IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ෆොන්සේකාගේ අපේක්ෂක රියේ බැඳ දාලා

සරත්  ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපෙක්ෂක කේ.ඒ නිශාන්ත මහතා අත පය ගැට ගසා කටද බැඳ ඔහුගේ රියේම සිහිසුන්ව සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.

වැලිපැන්න අරියවංශගම දී අද අලුයම සොයා ගත් ඔහු වෑත්තෑව රෝහලට ඇතුළු කිරීමෙන් පසුව කළුතර නාගොඩ රෝහලට මාරු කර යැවූ බවත්, වරින් වර සිහිය එන බවත් වෛද්‍යවරු කියති.

ඔහුගේ බිරිය නීතීඥ මාධවී සපරමාදු මහත්මිය පැවසුයේ තමාට පහර දුන් බව සිහිය එක් අවස්ථාවක දී සැමියා කී බවයි.

නිශාන්ත මහතා බැඳ දමා සිටි රියේ ආසනයක් ඉව කළ පොලිස් නිල සුනඛයා කැලෑවක් හා රබර් වත්තක් මැදින් කිලෝ මීටර එක හමාරක් දුර ගොස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තවත් අපේක්ෂකයකුගේ ආධාරකරුවකු බව කියන පුද්ගලයකුගේ නිවසට ගිය බව පොලිසිය කියයි.

එම ආධාරකරු ගෙදර නොසිටි බව කියන පොලිසිය පෙර දින එම නිවසේ ඡන්ද රැස්වීමක් පවත්වා ඇති බව ද පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලාංඡණය සහිත ටීෂර්ටයකින් නිෂාන්ත මහතාගේ කට බැඳ දමා තිබිණි.

අඩු ගණනේ හතර පස් දෙනකුවත් නිෂාන්ත මහතාට පහර දෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.



අදහස් (0)

ෆොන්සේකාගේ අපේක්ෂක රියේ බැඳ දාලා

උමේෂ් Monday, 24 March 2014 04:51 PM

පක්ෂේ ඇතුලේ අර්බුදයක් වෙන්න බැරිද.... දැන් ඔය කීප දෙනෙක්ම ආවනේ එලියට.....(අ)

:       0       0

කාවින්ග Monday, 24 March 2014 05:08 PM

එස්.එෆ්ගෙ ඊලඟ මෙහෙයුමෙදි මෙව්ව අහුවෙයි.ආයෙ දෙකක් නෑ, හම්බ වෙයි කලවැදි කෂාය​ (අ)

:       0       0

ඔස්කාර් Monday, 24 March 2014 05:28 PM

ඉක්මන් සුවය... (අ)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Monday, 24 March 2014 06:01 PM

සමහරුන්ගේ දේශපාලන ප්‍රෝඩාවන් තිබෙනවා . එයාම බැඳගෙන වෙනත් අය කා කියන්න . මේකත් ලොකු දෙයක් පාලක පක්ෂයට මඩ ගහන්න . අර කියමනක් තියන්නේ ඔක්කොම කුණු බහින්නේ බේරුවල බොක්කෙන් කියල (අ)

:       0       0

ගයාන් Wednesday, 26 March 2014 11:24 AM

විජේ ගේ මොලේ තැලිලා. (ස)

:       0       0

ධනන්ජනි Monday, 24 March 2014 06:08 PM

නිශාන්ත මහතාණෙනි ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි . . .(අ)

:       0       0

රකිත් Tuesday, 25 March 2014 08:37 AM

ඇත්ත නේන්නම්, බන්දුල මහත්තයෝ. හැබැයි, මට පොඩි ප්‍රශ්න කිහිපයක් අහන්න හිතුනා ඔබ තුමාගේ පිළිතුර දැකලා. දේශපාලනික තර්ජනයක් නැති ජන පදනමක් නැති පක්ෂයක නායකයෙක් වසර 3 කට ඇයි හිරේ දැම්මේ? (නදී)

:       0       0

උපාලි සුමිත් හේවාවසම් Monday, 24 March 2014 06:39 PM

මරු ඡන්ද ක්‍රමය.(නදී)

:       0       0

අජන්ත Tuesday, 25 March 2014 09:03 AM

මේක මිනිස්සු මුලා කරන්න කරපු වැඩක් මේ දවස් වල කවදාවත් මෙයාල තනියම යන්නේ නැහැ. මෙහෙම බොරුකරෝයෝද දේශප්‍රේමී කියන්නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 24 March 2014 07:13 PM

