IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හැමදේටම මුල අපේ එකමුතුකම නැති වීමයි

බටහිර බලගතු රටවල් මොන කුමන්ත්‍රනය කළත් අතීතයේ සිට ම අදෘෂ්‍යමානබලවේගයකින් අපේ රට ආරක්ෂා වූ බව අග්ග මහා පණ්ඩිත අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම බුද්ධරක්‌ඛිත නා හිමියෝ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට එසැණට පැවසීය.

“සල්ලි තියන සුදු මහත්වරුන්ගේ රටවල් එදා ඉදලම අපව පාලනය කරන්න බැලුවා. ඒ ඔවුන්ගේ අධිරාජ්‍ය අපේ රටේ පතුරුවන්න. අද ඔවුන්ට ඒක කරන්න පහසු වෙලා තියනවා. ඒ අපි එදාට වඩා අද බටහිර ගැත්තන් වෙලා. අපි දුක කියන්නේ ඔවුන්ට,  වැළදගන්නේඔවුන්ගේ දේවල්. එකමුතුකමනැති වීමයි මේ හැමදේටම මුල. බැලූබැලූ අත අපි බෙදිලා. අනුකරණයට කැමති අපේ ජාතියට සිනමාව, රූපවාහිනිය, අන්තර්ජාලය හොඳ පිටුවහලක්, මොකද ඒවායේ පෙන්වන්නේ බටහිර ගැති දේවල් නිසා”

ප්‍රශ්නය

 ධර්මයෙන් පෝෂණය වුණ අපේ රටේ අද සිදුවන දේ  අනුව ධාර්මික රටක් කියල කියන්න පුළුවන්ද? මිනිස්ඝාතන, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර දිනෙන් දින ඉහළ යනවා?

 පිළිතුර

ඔබ හරි අපේ රටේ අද මිනිස් ඝාතනයන් කියන්නේ කූඹියෙකු මැරෙනවා වගේ වැඩක්, කොච්චර බණ කිව්වත් සමාජය  හදන්න බැරි තැනකට අද ඇවිල්ලා, කිසි දෙයක් ගණන්ගන්නේ නැහැ. සල්ලි පස්සේ දුවන මිනිස්සු ඕනෑම ජරා වැඩක් කරනවා. එදා සිටම ධර්මය ඇසුරෙන් හැදුණු මිනිස්සු අද පිරිහිලා. ලෝකය පිරිහීමත් එක්ක අපිත් ඒකටඅහුවෙලා කියල හිත හදා ගන්න එක විතරයි දැන් නම් කරන්න තියෙන්නේ. ධර්මය පිළිපදින්නේ නැති මිනිස්සුන්ට අපි මොනවා කිව්වත් වැඩක් නැහැ.

 

විශේෂ ස්තූතිය

පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්ද්‍රරත්න හිමියන්ට හා ඉතාලියේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝ  නායක වගේගොඩ ශීලානන්ද හිමියන්ට.



අදහස් (0)

හැමදේටම මුල අපේ එකමුතුකම නැති වීමයි

නිශාර්ඩ් Wednesday, 02 April 2014 10:18 AM

මහා නායක හාමුදුරුවෝ කරපු ප්‍රකාශය මසුරන් වටිනවා. (ස)

:       0       0

අරුණ රංග Tuesday, 01 April 2014 07:48 PM

කුමාරි හරියටම හරි. මම ඔයාගේ අදහස පිළිගන්නවා (නි)

:       0       0

චානක Tuesday, 01 April 2014 08:41 PM

අනුමත කරනවා (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 02 April 2014 12:02 PM

අවසර ස්වාමීන්වහන්ස, ධර්මය අනුව ජීවත් වීම තුළින් පමණයි අපට යහපත් සමාජයක් බිහි කළ හැක්කේ. එය පල්ලිය, පන්සල හා කෝවිලෙන් පටන් ගැනීම තමා වැදගත් වන්නේ. බොහෝ අයගේ බලාපොරෝත්තුව වූයේ අපේ රට තුළ ජාතීන් අතර අසමගිය ඇතිකර නැවතත් මෙරට බෙදන්න. අවාසනාවට මෙන් මේ වග නොතේරෙන සමහර ආගමික නායකයින් හැසිරෙන ආකාරයද කනගාටුවට කරුණක්. (ස)

:       0       0

ප්‍රේමදාස Tuesday, 01 April 2014 09:49 PM

සහතික ඇත්ත ඉස්සර අපේ ආච්චිලා සියාලාගේ කාලේ බලන්න තිබ්බ සමගිය (දී)

