පුරා විද්‍යා රක්ෂිතයක් හා පුජා නගරයක් වන ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ඉපැරණි චෛත්‍ය වටා අනවසර කැණිම් වහාම නතර කරන ලෙස පොලිසියට දන්වා පුරා විද්‍යා නිලධරයන් පිරිසක්ද එහි යැවු බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියයි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාඨ හා කේෂ ධාතු නිධන් කර දුටුගැමුණු මහ රජ තුමාගේ පියාණන් වන කාවන්තිස්ස මහරජතුමා විසින් සේරුවිල චෛත්‍ය කරවන ලදැයි ඉතිහාසයේ සඳහන් වේ.
සේරුවිල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නා හිමියනට රන් වැටක් ඉදි කිරීම සඳහා එහි සෑය වටේ හාරා ඇත.රන් වැට ඉඳි කිරීමට අවසර දී ඇත්තේ පුරා විද්‍යා රක්ෂිත සීමාවෙන් බාහිර ප්‍රදේශයක බවත් කිසිම පුරා වස්තුවකට හානි නොවන අයුරින් රන් වැට ඉදි කිරීමට කොන්දේසි පනවා ඇති බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
සේරුවිල රජමහා විහාරස්ථානාධිපති සරණකිත්ති හිමි පවසනුයේ රන් වැට ඉදි කිරීමට පුරා විද්‍යා කොමසාරිස්ගෙන් අවසර ලබා ගත් බවයි.
මහා සෑය ළගින් කළ කැණිම් පුරා විද්‍යා කොමසාරිස්ගේ නියෝගයෙන් නතර කළ බව ද ඒ හිමියෝ කියති.
සේරුවිල අක්කර 84 කුත් පර්චස් 29 ක් වන භූමි භාගය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කැර ඇත්තේ හිටපු පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සී ඊ ගොඩකුඹුරගේ කාලයේදීය.
1962 නොවැම්බර 16 වැනිදා ගැසට් නිවේදනයකින් ඒ බව ප්‍රකාශ කැර ඇත. කථිකාචාර්ය මුං හේනේ මෙත්තාරාම හිමියන් සේරුනුවර පොලීසියට මාර්තු 17 වැනිදා පැමිණිල්ලක් කරමින් අධිකරණයට අපහාස වන සේ විහාරස්ථානයේ අනවසර කැණිම් සිදු කරන බව කියා සේරුවිල පන්සලේ සත් මහල් විහාරස්ථානයේ බුදු පිළිමයක් පිටුපස ඇති නයි පෙන නවයද කඩා දමා ඇතැයි මෙත්තාරාම හිමියෝ කියති.
එම නයි පෙන ඉදි කැර වසර විස්සකට නොවැඩි බවත් එම ඉදි කිරීම් පුරා වස්තු ලෙස නොසැලකෙන බවත් ආචාර්ය දිසානායක කියයි.එහෙත් මෙත්තාරාම හිමියන් පවසනුයේ නඩුව අවසන් වන තුරු විහාරයේ ඇති කිසිවක් වෙනස් කිරීම හෝ කඩා දැමීම උසාවියට අපහාස කිරීමක් බවයි.
ඒ හිමියන් විසින් පැවරුණු නඩුවේ කටයුතු අවසන් වන තුරු විවාදයට තුඩු දී ඇති කරුණු හා විහාරස්ථානයේ අදාල තත්ත්වය ඒ අයුරින්ම රැකගත යුතු යැයි කොළඹ දිසා අධිකරණයේ පී ඒ ජී ගනේපොල විනිසුරුවරයා 2012.02.03 වැනිදා අතුරු තහනමක් ද පනවා ඇත.
මෙම නඩුව තවමත් පවතින හෙයින් වත්මන් විහාරාධිකාරීය අධිකරණයට අපහාස කැර ඇතැයි පෙත්සම්කාර හිමියන් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.\
(වීඩියෝ දසුනක් සහිතයි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ජාතික අපරාධ... මෙවැනි දේවල් කරන අයට නිසි දඩුවම් දෙන්න ඕනෑ. (ත)
අනේ මෙතෙන්ටත් බුදු සරණයි (අ)
කොටි ප්‍රශ්න තියෙද්දි කවුරුවත් පැත්ත පළාතෙ ගියෙ නැහැ. දැන් තමා සේරම නීති. සේරුවිල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නා හිමියනට ශුද්ධ අයිතියක් තියෙනවා ගැලපෙන සහ අවශ්‍යවන වෙනස් කමක් කරන්න. (ත)
සේරුවිල රජමහා විහාරය රජවරු හදපු තැනක් (ත)
මේක තනිකරම ඉරිසියාව පිරිමහගන්න කරපු වැඩක්. මමත් කාලෙක ඉඳල සේරුවිල පන්සලට යන එන කෙනෙක් නිසා මේ අය ගැන යම් තරමක් දන්නව. මේ මුංහේනේ මෙත්තාරාම කියන්නෙ සරණකිත්ති හාමුදුරුවො යටතේ හිටිය ගෝලයෙක්. එයා හිතාගෙන හිටියෙ සරණකිත්ති හාමුදුරුවන්ගෙන් පස්සෙ පන්සලේ අයිතිය එයාට ලබේවි කියලා. නමුත් මෙත්තාරාම හාමුදුරුවන්ට වඩා පැවිද්දෙන් වැඩිමහලු සහ වඩාත්ම සුදුසු වෙනත් ස්වාමින් වහන්සේ නමකට තමයි පන්සලේ මීළඟ නායක පදවිය පිරිනමන්න සරණකිත්ති හාමුදුරුවො තීරණය කරල තියෙන්නෙ. ඒ නිසයි මේ විරසක ය. හැකි හැම විදියකින් ම පළිගන්න තත්තවයක් උද්ගතවෙලා තියෙන්නෙ.(නදී)
