IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුභාවිත ගීතයට හොඳ කලක් ඇවිත්...

 

 

මද පවනින්
පෙණ පිඩු විසිරෙන
දිය සිසිලෙන්
පෙම් සිත පුරවා ගත් ඇය යන්න ගියා
නාඹර ගොයමින්
ඒ මත තැවරුණු පිනි කඳුළෙන්...
පේ‍්‍රමය හඳුනාගත් ඇයත යන්න ගියා


අන්තර් ජාලයේ යූ ටියුබය ඔස්සේ ඇසෙන මේ ගීතයේ රූප රාමුව විචිත‍්‍ර එකකි. මුහුදු වෙරළක් දිගේ දිවයන සුරූපී යුවතිය නරඹන්නන්ගේ නෙත් පැහැර ගන්නා නිසාය.


මේ මුහුදු වෙරළ අපට හුරු පුරුදු ලංකාවේ සුන්දර වෙරළ නොවේ. අරාබිකරයේ බහරේනයේ වෙරළයි. මේ වෙරළ දිගේ දිවයන යුවතියද බහරේනයේ පදිංචි යුවතියකි.

කොටින්ම මේ ගීතයේ රූප රචනයට පසුබිම් වූයේ බහරේනයයි.

එහෙත් මේ ගීතයට සම්බන්ධ වූ සියල්ලන්ම අපේ ලංකාවේ අපේම සිංහලයන්ය.

”මද පවනින්” ගීතය ලිව්වේ සිසිර සී. විතානගේය. කිසියම් හේතුවක් නිසා ඔහු අතින් ලියැවුණු මේ ගී පදවැල ඔහු දිනෙක නවරත්න ගමගේ ගේ අත තැබුවේය. ප‍්‍රවීණ සංගීතඥයකු වූ ”නවා” මේ පදවැලට තම සංගීත ඥානයෙන් සාධාරණත්වය ඉටු කළේය. එහෙත් ටික කාලයක් මේ ගීතය නොගැයී ඔහු ළඟ ඔහේ තිබුණේය.

ඉකුත් වසරේ අගෝස්තුවේ සමන් ජයනාත් ජිනදාස නම් වූ ජනප‍්‍රිය ගායන ශිල්පියා ලංකාවට පැමිණියේය. බහරේනයේ නැව් අලූත්වැඩියා කරන සමාගමක ඉංජිනේරුවකු ලෙස රැකියාව කරන සමන් හැම අගෝස්තුවකම නිවාඩුව ගත කරන්නට ලංකාවට එයි. ඒ ආ විටෙක සමන්xනවා හමුවීමක් සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නකි.

නවා ඔහු නිර්මාණය කළ තනුව සමන්ට අහන්නට සැලැස්සුවේය. දශකයක් තිස්සේ ගී ලොවින් ඈත්වී සිටි සමන් ජයනාත්ට මේ ගීතය ගයන්නට සිතිණි.
ඉතිං ඔහු ගැයුවේය.

ගීතය ගයා ආපසු බහරේනයට ගිය ඔහු තම ගීතය වෙනුවෙන් රූප රචනයක්ද කළේය.

”මේ ගීතයෙ රූප රචනයට දායක වුණේ ලංකාවෙම කට්ටිය. මාත්තෙක්ක මගේම සේවායතනයෙ එකට වැඩකරන කට්ටිය....” සමන් සිහිපත් කරයි.
දැන් මා සිටින්නේ සමන් ජයනාත් සමගය. රත්තනපිටියේ ඇලට යාබදව පිහිටි බිම්කඩක ඇති ඔහුගේ නිවසෙහි උඩුමහලේය. අපේ මේ හමුව සිදුවූයේ වසර පහ හයකට පසුවය.

සමන් ජයනාත් මට මුල්වරට හමුවූයේ ලංකාදීප කාර්යාලයේදීය. ඔහු ස්වකීය මුල්ම ගීත එකතුව සහිත කැසට් පටයකුත් රැගෙන පැමිණි ගමනේදීය.
ඊට මාස කිහිපයකට පසුව උමා නම් වූ මියුරු ගීතයක් රැයක් දවාලක් නැතුව රේඩියෝවලින් ඇහෙන්නට පටන්ගත්තේය.

 

තුමුල නමුනු කුල ගිරි හිස
උදුල සඳ මඬල දුටුනෙත
හිනැහුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනාවෙන්නට කාරණා
ඔහොම හිනාවෙනකොට
උඹ ලස්සනයි උමා.
                           


