IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆොන්ටෙරා බියගම සමාගම වහයි

ඇන්කර් කිරිපිටි හා ආශ්‍රිත නිෂ්පාදන කරන  ෆොන්ටෙරා සමාගමේ බියගම කර්මාන්ත ශාලාව සහ  ශ්‍රී ලංකාවේ කාර්යාලය අද (23) සිට  දින නියමයකින් තොරව වසා දැමු බව එහි නිලධරයෙක් කියයි.

කම්හලේ සේවකයෝ හත්සිය පනස් පස් දෙනෙක්  සිටිති.ඉන් හතරදෙනෙක් විදේශිකයෝය.සේවකයන්ගේ ආරක්ෂාව පතා මේ පියවර ගත් බව සමාගම කියයි.

කම්හල  ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමෙන් ,මීනී පෙට්ටි තැබීමෙන් හා අලෙවි නියෝජතයින්ට නොයෙක් තැන්වලදී තර්ජන ගර්ජන එල්ල කිරීමෙන් ඇති වු තත්ත්වය සැළැකිල්ලට ගෙන නවසීලන්ත සමාගමේ තීරණය අනුව කම්හල වසා දැමු බව එම නිලධරයා පවසයි.

සේවක ආරක්ෂාව පතා මේ තීරණය ගත් බව ප්‍රධාන විධායක තියෝ ස්පිරින්ග්ස්  කියයි.

 

 



අදහස් (0)

ෆොන්ටෙරා බියගම සමාගම වහයි

ටේනිසන් Friday, 23 August 2013 07:24 PM

ෆොන්ටෙර ආයතනය නවසීලන්තෙට අයත් වුනත් පාලකයෝ වැඩිදෙනෙක් ලාන්කිකයෝනේ.මේ වෙස් මුහුණු බදින්නේ මටනම් හිතෙන්නේ වෙන නාඩගමක් නටන්න, ඉවසිල්ලෙන් බලාඉමු. ශානි ආයෝජකයන්ට එන්න කියන්නේ අනාගතය යහපත් කර ගන්න නේ.නමුත් අනාගතය මරා ගත්තම ඒ ආයෝජනය මොනවා කරන්නද .(දී)

:       0       0

ටේනිසන් Friday, 23 August 2013 07:24 PM

ෆොන්ටෙර ආයතනය නවසීලන්තෙට අයත් වුනත් පාලකයෝ වැඩිදෙනෙක් ලාන්කිකයෝනේ.මේ වෙස් මුහුණු බදින්නේ මටනම් හිතෙන්නේ වෙන නාඩගමක් නටන්න, ඉවසිල්ලෙන් බලාඉමු. ශානි ආයෝජකයන්ට එන්න කියන්නේ අනාගතය යහපත් කර ගන්න නේ.නමුත් අනාගතය මරා ගත්තම ඒ ආයෝජනය මොනවා කරන්නද .(දී)

:       0       0

තුෂාන් Saturday, 24 August 2013 08:45 AM

ෆොන්ටෙරා කියන්නේ හොද සමාගමක්... (නි)

:       0       0

සිල්වා Friday, 23 August 2013 07:40 PM

එයාලට රස්සාවල් කරන්න අපේ ළමයි මැරෙන්න ඕනද? වෙන මොනොව හරි කරන්න (දී)

:       0       0

රනේ Friday, 23 August 2013 07:46 PM

(1). (හොඳ > නරක) ; (ගුණ > අගුණ) ; (දුක < සතුට) ; { පාරිභෝගිකයා} (2). (හොඳ < නරක) ; (දුක > සතුට) ; { වෙළෙන්දා; සේවකයා } => (1) > (2) //(දී)

:       0       0

නීල් Friday, 23 August 2013 07:55 PM

අපේ රටේ ඉන්න ..............(දී)

