සැර කොරෝනාව ගැන ජ‘පුර වෛද්‍ය පීඨයෙන් අලුත්ම හෙළිදරව්වක් මෙරට භාවිතා කෙරෙන අස්ට්‍රාසෙනිකා ,ෆයිසර් හා සිනොපාර්ම් යන එන්නත් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ තුනක් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 12 June 2021
සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00 තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 11 June 2021
‘‘සංචරණ සීමා ඉවත් කරන්න දැඩි කොන්දෙසි‘‘ රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි 11 June 2021
කොරෝනා මරණ තවත් 101 ක් කොරෝනා මරණ තවත් 101 ක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළේය. 11 June 2021
දින 22කට පසු රට සඳුදා ඇරෙයි දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා අලුයම 4.00ට ඉවත් කරන බව කෝවිඩි 19 පැතිරිම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ජෙනරාල් ශ්වේන්ද සිල්වා මහතා තහවුරු කරයි. 10 June 2021
කොරෝනා ව්‍යාප්තියෙන් ලංකාව ඉන්දියාව පරදයි කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 10 June 2021
දරුණු වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ දහයකින් බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින්ද ඉන්දියාවේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 10 June 2021
පිට ගම්කාරයන්ට එන්නත් දුන්නාට සෞඛ්‍ය ලොක්කන් 2කට මාරු නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංහාරච්චි යන මහත්වරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් මාරු කර යවනු ලැබ ඇත. 09 June 2021
සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12ක් සහ කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ. 09 June 2021
රසායනික පොහොර නිසා වසරකට 230,000ක් මරු කටට රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය. 08 June 2021
‘කාබනික පොහොර භාවිතයේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි‘ කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 June 2021
ගමේ අය බලා සිටිද්දී පිටතින් ආ අයට කොවිෂීල්ඩ් එන්නත ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා, කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 07 June 2021
මහ වැස්සෙන් 19ක් මරුට දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ දිස්ත්‍රික්ක 10කට බලපෑ ගං වතුර සහ නායයෑම් හේතුවෙන් දින හතරක් තුළ දී සිදුවූ මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 07 June 2021
පක්ෂ නායක රැස්වීමට මහින්ද- සජිත් නැහැ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දීඅද (7)පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගී වූයේ නැත. 07 June 2021
පොලිස් ජීප් රියෙන් පැන්න සැකකරු මිය ගියැයි එස්:අයි ගේ සහ සැරයන්ගේ වැඩ තහනම් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ජීප් රථයෙන් පැන තුවාල ලබා රෝහල් ගතකර සිටියදී මියයාම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 07 June 2021
සංචරණ නීති කඩා ඇල්ලූ සැකකරු ජිප් රියෙන් පනිද්දී ඇදවැටී මරුට නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයකු පොලිසියට රැගෙන යමින් සිටියදී ධාවනය වන ජීප් රථයෙන් පැනීමට උත්සහා කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි. 06 June 2021
‘සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්න‘ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ . 06 June 2021
කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළට කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත. 05 June 2021
නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටී හතරක් අතුරුදහන් මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිව් දෙනකු අතුරුදහන්වී ඇති බවට තොරතුරු ලැබි ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 05 June 2021
අස්ට්‍රාසෙනිකා නාවොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට ’’ ස්පුට්නික් ලයිට් ’’හෝ ’’ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ’’ එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 04 June 2021
‘‘මහමඟ යන අයට පී.සී.ආර් කරන්න‘‘ රථ වාහනවලින් ගමන් කරන අතරේදී පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමේ (drive through test) වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරයි . 03 June 2021
ඇස්ට්‍රාසෙනිකා නොලැබෙන හැඩ අස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය 03 June 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට වූ හානිය තක්සේරු කළ නොහැකියි‘‘ රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 03 June 2021
සංචරණ සීමා 14 වැනිදා තෙක් දීර්ඝ කරයි රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසී ය. 02 June 2021
‘‘රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙනවා‘‘ රට ආරක්ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. 02 June 2021
‘නෞකාව මුහුදේ කොපමණ දුරට ගෙනයා හැකිදැයි කියන්න බැහැ‘ ගලවාගැනීමේ කණ්ඩායමක් කොළඹ වරාය ආසන්නයේ සිට ගැඹුරු මුහුද දක්වා ඇඳගෙන යමින් තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා කොපමණ දුරක් ගෙන යා හැකි ද යන්න නිෂ්චිතව කිව නොහැකි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. 02 June 2021
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන්නයි නියෝගයක් කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ රැස්වීමකදී තීරණය කර ඇත. 01 June 2021
කොරෝනා ආසාදිතයෝ 8000ක් තවම නිවෙස්වල කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. 01 June 2021
සුපිරි හෝටලයේ උපන්දින සාදයට එක් වූ තවත් හයක් අල්ලයි නිරෝධායන නිති උල්ලංඝණය කර කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයට එක් වූ බව කියන තවත් හය දෙනකු අත් අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 01 June 2021
මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීමේ මෝසම විසි කරයි මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද ප්‍රතික්ෂේප කළේය. 01 June 2021
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026