පුත්තලමේ විද්‍යුත් මාධ්‍යවේදියකුගේ නිවසට රාත්‍රියේ ඇතුළු වූ සොරකු බල්ලන් දෙදෙනාට වස දී මුළුතැන් ගෙයි විදුලි බල්බයක් සහ පොල් බෑයක් සොරාගෙන ගොස් ඇතැයි එම මාධ්‍යවේදියා පවසයි.
වස ශරීර ගත වූ එක් බල්ලකු මිය ගිය බවත් ඔහු කියයි.
පුත්තලමේ විද්‍යුත් මාධ්‍යවේදියකුගේ නිවසට රාත්‍රියේ ඇතුළු වූ සොරකු බල්ලන් දෙදෙනාට වස දී මුළුතැන් ගෙයි විදුලි බල්බයක් සහ පොල් බෑයක් සොරාගෙන ගොස් ඇතැයි එම මාධ්‍යවේදියා පවසයි.
වස ශරීර ගත වූ එක් බල්ලකු මිය ගිය බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මේ දේශපාලන රැකවරණයක් බටහිර රටකින් ගන්න සැලැස්මේ මුල් පියවර ක්‍රියාත්මක කරලා වගේ මට නම් පේනෙන්නේ.. (ස)
ගෙදර නෝනට උයන්න පොල් නැතුව කඩෙන් පොල් ගෙඩියක් ගෙන්න කිවම ,මේ බුරු මිනිහ මේ හොරකම කරාද මන්ද...?නැත්නම් පිරිමියෙක් වගේ ගහකට නැගලා පොල් ගෙඩියක් කඩා ගන්න තිබුනානේ (අ)
කටත් හිතන්න දෙයක් ඔතන තියෙනවා. මිනිස්සු ජීවත් වෙන අමාරුව ගැන හොරාගෙන් කාටවත් හිතන්න බැරිද.තව ඉදිරියට බත් පිගානත් අරන් දුවන කාලයක් එයි.ඒකටත් වැඩි කාලයක් නැහැ.රටේ ගුවන් තොටවල් පාරවල් හැදුනට මිනිස්සුන්ගේ සංවර්ධනයක් වෙන ක්‍රමයක් ප්‍රතිපත්තියක් රටේ නැහැ.රාජ්‍ය බැංකු වලින් වැඩිම ණය අරන් තියෙන්නේ රජය. සමහර බැංකු වහන තැනට බංකොලොත් වෙලා.මිනිස්සුන්ට පොල් වලටත් වඩා දේවල් ඉදිරියට හොරකම් කරන්න වෙනවා තුන්වේල කාලා ඉන්න (නි)
බල්ලෝ දෙන්නා පව්...... මහා හිඟන හොරෙක්නේ (නි)
මෝඩ හොරෙක්. පොල් බෑය විතරක් ගෙනිහින් වැඩක් තියෙනවද හිරමනය නැතුව ? සමහරවිට හිරමනය ගෙනියන්න කොයි වෙලාවේ හරි ආයෙත් එයි. ගෙදර අය කල්පනාවෙන් ඉන්න. (ස)
මේ හොරා බල්ලාට ගහන්න පොල් බෑය ගත්තද දන්නේ නැහැනේ. මොකද මෙයා පොල් බෑයක් ගන්න ආපු කෙනෙක් වෙන්න බැහැ. මොකක්හරි ලොකු දේකට ඇවිත් වැඩේ වරදින්න ඇති. (ස)
මේකනේ රුක්මල් තියෙන ප්‍රශ්නේ. කොහෙද ඉන්න අදබාලයෙක් මගේ නම පාවිච්චි කරලා අදහස් දානවා. ඉතින් බණ්ඩා එයත් එක්ක පැටලෙනවා මගේ අදහස් කියලා (නි)
බල්ලන් පව්. මැරුණද දන්නේ නැහැ (නි)
ඕක නම් කුමන්ත්‍රණයක් ! (නි)
මේ දවස් වල නැගල යන්නේ වරුණ- බණ්ඩාර සටන තමා,,,,, (ස)
අවංකෙන්ම ඒ හොරා ගැන මට නං දුකයි. හොරකම හැබැයි හොරකමමයි. (ස)
ඔව් නේද අමිල? මටත් දැනුයි කල්පනාවට ආවේ. පොල් ගෝනියක් කියන්නේ ලොකු හොරකමක් නේද? මොකද පොල්ගෙඩි දෙකකට පාසල් ළමයෙක්ව උසාවි ගෙනැල්ලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක්නේ මේක (නි)
පොල් බෑයකට අහිංසක සතෙකුට වස දුන්නා කියන්නේ මොනතරම් අමන පාපතර ක්‍රියාවක්ද ? (නි)
බරපතල හොරකමක්, පොල් බෑයක් අද කීයද? (ස)
අන්න වරුණ,ඔයා හරි. ඔයා වගේම අනුන්ට කපන එකයි, මුල අමතක කරන එකයි නැවැත්තුවොත් තවත් හොඳයි! (නි)
පොල් බෑයක් හින්දා අහිංසක බල්ලෙකුට වහ දීපු එක මම හෙළා දකිනවා (නි)
හොරකම් කරන්න වෙන දෙයක් තිබුනේම නැද්ද? (නි)
අද රටේ වෙන දේවල් බලනකොට මේවත් ප්‍රවෘත්තිද? (ස)
පව් හොරා .. මොකක් හරි ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් යන්න ඇති.. බැරි තැන පොල් බෑය හරි කමක් නෑ කියා හිතෙන්න ඇති. හොර හිත හොද නැත. (ස)
තව නොබෝ දිනකින් කකා ඉන්න බත් පිඟානත් අරගෙන දුවන හොරු ඇතිවේවි. ඒ තරම් ආර්ථිකය හොඳයි. (ස)