IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෞදියෙන් සැකසහිත මරණයක් ලංකාවට

සෞදි අරාබියේ  අබා නගරයට සමීපව පිහිටි  සමසාන් හි  පසුගිය  බ්‍රහස්පතින්දා (15)  උදෑසන  ශ්‍රී ලාංකිකයකු  අභිරහස් ලෙස  මිය ගොස් ඇතැයි  වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ  ශ්‍රී ලංකාවේ  මඩකළපුව නිවත්කඩු  ප්‍රදේශයේ සිට මීට මාස අටකට පමණ පෙර සෞදි අරාබියේ අබා ප්‍රදේශයේ  ජෙනිටර්වරයකු ලෙස රැකියාවට ගිය දෙදෙරු පියකු වන ඥාන සෙල්වම් සිවරූබන්  නැමැත්තෙකි.

ඔහුගේ සමීප ඥාති සොහොයුරකු පවසන අන්දමට සමසාන්හි  පිරිසිදු කිරීමේ  ආයතනයක රැකියාව කළ සිව රූබන්  බ්‍රහස්පතින්දා  උදෑසන ඔහු නැවතී සිටි ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ සිට මීටර් පහක පමණ  දුරකින්  ආයතනයේ නිල ඇඳුමද සමඟින් මුනින් අතට වැටී සිටි ඇති අතර කිහිපවරක් තමන් කතා කිරිමට උත්සාහ ගත්තද  ප්‍රතිචාර නොදැක්වීමේ හේතු මත  සෝදිසි කිරීමේ දී ඔහු මියගොස් ඇති බව දැනගත් බවයි.

ඔහු වැටී සිටී ස්ථානයේ තිබු  කොසු මිටට සමාන ලී කැබැල්ලක් තුනට කැඩී තිබීම හේතුවෙන්  කවුරුන් හෝ පහර දුන්නාද යන්න පිළිබඳව දද මිය ගොස් සිටින ආකාරයෙන්  සැක සහිත බවද ඥාති සහෝදරයා කියයි.

 මේ පිළිබඳව අබාහි සමාජසේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතාට දැන්වීමෙන් පසු  ජෙඩා කොන්සියුලර් කාර්යාලයට දන්වා ඇත.

 

 

 



අදහස් (0)

සෞදියෙන් සැකසහිත මරණයක් ලංකාවට

විජේසින්ග්හේ Wednesday, 21 August 2013 12:14 PM

අනේ පව් අසරණ මිනිස්සු, ඔය සෞදි වල තමා ඔහොම වෙන්නේ. ඇයි මේවට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? (නි)

:       0       0

ප්‍රිය Tuesday, 20 August 2013 11:37 PM

දැක්කා නේද අපේ ලාංකිකයන්ගේ අභිමානය? බල්ලෝ බලල්ලු වගේ මැරිලා වැටිලා ඉන්නවා. කොච්චර කිවුවත් අහන්නේ නැහැනේ. කම්කරු වැඩවලට රට එන්න එපා. ලංකාවේ කුලියක් කරලා ජීවත් වෙන්න.පණට ආදරේ නම් මැදපෙරදිග එන්න එපා. (නි)

:       0       0

ප්‍රියංක Wednesday, 21 August 2013 12:26 PM

මේ වගේ දේවල් වුණාම බලන්න කෙනෙක් නෑ.. (ස)

:       0       0

කමල් Wednesday, 21 August 2013 12:33 PM

මිත්‍යා දෘෂ්ටික අදහස් නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීම්... (නි)

:       0       0

ඔවින් Wednesday, 21 August 2013 12:52 PM

මේ රටවල පව්කාරයෝ වැඩියි . තිරිසන්, ප්‍රේත, අසුර, අවීචි ආදී සතර අපායන්ගෙන් මිදී එන, යක්ෂ භූතාදී භවයන්ගෙන් මිදී එන, අය මිනිස් ලොව වැඩි වශයෙන් උපදින්නේ මෙවැනි රටවලය. ඔවුන්ගේ පව්කාර ගති එලෙසම පවතී. (ස)

:       0       0

දිසානායක Tuesday, 20 August 2013 03:18 PM

කන්න නැති වුණත් සෞදි රස්සා එපා (නි)

