IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


‘සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳිය හැකියි‘

(ඩයනා උදයංගනී)

වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් නොමැති බවත්, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ නම් රටේ අර්බුද කෙටි කාලකින් විසඳිය හැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ආණ්ඩුවේ ඇතැමුන් හෙට වෙන ආණ්ඩුවක් ආවොත් මේ ප්‍රශ්න විසඳෙනවාද කියා ප්‍රශ්න කරන බව කී හිටපු ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර 15ක පමණ ඇමති මණ්ඩලයක් පත්කිරීම හා මහ මැතිවරණයක් පවත්වන කාලයක් නියම කර ඉදිරියට ගියහොත් ජාත්‍යන්තරයේ සහය ගත හැකි බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවට රට තුළ ප්‍රසාදයක් හා විශ්වාසයක් නැති අතරම, ඔවුන් පසුගිය අවුරුදු තුනක කාලයේ කටයුතු කළ ආකාරය නිසා අන්තර්ජාතික වශයෙනුත් විශ්වාසයක් නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

තමන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ වැදගත්කම කිහිප අවස්ථාවකදීම කතා කළ නමුත් ජනාධිපතිවරයා එයට සුබවාදී ප්‍රතිචාර නොදැක්වූ බව ද හෙතෙස පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුව දවසින් දවස රට අමාරුවට පත්කරමින් සිටින බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිවරයා හා අගමැතිවරයා වරින් වර වෙන වෙනම මැති ඇමතිවරු හා නිලධාරීන් කැඳවමින් සාකච්ඡා කරන ආකාරයෙන්ම දෙදෙනා අතර සම්බන්ධතාවයක් නැති බවත් පැහැදිලි වන්නේ යැයි ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා තනතුර භාරගෙන නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළ බවත්, නිර්පාක්ෂික ආණ්ඩුවකින් ගැටලු විසඳෙන්නේ නැති නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ජාත්‍යන්තර සහයෝගය ගෙන රට ගොඩගැනීමට ක්‍රියා කරන්නැයි තමන් අගමැතිවරයාට දැනුම් දුන් බවත් හෙතෙම කීවේය.

ජපානය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් උදව් කළ රටක් නමුත් වර්තමානයේ දී එරට සමඟ ඇති ද්විපාර්ශවික සම්බන්ධතා බිඳවැටී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මෙරටට නොමැති තෙල්, පොහොර, කෘමිනාශක, ගෑස් ආදී සියල්ල රුසියාවට ඇති නමුත් එරට ගුවන් යානයක් සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් රුසියාව ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බව ද පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඔස්සේ රට ගොඩගැනීමේ වැඩපිළිවෙලකට යා යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ද පැවසීය.

ජපානය, බටහිර රටවල්, රුසියාව, ඇමෙරිකාව වැනි රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ තමන් සාකච්ඡා කළ බවත්, ඔවුන් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට උදව් කරනු ඇති බවත් හෙතෙම කීවේය.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ඇති කළහොත් පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් එක්වී අග්‍රාමාත්‍යධූරයට අයකු පත් කළ යුතු බවත්, දේශපාලන පක්‍ෂවලින් එක් නියෝජිතයෙක් බැගින් ඇමති මණ්ඩලයට ආ විට අද තිබෙන චෝදනාත් නැති වනු ඇති බවත් සඳහන් කළේය.  



අදහස් (12)

‘සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳිය හැකියි‘

ravin Friday, 17 June 2022 06:05 PM

තමුන් නොදන්නවා වගේ හැසිරුණාට මෙරට සිටින සියලු දෙනා දන්නවා අද තියෙන ප්‍රශ්නවල මුල කවුද කියලා. දැනට සිටින ජනාධිපති පදවියේ වැඩබාරගනිද්දී ඉඟිකළේ කවුද කියලත් දන්නවා. හොඳම දේ නම් ‘‘අනිච්ඡාවත සංඛාරා‘‘ කියන එක...

:       13       33

kamala siri herath Friday, 17 June 2022 06:14 PM

හිටන් හුටන්ගේ කෙරුවාව අපිට ඇතිවෙලා.. පොළොන්නරුවේ ගිහින් කුඹුරක් කොටන්න..

:       1       27

දාස Friday, 17 June 2022 06:28 PM

මේ තත්වයට රට ඇද දැමූ හොරුටික එකතුවෙලාද රට ගොඩගන්න යන්නේ..,! අනේ සිරෝ මට නම් හිනාවෙන්න තැනක් නෑ ගොයියෝ...

