රුපියල් 27 ලක්ෂයක හොරනෝට්ටු සමග බෙරගල බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු (30) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්ෂණයෙන් කළ මේ මෙහෙයුමේ දී රුපියල් 5000 හොර නොට්ටු 520ක්, දහසේ හොර නෝට්ටු 10ක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
21/ආර් 392082 හා 37 ආර් 686138 අංක සහිත රුපියල් පන්දහසේ හා දහසේ නෝට්ටු හමුවුවහොත් ළගම ඇති පොලිස් ස්ථානයට බාර දෙන්නැයි පොලිසිය ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ යුතු එකම දෙය මෙවැනි අය ජීවිතාන්තය දක්වා සිරගත කිරීමයි.නැති බැරි කෙනෙකුට මෙවැනි නෝට්ටුවක් ලැබුණහොත් ඇතිවන තත්ත්වය කුමක්ද? (නි)
අර අහවල් නෝනාගේ යාලුවෙක්ද කොහෙද? (නි)
මිනිහා හිරේ දමන්නට පුළුවන්. නමුත් පහුගිය දවස් වල මේ විදිහට හොර නෝට්ටු තොග පිටින් ළඟ තබාගෙන කී දෙනෙක් අහු වුණාද? ඒත් ඒවා නතර වුණාද? නැහැනේ. ඒ වගේම තමා රන් බිස්කට් හොරෙන් ගෙනියන්න හදලා කී දෙනෙක් අහු වුණාද? එහෙත් කෝ නතර වුණාද? ඒ වගේම කුඩු ගෙනල්ලා අහු වුණා. තවමත් ගෙන්නනවා. නතර වුණාද? නැහැනේ. මේ වරදවල් නවත්වන්නට නම් පොඩි දඩයක් ගහලා නිකන් හිරේ දාලා බැහැ. අඩුම ගානේ මරණ දඩුවමවත් දෙන්න ඕනෑ කියලයි මං හිතන්නේ. එතකොට ටිකක්හරි බයවෙයි. ඒ වගේම තමයි මේවා පිටුපස ඉඳලා මෙහෙයවන අය අල්ලලා ඔවුන්ටත් එල්ලුම්ගහ නියම කරන්න ඕනෑ. මහජනයාට ඕනෑ වැරදිවලින් තොර සමාජයක් නිසයි මෙහෙම කිවුවෙ. (නි)
අල්විස්, හොර සල්ලි ගහන එක, රන් බිස්කට් ගෙනියන එක... මරණ දඬුවම දෙන්න තරම් වරදවල්ද? (නි)
පිළිතුර ඔවු. තර්කය විය යුත්තේ ඔබ කියන දේ නොවෙයි. නැවත කල්පනාකර බලන්ට.(නදී)
නිකම් හිතන්න මේ රුපියල් 5000 හොර නෝට්ටුවක් නොදෙනුවත්ම ඔබේ පසුම්බියේ තිබී මේ වේලාවේ දැනගත්තා කියලා; ඔබට වෙන්නේ මේ රුපියල් 5000 පොලිසියට බාර දීල දවස් ගණනාවක් රස්තියාදු වෙලා කට උත්තර දීල නිකම් ඉන්න ; ඔබ එය හොරට මාරු කරන්න ගියොත් ඔබත් ඒ වගේම වැරදී කරුවෙක් වෙනවා ඉතින් මෙයාල මොනවා කරන්න ද?(දී)
හොර සල්ලියක් තමන් ලග තිබ්බොත් නොදැන මොකද කරන්නේ අපිවත් අත්අඩංගුවට ගන්නවාද (දී)
අපෝ! මම නම් ඔය කියන හොර නෝට්ටු අහු වුණොත් පාඩුව විඳ ගන්නවා මිසක් පොලිසියට බාර දෙන්න යන්නේ නැහැ. (නි)
අනේ! දැන් සනීප ඇතිනේ... (නි)
සල්ලි කාටත් ඕනෑ. ඒත් මේ වගේ වැඩ හොඳ වැඩ නොවේ (නි)