පොලිස් සුනඛයා ගියෙත් පක්ෂේ කෙනෙක්ගේ ගෙදරටම නම් තව මොන කතාද? ඕක තමයි පොන්සේකාගේ පක්ෂේ ප්‍රජාතන්ත්‍ර වාදය. කට්ටිය හිටු කියල ඒකත් ආණ්ඩුවේ ගිණුමට දානවා. දේශපාලනික තර්ජනයක් නැති ජන පදනමක් නැති මෙහෙම කෙනෙකුට ගහන්න මේ තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවේ අයට පිස්සුද? බැලුවොත් ඇහුවොත් ඇහෙන්නේ දකින්නේ වේදිකාවල රුපවාහිනී නාලිකා වල ආණ්ඩුව පතුරු අරින කතා. ඒත් කියන්නේ රටේ දේශපාලන නිදහසක් නැහැලු.. මෙයිට වඩා නිදහසක් අපිනම් පහුගිය කිසි ආණ්ඩු කලෙක දැක්කේ නැහැ.(නදී)

:       0       0

දිලු Tuesday, 25 March 2014 09:19 AM

මගේ ගුරුතුමාට ඉක්මන් සුවය පතමි.(නදී)

:       0       0

සුනෙත් Tuesday, 25 March 2014 09:41 AM

රකිත්, හිරේ දැම්මේ ඡන්දෙ පැරදුනාට පස්සේනේ.(නදී)

:       0       0

බන්දුල කටාර් Monday, 24 March 2014 07:34 PM

මේක ෆොන්සේකා මහත්මයාගේ ගමන වලක්වන්න කවුරුන් හෝ කරපු වැඩක් කියලයි මට හිතෙන්නේ. සරත් ෆොන්සේකා මහත්මය දැන් තමයි හරි මාර්ගයේ යන්නේ, වෙනත් පක්ෂවලට සම්බන්ද නොවී මුලින්ම තනිවම ගියානම් මෙලහකටත් දිගු ගමනක් යන්න තිබුනා. දැන්වත් ඒ ටික තේරුම් අරගන කටයුතු කලොත් ජීවිතේ පරදුවට තියල අපේ රට බේරගත්ත එක වෙනුවෙන් ඔබතුමාට රටේ ජනතාව කාලගුණ සලකාවි. යුද්දය තිබුන කාලෙටත් වඩා අද අපේ රට විනාශ වෙනවා කුඩු වලින්, දුෂණයෙන් සහ අපරාද වලින්. දෙවෙනි වතාවටත් රට බේරගන්න ඔබතුමා හැර වෙනත් නායකයෙක් නම් පේනතෙක් මානෙකවත් නැහැ.(නදී)

:       0       0

අසෝකා Tuesday, 25 March 2014 07:21 PM

ජාති,පක්ෂ, ආගම් කෙසේ වෙතත් මේත් මිනිස් ජීවිතයක්. අද අනෙක් මිනිසුන්ගේ ජිවිත වල වටිනාකමක් නොදන්නා අය වැඩියි. (නි)

:       0       0

ආෂා කෝරාලගේ Monday, 24 March 2014 08:10 PM

බන්දුල මහත්තයාගේ කතාව හරියටම හරි.(නදී)

:       0       0

සෞදි සමීර Monday, 24 March 2014 08:25 PM

සජිනි මධුෂානි ඔයාගේ කමෙන්ට් එක දැක්කම ගැහැනුන්ගේ නුවන අර මොකේද එකේ වගේ කියන එක ඇත්ත කියල හිතෙනවා.(නදී)

:       0       0

සමන්ත Monday, 24 March 2014 09:17 PM

පක්ෂ දේශපාලනය තුලින් සාධාරණ මැතිවරණයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමසාරිස් අහපු දේ හරි (දී)

:       0       0

චානක Monday, 24 March 2014 08:33 AM

මේක තමා අද රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය, විරුද්ධ මත දරන දේශපාලනයකට ඇති ඉඩ අවම වීගෙන යන්නේ. දැන්වත් මහජනතාව මේ අවදානම තේරුම් ගත යුතුයි. (නදී)

:       0       0

ගාමින්ද Monday, 24 March 2014 09:35 PM

මොන තරම් පහත් වැඩක්ද ඒ (දී)

:       0       0

කුසුමලතා Monday, 24 March 2014 08:35 AM

එයාම බැඳගෙන සිහි නැතිවෙලා වෙන්න බැරිද? (නදී)

:       0       0

සුරංග Monday, 24 March 2014 09:43 PM

දේශපාලනය කියන්නේ ඕකට තමයි , නමුත් මහත්මා දෙසපාලනය කියන්නේ ඔයිට වඩා හාත්පසින් වෙනස් දෙයකට (දී)

:       0       0

සේනක Monday, 24 March 2014 09:47 PM

ගිනි සිළුවට මාර අරියාදු (දී)

