අමරපුර සිරිසද්ධම්ම යුක්තික (මාතර) මහා නිකායේ වාර්ෂික උපසම්පදා පිංකම ජුනි 26-28 දිනයන්හි අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේදි පැවැත්වීමට නියමිතය.
වසර සියයකට පසු අම්බලන්ගොඩදී පැවැත්වෙන මෙම මහා උපසම්පදා පිංකම නාකුළුගමුවේ පේමතිලක මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දකුණු පළාත් මහ ඇමති ෂාන් විජයලාල්, ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී සජින් ද වාස්ගුණවර්ධන, අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් යන මහත්වරු ආරාධිතයෝය.
හිරේවත්ත සිරි විජයාරාමාධිපති දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝනායක,රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ සුධම්ම නාහිමියෝ, දායක සභාව සමග පිංකම සංවිධානය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කාවද උපසම්පදා කරන්නේ ? (නදී)
මෙච්චර කල් මම හිතාගෙන උන්නේ උපසම්පදාව කරනු ලබන්නේ පැවිදි අයට පමණයි කියල. (නදී)
නියමයි වීරසිංහ. කාටවත් නොපෙනෙන පැත්ත පෙන්නුවාට. (නදී)
රටේ ගොඩක් දේ කනපිට පෙරලිලා (නදී)