හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණියට දුලාංජලී ජයතිලක රුපියල් විසි ලක්ෂයක හොර සල්ලි දුන් බව කියන ඇඟළුම් විධායකයාගේ ලැප්ටොප් පරිගණකය, බැංකු ගිණුම් හා කම්හල සෝදිසි කිරීමට රහස් පොලිසියට දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ලැප්ටොප් පරිගණකය හා ප්‍රින්ටරය පරිගණක විශේෂඥයන්ට පෙන්වා එයින් ඊට පෙර ද හොර සල්ලි මුද්‍රණය කර ඇත්දැයි සොයා බැලීමට පොලිසියට උපදෙස් දී ඇත.
ඔහුගේ බැංකු ගිණුම්වල ඇති මුදල් ගැන සොයා බැලීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපතිගේ නම භාවිතාකර මෙම ප්‍රශ්නය උලුප්පා දැමීම සුදුසු නැත. වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුයි. සිදුවන අකටයුතුකම් පෙන්වා දීමේදී ද වගකිවයුත්තා කාගේ කවුද යන්නද සඳහන් කිරීම වැදගත්ය. සැමට සමව සළකමු. (නි)
මුද්‍රණ යන්ත්‍රයක් පරීක්ෂා කොට එයින් මීට පෙර මුද්‍රණය කළේ මොනවාද යන්න සෙවිය හැකිද? (නි)
දැන් ඉන්න අයගේ නම් කියනවා නම් හිටපු අයගේ නම කිව්වටත් කමක් නැහැනේ... (නි)
බඩගින්නේ මැරුණත් අකටයුතුකම් කරන්න එපා කියල අපේ දෙමව්පියෝ අපිට කුඩා කාලයේ සිටම කියා දුන්නා . මේ මිනිස්සුන් ගේ ක්‍රියා වලින් පෙන්නේ ඔවුන්ගේ දෙමව්පියන් ගේ පැවැත්ම.! (දී)
අපිත් හොර සල්ලි භාවිතා කරලා ඇති මොකද අපි දන්නවාද මේවා ඇත්ත ඒවාද හොර ඒවාද කියලා (දී)
මේ විදිහට සමාජය තුල හොර සල්ලි මොනතරම් අපිටම හමු වෙලා ඇතිද (දී)
මේවා හැම පාලකයෙකුගේ ම දරුවන් ට හොඳ පාඩම්. (ස)
දැන් ඉන්න අයට මොකටද හොර සල්ලි? සමහරු එයාලගේ මුණුබුරන්ගේ මුණුබුරන්ටත් හම්බ කරලා ඉවරයි (නි)