:       0       0

කසුන් Monday, 24 March 2014 09:12 AM

ජිනීවා වලට විරුද්ධව පෙළපාලි යන එක තේරුමක් තියෙනවද. (නදී)

:       0       0

බොනී Monday, 24 March 2014 09:17 AM

යමු ජිනීවා, ජිනීවා, ජිනීවා.(නදී)

:       0       0

නිමල් Monday, 24 March 2014 09:19 AM

මෙහෙම වෙද්දී තමයි දකුණටත් ප්‍රභාකරන්ලා වගේ අය ඕනා වෙන්නේ. (නදී)

:       0       0

ධම්ම Monday, 24 March 2014 09:29 AM

මීට වඩා ප්‍රචාරයක් තවත් මොකටද? එක තේරෙන්නේ නෑ මේ කරපු අයට.(නදී)

:       0       0

ඩයස් Monday, 24 March 2014 09:29 AM

මේකද මේ රටේ ඇති නිදහස? ජනතාව රටේ ඇති භයානක තත්වය තේරුම් ගත යුතුයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 24 March 2014 09:36 AM

ජනාධිපතිතුමනි, මේවා ගැන සොයා බලන්න.(නදී)

:       0       0

විජේ Monday, 24 March 2014 09:39 AM

ඔහොම යනකොට මිනිස්සුන්ට හිතේවි ප්‍රබාකරන් රට අල්ලගත්තා නම් මීට වඩා හොදයි නේද කියලා.(නදී)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Monday, 24 March 2014 11:14 PM

හැම දේටම ජිනීවා - මේකත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ වැඩක් වගේ. (w)

:       0       0

කුමාර් Monday, 24 March 2014 09:58 AM

එයාම බැඳ‍ෙගන සිහි නැතිවෙලා වෙන්න බැරිද? (නදී)

:       0       0

ඇසළ Monday, 24 March 2014 10:15 AM

දැන් තමයි අරංචි උනේ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන තනියම කරගත්තු වැඩක් කියලා.(නදී)

:       0       0

උපාලි Monday, 24 March 2014 11:45 PM

මේවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නොවෙයිද මේවාට නිසි දඩුවම් ගන්නේ නැද්ද (දී)

:       0       0

සාගර Monday, 24 March 2014 10:23 AM

අත්‍ දෙක බැද ගත්තේ කොහොමද දන්නේ නැහැ.(නධී)

:       0       0

ඉන්දික Monday, 24 March 2014 10:35 AM

ආණ්ඩුව බය වෙන්න ඕනේ ඡන්ද තියෙන කෙනෙකුට. මේවා බොරු ප්‍රචාරක වැඩ. (නදී)

:       0       0

ඉන්දික Monday, 24 March 2014 10:36 AM

විජේ, බලන්න ඔයාගේ මොලේ හරි තැන තියෙනවද කියලා.(නදී)

:       0       0

පිටිගල Monday, 24 March 2014 10:37 AM

දය අලහකෝන් වැඩක් වෙන්නේ නැහැ. පත්තර බලන්නේ නැතුව ඇති.(නදී)

:       0       0

ුනිල් විමලසුරිය Monday, 24 March 2014 12:55 PM

ඡානක, කසුන්, ඩයස් හොඳ ඇත්ත කියලා තියෙනවා.(නදී)

:       0       0

සඳුන් Tuesday, 25 March 2014 03:18 AM

කඩේ යන කෙනාට කවුරුත් උත්තර දෙන්න ගිහිල්ලා නෑ ඒ ජාතියේම කෙනෙක් හැර. ඉතින්. මමත් ඉස්සර උත්තර ලිව්වා. පිස්සෙකුට උත්තර දෙන්න යන්නේ නෙතුව බුද්ධිමත්ව විචාරාත්මකව අදහස් පළකිරීම ඊට වැඩිය ගොඩක් වටිනවා. (නදී)

:       0       0

භානු Monday, 24 March 2014 01:27 PM

අන්තිමට " මම මාවම බැඳ ගත්තා " වේවි. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 24 March 2014 01:32 PM

මේක කාගෙ ගිණුමටද බැර කරන්නේ? (ස)

:       0       0

ඉන්දික Tuesday, 25 March 2014 05:07 AM

ජනරාල් තුමනි ඔබට ජය. (ස)

:       0       0

වසා. Tuesday, 25 March 2014 06:31 AM

මේවා තියන්නේ රට ඇතුලේ. ඔබලා ජිනිවා වලට මේ රට පාවා දෙන්න හදන්න එපා. (නදී)

:       0       0

ජගත් Thursday, 27 March 2014 10:33 PM

නිශාන්ත මල්ලි. ඔයාට ඉක්මන් සුවය පතන ගමන්ම ජයද පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 32 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 376 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 410 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 2992 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 143 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 750 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22014 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21818 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site