:       0       43

සමිත සේනක අලුත්ගමගේ. Friday, 17 June 2022 06:34 PM

මෛත්‍රීපාල සිරිසේනට ජනතාව බලය ලබා දුන් වෙලේ ඒදේ ඔහු හරියට නොකොට, ජනතා මතයට හා ඔහු බලයට ගෙනා අයටද පයින් ගසා, හොර ආණ්ඩු හදලා, එය ගරු අධිකරණයේ තීරණයෙන් පසු වෙනස්වී ගියා. ඒත්, නැවතත් රාජපක්ෂවරුන්ට බලය ලබා ගැනීමට හැකි තරම් යටි කූට්ටු වැඩ කළා.ඒවා ජනතාවට අමතක නැහැ.රට මේ අගාධයට ඇද දැමූ රාජපක්ෂ පාලනය ගෙනඒමට උදව් කළ සිරිසේනත්,මේ සියලු දේවල් වලට වගකිව යුතුයි.දැන් මේ සර්ව පාක්ෂික ආණ්ඩු හදන්නට වෙර දරන්නේ, සියලුම හැත්ත බුරුත්ත පිටින්ම බලයේ රැඳී සිටිමින් රටේ ඉතිරි ටිකත් කාබාසිනියා කර දමන්නයි. දැන් රටට අවශ්‍ය වන්නේ, රට කෑ අය කරනා පාලනයක් නොවේ. වෙනත් දෙයකි...

:       17       33

Nihal Friday, 17 June 2022 07:15 PM

එතකොට ඩොලර් වැක්කෙරෙනවා. උතුරනවා කියලා හිතමු. හිතීමේ, කතා කිරීමේ නිදහස තිබුණු පළියට ඔහොම කියන්න හොඳ නැහැ.

:       1       23

කමල්Sunday, 19 June 2022 07:01 AM

නිහාල් හිතන්නේ පක්ෂ ක්‍රමයෙන් තමයි හරියන්නේ කියලා නේද? අපි නිදහස ගත්තේ පක්ෂවලට බෙදිලා නොවෙයි, හැමදෙනාම ජාති, ආගම් කුල භේදයකින් තොරව එකාවගේ එකතුවෙලා... අහලා නැද්ද නැගී සිටිය හැක. එක්සත් වී බෙදීගියොත් රට යයි සුන්වී කියලා... කොහොම නමුත් රටට ආදායම් ක්‍රමයක් සැකසීමෙන් තොරව අනවශ්‍ය දේවල් කරලා ගත්තු ණය ගෙවීමට බැරිවුනේ පක්ෂ ප්‍රතිපත්ති ආණ්ඩු පක්ෂයේ සාමූහිකත්වය රැකීම වැනි අදහස් මත කොපමණ වැරදි තිබුණත් අයවැයට පක්ෂපාතී වීම නිසායි... ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩකම කොතරම්ද කියනවා නම් මේ රට මෙතරම් ණය කරපු කෙනා හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ කියන එවුන් තවමත් ඉන්නවා දැන් පාසල් වහගෙන කටයුතු කළොත් එහෙම එවුන් ලක්ෂ ගණනින් වැඩිවේවි...!!!

:       0       0

Asela Friday, 17 June 2022 07:49 PM

ඔබ දැනටමත් කරලයි තියෙන්නේ... දැන් කට වහගෙන ඉන්න..

:       0       21

චන්දන Friday, 17 June 2022 09:18 PM

ඔයා කරපු හැටි අපි දන්නවා. දැන් පැත්තකින් ඉන්න...

:       0       19

gagana Friday, 17 June 2022 11:42 PM

අනේ ගෙදර ඉන්න...

:       0       3

LGPJ Saturday, 18 June 2022 02:29 PM

රටේ ප්‍රශ්න කවදාකවත් සර්ව පාක්ෂික රජයකට විසඳන්න බැහැ.

:       0       27

chandima Sunday, 19 June 2022 09:46 AM

ඔය මොනවා කිව්වත් යාලු ප්‍රජාවට ඕනෑ රටේ මිනිස්සුන්ගේ බොටුව මිරිකලා රූකඩ ආණ්ඩුවක් පිහිටුවන්න. මේ තරම් කල් කුරුමාණම් ඇල්ලුවේ ඒකටයි.

:       0       2

chandima Monday, 20 June 2022 04:06 AM

සර්ව පාක්ෂික නාඩගම පෙන්නලා ඉවරයි. දැන් හැමෝම සුබ සහ යස නාඩගම බලන්න සූදානම් වෙන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 433 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 663 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 426 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 265 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 380 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 531 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site