:       0       0

පද්ම Friday, 23 August 2013 07:57 PM

මටනම් හිතෙන්නේ මෙතන කොමෙන්ට් දමන සමහර අය ගොන්කිරි බීමෙන්, ඔවුන්ගේ සිතීමේ ශක්තිය හීනවී ඇති බවයි, අපේ වැඩිහිටියන් වැඩකලේ මේ පිටිකිරි බීලා නොවේ .. දැන් රටේ ජනගහනයෙන් 60%ක් විතර බෝනොවෙන ලෙඩරෝග වලින් පෙළෙන්නේ අපට නොගැලපෙන පිටි කිරි ඇතුළු වෙනත් ආහාර නිසාය.. දියුණුයි කියන සෑම බටහිර රටක්ම ඔවුන්ගේ අවශ්‍ය තාවය නැවුම් දියර කිරි වලින් ඉටුකරගන්නා අතර, අතිරික්ත කිරි, පිටි බවට පත්කර අප වැනි රටවල්වලට අපනයනය කිරීම සිදුකරයි.. මෙම කිරිපිටි වල ඇති ප්‍රෝටීන් ඔවුන් ඉවත්කරගන්නා අතර එම අඩුව පිරවීමට වෙනත් දේවල් එකතුකිරීම සිදුකරයි, වෙළද දැන්වීම් වලට ආකර්ෂණය වන අපේ ඇත්තෝ රසකරමින් එම කිරි පානය කරයි, මෙම ආහාර වල ඇති වස විෂවලින් ක්‍ෂණිකව මිනිසුන් මරණයට පත්නොවන අතර කාලයක් ගොස් විවිද ලෙඩ රෝගවලට ලක්ව අවසානයේදී මිය යාම සිදුවේ. රටටම බත සැපයු රජරට ගොවිමහතුන්ට කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා සිදුව ඇති ඉරණම වර්තමානයට දියහැකි උදාහරණයකි.. (නදී)

:       0       0

ධනංජය Friday, 23 August 2013 07:57 PM

කිරිපිටි බිලත් ඉවරයි.(නදී)

:       0       0

ඩී.උපුල් Friday, 23 August 2013 08:20 PM

කව්රු හරි කොටස් ඉල්ලලා සමාගම දෙන්න බැහැ කිව්වද දන්නේ නැහැ නේද?(නදී)

:       0       0

ෂහිවාල් Friday, 23 August 2013 02:41 PM

කම්හල වැහුවේ අපිට තියෙන ආදරේට නෙමෙයි. මෙච්චර කල් අපේ අයට අවරුදු ගානක් තිස්සේ වස විස කැව්වට හෙට අනිද්දා අපි නඩුවක් දැම්මොත් මෙහෙ තියෙන ඒවා නෙමේ නවසීලන්තයේ තියෙන දේවල් වික්කත් මදි වන්දි ගෙවන්න.(නදී)

:       0       0

කමල් Friday, 23 August 2013 08:44 PM

සමාගම කුමණ්ත්‍රණ කරන්නේ නම් වහාම රජයට පවරා ගෙන කිරි පිටි නිෂ්පාදනයට සම්බන්ධ ආයතනනයක් එම සේවකයින් සම්බන්ධ කර ගෙන ඇති කල යුතුයි.(නදී)

:       0       0

සීල Friday, 23 August 2013 08:50 PM

රජ රට පදවියේ මිනිස්සු වකුගඩු රෝගයෙන් මියයනවා.එකට ප්‍රදාන හේතුව ආසනික්, කැඩ්මිමං ලෝහ බොහෝ අඩංගු රසායනික පොහොර භාවිතයෙන් බව සනාත වෙලත් ඒවා තවම විකුනන්නතියෙනවා.ඒවාට නම් එක්කෙනෙක් පාරට බැහැල කෑ ගැහුවේ නැහැ .ඒ දුප්පත් මිනිස්සු ගැන කතා කරන එකෙක් නැහැ.කෝ අපේ ඔය කියන මානව හිත වාදී දේශප්‍රේමියෝ . එයාලා කරන්න උන්ගේ වාසියට විතරයි.(දී)

