මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් පැළඳ යතුරු පැදියකින් ආ මිනිහකු හා ගැහැනියක බොඹුවල පාලයංගොඩ පාරේ ගිය පෙරපාසල් ගුරුවරියකගේ පවුම් දෙක හමාරක මාලයක් කඩාගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
බාස් කෙනකු සිටින තැනක් අසන මුවාවෙන් සයිකලයෙන් බැස ආ ගැහැණිය ගුරුවරියට වැලමිටෙන් පහරක් දෙද්දී අනෙක් පිරිමියා මාලයට කඩා ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ගොඩක් බැංකු කඩලා ඉවර උනාට පසුව හෙල්මට් නිතිය ගැන හිතලා බලමු .(ස)
රටකට ගිය කලක් අනේ අනිච්චන් සංසාරේ. ස)
හෙල්මට් තහනම් කලා කියලා ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නෙ නැහැනෙ.බැංකු කඩපු, මාල කඩපු හැම එකාම ආවේ හෙල්මට් දාගෙනද? බොරුවට කෑ ගහලා, ෆුල්ෆේස් තහනම් කරවලා දුප්පත් යතුරුපැදි කරුවන් අනතුරේ දාන්නේ නැතුව ආරක්ශක අංශ වල තියෙන අඩු පාඩු හදා ගත්තොත් නරකද? (ස)
බුද්ධික නමනම් ගැලපෙන්නේ නැහැ වගේ. ඔයා කියන්නේ හැම ෆුල් ෆේස් සයිකල් කාරයෙක් එක්කම පොලිස් කාරයෙක් දාන්න කියලද .? ආරක්ෂක අංශ වලටත් සීමාවක් තියෙනවා ,එතනින් එහාට නීති රීති වලින් තමයි මිනිසුන් පාලනය කරන්න ඕනේ (ස)
මේ ෆුල්ෆේස් හෙල්මට් දැන් හරිම කරදරයක් (නි)
කොහොමත් මේ හෙල්මට් ප්‍රශ්නය දැන් බරපතලයි. විධිමත් සැලසුමක් ඇතුව මෙය පාලනය කර අහිංසක ජනයා ආරක්ෂා කළ යුතුමයි. (නි)
මීට කලිනුත් අඹු සැමියන් යුවලක් යතුරුපැදියේ ගිහින් මාල කඩලා අහු වුණා කියලා වාර්තා වුණා. අල්ලා ගත්තම රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ. පිරිමියා කෙසේ වෙතත් අර ගැහැණු කෙනාට පුලුවන්ද තවත් ගැහැණු කෙනෙකුට මෙහෙම කරන්න. මම නම් කියන්නේ මේ වගේ හොරුන්ගේ නම් ගම් එක්ක ප්‍රසිද්ධ කරන්න ඕනෑ. නැත්නම් මාසයක් විතර හිරේ ඉඳලා, දඩයක් ගෙවලා නැවතත් ගිහින් මේ වැඩේම තමා කරන්නේ. (නි)
“මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් පැළඳ යතුරු පැදියකින්.....“. දැන් ඉතින් මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් තහනම් කරාවි.රටකට ගිය කලක්. (නි)
ලංකාවේ පිහි ඇනුම් තියෙනවා කියලා ගෙදර තිබෙන මන්න පිහි තහනම් කරලා හරියනවද? (නි)
නීතිය අන්තිමටම පිරිහුණ රටේ මොනවද කරන්න බැරි? (නි)
සරත් මහත්මයා, ෆුල්ෆේස් තහනම් කලා කියමුකෝ, ඊලඟට ඔය හොරු, මංකොල්ලකාරයෝ ලේන්සුවක් මූනේ බැඳගෙන ඔය වගේ දේවල් කලොත් ලේන්සුත් තහනම් කරනවද? ඊට පස්සේ හොරු එන්නෙ යතුරු පැදි වලින් නිසා ඒවත් තහනම් කරනවද? ඔය මංකොල්ල කාපු එක බැංකුවකවත් හරි හමන් ආරක්ෂක සේවයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ශොට් ගන් එකක් අතේ තියාගෙන එක පොලිස් කර කර ඉන්නවා විතරයි.(නදී)
නෑ බුදුහාමුදුරුෙවා් කියලා තියෙනවා මෙහෙම වෙනවාය කියා. ඒ නිසා අපිට පූශ්ණයක් නෑ.(නදී)
ලංකාවේ අාස්චර්‍ය. පාරේ යන්න බයයි. නීතීය හරි හැටි ක්‍රියාත්මක නොකලොත් වෙන්නේ ලස්සනට පේන්න තියෙන රටක ජීවත් වෙන්න බැරි බවයි. මැද පෙරදිග නීති ගෙන එන්න. මිනි මරුවන්ට ඇප දෙන්න එපා.(නදී)