:       0       0

නලින් Wednesday, 21 August 2013 01:10 PM

ඇයි අපේ මුස්ලිම් සහෝදරවරු අදහස් දාන්නේ නැත්තේ.ලංකාවේ මිනීමැරුමක් වෙච්ච ගමන් ඒ අය අදහස් දාන්නේ මෙහෙට ෂරියා නීතිය ගේන්න කියලා.අපිත් ආසයි මුස්ලිම් සහෝදරවරුන්ගේ අදහස් දැනගන්න.(ස)

:       0       0

හරිස්චන්ද්‍ර Wednesday, 21 August 2013 01:28 PM

ඔවින් ඔබ හරියට හරි , තව මිනිසාගේ පරමායුෂ අවුරුදු සියයට අඩු කාල වලදී උසස් මිනිසුන් පහළ නොවේ . එවැනි කාලවලදී ස්ත්‍රී පුර්ෂයින්ගේ උත්සන්න වූ කෙලෙස් තිබේ . රාග, ද්වේශ, මෝහ, මිත්‍යා දේව ඇදහිලි ආදිය අධික බැවින් දෙන අවවාද හෝ සත්‍ය නොපිළිගනී. ඔවුන්ට මෙය තේරුම් ගැනීමට නොහැකිය. (ස)

:       0       0

සංජු Wednesday, 21 August 2013 06:54 AM

මේ රටවල් වල ඉන්නවා අසාමාන්‍යය මිනිස්සු. එක එක රට වල කට්ටිය.තමා ඉන්න තැන ඉතාම පරිස්සමින් වැඩ කර ගන්න. ගල්ෆ් රටවල දැන් එන්න එන්න ප්‍රශ්න වැඩියි (නි)

:       0       0

ටිරල් Tuesday, 20 August 2013 04:30 PM

පවු අහිංසක මිනිස්සු (නි)

:       0       0

ජලීල් Wednesday, 21 August 2013 02:25 PM

නලින්, මරණයට හරිහැටි හේතුව නොදැන කොහොම ප්‍රතිචාර දාන්නද? කව්ද දන්නේ සියදිවි හානි කර ගැනීමක්ද කියලා, මිනීමැරීමක් නම් මිනිමරුවට දන් ගෙඩිය නම් ෂුවර්...... (නි)

:       0       0

සමන් Tuesday, 20 August 2013 05:22 PM

මිනිමැරුමක් නම් දැනගන්න පුළුවන්නේ (නි)

:       0       0

උපුල් Tuesday, 20 August 2013 05:24 PM

සෞදියට මිනිසුන් ඇරියොත් මේ වගේ මරණ සාමාන්‍යය දෙයක් හැටියට ගණන් ගත යුතුයි. කරන්න දෙයක් නැහැ. දැන් මේක ස්වබාවික මරණයක් හැටියට සඳහන් කරමු. (නි)

:       0       0

බිමල් Tuesday, 20 August 2013 06:00 PM

බලමු මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

මහේෂ් Wednesday, 21 August 2013 02:56 PM

මහා අවාසනාවන්ත සිදුවීමක්. වහාම සොයා බැලීම රජයේ වගකීමක්. (ස)

:       0       0

දර්ශන Wednesday, 21 August 2013 09:30 AM

අල්ලාහ්ගේ කැමැත්ත.!! (අ)

:       0       0

දම් Tuesday, 20 August 2013 06:40 PM

මිනිස් ශ්‍රමය හිග කාලේ - කර්මාන්තයක් ගැන පුහුණුවක් දී රටට වැඩදායක පුරවැසියන් බිහිකළ හැකි මගක අවැසි බව නොපෙනේද දේශපාලුවනි (නි)

:       0       0

නිරාම් Tuesday, 20 August 2013 06:46 PM

මේ මරණය තව ටික කාලයක් අපේ මිනිස්සුන්ට මතක තියෙයි (නි)

:       0       0

ඩෙනම් Wednesday, 21 August 2013 03:17 PM

ලංකාවේ කෙනෙක් ගහොවද්ද දන්නෙ නැහැ. ඔය පිටරටවල් වලත් සිංහල දෙමල ප්‍රශ්නේ තවමත් තියෙනවා. සෞදි මිනිස්සු ඔතනට එන්නේ නැතිවෙයි. (නි)

