IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ෆොන්ටෙරා කිරිපිටි වලට අතුරු තහනමක්

නවසීලන්තයේ  ෆොන්ටෙරා සමාගමෙන්  ගෙන්වන කිරිපිටි හා  ඒ ආශ්‍රිත නිෂ්පාදන බෙදාහැරීම,විකිණිම, හා එම කිරිපිටිවල  කිසිදු රසායන ද්‍රවයක්  අඩංගු නොවන බවට  ජනතාව නොමග යවන සුළු ප්‍රචාරක දැන්වීම්  පළ කිරීම දෙසතියකට  වළක්වමින්  ගම්පහ අතිරේක දිසා විනිසුරු  චතුරිකාද සිල්වා  මහත්මිය අද (16) අතුරු තහනමක්  පැනවුවාය.

විරෝධතා ඉදිරිපත් කිරීමට ලබන 30 වැනිදා  තෙක් කල්  දුන්නේය.

රජයේ  හෙද නිලධාරීන්ගේ සංගමය වාරණ නියෝගය ඉල්ලා  සිටියේය.

නීතීඥ සංගමයේ ලේකම් උපුල් ජයසුරිය,නීතීඥ උපුල් දේශප්‍රිය  මහතා ඇතුළු නිතීඥ පිරිසක් මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටියහ.

ෆොන්ටෙරා  සමාගම හා එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා  වග උත්තරකරුවෝය.

මෙම වග උත්තර පාර්ශවය  විසින්  වෙළෙද පොළට  නිකුත් කැර ඇති නිෂ්පාදන මගින්  ජනතාවගේ සෞඛයට  හානි කර තත්ත්වයක් උදා වී  ඇතැයිද පෙත්සමේ සඳහන්ය.

රජයේ හෙද නිලධාරී සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, ලේකම් නාලක හෙට්ටිආරච්චි,භාණ්ඩාගාරික  ජේ ඒ ජයසිංහ යන මහත්වරු මෙම පෙත්සමේ පැමිණිළිකරුවෝ වුහ.



අදහස් (0)

ෆොන්ටෙරා කිරිපිටි වලට අතුරු තහනමක්

සෂික Friday, 16 August 2013 04:07 PM

ගොඩක් හොද වැඩක් අගය කළ යුතුයි. ඒ වගේම ‍බෙහෙත් මාෆියාව ගැනත් හඩක් නැගුවොත් හොදයි නේද? (ස)

:       0       0

රෝහණ Friday, 16 August 2013 04:27 PM

ඇත්තටම රට ගැන හිතල වැඩ කරන අය දැක්කම ගොඩක් සතුට ගෙන දෙනවා. (ස)

:       0       0

අමිල Friday, 16 August 2013 04:30 PM

මේවා තහනම් වුනත් නැතත් අපි නම් ආයෙත් මේවා බොන්නේ නෑ.(ස)

:       0       0

ජීවක Friday, 16 August 2013 04:55 PM

අමිල පින්වත , ඔබ හරි. ඔන්න ඔහොම අපි ඔක්කොම හිතුවා නම් අද නවසීලන්තය අපෙන් හරක් කිරි ගෙන්නාගෙන බොනවා! (නි)

:       0       0

නන්ද Friday, 16 August 2013 04:59 PM

මේ වගේ අවස්ථා වලදී පැවිදි උතුමන්ටත් ගිහි නායකයන්ටත් (දේශපාලනය ගාව නොගත්ත අය) ලොකු වගකීමක් පැවරෙනවා. බුද්ධිමතුන්ටත් යුතුකමක් තියනවා මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න.. (නි)

:       0       0

මුණසිංහ Friday, 16 August 2013 05:02 PM

මිනිසුනේ,දේශීය දේ අගය කරමු. සියලු බේද පසෙක ලා කෑම බීම ටිකවත් වස විස නැතුව අපිම වගා කර ගනිමු. අපේ රට කෘෂිකර්මාන්තය අතින් හිනි පෙත්තටම ගත හැකියි. කිරි ගොවියා නගාසිටුවීමට පක්ෂ බේදයකින් තොරව වැඩට බහිමු ! (නි)

:       0       0

චරිත් Friday, 16 August 2013 05:13 PM

මේ ගමන්ම දියරකිරි බොනඑකත් පටන්ගන්න ක්‍රමයක් යොදන්න. ඒ වගේම රෝගීන් මැරෙන්න ඇරලා ඉල්ලීම් දිනන එකත් නතර කරන්න නියෝගයක් ගන්න. (නි)

