සෞදි අරාබියේ අබා නගරයට සමීපව පිහිටි සමසාන් හි පසුගිය බ්‍රහස්පතින්දා (15) උදෑසන ශ්‍රී ලාංකිකයකු අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ මඩකළපුව නිවත්කඩු ප්‍රදේශයේ සිට මීට මාස අටකට පමණ පෙර සෞදි අරාබියේ අබා ප්‍රදේශයේ ජෙනිටර්වරයකු ලෙස රැකියාවට ගිය දෙදෙරු පියකු වන ඥාන සෙල්වම් සිවරූබන් නැමැත්තෙකි.
ඔහුගේ සමීප ඥාති සොහොයුරකු පවසන අන්දමට සමසාන්හි පිරිසිදු කිරීමේ ආයතනයක රැකියාව කළ සිව රූබන් බ්‍රහස්පතින්දා උදෑසන ඔහු නැවතී සිටි ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ සිට මීටර් පහක පමණ දුරකින් ආයතනයේ නිල ඇඳුමද සමඟින් මුනින් අතට වැටී සිටි ඇති අතර කිහිපවරක් තමන් කතා කිරිමට උත්සාහ ගත්තද ප්‍රතිචාර නොදැක්වීමේ හේතු මත සෝදිසි කිරීමේ දී ඔහු මියගොස් ඇති බව දැනගත් බවයි.
ඔහු වැටී සිටී ස්ථානයේ තිබු කොසු මිටට සමාන ලී කැබැල්ලක් තුනට කැඩී තිබීම හේතුවෙන් කවුරුන් හෝ පහර දුන්නාද යන්න පිළිබඳව දද මිය ගොස් සිටින ආකාරයෙන් සැක සහිත බවද ඥාති සහෝදරයා කියයි.
මේ පිළිබඳව අබාහි සමාජසේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතාට දැන්වීමෙන් පසු ජෙඩා කොන්සියුලර් කාර්යාලයට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල් වල ඉන්නවා අසාමාන්‍යය මිනිස්සු. එක එක රට වල කට්ටිය.තමා ඉන්න තැන ඉතාම පරිස්සමින් වැඩ කර ගන්න. ගල්ෆ් රටවල දැන් එන්න එන්න ප්‍රශ්න වැඩියි (නි)
ලංකාවේ කෙනෙක් ගහොවද්ද දන්නෙ නැහැ. ඔය පිටරටවල් වලත් සිංහල දෙමල ප්‍රශ්නේ තවමත් තියෙනවා. සෞදි මිනිස්සු ඔතනට එන්නේ නැතිවෙයි. (නි)
මහා අවාසනාවන්ත සිදුවීමක්. වහාම සොයා බැලීම රජයේ වගකීමක්. (ස)
නලින්, මරණයට හරිහැටි හේතුව නොදැන කොහොම ප්‍රතිචාර දාන්නද? කව්ද දන්නේ සියදිවි හානි කර ගැනීමක්ද කියලා, මිනීමැරීමක් නම් මිනිමරුවට දන් ගෙඩිය නම් ෂුවර්...... (නි)
ඔවින් ඔබ හරියට හරි , තව මිනිසාගේ පරමායුෂ අවුරුදු සියයට අඩු කාල වලදී උසස් මිනිසුන් පහළ නොවේ . එවැනි කාලවලදී ස්ත්‍රී පුර්ෂයින්ගේ උත්සන්න වූ කෙලෙස් තිබේ . රාග, ද්වේශ, මෝහ, මිත්‍යා දේව ඇදහිලි ආදිය අධික බැවින් දෙන අවවාද හෝ සත්‍ය නොපිළිගනී. ඔවුන්ට මෙය තේරුම් ගැනීමට නොහැකිය. (ස)
ඇයි අපේ මුස්ලිම් සහෝදරවරු අදහස් දාන්නේ නැත්තේ.ලංකාවේ මිනීමැරුමක් වෙච්ච ගමන් ඒ අය අදහස් දාන්නේ මෙහෙට ෂරියා නීතිය ගේන්න කියලා.අපිත් ආසයි මුස්ලිම් සහෝදරවරුන්ගේ අදහස් දැනගන්න.(ස)
මේ රටවල පව්කාරයෝ වැඩියි . තිරිසන්, ප්‍රේත, අසුර, අවීචි ආදී සතර අපායන්ගෙන් මිදී එන, යක්ෂ භූතාදී භවයන්ගෙන් මිදී එන, අය මිනිස් ලොව වැඩි වශයෙන් උපදින්නේ මෙවැනි රටවලය. ඔවුන්ගේ පව්කාර ගති එලෙසම පවතී. (ස)
මිත්‍යා දෘෂ්ටික අදහස් නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීම්... (නි)
මේ වගේ දේවල් වුණාම බලන්න කෙනෙක් නෑ.. (ස)