:       0       0

පැහැසර Tuesday, 01 April 2014 09:53 PM

එක නම් සහතික ඇත්ත දිනු රට බෙර ගන්න තවම ආපි දන්නේ නැහැ (දී)

:       0       0

ජූඩ් Tuesday, 01 April 2014 10:32 PM

ඇත්තටම දැන් අපේ ජාතිය කීපයකට බෙදීගෙන යනවා . වහාම එය නැවත් විය යුතුයි (දී)

:       0       0

රජිව Tuesday, 01 April 2014 11:28 PM

එතකොට ඔබ වහන්සේලා මක් කොරනවද පැරිස් නුවරට වෙලා මෙහේනේ ඉන්නේ බෞද්ධයෝ පැරිස් නුවර නෙමෙයිනේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 April 2014 01:34 PM

නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අදහස නම් මසුරන් වටිනවා.හැබැයි බුදු හාමුදුරුවො අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කී නිසා නරකද නිකාය තුනම එකක් බවට පත් වෙලා තායිලන්තේ වගේ එක සඟ රජ කෙනෙක් පත් කරලා රටටම ආදර්ශයක් දෙන විදියේ වැඩ පිළිවෙළකට යන එක? කරන්න බැරි වැඩක් නම් නෙමෙයි අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

පාලිත Wednesday, 02 April 2014 12:18 AM

සමගිය බලය වේ කියන්නේ ඕකනේ (දී)

:       0       0

හේමන්ත Wednesday, 02 April 2014 01:45 AM

හරියට හරි මතකද දසරාජ ධර්මය එකමුතු කමයි වැදගත් (දී)

:       0       0

ලංකාතිලක Wednesday, 02 April 2014 02:18 PM

ඔය කියනා එකමුතු කම ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගාවවත් නැහැ . (ස)

:       0       0

කල්ප Wednesday, 02 April 2014 07:56 AM

අතීතයේ අපේ තිබුන සමගිය නැතිකරන්න අපිට පළමුව පක්ෂ ක්‍රමයක් දුන්නා. ඒ අනුව අපි බලය ගන්න පක්ෂ හැට හැත්තෑවකට බෙදිලා ඒ මදිවට පළාත් අනුවත් බෙදිලා... අපේ ගමේ නම් හාමුදුරුවෝ කරන්නේ බෝධි පූජා පමණි. පන්සලට ගියත් කතා කරන්නේ නැහැ. අපිට නම් හරි කණගාටුයි (නි)

:       0       0

අල්විස් Wednesday, 02 April 2014 08:27 AM

අපේ හාමුදුරුවනේ, මේ රටේ ගිහි දේශපාලකයෝ ඔබ වහන්සේගේ දෙපා මුලට පැමිණිලා එක එක කතා කියද්දී ඔය ටික කියා දීලා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ යුතුයි නේද? අපේ බුදුහාමුරුවෝ වෙනුවට මේ රටේ ඉන්න නායකයාණන් වහන්සේලා ඔබ වහන්සේලායි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 02 April 2014 08:59 AM

අද අප අත්වි ඳින දේශපාලන, සමාජ හා ආර්ථික පරිහානියට ඔබ වහන්සේලාත් වග කියන්න ඕනේ. ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට.(නදී)

:       0       0

මාලක සිල්වා Wednesday, 02 April 2014 09:02 AM

අපේ හාමුදුරුවනේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න එපා. කුඩු,එතනෝල් ,මහජන මුදල් කොල්ල කන ස්ත්‍රී දූෂකයින් පන්සලට ආවම එලියටවත් එන්න එපා. පව් සිද්ද වෙනවා.(නදී)

:       0       0

කුමාරි Tuesday, 01 April 2014 07:22 PM

අවසර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අදහසට එකග වෙනවා වගේම ඒ පිරිහීම වගකිවයුත්තන් අතින් මෙන්ම සමහර භික්ෂුන් වහන්සේලාගෙනුත් සිදු වෙනවා කියන්න කැමතියි. අද පන්සල් වල ඉන්න බොහෝ ස්වාමින් වහන්සේලා බලන්නේ කොහොමහරි පිටරටකට ගිහින් එන්න. ගම හදන්න පටන් ගන්න පුළුවන් ගමේ පන්සලට. ඒ ආරම්භය ඔබ වහන්සේලා ඇති කළොත් අපි කාටත් හෙටක් තියෙයි. පන්සල වටා තාමත් ගම ඉන්නවා. හාමුදුරුවෝ හරියට වැඩේට බැස්සොත් අනාගත පරපුර සුරක්ෂිතයි. සුද්දට කළ හැකි දේකුත් නැහැ එතකොට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 351 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 94 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 870 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 957 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2715 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1739 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25316 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23401 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site