:       0       0

දාස් Friday, 23 August 2013 02:53 PM

ලෝකය පුරා පෙන්නන පින්තුර වල පොලිසියේ කෙනෙක් කිසිම කලබලයක් නැතිව ඉන්න කාන්තාවන්ගේ ඇඟට තව පොලිස් නිලධාරීන් දෙන්නෙක්ව තල්ලු කරන හැටි පැහැදිලිව පෙන්නනවා. මෙහෙම තමයි මිනි මරණ තැනට කලබල වැඩි කරවන්නේ. ඒ නිලධාරියා කවුද කියල හොයල දඬුවම් කරන්න ආරක්ෂක අමාත්යංශය වහාම පියවර ගන්න ඕනේ. හරිම නරකයි මේ වගේ ප්‍රචාර මේ රටට. ඒ වගේම මෙහෙම පොලිස් නිලධාරී ඉන්නවා කියන එක දැනගෙන දැන්මම නවත්තන්න . පිටිපස්සේ ඉඳන් නූල් අදින අය නිකම්ම හෙළි වෙයි.? (දී)

:       0       0

දිසානායක Friday, 23 August 2013 03:00 PM

මේක වැහුවේ තර්ජන ගර්ජන නිසාද? කිරි පිටිවල ප්‍රශ්නයක් නැද්ද? (දී)

:       0       0

නදී Friday, 23 August 2013 03:08 PM

මේ රටේ සමාගමේ තියෙන සියලු දේපළ රජයට පවරාගෙන එම සේවකයන්ට වන්දියක් දෙන්න. (ස)

:       0       0

ලුම්බිණි Friday, 23 August 2013 03:15 PM

ඔය උද්ඝෝෂණ පවත්වන අයට කියන්න දැන් මේ 700 දෙනාට පඩි ගෙවන්න කියලා. (ස)

:       0       0

රණා Friday, 23 August 2013 03:17 PM

සතුට ...දුක...

:       0       0

නිමේෂ දහනායක Friday, 23 August 2013 03:23 PM

සමාගම තර්ජන ගැන කතා කරනවා නමුත් ඔවුන් මේ රටේ ගරු අදිකරණය දුන් නියෝග වලට පිටුපා ඔවුන්ගේ ප්‍රචාර සහ විකිණීම කලේ ඇයි?. වෙළඳ සදාචාරය මේකද ?. ප්‍රශ්නයක් තිබෙනවා නම් ක්‍රියා කල යුතුව තිබුනේ නීති රාමුව තුල නේද. මෙයින් ජනතාවව වන අපට මේ නිෂ්පාදනය ගැන ඇතිවුනේ බරපතල සැකයක් නොවේද ? අපිනම් බොන්නේ දියර කිරි සහ ලංකාවේ නිෂ්පාදිත පිටිකිරි පමණයි එනිසා කිසිම දවසක අපට මේ ගැන හිතේ බයක් ඇතිකරගන්න අවශ්‍ය නැත.(නදී)

:       0       0

අරුණ ද සිල්වා Friday, 23 August 2013 03:23 PM

හිතුවක්කාර ලෙස හෝ රජය (රජය යනු අපගේ රට) අපහසුතාවයට පත්කරන්න උත්සාහ දරන්නේ නම් මෙම කම්හල රජයට පවරාගෙන එම කර්මානත්යම කරන දේශීය ආයතනයකට පවරමු. විදේශීය සමාගම් අපගේ රටේ ආයෝජන කිරීම අගේ කරන අතර හිතුවක්කාර ක්‍රියා වැලැක්වීමටද පසුබට නොවිය යුතුයි(දී)

