අම්පාර බක්කිඇල්ල, නුගේලන්ද පන්සලක සිටි 6 හැවිරිදි සාමනේර හිමිනමක් පැහැරගෙන සිඟමනට යෙදවූ බව කියන යාචකයකු දඹුල්ල සති පොළේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පාදුක්කේ වල්පිටමුල උපන් මෙම දරුවා වයස අවුරුදු 5 දී බක්කිඇල්ල පන්සලට යැවූ බවත් වසර එක හමාරකට පමණ පෙර මහණ කර ඇති බවත් ඔහුගේ මව මාලනී ජයරත්න මහත්මිය (38) පවසයි.
ආබාධිතයකු වන යාචකයා එම පන්සලේ නවාතැන්ගෙන දරුවා පැහැරගන්නට ඇතැයි ද දරුවා සොයා ගන්නා විට කොට කලිසමක් හා කමිසයක් ඇඳ සිටි බවද යාචකයාට තාත්තා යැයි ඇමතූ බවද පොලිසිය කියයි.
යාචකයා සහ දරුවා බක්කිඇල්ල පොලිසියට බාරදීමට යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස අවුරුදු 5ක් යනු අම්මා සමග සිටිය යුතු වයසක්. මෙපමණ බාල වයසින් මහණ කිරීම සුදුසු නැත. (නදී)
තවත් හිගන්නෝ ඉන්නවද (දිල්)
බුදු පුතකු විකුණු දෙව්දත් පරපුර (නදී)
මේ වගේ අපරාධ නතර කළයුතුයි. (ර)
මරණ දඩුවම දෙන්න බැරිද ? (ස)