බදුල්ල නගරයේ උද්ඝෝෂණ පෙළපාළි හා රැස්වීම් පැවැත්වීම බොදුබල සේනා සංවිධානයට හා සිහල රාවයට තහනම් කරමින් බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය තහනම් නියෝගයක් නිකුත් කළාය.
මෙම සංවිධාන බදුල්ල නගරයේ පෙළපාළි යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයි සහකාර පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයාගේ සුබ සෙත වෙනුවෙන් එඩිතර නියෝගයක් දුන්න ගරු මහේස්ත්‍රාත් තුමියට අපේ ප්‍රණාමය. මෙන්න නීතිය මහජනයාගේ සුබ සෙත වෙනුවෙන් යොදවන හැටි පෙන්වා දුන් උසස් නීති නිලධාරිනියකගේ හොඳ ආදර්ශයක්. මෙය මුළු රටටම වැදගත් ආදර්ශයක් වේවා. (ස)
පුදන කොටම කාපි (නදී)
ඉතාමත් වැදගත් තීරණයක්!. (නදී)
නැගෙනහිර හර්තාල් තහනම් කරන්න මීට සමගාමීව. නීතිය පොදු බව පෙන්නන්න ක්‍රියාවෙන්ම. (නදී)
එතකොට ඕකද විසඳුම? (නදී)
මෙයයි විය යුත්තේ. (නදී)
රටේ අනාගතය ගැන හිතලා ගත්ත තීන්දුවක්. ඉතා හොඳයි (නදී)
වැදගත් තීරණයක්! මෙයාල මොකාටද එන්න හදන්නේ කියල අපිටත් තේරෙනවා. පසුගිය කාලේ වතුර ටික ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියල මැරුවා, තුවාල කලා, අතපය බිදෙන්න ගැහුවා. එතොකොට මේ බලේ කොහෙද හිටියේ. (ස)
අශ්වයන් ගිය පසු ඉස්තාලය වැසීම. (ස)
නැගෙනහිර හර්තාල් තහනම් කරන්න මීට සමගාමීව. නීතිය පොදු බව පෙන්නන්න ක්‍රියාවෙන්ම. (ස)
කතා කරන්න තියන අයිතිය දේශපාලනයට යට කරලා දාලා බව පේන්නේ. (නදී)
කැසිනෝ පනත ගෙනෙද්දී මේ අය කොහෙද හිටියේ ? (නදී)
නැගෙනහිර හර්තාලය තහනම් කරන්න බැරි මොකද? අධිකරණය හරියට නීතිය රකිනවා නම් එ්කත් කරන්න ඕන. එක පළාතකට එක නීතියක් තව පළාතකට තව නීතියක්. මොකක්ද මේකේ තේරුම. (ස)
මේ බලේ එන්නේ සිංහල බෞද්ධ උරුමය රකින්න මිසක් පොලිසිය ආමි එකේ වැඩ කරන්න නෙවෙයි. (ස)
දැන් තමය් නිවැරදි තැනට ආවේ (නදී)
ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයයි කියලා තියෙනවා නේ. අපි නම් රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නැහැ.(නදී)
පමා වී හෝ ගත් හොඳ තීරණයක්. මේ වගේම සියළුම අන්තවාදී සංවිධාන තහනම් කළ යුතුයි (නදී)
කුරගල, මුහුදු මහා විහාරය, දීඝවාපිය මේ වගේ අපේ උරුම විනාශ වෙන එක ඔයාල දන්නේ නැද්ද? ඔයාල හරියට ලොකු කොමෙන්ට්ස් දානවා. මෙහෙ අපේ සිංහල ජාතිය බෞද්ධ ධර්මය උරුමය විනාස කරන එක නවත්වන්නත් ක්‍රමයක් සොයන්න. (නදී)
අළුත්ගමදිත් ඕක කරන්න තිබුනනේ.(නදී)