:       0       0

සමනල Friday, 23 August 2013 09:49 PM

නිකන් බොරුවට හැම එකටම බොරු දේශ ප්‍රේමය ඉස්සරහට දාගන්න එපා. (දී)

:       0       0

saman Friday, 23 August 2013 03:29 PM

දැන් දේශීය දේ බොන්න (දී)

:       0       0

සූරියන් Friday, 23 August 2013 03:29 PM

පිස්සු වැඩ කරන්න අපේ මිනිස්සු හරි දක්ෂයි ...(දී)

:       0       0

කුමාර් Friday, 23 August 2013 03:40 PM

රණා දුක අහිංසක මිනිසුන්ගේ රස්සාවල් නැති වුණාටද? (ස)

:       0       0

සම්පත් Friday, 23 August 2013 03:41 PM

ලංකාව පුද්ගලික අංශය සහ විදෙස් ආයෝජකයන් නැතුව කොහොමද දියුණු කරන්නේ. (දී)

:       0       0

රණා Friday, 23 August 2013 03:57 PM

කුමාර්, ඔය කිරිපිටි නැති වුනාට ..අපි මැරෙන්නේ නැහැ. එත් බඩ වියත රැක ගත්තු මිනිස්සු හෙට මහපාරට වැටෙන කොට. කවුද රස්සාවක් දෙන්නෙ.ඔවුන් වෙනුවෙන් වන්දියක් දෙන්නෙ. (ස)

:       0       0

රුවන් Friday, 23 August 2013 10:56 PM

නිකන් බොරුවට හැම එකටම බොරු දේශප්‍රේමය ඉස්සරහට දාගන්න එපා. මේකේ අදහස් දාන අය කියන ලොකු දෙයක්නේ ඔවුන් ෆ්‍රෙෂ් මිල්ක් බොද්දි අපිට පිටි කරලා එවන්නේ ඔවුන්ටත් ෆ්‍රෙෂ් මිලක් බොන්න පුළුවන්නේ කියලා. නවසීලන්තයේ ෆ්‍රෙෂ් මිල්ක් බෙදාහැරීම ඕනෑ තරම් තියෙනවා. එතකොට ඒ මිනිස්සුන්ට පිටි බොන්න ඕනෑ නැහැ. අනික ඇත්තටම ඒගොල්ලො ඩීසීඩී තණකොලවලට දානවා නම් ෆ්‍රෙෂ් මිල්ක් එක්ක ඒ මිනිස්සුන්ටත් ඒවා ඇගට යනවනේ! දැන් පිටිකිරි බොන්නේ නැතුව තැඹිලි බොන්න කියන දොස්තරලා මෙච්චර කල් කටපියාගෙන හිටියේ මොකද. (නි)

:       0       0

කින් බෙනට් Friday, 23 August 2013 04:00 PM

මට කවුරු හරි කියනවද බලන්න මේ කිරිපිටි බීලා මේ වෙනකම් කවුරු හරි මැරිලා, හරි ලෙඩ වෙලා, හරි තියෙනවද කියලා .. මම කියන්නේ වෛද්‍ය වාර්තාවකින් කිරි විස වෙලා කියලා මරුණා හෝ ලෙඩ වුණා කියලා ...මට නම් හිතෙන්නේ හෙට අනිද්දා වෙද්දී මේ දවස් වල අපිට දිගට හරහට ආධාර දෙන රටෙන් අලුත් කිරි ෆැක්ටරියක් හඳුන්වා දෙන්න මේ අය උත්සාහ කරන්නේ ... (ස)

