුවම් දිය යුතුයි.(අ)
අර්ශ, අපි කියන්නේ මැදපෙරදිග ගැන නෙවේ සෞදිය ගැන , හාම්පුතාගේ අණට කීකරු වෙන්න ඕන කියන්නේ එයාගේ ඕනේ එපා කම් ඔක්කොම කරන්න ඕන. ගිවිසුමේ මොනවා තිබුනත් ඒවා ක්‍රියාත්මක වෙනවද කියල බලන්න කෙනෙක් නෑ. මෙහෙ තානාපති පොල් පිත්තකින් හද ගන්න පුළුවන් (අ)
අර්ෂා,මෙයාලට පිලිතුරු දෙන්න අමාරුයි මොකද චීනයෙන්,බුරුමයෙන්,තායිලන්තයෙන්,ඉන්දියාවෙන්, නේද ලංකාවේ උන්ගාක් කට්ටිය රක්ෂා කරන්නේ?(අ)