:       0       0

කොස්වත්ත Friday, 16 August 2013 05:19 PM

ජයවේවා! අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

කුමාර Friday, 16 August 2013 05:28 PM

කරුණාකරලා මෙහි අවදානම පිළිබඳ මුළු රටම දැනුවත් කරන්න.පාසල්,විශ්වවිද්‍යාල,පන්සල්,පල්ලි,කෝවිල්,රෝහල්,ගැබිනි මවුවරුන්ගේ සයන,ළදරු සයන...මොකද ගම්වල නුගත් පවුල් මේ ගැන මොකුත් දන්නේ නැහැ.සමහර කඩ හිමියන් අඩුවට බඩු අරන් විකුණනවලු.ඔය ඔක්කොටොම වැඩිය අපේ දරුවන් අපිට වටිනවා. සල්ලි වලින් අපේ දරුවෝ තක්සේරු කරන්න එපා. (නි)

:       0       0

ප්‍රියන්ත අනුරුද්ධ. සෞදි Arabia Friday, 16 August 2013 05:49 PM

නවසිලන්තේ ෆොන්ටෙරෝ එකේ ලොක්කම පිළිගත්තා කිසියම් වරදක් සිදු වුණා කියලා. ඒ නිසා ඉල්ලා අස් වුණා. අපේ රටේ ලොක්කෝ ඒකට සුදු හුණු හාන්න හදනවා. ඉතින් අපිට හරියයිද? තව ටික දවසකින් කියාවි කිරි පිටි වල කිසිම අවුලක් නැහැ. අපිට පොඩි වැරදීමක් වුණා කියලා.ඔහොම යමු. (නි)

:       0       0

සිල්වා Friday, 16 August 2013 05:51 PM

හොදම අවස්ථාව දේශීය කිරි ගොවියා නගසිටුවිමට !! සිරි ලක දේ සිරි සැපදේ!! රජයට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුලුවන්. ජනතාවට හොද දේ දීම කාගේත් වගකීම (නි)

:       0       0

සම Friday, 16 August 2013 05:52 PM

කිරිපිටි ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි. ළදරු කිරි පිටි වලට විකල්ප විසඳුමක් සොයා ගත යුතුයි. රට තුල දේශීය කිරි ඉල්ලුම වැඩි වන විට ඉබේම කිරි නිෂ්පාදනය වැඩි වේවි. කිරි නැහැ කියලා මැරෙන්නේ නැහැ. රටේ කිරි සුලබ වෙන තුරු විකල්පයක් සොයා ගමු. (නි)

:       0       0

මාලක Friday, 16 August 2013 06:11 PM

බොහොම හොද වැඩක්. කාලෙකින් ඔය ගොන් කිරි නැතිම කරලා දාන්න ඕනෑ. ඕවා බිලා තමා මිනිස්සු ගොනුන් වගේ වැඩ කරන්නේ (නි)

:       0       0

සංජීව ඇමරිකාව Friday, 16 August 2013 06:42 PM

ඉතාම අගය කළ යුතු දෙයක්. අමිලගේ කතාවට මමත් එකඟයි.මම මගේ පවුලේ සියලුම දෙනාටම කතා කරලා මේවා බොන්න එපා කියන එක දැනුවත් කළා.මෙයට හොඳම විසඳුම දිය හැක්කේ ජනතාව ලෙස අපටයි.ලෝකයේ බොහෝ දියුණු රටවල කිරි පිටි භාවිතයක් නැත.ඔවුන් බොන්නේ දියර කිරි පමණයි. (නි)

:       0       0

ඉන්දික Friday, 16 August 2013 06:55 PM

අගය කළ යුතු දෙයක්.ජාතියක් ලෙස නැගී සිටීමට ස්වභාව ධර්මයෙන්ම අවස්ථාවක් ලැබිලා තියෙනවා.දේශීය කිරි ගොවියා සහ නිෂ්පාදන ඉදිරියට ගෙනා හැකි හොඳම අවස්ථාව මෙයයි.එහෙත් අපේ පාලකයන්ට මේවා තේරේවිද? (නි)

:       0       0

බුද්ධික Friday, 16 August 2013 06:57 PM

අර හාමුදුරුවන්ගේ සංගමය මේ වගේ දේවලට යන්නේ නැහැ (නි)

:       0       0

සමන් - ඕමානය Friday, 16 August 2013 07:12 PM

ඉතා හොඳ වැඩක්. අපි කවුරුත් මින් ඉදිරියට දේශීය කිරි පමණක් භාවිතා කිරීමට පුරුදු විය යුතුයි. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට එය ඉතා හොඳයි. ඊට මෙය හොඳ ආරම්භයක්. දේශීය කිරි නිෂ්පාදනයට හා ඒ තුලින් ආර්ථික සංවර්ධනයට හොඳ රුකුලක්. රජය එයට දිරි දිය යුතුයි. මමත් අපේ පවුලට හා නෑයන්ට කීවා දේශීය කිරි පමණක් ගන්න කියලා. (නි)