:       0       0

රෝහණ සල්ගාදු Friday, 23 August 2013 04:04 PM

ආදරණිය ලක්වාසී අපගේම සහෝදර වරුනි රක්ෂාවල් කියලා වැරදි දේට ඉඩ නොදිය යුතුය. එහෙත් බලධාරින් ඒවාට නිසි මඟ පෙන්වා නිවැරදි කළ යුතුව ඇත. නැතුව ඔය සමහරක්ගේ බුද්ධියකින් තොර අදහස් වලින් පිළිබිඹු වන්නේ කෙසේ හෝ මුදල් අවශ්‍ය බවය. එසේ කිරීම රටකට ඉතාමත් භයානක තත්වයකි. තව ටික කලකින් ඒ අය කියවී කසිප්පු වලටත් ඉඩ දෙන්න කියා මොකද එයිනුත් සෑහෙන පිරිසක් රැකෙන නිසා. ! බුද්ධිමත් පින්වත් රටවැසියනි යමක් දෙස මධ්‍යස්ථව බැලීමෙන් ඔබටත් රටටත් දෙලොවටම යහපත්ය. සැම දේම දේසපාලන ඇහෙන නොබලන මෙන් අනුකම්පාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. (ස)

:       0       0

චාමික Friday, 23 August 2013 04:07 PM

නවසීලන්ත සමාගමට ලංකාව කියන්නේ නැති කරගත නොහැකි තරම් විශාල වෙළඳ පොළක් නොවෙයි. ඔවුන්ට එය බලපෑමක් ඇති කරන්නේ නැහැ. (ස)

:       0       0

කලන​ Friday, 23 August 2013 04:12 PM

අපේ මිනිස්සු හරි කුහකයි,සමහරු මේවට සතුටු වෙනවා​, රස්සාවක් නැතිවෙලා බලන්න ඕනා, දුක දැනෙන්න. (ස)​

:       0       0

ප්‍රසන්න Friday, 23 August 2013 04:13 PM

මේ සමාගම දැන් ඔය ජරාව විකුනලා සල්ලි හම්බ කරන් ඉවරයි. ඒ නිසා ඕක රජයට පවරාගෙන දේශීය කිරි කම්හලක් ආරම්භ කලා නම් වටිනවා. (ස)

:       0       0

රුවන් Saturday, 24 August 2013 12:27 PM

සම්පත් බොරු කියන්න එපා . තවම ඩීසීඩී වල වලින් වෙන සියළු ප්‍රතිවිපාක ගැන වාර්ථා ලැබිලා නැහැ. බොරුවට මිනිස්සු බය කරන්න එපා . අනික ඕගොල්ලන්ට කාබයිටි දාල ඉදවන පලතුරු, කුරේටර් දාන එළවලු, ෆොර්මලින් දාන මාළු , ලංකාවේ මීකිරි විකුනන්න කල්තියාගන්න ෆොර්මලින් දාන කොට, ඔක්කොම කර්මාන්තශාලා වල ජරාව ගඟ වලට දාල අපිට විස පොවනවා ඒවා හොදයිද?(නදී)

:       0       0

සරත් Friday, 23 August 2013 05:04 PM

750 ක් කියන්නේ විශාල ගණනක් නෙමෙයි. මේ තමයි හොඳම අවස්ථාව මේ පිරිසත් යොදාගෙන අපේ දේශීය කිරි නිෂ්පාදනය දියුණු කරන්න! (නි)