අනේ පව් අසරණ මිනිස්සු, ඔය සෞදි වල තමා ඔහොම වෙන්නේ. ඇයි මේවට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? (නි)
වෘත්තියක් නොදැන කම්කරු කම්කරු රැකියාවන්ට මෙහෙ එන්න එපා. එවැනි අය අපේ රටේ එම රැකියාවම කරලා ඒ සමාන වැටුපක් ගන්න පුළුවන්, මෙහෙ කම්කරුවන්ට ලැබෙන්නේ 15000 20000 අතර වැටුපක් (නි)
සමන්ත සහතික ඇත්ත, මාත් කියන්නේ ඒ දේම තමයි.ඒත් අපේ රටේ ඒජන්තවරුන් කරන්නේ වෙන රැකියාවන් වලට කියා එවනවා.කියන රැකියාවත්, පඩියත් අහිමිව ගෙවල් දොරවල් උගස් තියලා ආ පළියට ඒ අය මෙහේ අසරණ වෙනවා.කන්නෙ බොන්නෙ නැතුව මෙහේ වැඩ කරලා.මෙහෙටම ජීවිතෙත් පූජා කරලා යනවා.මේවා ගැන මිනිසුන්ව හරියාකාරව දැනුවත් කල යුතුයි.(ස)
පාවහන් යුවලක්වත් නැතුවද සේවයට ගියේ.මෙවැනි රටවල් වලට යවන එක නතර කරන්න ඕන.(ස)
අල්ලාහ්ගේ කැමැත්ත.!! (අ)
කන්න නැති වුණත් සෞදි රස්සා එපා (නි)
දැක්කා නේද අපේ ලාංකිකයන්ගේ අභිමානය? බල්ලෝ බලල්ලු වගේ මැරිලා වැටිලා ඉන්නවා. කොච්චර කිවුවත් අහන්නේ නැහැනේ. කම්කරු වැඩවලට රට එන්න එපා. ලංකාවේ කුලියක් කරලා ජීවත් වෙන්න.පණට ආදරේ නම් මැදපෙරදිග එන්න එපා. (නි)
මට හරිම කණගාටුයි අපේ රටේ තියන දුප්පත් කමට මිනිස්සු රට යනවා. මිනිය ලංකාවට එවනවා. (නි)
මොහුගේ මරණය වාර්තා කරන්න ගිය අයකු වශයෙන් දැක්ක කණගාටුම සිද්ධිය ආයතනයෙන් මෙම සේවකයාට දීලා තිබුන කාමරය. තට්ටු දෙකේ බිල්ඩිමේ උඩ තහඩු වලින් නිම කල අපිරිසිදු කාමරය අපායක් වැනිය.මේ සෞදියේ එක් මරණයක් පමණි. නමුත් මෙවැනි සිදුවීම් ගැන සොයා බැලීම අපි කාගේත් යුතුකමකි. (නි)
උපුල් , ලංකාවෙත් මේ වගේ මරණ කියන එක සාමාන්‍ය දෙයක් දැන්. මේ ඊයේ පෙරේදාත් මරලා දාලා තිබුනේ ... ලෝකේ වෙනස් දැන් (නි)
දෙවියන්ගේ නාමෙට මේ වගේ රක්ෂා වලට එන්න දෙන්න එපා. මමත් ඉන්නේ මැදපෙරදිග. නමුත් මම මෙවැනි රැකියා වලට කව්රුවත් එනවට කැමති නැහැ. මෙහෙ ඇවිල්ලා කන්න නැතුව ඉන්න තැනක් හරියට නැතුව හා දුක් විඳලා අතට ගන්නේ සොච්චම් මුදලක්. සහෝදරවරුනි, කියන දේ අහන්න. මීට වඩා දහස් ගුණයකින් අපේ රට තුලදීම මුදල් ඉපයීමට හැකි බව කරුණාවෙන් මතක තබා ගන්න. දන්නා කෙනෙකුට හෝ මැදපෙරදිග කම්කරු රැකියාවට එන්න දෙන්න නම් එපා. තීරණය ඔබේ අතේ. හිත මතා ජීවිතය වරද්දා ගන්න එපා (නි)
මෙවැනි මරණ ඉතාමත් කණගාටුයි. (නි)
හැමදේම වෙන්නේ,දුප්පත් අහිංසකයින්ටමයි. (නි)
මේ මරණය තව ටික කාලයක් අපේ මිනිස්සුන්ට මතක තියෙයි (නි)
මිනිස් ශ්‍රමය හිග කාලේ - කර්මාන්තයක් ගැන පුහුණුවක් දී රටට වැඩදායක පුරවැසියන් බිහිකළ හැකි මගක අවැසි බව නොපෙනේද දේශපාලුවනි (නි)
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
සෞදියට මිනිසුන් ඇරියොත් මේ වගේ මරණ සාමාන්‍යය දෙයක් හැටියට ගණන් ගත යුතුයි. කරන්න දෙයක් නැහැ. දැන් මේක ස්වබාවික මරණයක් හැටියට සඳහන් කරමු. (නි)
මිනිමැරුමක් නම් දැනගන්න පුළුවන්නේ (නි)
පවු අහිංසක මිනිස්සු (නි)