ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කළ බව කියන බොරැල්ලේ විදේශ රැකියා ආයතනයක කාන්තාවක ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අංගුවට ගත් බව කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එකම ඡායාරූපය භාවිතකර තොරතුරු පමණක් වෙනස් කරමින් සැකසූ විදෙස් ගමන් බලපත් තුනක් ද සොයා ගෙන ඇත.
‘පොලිස්පතිට කියන්න‘ විද්‍යුත් තැපෑලට ආ පණිවුඩයක් අනුව පරීක්ෂණ පැවැත්වූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන් බලපත් පරිඝනකගත කරලා නේද තියෙන්නේ? ඉතින් මේවායින් වැඩක් තියෙනවද? (නි)
‘පොලිස්පතිට කියන්න‘ විද්‍යුත් තැපෑල ඇත්තටම ක්‍රියාත්මක වෙනවද? සතුටුයි (නි)
පොලිසියට ඔත්තුව ගියේ නැත්නම් මේවා අහුවෙන්නේ නැහැ, මේ වැනි බලපත්‍ර හදාගෙන තමයි පාතාලකාරයෝ , කොටි යුරෝපෙයට පනින්නේ. (නි)
සිංගප්පුරුවට යන එන අය ගැන බලන්න පොලිස්පති තුමනි. දවසට හොර පාස් පොර්ට් විස්සක් නම් අල්ලන්න පුළුවන්. (නි)
තොරතුරු කොහොම වෙනස් කළත් ගුවන් තොටුපළින් පනින්නේ කොහොමද? (නි)
බොහොම වැදගත් කට්ටියත් පාස්පෝට් කිහිපයක් තමන්ගේ ගෝලබාලයන්ට භාවිත කරන්න හදලා දීපු අවස්ථා වාර්තා වුනා නේද මෑතකදී? ධම්ම කියනවා වගේ මේවා නිසි විදිහට පරිගණක ගතකරලා නම් අහුවෙන්නේ නැද්ද ගුවන්තොටුපල ආගමන විගමන කට්ටියට? (නි)
ගල්ෆ් රට වලට එන මිනිස්සු යම් කිසි වරදක් කලාම පාස්‍පෝට් එක බ්ලැක් ලිස්ට් කරලා ආපහු යවනවා ඒ අයගේ රට වලට.නමුත් එම පුද්ගලයම මාස දෙක තුනකින් නැවතත් එම රටටම එනවා වෙන නමකින්. මේක ඉන්දියාව ලංකාව සහ තවත් ආසියාතික රටවල් වල අය කරනවා.මේකට ලංකාවේ විදිමත් නීතියක් හදනවා නම් හොදයි (නි)
සංජිව, පරිගණක වලට අහුවෙන්නේ නැත්තේ මේවාට දෙපාර්තමේන්තුව ඇතුලේ කට්ටිය සම්බන්ධ නිසා ඒගොල්ලො හොර පාස්පෝර්ට් හදනකොට පරිගණක දතත් ඒවාට සරිලන ලෙස වෙනස් කරනවා , පොලිසියට වුනත් මේවා අල්ලගන්න පුළුවන් වුනේ හොර පාස්පෝර්ට් තුනම එකම ස්ථානයක් තිබුන නිසා. (ස)