බොදු බල සේනා තහනම් කරන්න හේතු හොයමින් හිටි අයට හොඳ අවස්ථාවක් ඇවිත්. මොනවා තහනම් කලත් අදහස් තහනම් කරන්න බැහැ. සිංහල බෞද්ධ අයිතින් ගැන කතා කරන එක නවත්වන්නත් බැහැ. (නදී)
මේ තීරණයට අපිත් එකඟයි (නි)
සියලු ආකාරයේ උද්ඝෝෂණ මෙලෙස තහනම් කරන්න (නි)
නීතිය කාටත් පොදු විය යුතුයි. දිවයින පුරාවට රජය මගින් සියලු විරෝදතා තහනම් කළා නම් කාටත් හොඳයි. (අ)
නැගෙනහිර හර්තාල් තහනම් කරන්න. (නදී)
බෞද්ධාගම කියන්නේ මෛත්‍රිය පතුරුවන ආගමක් මිස අන් අයගේ ආගම් වලට ගරහන ආගමක් නෙමෙයි. මෙය හැම දෙනාම තේරුම්ගන්න (නදී)
ඉතාමත් වැදගත් තීරණයක්. බොදු බල / රාවන බල නොවේ, බෞද්ද / කතෝලික / මුස්ලිම් සියලුම රැස්වීම් තාවකාලිකව හෝ නැවතිය යුතුයි තත්වය පාලනය වන තුරු. නැගෙනහිර නොවේ රටේ ඕනෙම තැනක ජාති වාදී ආගම් වාදී රැස්වීම් හර්තාල් තියන්න උත්සහ කරනවා නම් , වහාම තහනම් කල යුතුයි. අශ්වයා ගියාට පසු ඉස්තාලය වහන්නේ ඊළඟ අශ්වයෝ බේරා ගන්න. ගිය එකා ගැන හිතලා නොවේ. එජාප , ආණ්ඩුව , ජේවීපී , මුස්ලිම් කොන්ග්‍රසය , ටී.එන්.ඒ , ජා නි පෙ , මේ හැම දෙනාම ඉන්නේ එකම මතයක. සමහරු නම් බොර දියේ මාළු අල්ලන්න හදනවා වෙන්න පුලවන් (නදී)
ආගමික මධස්ථානයකින් පන්සල්, පල්ලි,කෝවිල් වලින් එලියට එනවිට නිවි සැනසී එලියට එන තත්ත්වයක් පෙර දක්නට ලැබුණා. නමුත් දැන් ඇතැම් ආගමිකි මධ්‍යස්ථාන හෝ කණ්ඩායම් වලින් මිනිසුන්ගේ ලේ රත්කරනවා. (නදී)
නීතිය කොටසකට විතරද ? (නදී)
අරුණ ශාන්ත, වර්තමාන තත්වය හමුවේ බදුල්ලේ රැස්වීම තහනම් කිරීම හරි හෝ වැරදී වේවා අපි තේරුම් ගන්න ඕනේ ඕනෙම සංවිදානයක් පිහිටවාගෙන තියෙන්නේ නිශ්චිත අරමුණක් වෙනුවෙන්. බොදු බල සේනාව පෙනී සිටින්නේ ගිලිහි යන සිංහල බෞද්ධයන්ගේ අයිතිය , සිංහල ජාතියට සිදුවන අනාගත අහේනිය පෙන්වා දීමට. සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් හෑල්ලු වෙන බහුතර සිංහල බෞද්ධ අයිතීන් සහ විනාශ වන බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනිමට මිසක රටක පවතින සියලුම ප්‍රශ්න විසදීමට නොවේ.(නදී)
ඕක කලින්ම කරා නම් අලුත්ගම නැති උන ජීවිත දේපල හානි වලක්වන්න තිබුණා. මේවා බොරු යටිකූට්ටු දේශපාලන සැලසුම්. (නදී)
මේකේ මහ ජාතිය සිංහල කියා මතක තියාගන්න.(නදී)
අදුරු වලා තුල රිදී ඉරි තියෙනවා කියන්නා සේ සිදු වූ ඉතාමත් අවාසනාවන්ත සිද්ධිය අවස්ථාවක් කරගෙන මුස්ලිම්, දෙමළ, සිංහල සියළු අන්තවාදයට බර පක්ෂ තහනම් කරන්න (නදී)
