මන්මෝහන් සින්ග් ගේ එක්සත් ප්‍රගතශීලී සන්ධානරජයෙන් තම පක්ෂය ඉවත්වෙන බවට තමිල්නාඩු මහා ඇමති ද්‍රවිඩ මුන්නේත්‍රකසාගම් නායක කරුණානිධි ප්‍රකාශ කරනවාත් සමගම බොරවී ගිය තමිල්නාඩු දේශපාලනගොහොරුවේ මාළුබෑමට කොන්ග්‍රස් පක්ෂ නායක සෝනියා ගාන්ධි යුහුසුලුවී ඇතිබවක් මේ දිනවල පලවන ඉන්දිය මාධ්‍ය වාර්තා කියවීමේදී පෙනීයයි.
ජිනීවාමානවහිමිකම් සැසිවාරයේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනආ යෝජනාවට පක්ෂවචන්දය පාවිච්චි කරන ලෙසට තමිල්නාඩුව පුරා ගෙනයන උද්ගොෂන පසුබිම්කොටකරුණානිධි උත්සාහ කරන්නේ ඉන්දියා රජයට කෙරෙන බලපෑම හැකිතරමට උග්‍රකරවීමටය.
කරුණානිධි ඉන්දියා සභාග රජයෙන් ඉවත්වුබව ප්‍රසිද්ධියට පත්වූ සැණින්ම නවදිල්ලි නුවරදී පැවැත්වුන කොන්ග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අමතමින් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි කියා ඇත්තේ "ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ස්වාධීන සහ විශ්වාසනීය පරීක්ෂණයක්" පැවැත්විය යුතු බවයි.
මෙහිදී වන්දනා ගමනකට සහභාගීවූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ශූන් වහන්සේට තමිල්නාඩුවේදී සිදුවූ අමානුෂික පහරදීම් ගැන කියන්නේ මොනවාදැයි ඇයගෙන්මාධ්‍යවේදීන් විමසා ඇතත් ඒගැන මේ අවස්ථාවේ කිසිදෙයක් කිව නොහැකිබවපැවසු බවද වාර්තා වී තිබුණි.
ඇය කියා ඇත්තේ " ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාවෙත යුක්තිසහගත සාධාරණ දේශපාලන අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරතිබීම දැකීමට ලැබීම ගැන තමන් සන්තාපයට සහ වේදනාවට පත්වන" බවයි.
දේශපාලන කතා රචකයන් අතින් ලියවී ඇති මෙම ප්‍රකාශයේ සැඟවී ඇති අරුත තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රී ලංකා විරෝධී කලබල අස්සේ කොන්ග්‍රස් පක්ෂයේ ජනප්‍රියත්වය වැඩිකරගැනීම බව වාර්තාවී තිබුණි.
"ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව මුනුනපා ඇති අසාධාරණ තත්ත්වයපිළිබඳව අප සිත් තුල ඇත්තේ දැඩි කණස්සල්ලකි. ඔවුන්හට සමාන අයිතිවාසිකම්ලබාදීමටත් නීතියේ ආරක්ෂාව ලබාදීමටත් ඉන්දිරා ගාන්ධි මැතිනිය මෙන්ම මගේසැමියා වූ රජීව් ගාන්ධි ද ගත් මහන්සිය තවදුරටත් ගෙනයාම අපගේබලාපොරොත්තුවයි. දෙමල ජනතාවගේ දේශපාලන අයිතීන් ලබා නොදීමත් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසාන වකවානුවේ සිදුවූ යුද අපරාධ පිළිබඳවත් අපි බලවත්සේ සංවේගයට පත් වන්නෙමු" යයි ද ය පවසා තිබුණි.
ඉන්දියානු අගමැතිව සිටි ඇගේ සැමියා ඝාතනය කරනු ලැබුවේ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් බව මේ මොහොතේ පහසුවෙන් අමතක කර දැමීමට ඇය පෙළඹවාගැනීමට හැකිවී ඇත්තේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා පමණක් බවද එම වාර්තා වල දැක්වෙයි.
දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් කාලෙන් කාලෙට කවුරු මොනවා කීවත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර කාලාන්තරයක් තිස්සේ පවතින ඓ තිහාසික නැදෑකම කිසිදිනෙකත් වෙනස් නොවන බව මේ පිළිබඳව තතු දන්නෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ඔහොමතමයි. (දී)
බල ලෝබයට සොනියා මහත්මිය මුල වෙලා (දී)
අයියෝ අනේ මන්දා (දී)
ලංකාව, ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ. අනුන්ගෙ ඇස් වල තියන කෙස්ගහ හොයනවා තමන්ගෙ ඇහේ කොස්ගහක් තියාගෙන. (නි)
ඕක මොකක්ද අනේ? මෙහෙත් සමහර වෙලාවට ඔහොම ඒවා වෙන්නේ? (නි)
ගාන්ධි නේරු උත්තමයෝ වුණත් කුල බේදය සැළකුවා. (නි)
ඕක කාගේත් පුරුද්ද (දී)
ඔබතුමියට කලින් දේවල් මතක නැතුවවද්ද? (නි)
මට අපේ විරුද්ධ පක්ෂය මතක් වුණා. මොකද මන්දා? (නි)
කරලා බලන්නකෝ (දී)
ඇයි ඔයාට මතක නැද්ද කලින් සිදුවීම්? (නි)
ලංකාව සරණ කරන්න කාටවත් බැහැ (දී)
හැමෝම බලන්නේ ලංකාව අසරණ කරන්න (දී)
දේශපාලනය කියන්නේ ඕකට තමයි (දී)
සැම රටකම දේශපාලනය කැලබිලා (දී)
ගණන් ගන්න එපා (දී)
කවුරුත් කරන්නේ ඕක තමයි (දී)
කව්රුත් කරන වැඩක් නේ
අපේ පොඩි එවුන්ගේ ඉදලා දන්නේ අපි පැවත එන්නේ විජය රජුගෙන් කියලා.ඔක්කොටම කලින් මෙන්න මේ බොරුව නවත්වන්න ඕනේ. අපට එයිට වඩා ශේෂ්ඨ අතීතයක් තිබුන බව අපි දන්නවනේ.(නදී)
සෝනියා හරි නරකයි.(නදී)
සෝනියා ගාන්ධි. ඝාන්ධි පවුලේ තවත් ප්‍රබලයෙක් (දී)
ඕක තමයි දේශපාලනෙ හැටි . අනික මහත්මා ගාන්ධි, ශ්‍රීනේරු වැනි උත්තමයන්ගේ දේශපාලනයක් වගේ නොවෙයිනෙ ඉන්දියාවේ දැන් තියෙන දේශපාලනේ. (නි)
මගේ ලංකා මාතාවට මොකුත් කරන්න කාටවත් බැහැ (දී)
කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වෙනවනේ. (නි)
අනේ මන්දා මෙහෙමත් රටක්? (නි)
ප්‍රතිඵල ළගදීම බලාගත හැකිවේවි. (නි)
මොකද්ද මේ වැඩ වල තේරුම (දී)
ලංකාවට කෙනිහිරි කම් කරන එකනේ විදින්න බැරි (දී)
කවුරුත් බලන්නේ ඔහොම කරන්න තමයි (දී)
අපිට මොකුත් නොකර ඕනා වැඩක් කරගන්න (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතුමිය කොටින්ට කැමතිද එතකොට? (නි)
ඉන්දියාවේ දේශපාලනය ගැන මම කතා නොකරමි (දී)
ලංකාවට එරෙහි චෝදනා අකුලා ගන්න (දී)
අපි කියන්නද කොටි කරපු වැඩ (දී)
කොටි මානව හිමිකම් කඩුවේ නැද්ද (දී)
මාළු කතාවක් (දී)
අනේ ද කියන්නේ. (නි)
අනේ සර්, ඇයි ඔහොම කතා කියන්නේ? (නි)
ලංකාවට අහිතක් කරන්න හිතන්න එපා (දී)