IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සෙබළකු ළඟත් ලක්ෂ 27ක හොර නෝට්ටු

රුපියල් 27 ලක්ෂයක හොරනෝට්ටු සමග බෙරගල බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු (30) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්ෂණයෙන් කළ මේ මෙහෙයුමේ දී රුපියල් 5000 හොර නොට්ටු 520ක්, දහසේ හොර නෝට්ටු 10ක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

21/ආර් 392082 හා 37 ආර් 686138 අංක සහිත රුපියල් පන්දහසේ හා දහසේ නෝට්ටු හමුවුවහොත් ළගම ඇති පොලිස් ස්ථානයට බාර දෙන්නැයි පොලිසිය ඉල්ලයි.



අදහස් (0)

සෙබළකු ළඟත් ලක්ෂ 27ක හොර නෝට්ටු

සාලිය සෝමතිලක Wednesday, 02 April 2014 06:01 PM

අනේ! දැන් සනීප ඇතිනේ... (නි)

:       0       0

සාලිය සෝමතිලක Wednesday, 02 April 2014 06:06 PM

සල්ලි කාටත් ඕනෑ. ඒත් මේ වගේ වැඩ හොඳ වැඩ නොවේ (නි)

:       0       0

තිලක් Tuesday, 01 April 2014 10:57 PM

නිකම් හිතන්න මේ රුපියල් 5000 හොර නෝට්ටුවක් නොදෙනුවත්ම ඔබේ පසුම්බියේ තිබී මේ වේලාවේ දැනගත්තා කියලා; ඔබට වෙන්නේ මේ රුපියල් 5000 පොලිසියට බාර දීල දවස් ගණනාවක් රස්තියාදු වෙලා කට උත්තර දීල නිකම් ඉන්න ; ඔබ එය හොරට මාරු කරන්න ගියොත් ඔබත් ඒ වගේම වැරදී කරුවෙක් වෙනවා ඉතින් මෙයාල මොනවා කරන්න ද?(දී)

:       0       0

බන්දු Wednesday, 02 April 2014 12:40 AM

හොර සල්ලියක් තමන් ලග තිබ්බොත් නොදැන මොකද කරන්නේ අපිවත් අත්අඩංගුවට ගන්නවාද (දී)

:       0       0

නිමල් Tuesday, 01 April 2014 05:03 PM

කළ යුතු එකම දෙය මෙවැනි අය ජීවිතාන්තය දක්වා සිරගත කිරීමයි.නැති බැරි කෙනෙකුට මෙවැනි නෝට්ටුවක් ලැබුණහොත් ඇතිවන තත්ත්වය කුමක්ද? (නි)

:       0       0

තාරක Wednesday, 02 April 2014 07:00 AM

අපෝ! මම නම් ඔය කියන හොර නෝට්ටු අහු වුණොත් පාඩුව විඳ ගන්නවා මිසක් පොලිසියට බාර දෙන්න යන්නේ නැහැ. (නි)

:       0       0

ජෝන් Tuesday, 01 April 2014 06:17 PM

අර අහවල් නෝනාගේ යාලුවෙක්ද කොහෙද? (නි)

:       0       0

අල්විස් Tuesday, 01 April 2014 06:24 PM

මිනිහා හිරේ දමන්නට පුළුවන්. නමුත් පහුගිය දවස් වල මේ විදිහට හොර නෝට්ටු තොග පිටින් ළඟ තබාගෙන කී දෙනෙක් අහු වුණාද? ඒත් ඒවා නතර වුණාද? නැහැනේ. ඒ වගේම තමා රන් බිස්කට් හොරෙන් ගෙනියන්න හදලා කී දෙනෙක් අහු වුණාද? එහෙත් කෝ නතර වුණාද? ඒ වගේම කුඩු ගෙනල්ලා අහු වුණා. තවමත් ගෙන්නනවා. නතර වුණාද? නැහැනේ. මේ වරදවල් නවත්වන්නට නම් පොඩි දඩයක් ගහලා නිකන් හිරේ දාලා බැහැ. අඩුම ගානේ මරණ දඩුවමවත් දෙන්න ඕනෑ කියලයි මං හිතන්නේ. එතකොට ටිකක්හරි බයවෙයි. ඒ වගේම තමයි මේවා පිටුපස ඉඳලා මෙහෙයවන අය අල්ලලා ඔවුන්ටත් එල්ලුම්ගහ නියම කරන්න ඕනෑ. මහජනයාට ඕනෑ වැරදිවලින් තොර සමාජයක් නිසයි මෙහෙම කිවුවෙ. (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 01 April 2014 07:20 PM

අල්විස්, හොර සල්ලි ගහන එක, රන් බිස්කට් ගෙනියන එක... මරණ දඬුවම දෙන්න තරම් වරදවල්ද? (නි)

:       0       0

අල්විස් Tuesday, 01 April 2014 07:27 PM

පිළිතුර ඔවු. තර්කය විය යුත්තේ ඔබ කියන දේ නොවෙයි. නැවත කල්පනාකර බලන්ට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 449 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 106 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 886 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 980 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2765 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1748 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25368 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23406 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site