බොදුබල සේනා සංවිධානයට හා සිහල රාවයට තහනම් එතකොට අනිත් අයටත් ඔය හැන්දෙම්ම බෙදන්න කෝ. (නදී)
බෞද්ධ ආගම වෙනුවෙන් යමක් කිරීමට නම් බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් ක්‍රියාකරන ආකාරයට බොදුබල සේනාව ,සිංහල රාවය වැනි සංවිධාන ක්‍රියා කරනවානම් ඉතාමත් යහපත් ,නමුත් දැන් ඔවුන් හැසිරෙන ආකාරය බෞද්ධ ආගමට මෙන්ම බෞද්ධ ආගම වැළඳගත් සියලුම රටවැසියන්ට ලොකු අපකීර්තියක්. (අ)
බල්ලගේ වැඩේට බූරුවා කරන්න ගියාම මෙහෙම තමයි. (නදී)
ආගම ජාතිය ගැන කමෙන්ට් දාන්න ඕනෑ තරම් ජාතිමාමකයෝ. පන්සිල් පද පහ රකින්න එකෙක් නෑ.(නදී)
අපි ඔක්කොම මිනිස්සු. ඉතුරුවෙන්නේ කළ පින් පව් විතරයි (නදී)
මෙතන අදහස් දමල තියෙන සුළු පිරිස අතරෙත් අන්තවාදීන් කොපමණ ඉන්නවද කියල බලන්න. කුරගල, මුහුදු මහා විහාරය, දීඝවාපියට වෙච්චදේට අලුත්ගම ඉන්න මිනිසුන්ගේ ගෙවල් ගිනි තිබ්බම හරි යනවද? (නදී)
සිංහල රටේ සිංහලයට දැන් තැනක් නැද්ද ? (නදී)
බොදු අන්තවාදී රැස්වීම් පමණක් නොව උතුර නැගෙනහිර , කදුකර, කොළඹ සියලුම ජාතිවාදී රැස්වීම් නවතන්න. (නදී)
අමිල, ඔහොම කිය කියා තමයි ඔලුව උදුම්මවා ගෙන මහා විනාශයක් කර ගත්තේ. දැන්වත් ඔය පුහුමානය හිතින් අෑත් කරගන්න. අපිට කොතනද වැරදුනේ ඒවාට සාම කාමීව පිළිතුරු සොයමු.(නදී)
අන්තවාදය රට විනාස කරා . දැන් ඇති මරාගත්තා.(නදී)
ප්‍රියන්කා, උරුමය රැක්කට කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙතන සිදුවෙන්නේ ජාතිවාදය අවුස්සන එකයි. අනෙක් ජාතීන්ට එරෙහිව ජනතාව උසි ගැන්වීමයි. මේ වෙනකන් උරුමය රැකිලා තියෙනවා. කවුරුවත් පැහැරගෙන නැහැ. දැන් මෙයාලා ඇවිල්ලද උරුමය රකින්න යන්නේ. අපේ ජනාධිපතිතුමා හොඳ සිංහල බෞද්ධයෙක්. එතුමා ඒ උරුමය රැකලා දෙයි. ත්‍රස්ත්‍රවාදය නැති කරලා ඒ උරුමය රැකලා දුන්නා. මෙයාලා අවශ්‍ය නැහැ ඒකට. අනික උරුමය රකින්නේ අනික් ජාතීන් මරලා නැති කරලද. ඒකද ඔයාලගේ සංස්කෘතිය. සදාචාරය. ආගම දහම. කරුනාව මෛත්‍රිය දක්වන්නයි උගන්වලා තියෙන්නේ. ඒත් මෙතන වෙන්නේ මොනවද. (නදී)
රටටයි ජාතියටයි අම්මට වාගේ ආදරය කරපල්ලා මිනිසුනේ (නදී)
සිකුරාදා දවල් පෙළපාලි තහනම් වේවිද කියල බලමුකෝ.(නදී)
අපි හැමදාම සදාරණය ගැන කයිවාරු ගහනවා. නැගෙනහිර අන්තවාදීන් කරන උද්ඝෝෂණ පෙළපාළි හා රැස්වීම් නවත්වන්න නියෝග දෙන්නේ නැත්ද? (නදී)
බදුල්ල හොද නගරයක් පින්සිද්දවෙයි කන්න නම් එපා. අපි හොඳින් හිටියා (නදී)
