IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


සල්ලිකාර හොරා රඳවාගෙන ප්‍රශ්න කරයි

සැප රියකින් ගොස් සැප ගෙවල් බිඳින මාළු ව්‍යාපාරිකයා ගල්කිස්ස පොලිස් ප්‍රදේශයේ ගෙවල් 64ක් කඩා ඇතැයි පොලිසිය කියයි.

මීගමුවේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා මාවතගම පිලැස්සෙන් විවාහයක් කරගෙන ඇතැයි ද, ත්‍රිකුණාමලයෙන් මාළු ගෙන්වන ඔහුට දිනකට කුඩු ගැසීමට රුපියල් විසි දහසක් අවශ්‍ය බව ද පොලිසිය පවසයි.

මාලබේ ෆිනෑන්ස් සමාගමකට රුපියල් තුන් ලක්ෂයක් ගෙවා ලීසිං ක්‍රමයට ගත් කාරයට මාස් පතා රුපියල් 75000ක් ගෙවීමටත්, කුඩු ගැසීමටත් වාරිකය ගෙවීමටත් අවශ්‍ය මුදල් සොරකම්වලින් සොයා ගන්නා බවත්, ඔහු විසින් සොරකම් කළැයි කියන රන්පවුම් 14ක් කුරුණෑගල සාප්පුවකට විකුණා තිබිය දී සොයා ගත් බවත් පොලිසිය කියයි.

කොළඹට නුදුරු පොලිසියක් දැන් ඔහු රඳවාගෙන ප්‍රශ්න කරයි.

 



අදහස් (0)

සල්ලිකාර හොරා රඳවාගෙන ප්‍රශ්න කරයි

මිල්ටන් Monday, 24 March 2014 01:27 AM

පොලිසියෙන් මෙහෙම හොරු ඇල්ලවහම ඇයි මුණ වහලා ගෙනියන්නේ රටම දැනගන්න අරින්න.(නදී)

:       0       0

රොෂේන් ඩි සොයිසා Monday, 24 March 2014 02:39 AM

මහා අපරාදක් මේක නම්. (දී)

:       0       0

බෙනට් Sunday, 23 March 2014 01:48 PM

ගෑනුන්ගේ මායම් ටිකත් 64 න් ඉවර උනා වගේ මෙයාගේ හොරකම් ටිකත් එහෙනම් 64 න් ඉවර උනා.(නදී) .

:       0       0

අසෝකා Sunday, 23 March 2014 05:12 PM

බෙනට්, ගෑනුන්ට කිව්වම ඔයාගේ අම්මා, බිරිද, සොහොදරියන් ද ඇතුලත් වෙනවා.(නදී)

:       0       0

දුමින්ද Sunday, 23 March 2014 06:05 PM

හොරාගේ පින්තුරයක්? (නදී)

:       0       0

ලන්කාතිලක Sunday, 23 March 2014 07:50 PM

මෙය සල්ලි කාරයෙක් වෙලා තියෙනේ හොරකමෙන්ම වෙන්නට පුළුවන් . මේකත් එකතරා විදියක ස්වයන් රැකියාවක්.(නදී)

:       0       0

අනගාරික Sunday, 23 March 2014 08:04 PM

ලංකාවේ ඉන්න ඔක්කොම සල්ලිකාර හොරු ටික මේ විදියට මාංචු දාලා ගේන්න පුළුවන් නම් පොලිසිය කොච්චර අගේද ? මොකද ඒ කට්ටිය හොරකම් කරන්නේ මුළු රටේම ජනතාවගේ සල්ලි.(නදී)

:       0       0

සුජානි Sunday, 23 March 2014 08:19 PM

බය වෙන්න දෙයක් නැහැ. දේශපාලන මෝඩයෝ මෙවන් මිනිසුන් ගේ යහළුවෝ වෙති. ඒක නිසා හොරා නිදහස් වෙයි.(නදී)

:       0       0

දන්ගොඩ Sunday, 23 March 2014 08:24 PM

මුණ පෙන්නන්නේ නැති එක හොඳ දෙයක්. හැබැයි මේක සල්ලිකාර හොරුන්ට විතරක් නෙමෙයි දුප්පත් හොරුන්ටත් අදාලව කරන එක තමයි හොඳ.(නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 23 March 2014 10:07 PM

එදා වේල හොයා ගන්න මොනවා හරි හොරකමක් කරන අහිංසකයෙක් අල්ලා ගත්තොත් පොලිසියේ ඉන්න ඔක්කොම වටේට. මහා පරිමාණයෙන් ගේම් දෙන හොරුන්ට එක්කෙනයි දෙන්නයි.(නදී)

:       0       0

විනෝද් Sunday, 23 March 2014 11:00 PM

"සල්ලිකාර හොරා ගල්කිස්ස පැත්තේ පමණක් ගෙවල් 64ක් කඩලා" මට නිකන් පිස්සු වගේ ඒ කතාව අහලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 890 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 136 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 328 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 473 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2162 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4213 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site