:       0       0

දසුනි Tuesday, 20 August 2013 06:57 PM

හැමදේම වෙන්නේ,දුප්පත් අහිංසකයින්ටමයි. (නි)

:       0       0

කුමාර Tuesday, 20 August 2013 07:18 PM

මෙවැනි මරණ ඉතාමත් කණගාටුයි. (නි)

:       0       0

පද්මිණී Wednesday, 21 August 2013 10:01 AM

පාවහන් යුවලක්වත් නැතුවද සේවයට ගියේ.මෙවැනි රටවල් වලට යවන එක නතර කරන්න ඕන.(ස)

:       0       0

සමන්ත Tuesday, 20 August 2013 07:39 PM

දෙවියන්ගේ නාමෙට මේ වගේ රක්ෂා වලට එන්න දෙන්න එපා. මමත් ඉන්නේ මැදපෙරදිග. නමුත් මම මෙවැනි රැකියා වලට කව්රුවත් එනවට කැමති නැහැ. මෙහෙ ඇවිල්ලා කන්න නැතුව ඉන්න තැනක් හරියට නැතුව හා දුක් විඳලා අතට ගන්නේ සොච්චම් මුදලක්. සහෝදරවරුනි, කියන දේ අහන්න. මීට වඩා දහස් ගුණයකින් අපේ රට තුලදීම මුදල් ඉපයීමට හැකි බව කරුණාවෙන් මතක තබා ගන්න. දන්නා කෙනෙකුට හෝ මැදපෙරදිග කම්කරු රැකියාවට එන්න දෙන්න නම් එපා. තීරණය ඔබේ අතේ. හිත මතා ජීවිතය වරද්දා ගන්න එපා (නි)

:       0       0

නිරෝෂාන් Wednesday, 21 August 2013 10:30 AM

සමන්ත සහතික ඇත්ත, මාත් කියන්නේ ඒ දේම තමයි.ඒත් අපේ රටේ ඒජන්තවරුන් කරන්නේ වෙන රැකියාවන් වලට කියා එවනවා.කියන රැකියාවත්, පඩියත් අහිමිව ගෙවල් දොරවල් උගස් තියලා ආ පළියට ඒ අය මෙහේ අසරණ වෙනවා.කන්නෙ බොන්නෙ නැතුව මෙහේ වැඩ කරලා.මෙහෙටම ජීවිතෙත් පූජා කරලා යනවා.මේවා ගැන මිනිසුන්ව හරියාකාරව දැනුවත් කල යුතුයි.(ස)

:       0       0

රොෂාන් සෞදි Wednesday, 21 August 2013 10:44 AM

වෘත්තියක් නොදැන කම්කරු කම්කරු රැකියාවන්ට මෙහෙ එන්න එපා. එවැනි අය අපේ රටේ එම රැකියාවම කරලා ඒ සමාන වැටුපක් ගන්න පුළුවන්, මෙහෙ කම්කරුවන්ට ලැබෙන්නේ 15000 20000 අතර වැටුපක් (නි)

:       0       0

සෑම් Tuesday, 20 August 2013 08:29 PM

උපුල් , ලංකාවෙත් මේ වගේ මරණ කියන එක සාමාන්‍ය දෙයක් දැන්. මේ ඊයේ පෙරේදාත් මරලා දාලා තිබුනේ ... ලෝකේ වෙනස් දැන් (නි)

:       0       0

නිමල් සෞදි අරාබිය Tuesday, 20 August 2013 10:12 PM

මොහුගේ මරණය වාර්තා කරන්න ගිය අයකු වශයෙන් දැක්ක කණගාටුම සිද්ධිය ආයතනයෙන් මෙම සේවකයාට දීලා තිබුන කාමරය. තට්ටු දෙකේ බිල්ඩිමේ උඩ තහඩු වලින් නිම කල අපිරිසිදු කාමරය අපායක් වැනිය.මේ සෞදියේ එක් මරණයක් පමණි. නමුත් මෙවැනි සිදුවීම් ගැන සොයා බැලීම අපි කාගේත් යුතුකමකි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 20 August 2013 10:33 PM

මට හරිම කණගාටුයි අපේ රටේ තියන දුප්පත් කමට මිනිස්සු රට යනවා. මිනිය ලංකාවට එවනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 830 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 939 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1658 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2079 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1075 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35823 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site