ජන දුකට පිහිට නොවන ආණ්ඩුව අසාර්ථකයි ජන දුකට පිහිට නොවන අසාර්ථකම ආණ්ඩුව බව වත්මන් ආණ්ඩුව පත්වී වසරක් තුළ ඔප්පුකර ඇතැයි සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (17) පැවසීය. 17 November 2020
කොරෝනා මෙන්ම 20 ත් වසංගතයක් කොරෝනා වසංගතය මෙන්ම මේ ආණ්ඩුව හඳුන්වාදුන් විස්සත් වසංගතයක් බැවින් අද මෙම වසංගත දෙකෙන්ම ජනතාවට බැට කෑමට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද(02) පැවසීය. 02 November 2020
’නූතන සිරිසඟබෝ ප්රජාතන්ත්රවාදයේත් පාර්ලිමේන්තුවෙන් ගෙල සිඳලා’ අනුරාධපුර යුගයේදී සිරිසඟබෝ රජතුමා ගෝඨාභය මල්ලිගේ අවශ්‍යතාවයට තමන්ගේ හිස දන්දුන්නා මෙන් නූතන රාජපක්ෂ යුගයේත් මහින්ද රාජපක්ෂ තමන්ගේ මල්ලි වන ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ප්රජාතන්ත්රවාදයේ සහ පාර් ලිමේන්තුවේ ගෙල සිඳ දන් දීමට කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද(22) පැවසීය. 22 October 2020
කොරෝනා පොකුරේ ව්‍යාප්තිය ආණ්ඩුවේ සමහරුන්ට විහිළුවක් වෙලා කොරෝනා පොකුරේ ව්‍යාප්තිය ආණ්ඩුවේ සමහරුන් ගණනකට නොගන්නා බවත් මේ උවදුරෙන් ජනතාව මුදාගැනීම සඳහා වගකීම් සහගතව කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීම කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 15 October 2020
ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නෑ ආණ්ඩුවේ බදු සංශෝධනය නිසා රජයට අහිමි වූ රුපියල් කෝටි තිස්දහසක ආදායම ගියේ කොතනකටදැයි වහාම හෙළිකරන ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (5 වැනිදා) මාධ්‍ය හමුවේ දී ඉල්ලීය. 06 October 2020
‘පාස්කු ප්‍රෝඩාව ගැන හොයන්නත් වෙනම කොමිසමක් ඕනෑ’ පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට කොමිසමක් පත් කළා සේ පාස්කු ප්‍රෝඩාව ගැන සේවීමටත් වෙනම කොමිසමක් පත්කළයුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(04) පැවසීය. 04 October 2020
ජේ.ආර්ට ලැබුණු හයෙන් පහට වඩා ජනපතිට ලැබුණු තුනෙන් දෙක බලවත් කේවල ඡන්ද ක්‍රමය යටතේ ජේ.ආර්. ජයවර්ධන මහතාට ලැබුණු හයෙන් පහක බලයට වඩා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු තුනෙන් දෙකක බලය බලවත් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා පෙරේදා (30) පැවැසීය. 02 October 2020
මේ ආණ්ඩුව දැන් ජනතාවට උහුලන්න බැරි පීඩනයක් පටවලා රටේ ජනතාවට සෙත සලසන බවට පවසමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව උහුල ගන්න බැරි පීඩනයකට අසහනයකට ජනතාව පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්මලානේදී පැවති ජන හමුවක දී පැවසීය. 02 October 2020
රටේ ප්රජාතන්ත්රවාදය රැකගන්න එජාපය ශක්තිමත් කරනවා උගත් පාඩම් උපකාරී කර ගනිමින් රටේ ප්රජාතන්ත්රවාදය රැකීම උදෙසා එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දික්වැල්ලේදී පැවසීය. 30 September 2020
එකක් ප්රජාතන්ත්රවාදය අගය කරනවා: අනෙක අධිකාරිවාදයට ආවඩනවා අද වනවිට රට කඳවුරු දෙකකට බෙදී ඇති බවත් එකක් අධිකාරීවාදයට ආවඩන කඳවුර වන අතර අනෙක ප්රජාතන්ත්රවාදය අගය කරන කඳවුර බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකිර් මාකර් මහතා ඊයේ ප්‍රකාශ කළේය. 30 September 2020
අලුත් ආණ්ඩුව ආවාට පස්සේ හැමදාම අක්කර 7 ගානේ කැලෑ එළිවෙලා ‘‘නව ආණ්ඩුව පිහිටවූ දා සිට අද දක්වා දිනකට වනාන්තර අක්කර හත බැගින් විනාශ කර තිබෙන බව පරිසර සංවිධාන තහවුරු කර ඇතැයි’’ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹ දී පැවසීය. 29 September 2020
