නගෙනහිර අප්‍රිකාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ‘රෝස් වුඩ්‘ දැව කඳන් මෙට්‍රික් ටොන් 420 ක් රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරුකීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
කන්ටේනර් 28 ක බහා තිබු රෝස් වුඩ් දැව කඳන් 3669 ක් සොයා ගත් බවත් එහි වටිනාකම රුපියල් සිය කෝටිය ඉක්මවන බවත් රේගුව කියයි.
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාව හරහා හොංකොං නුවරට නීති විරෝධී ලෙස අඩි දහයක් දිය කොට 3669ක් අපනයනය කිරීමට සූදානම් කර තිබිණි.
රෝස්වුඩ් ධන කුවේරයන්ගේ පරිහරණය සඳහා වන ලීබඩු නිෂ්පාදනයට යොදා ගැනේ.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර, රේගු සමාජ ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂක එම්. පාස්කරන් යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ආර්.ඩී.ඒ.එන්.ජී නියරේපොළ මහතාගේ මෙහෙයවීමෙන් රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීහු සිදු කරති.
(රෝස්වුඩ් ගසක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කො ටික මේවා බෙදා ගෙන පසුව කියාවී නොවටිනා ලී බව. (ස)
මං මේ නො දන්නා හින්දයි මෙහෙම අහන්නේ. මේ අල්ලාගත් රෝස් වුඩ් කොට ටික රාජසන්තක කරනවාද ? රාජසන්තක කරනවානම් ඒ කොටන් පුළුස්සා විනාස කරනවාද ? එහෙම නැත්නම් ඒවා ආපසු මුල් රටටම යවනවාද ? අපේ රටේම රඳවා ගන්නවානම් ඒවා වෙන්දේසි කරනවාද ? මෙවැනි දේවල් කොතෙක් අල්ල ගත්තත් අල්ලාගන්නා තුරු ලොකුව කියෙවුවට ඉන්පස්සේ ඒවාට වෙච්ච දෙයක් ගැන ආරංචියක් නැති හින්දයි මම මේක ඇහැවුවේ. දන්නා කෙනෙක් කියලා දෙන්ටකෝ.(නදී)
ඒ දැව ලැබිය යුතු රටට ලැබිලා තිබෙනවා. හොංකොං වල කොහෙද ඔය දැව පාවිච්චි කරන්න පුළුවන් අය ඉන්නේ? (නි)
උපාලි මේක ජාතික සම්පතක්ද ජාත්‍යන්තර සම්පතක්ද ? (නදී)
මට නම් කියන්න තියෙන්නේ ආශ්චර්යයෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ මට මතක නැහැ ඔච්චරයි.(නදී)
සමන්ත සොහොයුර, ඔබ ඇතුළු කණ්ඩායමට මගේ උණුසුම් සුබ පැතුම්! ජාතික සම්පත් රැක ගැනීමට ඔබ දරණ මහත් උත්සාහය රේගුවේ සේවය කල කාලයේද මම දුටුවෙමි. ඔබේ ව්‍යායාමය දිනෙන් දින, ජයෙන් ජයට පත් වේවා!!(නදී)
අල්ලන එක පමණි පස්සේ පස්ස දොරෙන් එලියට බලන් ඉන්න විජ්ජාව .(නදී)
මේ ලෝකය විනාශ කරන ධනපතියන් බංග වේවා! (නි)
දැව තොගය මෙරටේ දී අත්අඩංගුවට ගන්නා ලද්දේ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුතියකට ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති බැවින් ය. මම පෙර සදහන්කල අදහස වෙනස් වියයුතුය (දී)
මේවා පරිහරණයට වඩාත් සුදුසු අය ඉන්නෙ කොහේද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
අල්ලාගත් වටිනා දැව තොගයට ලංකාවෙදි අත්වෙන ඉරණම පැහැදිලියි (නි)
ලාරා, මේව ධන කුවේරයන්ගේ පරිහරණය කරන දැව වර්ගයක් නම් ඉතාම සුදුසු පුද්ගලයෝ වෙන්නේ අපේ මන්ත්‍රී වරු ඇමති වරු තමයි. එයාල ළඟදීම මේවා බෙදාගනිවී. (දී)
මම කියනවා මේ දැව කඳන් තොගය ඉතාම සුදුසු පුද්ගලයින් අතරේ බෙදී යන්න සළස්වන්න කියලා (නි)
මට හිතා ගන්න බැරි දැන් වංචා වෙනවා වැඩිද.... නැත්තම් මාධ්‍ය දියුණු ද කියලා? (ස)
අසෝකා, ඒකේ ලස්සන බලන්න වෙන්න ඇති කපන්න ඇත්තේ. නැත්නම් ඔය විදියට පේන්නේ නැහැනේ. (ස)
නීති විරෝධීව මෙරටට ගෙන්වීම අපනයනය කිරීම හෝ ප්‍රති අපනයනද තහනම් වේ. නැතිනම් නීති විරෝධී දේට උදව් කිරීමක් වේ. (ස)
ලංකාව නීති විරෝධී ""ප්‍රති අපනයන"" කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා වගේ, මීට පෙරත් මෙවැනි නීති විරෝධී ප්‍රති අපනයන ( සඳුන් දැව, කරුන්කා,) අසු උනා නේද ? (නදී)
ස්වභාව ධර්මය කොයිතරම් ලස්සන දේවල් ලෝකයට දුන්නත්,අපි ඒවායේ ලස්සන දකින්නේ බොහොම පහත් මට්ටමින්. (නි)
මම දන්නා විදියට මෙය නීතිවිරෝධී නැහැ. මෙහිදී සිදුවන්නේ නැවත අපනයනය කිරීමක්. එය රටට සල්ලි එන වැඩක්. ඉතින් මොකක්ද ගැටලුව? (නි)
අපේ රටේ ධන කුවේරයන්ගේ පරිහරණය සඳහා වන ලී බඩු නිෂ්පාදනයට යොදා ගනි..... වෙන මොනවා කරන්ඩද? (ස)
මේ ටිකට දැන් මොකද කරන්නේ? (නි)
ඡායාරූපයෙන්ම පෙනෙනවා මෙය වටිනා දැවයක් කියලා (නි)
සමන්ත ගුණසේකර කියන්නේ ගහ කොළ සතා සිව්පාවාට ඇත්තටම ආදරය කරන නීති ගරුක මහත්මයෙක්.වැඩේ හරියටම කරයි. (ස)
මේවා අපේ රටට ගෙන්වපුවා හෝ අපේ රටේ දෙයක් නොවෙයි නේ. (ස)
මෙහි නීති විරෝධී ක්‍රියාව කුමක්ද කියලා කාටහරි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? (නි)
රෝස් වූඩ් අපේ රටේ දෙයක් නම් නෙමේ නේ. ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය ඇයි අත්අඩංගුවට ගන්නේ. නොදන්නා නිසයි අහන්නේ. (ස)