රෝයි ඔයා මම කියපු තැන් වලට ගිහින් බලන්න. ඒවා රැකපු හැටි බලාගන්න පුළුවන්. මම ජනාදිපතිතුමට ගරු කරනවා. එ්ක මුළු රටම කල යුතු දෙයක්. ඔයාගේ අන්ධ බාවයට මට කරන්න දෙයක් නැහැ. ත්‍රස්තවාදය පරාජය කලාට අපේ ජාතියට බුද්ධ ධර්මයට තියෙන අනතුර ඉවර නැහැ. එ්ක කව්රුත් තේරුම් ගන්න ඕනා. ඔයා ප්‍රශ්නෙට හේතුව හොයා ගන්න. මේ ඇති උන ප්‍රශ්නෙට හේතුව නැති කලා නම් අද මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. එ්කත් තේරුම් ගන්න.(නදී)
කොන්ද කෙලින් තීරණයක් ගත්ත මහේස්ත්‍රාත් තුමියට මල් මිටක් (නදී)
අමතක කරන්න එපා සියල්ල පත් කර ඇත්තේ දේශපාලනයෙනි (නදී)
බදුල්ලෙන් පමණක් නෙවි මුළු ලංකාවෙන්ම තහනම් කරන්න මෙතන සිදුවෙන්නේ ජාතිවාදය අවුස්සන එක. (නදී)
ප්‍රියංකා, එතකොට අපේ රටේ පාලකයෝ බෞද්ධයෝ නෙමේද? අපේ දේවල් ආරක්ෂා කරගන්න අපි දැනගන්න ඕනා. තමන් හීනමානයකින් පෙළෙමින් නිකරුනේ අනෙක් අයට දොස් කියල පලක් නැහැ. ගිහින් බලන්න ගමේ සමහර පන්සල් වලට පන්සලේ බන මඩුවට තාප්පෙට හුණු ටිකක් තවරා ගන්න බැරිව අභාවයට ගිහින්. අපි කරන පිනක් දැහැමිනුයි කරන්න ඕන. දැන්කලේ සමහරු පින් කරන්නෙත් "හනුම දර පලනවා වගෙයි" නිකමට හිතන්න, අද දන්සල් වලට එන්නේ, ගෙදර කන්න කෑම නැති අයද? නැහැ, ගෙදර උයන්න කම්මැලි අය. වාහනයක් තියනවා නම් වෙසක් එකට රට වටේ හොඳට රවුමක් ගහල නොමිලේම බඩත් පුරෝගෙන ගෙදර එනවා. හැබැයි. දහ අතේ පින් රැස් කරගන්න වෙහෙස වෙන සැදැහැවතුන්ගේ ගමේ පන්සල? (නදී)
බලමුකෝ බලමුකෝ බලමුකෝ කියා කියා ඉමු අපේ දරුවන්ට මේ තියන එකම රට නැති වෙලා ලෝකේ කල්ලතෝනි ජාතියක් වෙලා යනකම් බල බලා ඉමු. (නදී)
කොහොම කොහොමින් හරි දැන් මේ කලබල නිසා පිටරටවලත් ලංකාව ගැන නරක පලවෙලා ඉවරයි. විශේෂයෙන් ම සර්ව ආගමික නිදහස තියන රටවල් මේ ගැන විමතියට පත් වෙලා. අපිට ජාත්‍යන්තරයේ හොඳ කීර්ති නාමයක් අවශ්‍යයි. අපිට මොකෝ ඒගොල්ල කොහොම හිතුවත් කියලා කිව්වට අපේ රටේ පුරවැසියෙකු වෙනත් රටකට රාජකාරි විසාවක් ඉල්ලුවත් මේ දේවල් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබෙනවා. (නදී)
දිනේෂ්, ඔබ කියන්නේ මේ විදියට කලබල ඇතිකලාම සුලුජාතීන්ගෙන් අපේ සිංහලකම රැකෙනවා කියලද? 83 දීත් උනේ ඕකම තමයි. අන්තිමට ජීවිත කීයක් විනාශ වුනාද? (නදී)
සියලු සිංහලයන්ගෙන් ඉල්ලනවා මේ සිදුවීම සම්බන්දව ගරු පාටලී චම්පික මැති තුමා විසින් නිකුත් කල මාධ්‍ය ප්‍රකාශය කියවන්න කියලා. (නදී)