එදා තෙල්මිල සූත්‍රයට කෑගැසූ කල්ලිය අද පොල් සූත්‍රයක් ගෙනත් ආණ්ඩුවට කෙළවී ඇති ආකාරය කොතරම්ද කියනවානම් එදා තෙල් මිල සූත්‍රයට කෑගසූ කල්ලිය අද පොල් මිල සූත්‍රයක් දාගෙන දඟලන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. 29 September 2020
20 න් කරන්නේ ගණනක් මිම්මක් නැතිව මුල්‍ය පාලන බලය ගඟේ මුහුදේ දැමීමක් ගණනක් මිම්මක් නැතුවම මූල්‍ය පාලන බලය ගඟේ මුහුදේ දැමීමට 20වැනි සංශෝධනය තුළින් උත්සාහ කෙරෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. 28 September 2020
ඒකාධිපති වියරුව පරාජය කිරීමට සටන්වදිනවා විසිවැනි සංශෝධනය හරහා පැමිණෙන ඒකාධිපති වියරුව පරාජය කර ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා එජාපය නිරතුරුවම සටන්වදින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, හිටපු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ වෙනුවෙන් අධිකරණයට යෑමට හා රට වටා ගොස් ජනතාව දැනුවත්කර ඒ සඳහා මහජන විරෝධය පෙළගැස්සවීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය. 27 September 2020
‘ටේප් එකක් අරන් පොළේ යන්න‘ තුනෙන් දෙකක බලයක් ලබාගත් වත්මන් ආණ්ඩුව ජීවන වියදම පහළ දමා ජනතාවට සහන ලබාදී ජනතාවාදී පාලනයක් ගෙනයනවා වෙනුවට පොල් ගන්න ටේප් එකක් අරන් පොළේ යන්න කියා ජනතාවට විහිළු සපයමින් සිටින බව සමගි ජන ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුරයේදී පැවසීය. 27 September 2020
‘සශ්‍රීක ම යුග ප්රජාතන්ත්රවාදී යුග නෙමේ’ දේශප්‍රේමී මිනිසකු ජනතාවාදී මිනිසකු අතට බලය එකතුවීම පිළිබඳව ජනතාව කිසිසේත්ම බිය විය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සශ්‍රීකම යුග ලෙස සැලකෙන මහා පරාක්‍රමබාහු යුගය හෝ දුටුගැමුණු යුගය ප්රජාතන්ත්රවාදී යුග නොවන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය. 27 September 2020
‘අගමැතිව නිකමෙක් කර-පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් කරගන්න යනවා’ අගමැතිවරයාව නිකමෙකු කර, පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කරන 20 වැනි සංශෝධනය පරාජය කිරීමට ප්රජාතන්ත්රවාදය අගය කරන සියලු දෙනා පෙළ ගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කොළඹදී අද (25) පැවසීය. 25 September 2020
ආණ්ඩුවේ වැරැදි ආර්ථික සැලසුමෙන් එන වසරේදී රැකියා දස ලක්ෂයක් අවදානමේ ආණ්ඩුවේ වැරැදි ආර්ථික සැලසුම් හේතුවෙන් ඉදිරි වසර තුළ රැකියා දස ලක්ෂයක් අහිමිවීමේ අවදානම තිබෙන බව’’ සමගි ජනබලවේගය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී ඊයේ (21) පැවසීය. 22 September 2020
ආණ්ඩුව වියත් මගින් රට හදනවා වෙනුවට කියත් මගින් පරිසරය විනාශ කරනවා ‘‘ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත දේශයක් වෙනුවෙන් කැපවන බවට පැවසූ ‘වියත් මගින්’ රට හදනවා වෙනුවට ‘කියත් මගින්’ පරිසර විනාශය කරන බව’’ සමගි ජන බලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 22 September 2020
ලොවම ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරද්දී මාතෘ භූමිය ගෝත්‍රික පාලනයකට ඇද දාන්න එපා මුළු ලොවම ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන අවධියක ශ්‍රී ලංකා මාතෘ භූමිය ගෝත්‍රික වහල් පාලනයකට ඇද දමන්නට එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද රැවටිලිකාරී දේශපාලනයට එරෙහිව ජනතාව සමඟ භූමියේ සටනට එක්සත් ජාතික පක්ෂය නායකත්වය ලබා දෙන බව ද එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 21 September 2020
