කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොටස් හිමිකරුවන් වෙත නිකුත් කර තිබූ කොටස් බිලියන 29.566ක් (29,560,147,161) අතරින් කොටස් බිලියන 2.29 ක් (2,2 (2,299,122,556ක්) නැවත මිලදී ගැනීම සම්පූර්ණ කර ඇතැයි පවසයි. 

ඒ අනුව ඔක්තෝබර් 21 වැනිදා වන විට එම සමාගමේ කොටස් හිමිකරුවන් වෙත නිකුත් කර ඇති කොටස් සංඛ්‍යාව බිලියන 27.26ක් (27,261,024,605ක්) ලෙස සටහන් වන බව සමාගම පවසයි.

LOLC ෆිනෑන්සි පීඑල්සී සමාගම 2026 ජූලි මාසයේදී කොළඹ කොටස් හුවමාරුව සිදුකළ අනාවරණයකට අනුව මෙම කොටස් නැවත මිලදී ගැනීමක් සිදු කරන බව පවසා තිබුණි. එහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 90කින්ම කොටස් 7ක් ලෙස මෙම නැවත මිලදී ගැනීම සැලසුම විය. 

ඒ අනුව නැවත මිලදී ගන්නා සම්පූර්ණ කොටස් ප්‍රමාණය කොටස් 2,299,122,556ක් විය. 

එහිදී එක් කොටසක් රුපියල් 7ක් බැගින් සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 16ක් (රුපියල් 16,093,857,892ක්) විය.