දුමින්දට ජනපති සමාව මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද උදෑසන නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 24 June 2021
තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු හැදූ නීතීඥයා පොලිස් දැලේ කොළඹ 7 , සී ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයත් රුපියල් කෝටි 50 කට අධික ඉඩමක් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර සහ ව්‍යාජ ඔප්පුවක් සකසා වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 24 June 2021
උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000ක් ගුරු සේවයට උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000 ක් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරු ලෙස පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. 23 June 2021
කල් ඉකුත් වූ කෝටි ගණනක ඖෂධ නැදිමාලෙන් අල්ලයි දෙහිවල නැදිමාලේ රබර්වත්ත ප්‍රදේශයේ ඖෂධ ගබඩාවක් පරීක්ෂා කිරීමේදී ඒහි තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි. 23 June 2021
දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි. කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 June 2021
‘‘යහපාලන ආණ්ඩුව කෝටි 250ක වී සත්ව ආහාරවලට වික්කා‘‘ යහපාලන රජය සමයේදී මිනිස් පරිභෝජනයට සුදුසු හොඳ තත්වයේ පැවති වී මෙට්‍රික් ටොන් 88615 සත්ව ආහාර ලෙස අඩු මිලට විකිණීමෙන් රුපියල් කෝටි 250 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 22 June 2021
‘‘රේගු දඩ නොගෙවා අධිකරණයට යාම නිසා කෝටි 6300ක් රජයට අහිමි වෙලා‘‘ නීති විරෝධී ලෙස භාණ්ඩ ආනයනය හා අපනයනය කරන පිරිස් රේගුව මගින් අත්අඩංගුවට ගෙන නියම කරන දඩමුදල් නොගෙවා අධිකරණයේ නඩු පැවරීම නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි 6300 කට අධික ආදායමක් අහිමිවී ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි. 22 June 2021
ස්මාර්ට් දුරකථන ගන්න ගුරුවරුන්ට සහන ණයක් රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. 21 June 2021
දඹුල්ලේ එළවළු තොග මිල අහස උසට යයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 20 රාත්‍රී 10 ට විවෘත කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමග එළවළු මිල ද වෙනදාට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. 21 June 2021
‘‘ලංකාදීප‘‘ පවුලේ පුවත්පත් අද සිට ඔබ අතට සංචරණ සීමා පැනවීම නිසා සීමා සහිත ප්‍රදේශයක පාඨකයන් අතරට පත් වූ ලංකාදීප පවුලේ පුවත්පත් අද (21) සිට දිවයින පුරා සියලු පුවත්පත් අලෙවි නියෝජිතයන්ගෙන් ඔබට ලබා ගත හැකියි. 20 June 2021
දිසා 12ක වසම් 24ක් හෙට අලුයම 4 සිට හුදකලා කරයි කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට ( 21) අලුයම 4.00 සිට බල පැවැත්වෙන පරිදි හුදෙකලා කෙරේන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි 20 June 2021
සංචරණ සීමා ඉවත් කරන්නේ දැඩි කොන්දේසි මතයි කොරෝනා තෙවැනි රැල්ල පාලනය සඳහා දිවයින පුරා පනවනු ලැබූ සංචරණ සීමා හරියටම මාසයකට පසුව හෙට (21)අලුයම 4.00ට දැඩි කොන්දේසිවලට යටත්ව ඉවත් කෙරේ . 20 June 2021
තවත් ක්‍රීඩකයන් 50 කට කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට මේ වන විටත් ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් 50 කට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසීය. 19 June 2021
උප පොලිස් පරීක්ෂක කුඩුත් සමග මාට්ටු කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් කෝටි 51 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී හික්කඩුව බද්දේගම පාරෙදි අද අලුයම අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 19 June 2021
දැඩි කොන්දේසි මත 21 සිට රට අරී කොවිඞ් 19 වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 21 වැනිදා අලූයම 4.00ට ඉවත් කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 18 June 2021
දෙහිවල සතුන් වත්තේ සිංහයකුටත් කොරෝනා දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය 18 June 2021
ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි ඉන්දියාවේ මේදිනවල වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 17 June 2021
ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 15,000ක පොල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන තුනක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පහළොස් දහසකට වැඩි මුදලක් ණයවී සිටින බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. 16 June 2021
සහල් මිල ඉහළට සියලුම සහල් වර්ගවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 16 June 2021
සංචරණ සීමාවෙන් රටට රුපියල් කෝටි 45,000 අහිමි කරයි මාසයක කාලයක් සංචාරණ සීමා ක්‍රියාත්මකවීමෙන් රටට සිදු වන මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හතළිස් පන් දහස ඉක්මවන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. . 15 June 2021
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට සුපිරි වෙළඳසල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයිවූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2021
කොරෝනා රාජකාරි කරන සෞඛ්‍ය අංශවල සෙසු අයටත් අමතර දීමනාවක් කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය අංශ වල සෙසු කාර්ය මණ්ඩල සඳහා ද අමතර දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 15 June 2021
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්ට ඇප කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක් වටිනා බැදුම්කරයක් මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වීම වළකාලමින් ඔහුට තහනම් නියෝගයක් නිකුත් කළේය. 14 June 2021
”එක්ස්ප්‍රස් පර්ල්” කපිතාන් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා අද අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 14 June 2021
කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනයට ආදාහනාගාර තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත මළසිරුර ඉහළ නියෝගයකින් පිටතටගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ මළ සිරුරක් ආදායනය කිරීමේ පුවතක් මතුගම පාන්තිය ආදාහනාගාරයෙන් වාර්තා වේ 14 June 2021
ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුවමයි ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් , තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 13 June 2021
මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ වැඩ අත්හිටුවයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත්ව වන කොටසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. 13 June 2021
බස් ගාස්තුව සියයට 15කන් වැඩි කරන්නැයි ඉල්ලයි ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15 කින් වත් ඉහළ දමන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කරයි. 13 June 2021
තෙල් මිල වැඩි කළාට විෂය බාර ඇමැති ඉල්ලා අස්විය යුතුයි ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 12 June 2021
ගතවූ සතියේ දී කොවිඩ් මරණ 417 ක් ගත වූ සතියක කාලයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 417 ක් වාර්තා වී ඇත. 12 June 2021
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026