රටට අහිතකර දේශපාලන රැස්වීම වහා නතර කලයුතුයි. (නදී)
ජයවේවා අන්තවාදී සංවිදාන තහනම් කරන්න (නදී)
නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය සහ විනාශ වෙන පුද බිම් ගැන කතා කරන සැමටම මගේ ස්තුතිය. (නදී)
දිනේෂ්, බොදුබල සේනාව පිහිටවාගෙන තියෙන්නේ නිශ්චිත අරමුණක් වෙනුවෙන් නම්, බොදු බල සේනාව පෙනී සිටින්නේ ගිලිහි යන සිංහල බෞද්ධයන්ගේ අයිතිය , සිංහල ජාතියට සිදුවන අනාගත අහේනිය පෙන්වා දීමටනම් හරක් ලොරි අල්ලන්න ඒවා ගිනි තියන්න යන්නේ ඇයි? (නදී)
මහජාතිය කියා කෑ ගැහුවට වැඩක් නැහැ මහ ජාතිය ඔළුව නැතිව වැඩ කරනවා නම් (නදී)
ලුම්බිණි, කුරගල, මුහුදු මහා විහාරය ගැන කිව්වේ රටට වෙලා තියෙන විනාසේ පෙන්වන්න විතරයි. අලුත්ගම සිද්දියට මුල ඔයා දන්නවද? හාමුදුරුවන්ට අතක් උස්සන්න පුළුවන් කාටද? මේක සිංහල බෞද්ධ රටක්. (නදී)
කුරගල, මුහුදු මහා විහාරය, දීඝවාපිය මේ වගේ අපේ උරුම විනාශ වෙන එක ඔයාල දන්නේ නැද්ද? ඒවට තහනම් නියෝග ගන්තෙ නැද්ද. (නදී)
අසභ්‍ය වචන කියමින් ජනයා කුපිත කරවන ප්‍රකාශ කරමින් ඉර්ෂ්‍යවට අන් අයගේ දේපොළ ගිනි තබමින්, අපේ අයිතිවාසිකම් රැක දෙන්න ඔය කවුරුත් මහන්සි වෙන්න ඕන නැහැ. මොනවා රැකුනත් වැඩක් නැහැ අපිට සැනසීමෙන් ජිවත් වෙන්න නැතිනම්. මෙම රැස්වීම තහනම් කල එක හොඳ තීරණයක්. (නදී)
කුඩා දේවල් මත යැපී මෝඩ මිනිසුන් මහා විනාසයක් කරගන්න පෙර රට දියුණු කර ජාතිය දියුණු කරන්න බලන්න. (අ)
ප්‍රියංකගේ ජාත්‍යාලය සහ බුද්ධාලම්බනය ගැන සතුටුයි. නමුත් මේ අවස්ථාවේ අපි සිංහල බෞද්ධයින් හැටියට සන්සුන් විය යුතුයි. සුළු ජාතීන්ට හීන මානයක් ඇතිවන පරිදි වැඩ නොකළ යුතුයි කියා මගේ හැඟීම. (අ)
අමිල මේ රටේ මහා ජාතියක් නැ . ඉන්නේ එකම ජාතියයි , ඒ ශ්‍රී ලාංකිකයෝ පමණයි , තමාට කැමති කෙනෙකුට තමා කැමති ආගමක් අදහන්න පුළුවන් ඒක ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක් . (අ)
ප්‍රියනාත් මහත්මයා, ඔබතුමන්ගේ අදහස හරි (නි)
සිංහල ජාතියේ උරුමය නිසි විදියට රැකගන්න නම් සාමය සහජීවනයට ගරු කරන්න. නැත්නම් අනාගතයේ සිංහල දරුවන් අනිත් ජාතීන්ට වෛර කරන්න විතරක් දන්නා අය බවට පත්වේවි.මිනිසුන්ට මෛත්‍රී කරන්න, අන්‍ය ජාතීන්ට ගරුකරන්න, ජාතියක් රකින්න ඔය බල සේනා නැතුවාට කමක් නැහැ අපිට. ඒවා ස්වබාව ධර්මයෙන්ම රැකෙනවා. (නි)
