ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ දැන හැඳින ගත් තරුණ තරුණියෝ පිරිසක් කුරුණෑගල මලියදේව පිරිමි ළමා නිවාසයේ සිසුන් පිරිසක් වෙනුවෙන් අවුරුදු උත්සවයක් පැවැත්වූහ.
සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා ඇතුළත් මේ උත්සවය සංවිධානය කළ ෆේස්බුක් තරුණ තරුණියෝ බොහෝමයක් එකිනෙකා මුහුණට මුහුණ දැකගත්තේ මේ අවුරුදු උත්සවයේ දී වීම විශේෂත්වයකි.
ෆේස්බුක් සමාජ වෙබ්අඩවිය ඔස්සේ විවිධ පිරිස් අවුරුදු උත්සවය සඳහා විශාල මුදලක් පරිත්‍යාග කර තිබූ අතර ඔවුහු ඒ මුදලින් දරු දැරියනට තෑගිබෝග දුන්හ.
මේ තරුණ කණ්ඩායමේ සිටි ජනක ලක්මාල් පැවසුවේ කුරුණෑගල පාසලක වූ සිද්ධිය නිසා වැඩිහිටි බොහෝ දෙනකු දරුවනට පරිගණක ඇල්ලීම පවා තහනම් කළ යුතුයි යන මතයේ සිටි බවයි. ෆේස්බුක් සම්බන්ධයෙන් ජනතාව අතරේ ඇති වූ වැරදි ආකල්පය නැති කර ගත යුතු බව ද ඔහු කීවේය. අප පරිගණකය අත හැරියොත් ලෝකයෙන් කොන් විය හැකි බව ද ලක්මාල් කීවේය.
‘ෆේස්බුක් මේ රටට එන්න කලින් කොච්චර දිවි නසා ගත්තාද? එහෙමනම් ඒ සිදුවීම නිසා ෆේස්බුක්වලට දොස් පැවරීම වැරදි. මෙයින් බොහෝ හොඳ දේ කළ හැකියි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනගෙන ගියොත් කතරගම.නොදැන ගියොත් අතරමඟ. (නි)
හොඳ වැඩක්.මෙමගින් ෆේස්බුක් ගැන මිනිසුන්ගෙ තියෙන වැරදි ආකල්පය යම් තරමකට දුරු වෙනවා.හැමෝටම ආදර්ශයක් මෙය. (ස)
හොඳ ක්‍රියාවක්. අපිට හොඳ ආදර්ශයක් මෙවැනි දේ කිරීම.සුබ පැතුම් සැමටම. (ස)
උතුම් ක්‍රිියාවක්. නංගිල මල්ලිලට සුභ පතනවා. ඒ වගේම තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා. (ස)
උතුම් වැඩක් කරල තියෙන්නෙ. තව තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා. රට භාරයි නුඹට පුතේ. (ස)
ඇත්තටම ආදර්ශවත් වැඩක් මේ දරුවො කරල තියෙන්නෙ.අපේ හැදියාව ගතිගුණ හොඳ නම් ඕනම දෙයක් කරන්න පුළුවන්. චේතනාවයි වැදගත් වෙන්නෙ. (ස)
ධම්ම ඔබ හරි. ඇත්තටම ෆේස්බුක් පාවිච්චි කරන අපි අපිටම වාරණයක් දාගන්නවනම් වැරදි වෙන එක අඩු කරගන්න පුළුවන්. තමන්ගෙ ගිණුමට අඳුනන්නෙ නැති අය වැඩිය එකතු කරගන්නෙ නැතුව ඉන්නවනම් ප්‍රශ්න බොහෝ දුරට අඩුුයි. (ස)
අර හාමුදුරු කෙනෙක් පෙට්‍රල් වක්කර ගෙන දිවි නසdගත්ත නිසා පෙට්‍රල් තහනම් කරයිද දන්නේ නැහැ. දන්නවනේ ඉතින් අපේ රටේ පාලකයන්ගේ හැටි. ඒකයි මම ඇහුවේ. (ස)
ඉතාමත් ආදර්ශවත් වැඩක්. අන් සියල්ලන්ටම මෙය ආදර්ශයක් වේවා! කරන කියන කොයිදේත් හොඳ පැත්ත ගන්න පුරුදු වුණහම දිනන්න පුළුවන්. නුඹලාට ජයවේවා! (නි)
මම දන්නා විදියට නම් ලංකාව ලෝකයේ සියදිවි හානිකරගන්නන් වැඩිපුරම සිටින රටක්. එයට විවිධ හේතු තිබුනා. ඉන් ප්‍රධානම හේතුවක් වුයේ කෘමිනාශක භාවිතයයි. කෘමිනාශක භාවිතය සුලභ වු පසු සියදිවි හානිකරගන්නන් ගේ ප්‍රමාණය ඉහළ ගියා.එම සිදුවීම් හා සසදනවිට ෆේස් බුක් මඟින් කර ඇති හානිය තවම අවම මට්ටමකයි තියන්නේ. මෙහි වැරදි අවබෝධයන් නිවැරදි කරගත යුතුයි. (නි)
ජීවක , කෘමිනාශක එන්නේ ගොවිතැන් කරන නිසා තමයි.. නමුත් එය භාවිතාකරන්නේ කෘමි රෝග නිවාරණයට . එහි සමාජීය සහ පාරිසරික ගැටළු රැසක් තියනවා. ෆේස් බුක් එකත් එය වගේමයි. අපට එය අවශ්‍යයි . නමුත් ගැටළු ඇතිකරන අවස්ථා තියෙනවා. මම කියන්නේ කෘමිනාශක එයට වඩා සියදිවි හනිකරගැනීමට සහ වෙනත් ගැටළු වලට හෙතුවනබවයි. (ස)
තනි තනිව ඇස් වැහුවාට.., සමුහ ඡායාරුපේ..? (ස)
විශිෂ්ඨයි! (ස)
ඔබ හොඳ නම් ෆේස් බුක් ද හොඳය.(ස)
අන්තර් ජාලයෙන් හොද වැඩ බොහොමයක් කරන්න පුලුවන්, එහෙත් අපේ බොහෝ දෙනෙක් කරන්නෙ නරක දේවල්.(ස)
කෘමිනාශක එන්නේ ගොවිතැන් කරන නිසානේද? (නි)
හොඳ වැඩක්. මේ දේවල් අගය කරන්න ඕනෑ. (නි)
උතුම් ක්‍රියාවක්.තවත් මෙවැනි ක්‍රියාවන් කරන්නට දිරිය ලැබේවා.(ස)