:       0       0

මාක් Saturday, 24 August 2013 01:11 PM

කොමෙන්ට් දමන සමහර අය ගොන්කිරි බීමෙන්, ඔවුන්ගේ සිතීමේ ශක්තිය හීනවී ඇති. අපේ වැඩිහිටියන් වැඩ කලේ මේ පිටිකිරි බීලා නොවේ .. දැන් රටේ ජනගහනයෙන් 60%ක් විතර බෝ නොවෙන ලෙඩරෝග වලින් පෙළෙන්නේ අපට නොගැලපෙන පිටි කිරි ඇතුළු වෙනත් ආහාර නිසාය. දියුණුයි කියන සෑම බටහිර රටක්ම ඔවුන්ගේ අවශ්‍ය තාවය නැවුම් දියර කිරි වලින් ඉටුකරගන්නා අතර, අතිරික්ත කිරි, පිටි බවට පත්කර අප වැනි රටවල්වලට අපනයනය කිරීම සිදුකරයි.. මෙම කිරිපිටි වල ඇති ප්‍රෝටීන් ඔවුන් ඉවත් කරගන්නා අතර එම අඩුව පිරවීමට වෙනත් දේවල් එකතුකිරීම සිදුකරයි, වෙළද දැන්වීම් වලට ආකර්ෂණය වන අපේ ඇත්තෝ රසකරමින් එම කිරි පානය කරයි, මෙම ආහාර වල ඇති වස විෂවලින් ක්‍ෂණිකව මිනිසුන් මරණයට පත්නොවන අතර කාලයක් ගොස් විවිද ලෙඩ රෝගවලට ලක්ව අවසානයේදී මිය යාම සිදුවේ. රටටම බත සැපයු රජරට ගොවිමහතුන්ට කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා සිදුව ඇති ඉරණම වර්තමානයට දියහැකි උදාහරණයකි.(නදී)

:       0       0

චමිල Friday, 23 August 2013 05:22 PM

මේකේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා කිරි ගන්න බැරිවුනාට හරක් ගහනය කොයිතරම්ද කියලා. වැරදිදේට ඉඩ නොදිය යුතු නම් ඉතින් කොතරම් දේවල් නවතින්න ඕනෑද මේ රටේ. කෙරෙන්නෙම වැරදි දේවල් නේ. මේ කම්හලේ කළේ නවසීලන්තයෙන් ගෙනාපු කිරිපිටි වලින් මෙහිදී නැවත වෙනත් නිෂ්පාදන කරපු එකයි. ලංකාවේ කිරි පිටි රට යවන්නේ නැහැ තියෙන ටික තමයි ඔය දැන් තියෙන කම්හල් පවත්වාගෙන යන්න යොදා ගන්නේ. රජයට පවරාගෙන දේශීය කිරි කම්හලක් ආරම්භ කරන්න කිවුවට කම්හල පවත්වාගෙන යන්න කිරි දෙන්නේ කවුද? (නි)

:       0       0

උත්තරා Friday, 23 August 2013 05:41 PM

පරීක්ෂණ නිරීක්ෂණ, නිගමන... අපි පා‍සලේදී ඉගෙනගත්තේ එහෙමයි. විද්‍යාත්මක ක්‍රමය.... කින් බෙනට්, එක දවසෙන් මැරෙන්නේ නැහැ. කාලයක් ගියාම ලෙඩ වෙනවලු. හොයල බලන්න ඕනෑ. (නි)

:       0       0

දෙනෙත් Friday, 23 August 2013 05:49 PM

රජයට පවරා ගන්න එකට නම් අපි විරුද්ධයි. මිල්කෝ සමාගමට වෙච්ච දේ මතකද මන්දා (නි)

:       0       0

බන්දුල Friday, 23 August 2013 06:02 PM

මම ඉන්නේ නවසීලන්තයේ. මේ රට නියම ප්‍රමිතියට වැඩ කරනවා හොර බොරු නැහැ. චීනයේ වගේ මෙලමයින් දාන්නේ නැහැ. සමාගම වරද පිළිගෙන නිවැරදි දේ කළා. අපේ රටවල් වගේ වරද හංඟන්නේ නැහැ (නි)

:       0       0

සම්පත් Saturday, 24 August 2013 01:53 AM

සී.ඩී.සී ඉතාමත් බයානක තත්වයක් මොකද මෙමගින් මොලේ ස්නායු මියැදෙනවා මෙය දීර්ග කාලින ප්‍රතිපලයක්. එමගින් අංශභාගය, මොලේ ක්‍රියාකාරිත්වය අඩපනවිම, සහ වද භාවය ප්‍රදානි,ස අතුරු ප්‍රතිපල විශාල වන අතරම මෙය සැලකිය යුතු තත්ත්වයක් ආවාසනාව ලංකික අපට කරුණු කාරණා නොවැටහීම.(නදී)