ප්‍රියනාත්, ඔබ හරි. අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන සියලුම සංවිධාන තහනම් කරමු. නැත්නම් ලංකාව හැමදාම තුන්වැනි ලෝකයේ රටක් තමයි (නි)
බදුල්ල කියන්නේ කොච්චර සුන්දර නගරයක්ද? (නි)
ඉස්සර අපේ හිටපු කුඩාපොළ හාමුදුරුවෝ, ගුණානන්ද හාමදුරුවෝ වගේ හාමුදුරුවරුන් කතාකළේ නොබියවයි ප්‍රියනාත් මහත්තයෝ. සිංහලයාව අවදි කරන්න නම් "එන්න යන්න කන්න බොන්න උපාසක" කියලා අමතා හරියන්නේ නැහැ.මේ විදියට තමයි අමතන්න ඕනෑ. (නි)
කුසුම්, මම නම් කවදාවත් අපේ ගමේ පන්සල දාලා යන්නේ නැහැ. ඒ වගේම අපේ රට, ජාතිය, ධර්මය පුළුවන් උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒවා අපි රැක ගත්තොත් විකරයි අපේ දරුවන්ට බෞද්ධ රටක් ඉතුරු වෙන්නේ. නැත්නම් මේ රට තවත් බංගලාදේශයක් වේවි. (නි)
අසභ්‍ය වචන, ප්‍රකෝපකාරී හැසිරීම් යනාදිය ගිහියන්ට විතරක් නෙමෙයි, පුජ්‍ය පක්ෂයටත් අකැපයි. කවදාහරි මැරෙන අපිට කරුණාකර සැනසීමෙන් ජීවත්වෙන්න ඉඩ හරින්න. (නි)
තම වාසිය වෙනුවෙන් සිංහල රට ජාතිය පාවාදුන් අය එදත් සිටියා. අදත් සිටිනවා.මතුවටද සිටිනු ඇත. එහෙත් මේ දක්වාම සිංහලයා රැකුණි. නමුත් මතුවට නම් රැකේද යන්න සැකසහිතය. (නි)
කරුණාකර මතක තියාගන්න. අපේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකිකයින් පමණයි . ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම ආගමක් අදහන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසර ලබා දී තිබෙනවා . ලුම්බිණි , පාලිත , ප්‍රියනාත් බොහොම හොඳ අදහස් දමා තිබෙනවා. (නි)
සාධාරන තීන්දුවක්, විනිසුරු මහත්මියගේ. (නි)
ජාතිවාදය , අන්තවාදය කියන්නේ ලෝකයම විනාශ කරන දේවල් (නි)
ප්‍රියංකා, මම ඔබත් සමඟ එකඟ වෙනවා.මේක අපේ රට. අපි මැරිලා හරි අපේ රට රැකගන්න ඕනෑ. ඒ අපේ අනාගත දරු පරපුර වෙනුවෙන්. (නි)
මහානාම, ඔයාලට ඔහොම කතාකරන්නවත් පුළුවන් වෙලා තියෙන්නේ එදා මිනිසුන් ජීවිත දීලා රට රැකගත් නිසායි. (නි)
අධිකරණය ගත් කාලෝචිත තීරණයක් (නි)
උසාවි තීරණයට හිසනවා ආචාර කරමි (නි)
අපි සැමදා අපේ රට සමඟයි! (නි)
රටට යහපතක් වෙන තීරණ පමණක් ගන්න (නි)
කුඩාපොළ හාමුදුරුවෝ සහ ගුණානන්ද හිමියෝ මොන විදියට කතා කළත් ,ගම් බිම් වලට පැන මිනිසුන් තලාපෙළා දැමූ වගක් ඉතිහාසයේ සඳහන් නැහැ.ඒ වගේ අයට වෙනත් උදවිය සමාන කරන්න බැහැ කවදාවත් (නි)
පුදුම අදහස්නේ! ඉතිහාසයට බලෙන් රිංගා ගන්න සමහරුන්ට අවශ්‍යතාවක් ඇතිවෙලා හැඩයි. (නි)