‘ප්රජාතන්ත්රවාදී බලවේග සමඟ 20 පරාජය කරනවා’ ප්රජාතන්ත්රවාදී සියලුම බලවේග ඒකරාශී කරගෙන විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අපි පරාජය කරනවා. පාර්ලිමේන්තුවේ සිටින ප්‍රබල විපක්ෂය හැටියට අපිට ඒක කරන්න පුලුවන්.ප්රජාතන්ත්රවාදයට ගරු කරන සියලුම දෙනා අපිත් සමඟ එකතු වේවි යැයි සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 20 September 2020
‘පළාත් සභා අහෝසි කරන්න පක්ෂයේ කිසිම නායකයෙක් තීරණය කරලා නෑ’ පළාත් සභා ක්‍රමය අහෝසි කිරිමට හෝ පළාත් සභා මැතිවරණය කල් දැමීමට තම පක්ෂයේ කිසිම නායකයෙක් තීරණය කර නැතැයි උතුරු මැද හිටපු මහ ඇමැති පොදුජන පෙරමුණ මිහින්තලේ ප්‍රධාන ආසන සංවිධායක එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පැවසීය. 20 September 2020
20 ආවොත් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වනවා ‘දහ නව වැනි සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට රට පාලනය කිරීමේ කිසිදු බාධාවක් නැතැයි ද ඒ නමුත් 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත්වීමක් යැයිද’ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (17) පැවසීය. 18 September 2020
මන්ත්‍රීලා පඹයන් වෙන්න අකමැති නිසා විස්ස විසිවෙනවා විසි වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පඹයන් සේ ඉන්න කැමති නැති නිසා ඊට තුනෙන් දෙකක බලයක් ලැබීම සැක සහිත යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (17) පැවසීය. 18 September 2020
ජේ.ආර්ගේ ස්වර්ණමය යුගය එජාපයට යළි ගේනවා එක්සත් ජාතික පක්ෂයට නැවත ජේ. ආර්. ජයවර්ධන ස්වර්ණමය යුගය ගෙන එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (17) පැවැසීය. 18 September 2020
ප්‍රගතිශීලින්ගේ බලපෑමෙන් විස්සේ කෑලි හැලෙනවා ප්රගතිශීලී ජනතාවගේ සෘජු මැදිහත්වීම නිසා අද ‘‘විස්සේ” කෑලි ගැලවෙමින් තිබෙන්නේ යැයිද විසිවන සංශෝධනය හැදුවේ කවුදැයි රාජ්‍ය බුද්ධි අංශයටවත් සොයා ගන්නට නොහැකි තත්වයක් නිර්මාණයවී ඇතැයි ද සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. 17 September 2020
ගිය ඡන්දයෙන් එජාපය ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක් ආගමට, ජාතියට, සංස්කෘතියට හිතැති ප්‍රකට බෞද්ධ පවුල් දෙකක නියෝජනයක් වන රුවන් විජයවර්ධන මහතාට දේශීයත්වය ආගම පිළිබඳව අමුතුවෙන් කියා දිය යුතු නැතැයි කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවැසූහ. 17 September 2020
19ටත් 20ටත් උඩින් යන වැඩපිළිවෙළක් ගේනවා ප්රජාතන්ත්රවාදයට මරු පහරක්වූ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට දහ නව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළොන්නාවේදී පැවැසීය. 16 September 2020
ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩාව පටන් අරන් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර ජනතාවාදී පාලනයක් ගෙන යන බවට පම්පෝරි ගසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදයට නිදහසට පයින් ගසා ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩා කිරීම ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා කොළඹදී අද(15) පැවසීය. 15 September 2020
දේශපාලන වැඩවලට හවුල්නොවී රජයේ ඉදිරිගමනට සහායවන්න රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයේ වියතුන්ගෙන් පෙරේදා (13) ඉල්ලීමක් කළේය. 15 September 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026