:       0       0

නදීන්ද්‍ර Saturday, 24 August 2013 02:34 AM

ඔක්කොම හරි. හෙට ඉදන් චීන කිරි බොන්න පුලුවන් මෙලමයින් තියෙන.(නදී)

:       0       0

ලලිත් Saturday, 24 August 2013 03:15 AM

චීනය පසුගිය මාසේ වැඩි මිලට කිරිපිටි අලෙවි කිරීම නිසා ඩොලර් 900,000 දඩයක් ෆොන්ටෙරා සමාගමට ගෙවන්න නියමකලා. රටක පවතින නීතියට හිස නමන්නේ නැතිව අත්තනෝමතික විදියට වෙළඳපොළ පාලනය කරන සමාගම් වලට මෙම සිදුවීම හොඳ ආදර්ශයක් වේවි!(නදී)

:       0       0

ශානි Friday, 23 August 2013 06:28 PM

ඔවු. දියුණු රටවල් වල පගා කියන එක අහලාවත් නැහැ. මේකෙන් වෙන්නේ ලංකාවට කිසි ආයෝජනයක් ලැබෙන්නේ නැතිවීමයි. චීනෙට විතරක් යටවෙලා ඉන්න වේවි. මෙරටේ සදාචාරත්මක ලෙස ආයතනයක් ගෙනියන්න බැහැ. රටේ ඇති නැති අය අතර පරතය වැඩිවෙනවා විතරක් වේවි. බහු ජාතික සමාගමක් රටකට ගෙන්න ගන්න කොච්චර අමාරුද? ලංකාව කවදාවත් දියුනු වෙන එකක් නැහැ (නි)

:       0       0

මනෝජ් Saturday, 24 August 2013 03:59 AM

උපුල් කව්රුවත් කොටස් ඉල්ලලා නැ, ලොකු කෙනෙක් පගාව ඉල්ලලා දෙන්න බෑ කියලා. ඒකයි අපේ අයගේ ජාතික කැක්කුම එලියට පැනල තියෙන්නේ.(නදී)

:       0       0

මෙසස Sunday, 25 August 2013 05:15 AM

මොන මගුලක්ද ෆොන්ටෙරා ආපහු අරින්න ඕනේ.(නදී)

:       0       0

අජිත් Saturday, 24 August 2013 04:18 AM

බන්දුල, මෙතන ප්‍රශ්නය නවසීලන්තය ප්‍රමිතියකට වැඩකරණවද නැත්ද කියන එක නෙවෙයි නේද? ඇයි ෆොන්ටෙරා සමාගම, නිෂ්පාදිත එක්තරා කිරිපිටි බැච් එකක ඩීසීඩී ඇතිබව දැන දැනත්, එය ලංකාවේ විකිනීමට එව්වේ? (නදී)

:       0       0

රුවන් Saturday, 24 August 2013 03:32 PM

අයියෝ සල්ලි

:       0       0

අසේල Friday, 23 August 2013 07:03 PM

ඕනෑම රටක, කැනඩාවේ පවා කලාතුරකින් ඔය වගේ දෙයක් වෙනවා. ඒවාට මේ රට වල මිනිස්සු පාරට බහින්නේ නැහැ. ඒවාට වගකිව යුතු නිලදාරීන් නිසි පියවර අරන් ආපහු හරි විදිහට වැඩ කරගන්න දෙනවා. (නි)

:       0       0

න.ස.දයානන්ද Saturday, 24 August 2013 08:15 AM

අජිනොමොටෝ, කුකුල් මස් ,සැමන් ,ආනයනික පලතුරු,වස විස තවත් තියනවා ඒවත් ඉවත් කරමු ලංකාවෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 549 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 775 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 33 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1173 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2446 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3213 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35005 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24037 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site