කලින් කලට මේ අයුරින් ඇතැම් ගීත ලවක් දෙවක් නැතුව ප‍්‍රචාරය වෙමින් ජනප‍්‍රියත්වයේ උපරිමයටම යන්නේය. උමා නමින් හඳුන්වන මේ ගීතයද කිසියම් කාල වකවානුවක ලංකාවේ ජනප‍්‍රියම ගීතය බවට පත්විය.

කොහොමද මේ උමා ගීතය නිර්මාණය වුණේ.

වඩා රසවත් වර්තමානය නොව අතීතය බැවින් මම සමන් ජයනාත්ගේ අතීත මතක අවුස්සමි.

ඔතෙන්ට එන්න ටිකක් දිග අතීතෙකට යන්න වෙනවා.

සමන් කීවේ අතීත කතාව පටන් ගත යුතු තැන කොතැනදැයි කල්පනා කරමිනි.

”ඉතින් යමු”

මම ඔහු සමග අත්වැල් බැඳගෙන අතීතයට පියනගමි.

”මම පැලවත්තෙ සීනි කර්මාන්ත ශාලාවෙ වැඩ කරපු කාලයක් තිබුනනෙ. ඉතින් ඔය කාලෙදී මම ඒක පුද්ගල සංගීත ප‍්‍රසංගයක් තිබ්බා. හැබැයි මේකට මම ආරාධිත ගායකයො කීප පලකුත් සම්බන්ධ කරගත්තා. කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප‍්‍රියදර්ශනී, ආනන්ද පෙරේරා තමයි මගේ ඒ ප‍්‍රසංගයෙ ආරාධිතයො වුණේ. ෂෝ එක ඉදිරිපත් කළේ සමන් අතාවුදහෙට්ටි. මේ ප‍්‍රසංගය හුඟාක් සාර්ථක වුණා. හැබැයි මගෙ සිංදු තිබුණෙ එකක් දෙකක් විතරයි. මම මහනුවර සේවයට කළ දුම්බර නෙලූමේ කියන ගීතයයි තවත් ගීයක් දෙකකුයි. ඒ අතරෙ මේ උමා සිංදුවත් තිබුණා.

 

 

කොහොමද ඉතිං ඔයාට උමා මුණගැහුණේ?

මම සමන්ගේ කතාබහට බාධාකරමි.

”ඔය උමා සිංදුව තිබුණෙ පත්තරේක කවි පිටුවක. ඒක දැකලා තමයි මම ඒ කවිය ලියපු සුදත් ගාමිණී බණ්ඩාරට කතාකරල සිංදුව ඉල්ල ගත්තෙ...”
මේ සිංදුව අහල ප‍්‍රතිචාර මොනවගේද?

උමා අතැර යන්නට සමන්ට මා ඉඩ දුන්නේම නැත.

මටම කියලා මගේම සිංදු ටිකක් හදාගන්න කියලා ෂෝ එකට ආපු ආරාධිත ගායකයො හැමෝම කිව්වා. ඉතින් ඊට පස්සෙ තමා මම කොළඹ ඇවිත් සිංදු ටිකක් හොයාගෙන ගායනා කළේ. සලාම් කියාගෙන ගෙට එන, අනුත්තරා, ගිමන නිවන වැනි ගීත කිහිපයක්ම ඔහු ගායනා කළේය. මේ සියල්ල කැටි කළ කැසට් පටයට එදා ඔහු තැබුවේ අනුත්තරා යන නමයි.

”ඊට පස්සෙ මම මේ ගීත ටිකත් අරගෙන මාධ්‍ය ආයතනවලට ගියා.” සිරසෙ නිමල් ලක්ෂපතිආරච්චි මේ සිංදු ටික අරන් නිතරම ප‍්‍රචාරය කළා.

මම ගුවන්විදුලි සංස්ථාවට ගිහින් ඉන්දැද්දී කේ.ඞී.කේ. ධර්මවර්ධන මුණගැහුනා.

මොකද මල්ලි කියල කේ.ඞී.කේ. මගෙන් අහල මගේ ගීත එකතුව අරගත්තා. කිසිම කතාවක් නැතුව ඒ සිංදු ටික ප‍්‍රචාරය වෙන්න පටන්ගත්තෙ ඔය කාලෙදි. දවසක් වසන්ත රෝහණ බොහෝම අමාරුවෙන් මාව එයාගෙ ගුවන් විදුලි වැඩසටහනකට සජීවීව සම්බන්ධ කරගත්තා. ඒ කාලෙ ගුවන් විදුලි නිවේදකයො දක්ෂයන්ට අත දුන්නෙ ඒ විදිහට.... කිසිම කෙනෙක් මගෙන් තේ එකක්වත් බිව්වෙ නැහැ.

