IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හලොවීන් සැමරුමක තෙරපී 149 ක් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින්, එම සැමැරුමට එක් වුණු 149 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තෙරපීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 80 ක් බවත් ඔවුන්ගෙන් වැඩි දෙනකු බරපතල තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. මරණ තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මියගිය සහ තෙරපී තුවාල ලැබූ වැඩි දෙනා නව යොවුන් තරුණ තරුණියන්ය. මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට ඔවුන් සියලු දෙනා අවුරුදු 20 ට අඩු අයය.

හලොවීන් සැමරුම පැවැත්වූයේ සෝල් අගනුවර අයිටේවොන් නමැති පළාතේ පටු වීදියකය. සෝල් අගනුවර රාත්‍රී සමාජ ශාලා, අවන්හල් ආදිය බහුලව ඇත්තේ මෙමඅයිටේවොන් පළාතේය. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පනවා තිබූ සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීමෙන් පසු, එළිමහනේ සංවිධානය කෙරුණු, මුහුණු ආවරණ අනිවාර්ය නොවූ,පළමු හලොවීන් සැමරුම් උත්සවය මෙය විය.

හලොවීන් සැමරුම පැවැත්වුණු එම වීදියට එක් රොක් වී සිටි තරුණ තරුණියන් ගණන ලක්ෂයකට වැඩිය. පිරිස අතරේ සිටි කීප දෙනකු සිහිසුන්ව ඇද වැටෙද්දී, නොසන්සුන්තාවක් සහ කබලයක් හටගත් අතර, ඉන්පසු තෙරපීම සිදුවුණේ යැයි සිද්ධිය දුටුවෝ පවසති.

සිද්ධිය සැලවුණු සැණින් සෝල් අගනුවර ගිනි නිවන හමුදාව සහ සහන සේවා නිලධාරීහු වහා එහි ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට යුහුසුළු වූහ.මියගිය පිරිස අතර විදේශිකයන් දෙදෙනකු සිටින බවත් තවත් විදේශිකයන් 15 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් ගිනි නිවන භටයෝ පවසති.

සිද්ධිය ගැන කම්පාවට පත්වෙමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අණ කර ඇත්තේ, සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලා තමන්ට ඒ බව දන්වන ලෙසය. තුවාල කරුවන්ට ප්‍රතිකාර ලබා දීමටත් අවශ්‍ය සහාය ලබා දීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේය.

හලොවීන් සැමරුම අතරතුරේ සිදුවුණු තෙරපීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු ලෝක නායකයෝ රැසක් සොව පළ කළහ.

හලොවීන් යනු මළවුන්, ශාන්තුවරුන් සිහි කරමින් පැවැත්වෙන සැමරුම් උත්සවයකි. සැමරුමට සහභාගී වන බොහෝ දෙනා හොල්මන්, අවතාර, පිසාචයන් ලෙස විකට ඇඳුමින් සැරසෙති.

බොහෝරටවල් ඔක්තෝබර් 31 සන්ධ්‍යාව හලොවීන් සැමරුම් ස‍ඳහා යොදා ගනී. හලොවීන් යනු බටහිර රටවල සැමරුම් උත්සවයක් වන අතර, කුඩා දරුවන්, තරුණ තරුණියන් අතරේ මෙය ප්‍රකටය. අද වනවිට බටහිර රටවල පමණක් නොව, අද වනවිට සෙසු රටවල ද හලොවීන් සැමරීම සිදුවෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

හලොවීන් සැමරුමක තෙරපී 149 ක් මරුට

awathaara Sunday, 30 October 2022 07:23 AM

සල්ලිකාර රටවල් වල මේ වගේ ඒගොල්ලොම හදාගත්තු උත්සව තියෙන්නේ... මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් පිස්සු නටන්නයි.

:       0       5

Kule Sunday, 30 October 2022 01:46 PM

මිනිස් රාක්ෂයින්ගේ අවිධිමත් උත්සව සංවිධානයක් නිසා අසරණ ජීවිත රැසක් නැතිවෙලා. මියගිය සැමට නිවන් සුව වේවා..!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1688 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1306 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 770 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 933 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 4141 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 440 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27282 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19282 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1876 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site