සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපෙක්ෂක කේ.ඒ නිශාන්ත මහතා අත පය ගැට ගසා කටද බැඳ ඔහුගේ රියේම සිහිසුන්ව සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.
වැලිපැන්න අරියවංශගම දී අද අලුයම සොයා ගත් ඔහු වෑත්තෑව රෝහලට ඇතුළු කිරීමෙන් පසුව කළුතර නාගොඩ රෝහලට මාරු කර යැවූ බවත්, වරින් වර සිහිය එන බවත් වෛද්‍යවරු කියති.
ඔහුගේ බිරිය නීතීඥ මාධවී සපරමාදු මහත්මිය පැවසුයේ තමාට පහර දුන් බව සිහිය එක් අවස්ථාවක දී සැමියා කී බවයි.
නිශාන්ත මහතා බැඳ දමා සිටි රියේ ආසනයක් ඉව කළ පොලිස් නිල සුනඛයා කැලෑවක් හා රබර් වත්තක් මැදින් කිලෝ මීටර එක හමාරක් දුර ගොස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තවත් අපේක්ෂකයකුගේ ආධාරකරුවකු බව කියන පුද්ගලයකුගේ නිවසට ගිය බව පොලිසිය කියයි.
එම ආධාරකරු ගෙදර නොසිටි බව කියන පොලිසිය පෙර දින එම නිවසේ ඡන්ද රැස්වීමක් පවත්වා ඇති බව ද පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලාංඡණය සහිත ටීෂර්ටයකින් නිෂාන්ත මහතාගේ කට බැඳ දමා තිබිණි.
අඩු ගණනේ හතර පස් දෙනකුවත් නිෂාන්ත මහතාට පහර දෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නොවෙයිද මේවාට නිසි දඩුවම් ගන්නේ නැද්ද (දී)
මරු ඡන්ද ක්‍රමය.(නදී)
පොලිස් සුනඛයා ගියෙත් පක්ෂේ කෙනෙක්ගේ ගෙදරටම නම් තව මොන කතාද? ඕක තමයි පොන්සේකාගේ පක්ෂේ ප්‍රජාතන්ත්‍ර වාදය. කට්ටිය හිටු කියල ඒකත් ආණ්ඩුවේ ගිණුමට දානවා. දේශපාලනික තර්ජනයක් නැති ජන පදනමක් නැති මෙහෙම කෙනෙකුට ගහන්න මේ තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවේ අයට පිස්සුද? බැලුවොත් ඇහුවොත් ඇහෙන්නේ දකින්නේ වේදිකාවල රුපවාහිනී නාලිකා වල ආණ්ඩුව පතුරු අරින කතා. ඒත් කියන්නේ රටේ දේශපාලන නිදහසක් නැහැලු.. මෙයිට වඩා නිදහසක් අපිනම් පහුගිය කිසි ආණ්ඩු කලෙක දැක්කේ නැහැ.(නදී)
මේක ෆොන්සේකා මහත්මයාගේ ගමන වලක්වන්න කවුරුන් හෝ කරපු වැඩක් කියලයි මට හිතෙන්නේ. සරත් ෆොන්සේකා මහත්මය දැන් තමයි හරි මාර්ගයේ යන්නේ, වෙනත් පක්ෂවලට සම්බන්ද නොවී මුලින්ම තනිවම ගියානම් මෙලහකටත් දිගු ගමනක් යන්න තිබුනා. දැන්වත් ඒ ටික තේරුම් අරගන කටයුතු කලොත් ජීවිතේ පරදුවට තියල අපේ රට බේරගත්ත එක වෙනුවෙන් ඔබතුමාට රටේ ජනතාව කාලගුණ සලකාවි. යුද්දය තිබුන කාලෙටත් වඩා අද අපේ රට විනාශ වෙනවා කුඩු වලින්, දුෂණයෙන් සහ අපරාද වලින්. දෙවෙනි වතාවටත් රට බේරගන්න ඔබතුමා හැර වෙනත් නායකයෙක් නම් පේනතෙක් මානෙකවත් නැහැ.(නදී)
බන්දුල මහත්තයාගේ කතාව හරියටම හරි.(නදී)
සජිනි මධුෂානි ඔයාගේ කමෙන්ට් එක දැක්කම ගැහැනුන්ගේ නුවන අර මොකේද එකේ වගේ කියන එක ඇත්ත කියල හිතෙනවා.(නදී)
පක්ෂ දේශපාලනය තුලින් සාධාරණ මැතිවරණයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමසාරිස් අහපු දේ හරි (දී)
මොන තරම් පහත් වැඩක්ද ඒ (දී)
දේශපාලනය කියන්නේ ඕකට තමයි , නමුත් මහත්මා දෙසපාලනය කියන්නේ ඔයිට වඩා හාත්පසින් වෙනස් දෙයකට (දී)
ගිනි සිළුවට මාර අරියාදු (දී)
හැම දේටම ජිනීවා - මේකත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ වැඩක් වගේ. (w)
