ෆොන්ටෙරා බ්‍රෑන්ඩික් (ලංකා) සමාගම මගින් මෙරටට ගෙන්වනු ලබන කිරිපිටි සියයට සියයක්ම පරිපූර්ණ බවට පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ දැන්වීම් පළ කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු නියෝගය සැප්තැම්බර තුන් වැනි දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම අතුරු නියෝගය දීර්ඝ කරනු ලැබුවේ ෆොන්ටෙරා සමාගමට එරෙහිව ගෘහ නිර්මාණ ශිල්පයකු යොමු කළ රිට් පෙත්සමක් යළි සලකා බැලූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් කිරි ගැටලුව දියවෙන හැඩයි. (ස)
ඔය නියෝගය සදාකාලික කරවමු. (නි)
නවසීලන්තයෙන් එවන පිටි කිරි ලංකාවේ නැවැත්තුව නිසා එහෙ ගොවියන්ට පහරක් කියලා අද පුවත්පත් වල තිබුනා. කිරිපිටි අපේ මිනිස්සුන්ගේ ඇඟට සහ හිතට කොච්චර වැදිලද කියලා ඒකෙන් පේනවා. දැන්වත් මිනිස්සු තේරුම් ගනීද අපි විසින් කරගන්න විනාශය. අපේ කිරි ගොවියා ගැනවත් හිතලා හිතට අවංකවම පිරිසිදු එළකිරි ටිකක් බොන්න පුරුදුවෙන්න. අපේ සෞඛ්‍යය අපිම බලාගනිමු. (නි)
ලංකාවේ කිරි නිෂ්පාදනය වළක්වන මාෆියාවට මේ සමාගම් සම්බන්ධයිද? මේ ගැනත් හොයා බලන්න. විදේශ වලින් කිරි දෙනුන් ගෙන්වීමේදී කිරි සම්පත වැනසීමට අවශ්‍ය කාරණා සකසාවි (නි)
පොන්ටේරා සමාගමේ සබාපති අස් වෙලා ලු.(නදී)
ඩී,සී.ඩී තිබුන කිරිපිටි වලට මොකද කරන්නේ? ඒවා දැන් වරායේ තිබෙන හොද ඒවාට කලවම් කරලා ආපසු විකුණයි . ෆොන්ටෙරා නිෂ්පාදන ගන්නම එපා. (නදී)
මහනුවර ඉස්පිරිතාලේ දෙගොල්ල කාමරේකට රණ්ඩු. ලෙඩ්ඩු අතරමං. දෙගොල්ලම කිරිපිටි යුද්ධෙට බැහැලා රස්සාව අමතක කරලා. මේ ගොල්ලෝ විශ්වාස කරන අයත් අපිම තමයි (නි)
ඩි.සි.ඩි තියෙන්නේ ඇන්කර් වල විතරක් නෙමෙයි අපි කන දිය ලුනු වල ඊට වඩා තියෙනවා. අපි බත් කන එකත් නවත්වන්න ඕනෑ. (නි)