මහව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකකට වරද පිළිගත් සැකකරුවකු සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට පෙර ඇඟිලි සලකුණු වාර්තා කැදවීමේ දී ඔහු මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවූවකු බවට ලද වාර්තාවක් සැලකිල්ලට ගත් මහව අතිරේක මහේස්ත්‍රාත් දමිත විජේසිංහ මහතා ලබන හෙට (08) තෙක් ඔහු රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
ජීවිතාන්තය දක්වා බන්ධානාගාර ගත කැරුණු පුද්ගලයකු නිදැල්ලේ සිටින්නේ කෙසේදැයි සොයා බලන ලෙසත්, ඊට අදාළ තොරතුරු නැවත වරක් ඇඟිලි සලකුණු අංශයේ ලේඛකාධිකාරීට යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත් එම වාර්තාව ලැබෙන තෙක් ඔහු රිමාන්ඩ් කළේය.
1985 දී හිරේට නියම වූ ඇති මොහු වසර 29ක්ම එළියේ සිටි බව උසාවියේ දී කැයිවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් ගැන කතාකරන අයට මේවා දැනගන්න තියන්න ඕනෑ (නි)
ඔබට සුභ පැතුම්! කවුද ඔබගේ බලපුළුවන්කාරයා? (නි)
අනේ ඔන්න ඔය මනුස්සයට ඉතුරු ටිකත් එළියේම ඉන්න දෙන්න.මීට වැඩිය කොච්චර මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ හොරු කොච්චර නම් දේශපාලක රැකවරණයෙන් එළියේ ඉන්නවාද? (නි)
තටු ආ කුරුල්ලෙක් කූඩුවෙන් පියඹලා.... (නි)
මේක නම් ආශ්චර්යයක් (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. මහව කියන්නෙත් ලංකාවම තමා.... (නි)
අපේ අතිගරු ජනාධිපතිතුමාව දන්නා කෙනෙක් වෙන්න ඇති (නි)
අයියෝ! ඕවා සුළු දේවල්නේ. මීටත් වඩා 'කෙරුමෝ' නිදැල්ලේ කීදාහක් ලංකාවෙත් පිටරට වලත් යහතින් ජීවත් වෙනවද? ඒ නිසා නේද අපේ රට මෙතරම් ආශ්චර්යවත් වෙලා තියෙන්නේ! (නි)
ඔන්න තියෙනවා තරම (දී)
ජිවිතේ අන්තිම කාලේ ඒ මනුස්සයාව හිරේ තියන්න ඕනේ නැහැ ගෙදරම ඉන්න දෙන්න (දී)
වසර 29 කියන්නේ සෙල්ලම් කාලයක්ද (දී)