අවුරුදු 30 ක් තිස්සේ සිංහයෙක් වගේ ඉඳගෙන ඔය සේරුනුවර සිංහල ගමයි, මිනිස්සු ටිකයි, පන්සලයි රැකගත්තෙ ඔය ලොකු හාමුදුරුවො තමයි. පුරාවිද්‍යා නිලධාරීන්වත්, දැන් කිඹුල් කඳුළු හෙලන චීවරධාරීන්වත් නෙවෙයි. වල්ගෙ ගිනි අරගෙන වගේ නඩු දාන, කෑ ගහන අය කොහෙද දන්නෙ නෑ ඒ කාලෙ හිටියෙ....? සෝමාවතියෙ නායක හාමුදුරුවන්ටත් මේ බකට් එකම තමයි ඇද්දෙ මෙයාල පහුගිය කාලෙ. කරන පිනට වළ කපල නිකන් අපායෙ යන්න එපා.(නදී)
හොදක් කරත් ඒක හොඳ නැහැ.(නදී)
අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රි ලළාට ධාතූන් වහන්සේ තැන්පත්ව ඇති සෑ රදුන් වටා රන් වැටක් ඉදිවනුයේ,භාග්‍යවතුන් වහන්සේට උපහාර පිණිසමය. එවැනි පිං රැස්වෙන පුන්‍ය ගංගාවකට දොරටු විවර කළ,පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී පිංවත් භික්ෂූන් වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. බොදුණුවන්ගේ මුදුන් මල් කඩක් බදු වූ සේරුවාවිල සෑ රදුන්ගේ උන්නතිය උදෙසා මෙතෙක් මහමෙව්නා අසපුවාසී පිංවත් ස්වාමීණ්වහන්සේලා දැක්වූ ප්‍රයත්නයන්ට ද නමස්කාර කරමු. සාධු! සාධු!සාධු! (නදී)
"සේරුවිල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නා හිමියනට රන් වැටක් ඉදි කිරීම සඳහා එහි සෑය වටේ හාරා ඇත"...වෙහෙර වටේ හාරන්නේ ඇයි කියා හාමුදුරුවෝ වීඩියෝ එකේ කියනවා. ඒ රන් වැටකට නෙමේ. පරණ තිබුන ගල් වලින් වෙහෙර පදනම ආරක්ෂා කරන්නයි. දැන් ඔහොම තිබ්බාම වතුර ගිහින් මුළු වෙහෙරම අනතුරකට පත් වෙන්න පුළුවන්.? අමාත්‍යාංශයක් තියෙන්නේ මොකටද? (අ)
හරිම පවු හරිම කැතයි මේ වගේ උසස් සංඝයා වහන්සේ කෙනෙකුට පූජා බිමකට නඩු දාලා අපහාස කරන එක. සංඝ බේදේට අහුවෙලා ඉවරයි. (නදී)
මොනවා වුණත් ඒ ගත් තීරණය හොඳයි. (නි)
මමත් ඔය තැනට ගියා හරිම ලස්සනට හදනවා.(නදී)
මමත් සේරුවිල රජමහා විහාරයට ගියා. හරිම ලස්සනට රන්වැට හා පාදම ඉදි කරනවා. බොහෝ දෙනාට පින් රැස් කර ගන්න හොද අවස්ථාවක්. මෙයට විරුද්ධ වී බොහෝ අය පවු රැස්කර ගන්නවා. සේරුවිල අවට බොහෝ ගරාවැටුණු චෛත්‍ය තිබෙනවා. ඒවා ගැන හොයන්න කවුරුත් නැහැ. ඒවා අලුත්වැඩියා කරන්න කවුරුත් නැහැ. හැබැයි බුද්ධ ශාසනය රැක ගැනීමට කැමති පින්වත් ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වෙලා ගරා වැටුණ චෛත්‍ය රැක ගැනීමට උත්සාහ දැරුවොත් එය වැළැක්වීමට නම් බොහෝ අායතන හා හාමුදුරුවරු ඉදිරිපත් වෙයි. ගෞතම බුද්ධ ශාසනයේ වටිනාකම නොදත් අය මේ වැනි දේ කරන එක ගැන පුදුම විය යුතු නැහැ.සෑම දිනකම උදැසන හා සවස ඉතාමත් ලස්සනට රට රැකගත් විරෝධාර රණවිරුවන්ගේ හා ගමේ උපාසක උපාසිකාවන්ගේ උපකාරයෙන් චෛත්‍ය අසන්නයේ බුද්ධ වන්දනාවක් කරනවා. ඔබත් මේ සියලු පින්කම් වලට සහභාගි වි පින් රැස්කර ගන්න. (නි)
ඇයි මේ හොඳ වැඩක් කරද්දිත් ඉන්න බැරි. දෙවියන් පවා රැස් වෙලා වන්දනා කරන මහා පින්කම් වලට සහභාගි වෙන්නවත් පිනක් නැති නම් සතුටු සිතින් දැකලා වත් පින් අනුමෝදන් කරගන්න. (නදී)
ඇතැම් පව්කාර අවාසනාවන්ත ජනයා තමන් පිනක් කරගන්නේත් නෑ. අනුන් කරන පින අනුමෝදන් වෙන්නේත් නෑ. පිනක් කරගන්නා හැමෝටම වලවල් කප කපා ඉඳලා නිරයට මඟ විවර කරගන්නවා. (නදී)