ඒ කාලෙ මාධ්‍ය ආයතනවල වැඩ කෙරුනෙ ඒ විදිහටයි.”

නමුත් සමන් ජයනාත් සිටියේ පැලවත්තේය. සීනි කර්මාන්ත ශාලාව වෙනම ලෝකයකි. රේඩියෝ එකක් ඇහෙන්නෙත් කලාතුරකිනි.

සමන් දවසක්දා ඔහුගේ උපන්ගම වූ බණ්ඩාරවෙලට ගියේය. සරමක් සහ ටී ෂර්ටයක් ඇඳගෙන සමන් කඩයකට යමින් සිටියේය.

ඉදිරියට පැමිණි බසයක් ඔහු ළඟ නතර කළ අතර එහි රියැදුරු කවුළුවෙන් හිස දමා සමන්ට කීවේ අදහාගත නොහැකි කතාවකි.

”මේ දවස්වල ලංකාවෙ ජනප‍්‍රියම ගායකයා ඔයයි සමන් අයියෙ.”

සමන් ජයනාත් සිනාසුනත් ඔහුගේ උමාට රටක් වසඟව සිටින බව විශ්වාස කළේ නැත. එහෙත් ඒ වන විට උමා රට හොල්ලා තිබිණි.අනතුරුව සමන් ජිනදාසව ගී ලොව රජකරවූයේ මහේෂිකාය. උමා තරමටම ජනප‍්‍රියත්වයට පත්වූ මහේෂිකා ගීතයේ පද රචනා කළේ වෛද්‍යවරයකු වන යසනාත් ධම්මක බණ්ඩාරය.

 


ගාන තෙල් සඳුන් වරලස
පීරමින් බලන හැඩරුව
නුඹම නොවෙද හිත රජවුනු
මහේෂිකාවී


මේ ගී පදවැල සංගීතවත් කළේ නවරත්න ගමගේය. නවාගේත් සමන්ගේත් දීර්ඝ කාලීන මිත‍්‍රත්වයට පදනම දැමුවේද මේ මහේෂිකාමය. කලින් ගැයූ උමා, සලාම් කියා මෙන්ම මහේෂිකාවී ඇතුළු ගී දහසයක් එකතු කර ඔහු සිය පළමු සහ එකම සංයුක්ත තැටිය නිකුත් කළේ දෙදහ වසරේදීය. එය සඳ පහන් රැුයක නම් විය. රත්න ශ්‍රී විජේසිංහ ලියූ තණමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්න බන්දුල නානායක්කාරවසම් ලියූ බිසරුලියන් මැද මෙන්ම යහන පාළුයි, දඹුලූ විහාරෙට, තාරකාවියේ වැනි ජනප‍්‍රිය ගීත දහසයක් මෙම ගී එකතුවට අන්තර්ගත විය. මේ ගී නිතර දෙවේලේ ප‍්‍රචාරය වුවද සමන් ජයනාත් ඉන් පසුව ගී නොගැයුවේ ඔහු ලංකාවෙන් නික්ම ඝානාවටත් යළි බහරේනයටත්  ගිය බැවිනි. ඒ අනුව ඔහු අලූත් ගීතයක් ගැයීම සංගීත ලෝලීන්ගේ සතුටට හේතුවකි.

ඔබ මේ අලූතින් ගීත ගයන්න පටන් ගත්තෙ දෙවැනි සංයුක්ත තැටියටද?

සමන්ගේ නිර්මාණ අස්වැන්න සඳ පහන් රැයකට පමණක් සීමා කළ නොහැකි බැවින් මම අසමි.