මුලින්ම හිතන්න රට ජාතිය ආගම ගැන. පසුවට පුළුවන් වෙනත් දේ ගැන හිතන්න. අපේ අය වෙනත් දේ ගැන මුලින්ම සිතා රට ජාතිය ආගම ගැන පසුවට හිතනවා.වෙන්න ඕනෑ හැමදේම වෙලා එතකොට. (නි)
වැරදි දේ කවුරුන් කළත් වැරදියි (නි)
බදුල්ල නගරය අවලස්සන කරන්න කාටවත් ඉඩදෙන්න එපා (නි)
බන්දුල, කාට අපහාස කළත් වර්තමානයේ සිටින උදවිය සමාන කරලා ජාතික වීරයන්ට නම් අපහාස කරන්න එපා. ඒ කිසිම වීරයෙක් මහජන කැළඹීම් ඇති කළා කියලා ඉතිහාසයේ නැහැ . ඒ නිසා ආපසු පාසල් ගිහින් හරි ඉතිහාසය ඉගෙන ගන්න. (නි)
බොදු බල සේනාව වගේ සංවිධාන රටට අවංකවම ආදරය කරනවා නම්, රටට,ජාතියට හෝ ආගමට වන වැරැද්දක් අදාළ වගකිවයුතු අයට සාක්ෂි ඇතුව පෙන්වාදීමේ කිසිම වැරැද්දක් නැහැ..එහෙම නොකර නීතිය අතට ගෙන කටයුතු කළොත් රටේ සමගියට ලොකු බාධාවක් වෙනවා (නි)
ඔය මමත්වයෙන් කතාකරන නෝනලා මහත්තුරු ටික, කරුණාකරලා ජිනරතන හිමි ඉතාම කෙටියෙන් ලියා ඇති එක වැකිය දිහා ටිකක් බලන්නකෝ. (නි)
මෙය මුලු ලංකාවටම පොදු ලෙසින් ක්‍රියාත්මක කරන්න (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, එදා ඒ හාමුදුරුවරු ඒ විදිහට කතාකලේ ඒ යුගයේ රට පාලනය කල සුද්දන්ට එරෙහිව ලාංකිකයන් අවදි කරවන්නයි. එතකොට අදත් එහෙමද? ඇයි අපේ පාලකයෝ ගැන විශ්වාසයක් නැද්ද? (අ)
අන්තිමට මේ දේවල් නවතින්නේ මහ ජාතියේ නෙවෙයි ලබන ආත්මයේ මනුස්ස ජාතියේ වත් ඉපදෙන්න බැරි වෙන විදියේ අපාගත වෙන පව් ගොඩකට සම්මාදම් වෙලා. මේ ගැන මම මීට වඩා යමක් නොලියමි. (අ)
එතකොට මේ සිකුරාදා මුස්ලිම් අයගේ විරෝදය නැගෙනහිර පළාතේ නවත්වනවද ? (නදී)
සමහරු ජනතාව ඉදිරියේ කතා කරන නොහොබිනා වචන මාලාව ඇහුවාම සිතෙන්නේ නීතිය අතට නෙවෙයි කටට අරගෙන වත් දෝ කියලා (නදී)
කරන වැඩක් බුද්ධාගම ගාවා ගන්නේ නැතිව කලා නම් හොඳ නැද්ද? මන්ද, රටක බහුතරයක් අදහන දහමේ සාරධර්ම විනාශ වුවොත් ඒ රට විනශ වෙන්න වැඩි කලක් ගත වෙන්නේ නැහැ. වසර 30 ක ජාතිවාදී යුද්ධයක් පැවතුනත් අපට එම යුද්ධය අවසානයේ ජයග්‍රහණය කරන්න හැකි වුනෙත් සමාජය තුළ යහගුණ පිරිහීමට පත්වුයේ නැති නිසයි. ත්‍රස්තවාදීන් හැරුණු විට අප සැම දෙනාම එදා හිටියේ එකම පැත්තක. එත්, අද තත්වය එබදුද? (අ)
නැගෙනහිර හර්තාල් තහනම් කරන්න මීට සමගාමීව. නීතිය පොදු බව පෙන්නන්න ක්‍රියාවෙන්ම. (අ)
අපේ රටේ අපිට නැද්ද නිදහසක් . (අ)
අපිව දැනුවත් කරන්න සංවිධානය කරන මේ දේවල් වලට ආරක්ෂාවක් සපයන්න මේ නීති වලට බැරිද? (නි)