:       0       0

සුමනසිරි විරකෝන් Saturday, 17 August 2013 07:40 AM

බලවතෙකුගේ අතේ නැටවෙන රූකඩයකි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 August 2013 07:42 AM

ඊයේ සවස මම අපේ ගමේ කඩේට ගියා. රාක්කේ පුරවල තිබුනා ඔය සමාගමේ කිරිපිටි පැකට්. මේවා තහනම් කරපු කාණ්ඩ අංකය තියෙන ඒවා නොවෙයිලු. එව්වා අරන් ගියාලු. අනේ මන්දා, කාණ්ඩ අංකය ගහන්නෙත් එම සමාගමෙන් නිසා කොහොම ගහගන්න බැරිද නේද? කියල මට හිතුනා.(නදී)

:       0       0

නිමල් ජයසිංහ Friday, 16 August 2013 09:07 PM

මේ සමාගම හිතාගෙන ඉන්නෙ ලංකාවේ මිනිස්සු ඔවුන් කියන දේ අහලා මොන්ටිසෝරි ළමයි විදිහට ඒ අයගේ කිරිපිටි බොන්න අවශ්‍යයි කියලා. . (ස)

:       0       0

සමන්ත Saturday, 17 August 2013 10:32 AM

ලුම්බිනිට බැරිද දන්නේ නැහැ කිරි ටිකක් හොයලා දෙන්න! (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 16 August 2013 02:44 PM

ඉතාමත් හොඳ වැඩක්. දැන් තමා ලොකු අයත් වැඩට බහින්නේ. මගේ ප්‍රණාමය.!! (ස)

:       0       0

කර්තේලිස් අප්පුහාමි Friday, 16 August 2013 09:47 PM

රටේ කිරි සුලබ වෙන තුරු විකල්පයක් ලෙස කොහෙන් හෝ සොයා මව් කිරිවත් බොමු (නි)

:       0       0

ලුම්බිණි Friday, 16 August 2013 03:03 PM

මේ කිරි පිටි වලින් ජනතාවගේ සෞඛ්‍යයට හානිකර තත්ත්වයක් උදා වී ඇති බවක් තවම ඔප්පු කරලා නැහැ නේද? මේක සැකයක් විතරයි කියලා මම හිතුවේ. මෙයට වැඩිය ජලය විෂ මුසු වීම සමහර පළාත් වල තිබුනා (නි)

:       0       0

නිමල්ලාලිත Friday, 16 August 2013 03:04 PM

අර හාමුදුරුවන්ගේ හෙද සංගමය මේ වගේ හොඳ වැඩ වලට ඉදිරිපත් වන්නේ නැද්ද.(ස)

:       0       0

රවීන් Friday, 16 August 2013 10:24 PM

රතුපස්වල වතුර ප්‍රශ්නේ යට යාවිද මේකෙන්? (නි)

:       0       0

සමීර Friday, 16 August 2013 10:35 PM

දැනට කාලෙකට කලින් දොස්තර මහත්තයෙක් කිවුවා කිරි, විශේෂයෙන් පිටි කිරි පරිභෝජනයේ ආදීනව ගැන. එතුමා මේ මොහොතේදී ගෞරවයෙන් මතක් කළයුතුයි. (නි)

:       0       0

සෙනරත් Friday, 16 August 2013 10:40 PM

ඉතාමත් අගය කල යුතු කාලෝචිත ක්‍රියාවක්. තමන්ගේ වැටුප වැඩි කර ගැනීමට පමණක් ඉදිරියට එන අනෙක් සංගම් වලට ඔබ දුන්නේ ලොකු ආදර්ශයක්. අනෙක් ශ්‍රී ලාංකික රට වැසියන් වෙනුවෙනුයි ඔබ තීරණය අරගෙන තිබෙන්නේ. සෞක්‍ය ක්ෂේත්‍රයේ ඔබ සංගමයේ හැකියාවන් තව තවත් දියුණු වේවා ! (නදී)

:       0       0

හකීම් Saturday, 17 August 2013 11:47 AM

කෝ අර කට්ටිය. මේකට මොකුත් සද්දේ දාන්නේ නැද්ද ?(නදී)

:       0       0

කමල් Friday, 16 August 2013 03:39 PM

හොද වැඩක්, විසදුමක් එනතුරු ඉන්නේ නැතිව ජනතාව මුලා කරන මෙවන් සමාගම් විශ්වාස කල හැකිද? මෙවන් සමාගම් ගැන ඉදිරියටත් විශ්වාසය නොතැබිය යුතුයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2317 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1729 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2559 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2713 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 624 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1244 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35985 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site