නිශාන්ත මහතාණෙනි ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි . . .(අ)
කඩේ යන කෙනාට කවුරුත් උත්තර දෙන්න ගිහිල්ලා නෑ ඒ ජාතියේම කෙනෙක් හැර. ඉතින්. මමත් ඉස්සර උත්තර ලිව්වා. පිස්සෙකුට උත්තර දෙන්න යන්නේ නෙතුව බුද්ධිමත්ව විචාරාත්මකව අදහස් පළකිරීම ඊට වැඩිය ගොඩක් වටිනවා. (නදී)
ජනරාල් තුමනි ඔබට ජය. (ස)
මේවා තියන්නේ රට ඇතුලේ. ඔබලා ජිනිවා වලට මේ රට පාවා දෙන්න හදන්න එපා. (නදී)
ඇත්ත නේන්නම්, බන්දුල මහත්තයෝ. හැබැයි, මට පොඩි ප්‍රශ්න කිහිපයක් අහන්න හිතුනා ඔබ තුමාගේ පිළිතුර දැකලා. දේශපාලනික තර්ජනයක් නැති ජන පදනමක් නැති පක්ෂයක නායකයෙක් වසර 3 කට ඇයි හිරේ දැම්මේ? (නදී)
මේක මිනිස්සු මුලා කරන්න කරපු වැඩක් මේ දවස් වල කවදාවත් මෙයාල තනියම යන්නේ නැහැ. මෙහෙම බොරුකරෝයෝද දේශප්‍රේමී කියන්නේ. (නදී)
මගේ ගුරුතුමාට ඉක්මන් සුවය පතමි.(නදී)
රකිත්, හිරේ දැම්මේ ඡන්දෙ පැරදුනාට පස්සේනේ.(නදී)
ජාති,පක්ෂ, ආගම් කෙසේ වෙතත් මේත් මිනිස් ජීවිතයක්. අද අනෙක් මිනිසුන්ගේ ජිවිත වල වටිනාකමක් නොදන්නා අය වැඩියි. (නි)
විජේ ගේ මොලේ තැලිලා. (ස)
නිශාන්ත මල්ලි. ඔයාට ඉක්මන් සුවය පතන ගමන්ම ජයද පතමි. (නි)
අත් දෙක බැද ගත්තේ කොහොමද දන්නේ නැහැ.(නධී)
එයාම බැඳගෙන සිහි නැතිවෙලා වෙන්න බැරිද? (නදී)
ජිනීවා වලට විරුද්ධව පෙළපාලි යන එක තේරුමක් තියෙනවද. (නදී)
යමු ජිනීවා, ජිනීවා, ජිනීවා.(නදී)
මෙහෙම වෙද්දී තමයි දකුණටත් ප්‍රභාකරන්ලා වගේ අය ඕනා වෙන්නේ. (නදී)
මීට වඩා ප්‍රචාරයක් තවත් මොකටද? එක තේරෙන්නේ නෑ මේ කරපු අයට.(නදී)
මේකද මේ රටේ ඇති නිදහස? ජනතාව රටේ ඇති භයානක තත්වය තේරුම් ගත යුතුයි.(නදී)
ජනාධිපතිතුමනි, මේවා ගැන සොයා බලන්න.(නදී)
ඔහොම යනකොට මිනිස්සුන්ට හිතේවි ප්‍රබාකරන් රට අල්ලගත්තා නම් මීට වඩා හොදයි නේද කියලා.(නදී)
එයාම බැඳෙගන සිහි නැතිවෙලා වෙන්න බැරිද? (නදී)
දැන් තමයි අරංචි උනේ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන තනියම කරගත්තු වැඩක් කියලා.(නදී)
මේක තමා අද රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය, විරුද්ධ මත දරන දේශපාලනයකට ඇති ඉඩ අවම වීගෙන යන්නේ. දැන්වත් මහජනතාව මේ අවදානම තේරුම් ගත යුතුයි. (නදී)
ආණ්ඩුව බය වෙන්න ඕනේ ඡන්ද තියෙන කෙනෙකුට. මේවා බොරු ප්‍රචාරක වැඩ. (නදී)
විජේ, බලන්න ඔයාගේ මොලේ හරි තැන තියෙනවද කියලා.(නදී)
දය අලහකෝන් වැඩක් වෙන්නේ නැහැ. පත්තර බලන්නේ නැතුව ඇති.(නදී)
ඡානක, කසුන්, ඩයස් හොඳ ඇත්ත කියලා තියෙනවා.(නදී)
අන්තිමට " මම මාවම බැඳ ගත්තා " වේවි. (ස)
මේක කාගෙ ගිණුමටද බැර කරන්නේ? (ස)
පක්ෂේ ඇතුලේ අර්බුදයක් වෙන්න බැරිද.... දැන් ඔය කීප දෙනෙක්ම ආවනේ එලියට.....(අ)
එස්.එෆ්ගෙ ඊලඟ මෙහෙයුමෙදි මෙව්ව අහුවෙයි.ආයෙ දෙකක් නෑ, හම්බ වෙයි කලවැදි කෂාය (අ)
ඉක්මන් සුවය... (අ)
සමහරුන්ගේ දේශපාලන ප්‍රෝඩාවන් තිබෙනවා . එයාම බැඳගෙන වෙනත් අය කා කියන්න . මේකත් ලොකු දෙයක් පාලක පක්ෂයට මඩ ගහන්න . අර කියමනක් තියන්නේ ඔක්කොම කුණු බහින්නේ බේරුවල බොක්කෙන් කියල (අ)