”දැන් සී.ඞී. කර්මාන්තය කඩාවැටිල තියෙන්නෙ. අපි අමාරුවෙන් කරන සී.ඞී. පහුවෙනිදා ඉඳල වෙළඳපොලේ හොරට විකුණනවා. ඒ නිසා දැන් කරන්න තියෙන හොඳම දේ තමයි සිංදුව කරල යූ ටියුබ් එකට මුදාහරින එක. එතකොට රසික ප‍්‍රතිචාර මොනවගේද කියලත් දැනගන්න පුළුවන්... සමන් කියයි.
”අනිත් එක දැන් ආයෙ අපේ සුභාවිත ගීතයට තැනක් ඇවිත්... සුභාවිත ගී ප‍්‍රියකරන පරපුරක් ආයෙමත් ඉන්නවා. මගේ අලූත් සිංදුව අහපු විශාල රසික පිරිසගෙන් වුනත් ඒ බව තේරුම්ගන්න පුළුවනි.”

 

 

”ඒ කියන්නෙ තව තවත් නිර්මාණ කරන්න ඔබේ කැමැත්තක් තියෙනව කියන එකද?”

මම අසමි

ඔව්... නිහඬව හිටියා ඇති කියලා මට හිතෙනවා. මම සිංදු කියන්නෙ මුදල් හම්බ කිරීමට නෙමෙයි, ඒ නිසා මම හොඳ සුභාවිත ගී කිහිපයක් ඉදිරියේදී ගායනා කරනවා....”

ඒ සමන්ය.

එහෙත් මෙම මස කෙළවර සමන් යළි බහරේනය බලා නික්ම යන බවද ලියා තැබිය යුතුය.

 

 

 



අදහස් (0)

සුභාවිත ගීතයට හොඳ කලක් ඇවිත්...

ගොඩමාන්න Monday, 02 September 2013 08:04 PM

ඔබට සුභ පතනවා! (නි)

:       0       0

මේධා Tuesday, 27 August 2013 04:53 PM

ඔබට සුභපතනවා ඔබට අපි (දී)

:       0       0

සනත් අබු ධබි Sunday, 25 August 2013 10:23 AM

මට මතක හැටියට 97 හරි 98 මට කපිල බණ්ඩාර මහතා එක කැසට් පටියක් දුන්න නම අනුත්තර මම එක පාරක් ඇහුව අමුතුම කටහඩක් ඒ හඩටම හරියන ගේ පද තනු එතරම් මිහිරි ඔබට මම සුබපතනවා තවත් අපගේ හී කලාවට නව හරවත් දෑ එකතු කරනලස (දී)

:       0       0

සිරිසේන Thursday, 05 September 2013 11:53 PM

මෙවැනි ගායන ශිල්පීන්ට දුර ගමනක් යන්ට වාසනාව ධෙර්‍ය ශක්තිය ලැබේවා කියා පතනවා.(නදී)

:       0       0

ලලිත් Monday, 26 August 2013 04:57 AM

ඔබ අසුව දශකයේ මුල් භාගයේදී පේරාදෙණි ඉංජිනේරු පීටයේ පැවැත්වූ ඒක පුද්ගල ප්‍රසංගය ඔබේ සංගීත දිවියේ ආරම්භය බව මගේ අදහසයි. ඔබට පෙර වසරවල කීප දෙනෙකුත් මෙලෙස ප්‍රසංග පැවැත්වුවද ඔබට තරම් දුරක් ඔවුන්ට යන්න බැරි උනේ ඔවුන් අනුකාරක මගක ගියද ඔබ එදත් ඔබේම මගක යමින් ගමන ඇරඹු නිසාවෙනි. තව බොහෝ දුර ඔබට යාහැක. ඔබේ හඬ රටට අවශ්‍යම හඬකි. දිගු ගමනකට මගෙන් ආසිරි! (අ)

:       0       0

අසාද් Friday, 30 August 2013 07:27 PM

ප්‍රයිවෙට් බස්වල යනකොට නම් හිතෙනවා ගායකයො කියලා ජාතියක් මේ ලෝකෙ නොහිටියා නම් කොච්චර හොදද කියලා (නි)

:       0       0

දුම්මලසූරිය Monday, 02 September 2013 10:38 AM

ඔබේ සියලු ගීතවලට මමත් අතිශයින් ප්‍රිය කරනවා....ඒ වගේ ලස්සන හොද ගීත ටිකක් නැවත කරන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා....... (දී)

:       0       0

පාත් Saturday, 24 August 2013 12:44 AM

තවත් නව නිර්මාණ සදහා අපෙන් සුබ පැතුම් !!(නදී)

:       0       0

අරවින්ද Friday, 23 August 2013 05:35 PM

අපිත් බණ්ඩාරවෙල කොල්ලෝ තමා... නියමයි සමන් අයියේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 644 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 885 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1333 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2504 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3303 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35043 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24041 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site