- එක්සත් රාජධානියේ වෙළෙඳපොළේ ශ්රී ලංකාව විශ්වසනීය මෙන්ම තරගකාරී වෙළෙඳ සහ ආයෝජන හවුල්කරුවකු ලෙස ස්ථානගත කිරීම ප්රධාන අරමුණක්
- එක්සත් රාජධානියේ ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ ව්යාපාරික සංවිධාන අතර ඍ සබඳතා පහසු කිරීම ද තවත් අරමුණක්
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධව, ‘ශ්රී ලංකා එක්ස්පෝ 2027’ ප්රදර්ශනය ප්රවර්ධනය කිරීම සහ බ්රිතාන්යයේ ව්යාපාරිකයන්ගෙන් සමන්විත ප්රබල දූත පිරිසක් ඒ සඳහා ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් 2026 ඔක්තෝබර් 21 සහ 22 යන දිනවල ලන්ඩන් නුවරදී විශේෂ ප්රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත.
මෙම ප්රවර්ධන වැඩසටහන යටතේ ඔක්තෝබර් 21 වැනි දින ව්යාපාරික සහ ආයෝජන සංසදයක් පැවැත්වීමට නියමිත වූ අතර, ඉන් අනතුරුව බ්රිතාන්ය ගැනුම්කරුවන්, ආයෝජකයන්, වෙළෙඳ මණ්ඩල නියෝජිතයන් මෙන්ම අදාළ ව්යාපාරික හා වෙළෙඳ ප්රවර්ධන සංවිධාන සමග අන්යෝන්ය සබඳතා ගොඩනැගීමේ සැසියක් ද පැවැත්වේ. මීට අමතරව, ඔක්තෝබර් 22 වැනි දින ද්විපාර්ශ්වික ව්යාපාරික සාකච්ඡා (B2B Meetings) පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
මෙම මුලපිරීමේ ප්රධාන අරමුණ වන්නේ එක්සත් රාජධානියේ වෙළෙඳපොළේ ශ්රී ලංකාව විශ්වසනීය මෙන්ම තරගකාරී වෙළෙඳ සහ ආයෝජන හවුල්කරුවකු ලෙස ස්ථානගත කිරීම, ශ්රී ලාංකීය නිෂ්පාදන සහ සේවා ප්රවර්ධනය කිරීම, අපනයන විවිධාංගීකරණ අවස්ථා හඳුනා ගැනීම සහ එක්සත් රාජධානියේ සමාගම්වලට ශ්රී ලංකාවෙන් භාණ්ඩ හා සේවා සපයා ගැනීම (Sourcing), ආයෝජන සහ ව්යාපාරික හවුල්කාරිත්ව ගවේෂණය කිරීමට දිරිගැන්වීමයි. තවද, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ 2027 ජනවාරි 14 සිට 17 දක්වා ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ‘ශ්රී ලංකා එක්ස්පෝ 2027’ ප්රදර්ශනය කෙරෙහි පුළුල් උනන්දුවක් ඇති කිරීම ද මෙයින් අපේක්ෂා කෙරේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් යුත් ශ්රී ලංකා රජයේ නිල දූත පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා එක්සත් රාජධානිය වෙත පිටත් වූ අතර මෙම නිල දූත පිරිසට කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ලේකම්වරයා, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්රධාන විධායක නිලධාරීවරයා සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්යක්ෂවරිය ද ඇතුළත්ය.
මෙම සැලසුම් සහගත ප්රවර්ධන ක්රියාකාරකම් මගින් අනාගත බ්රිතාන්ය ව්යාපාරික හවුල්කරුවන් සමග ඍජුවම සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන අතර, ‘ශ්රී ලංකා එක්ස්පෝ 2027’ සඳහා එක්සත් රාජධානියේ උපරිම සහභාගීත්වයක් ලබා ගැනීමට දිරිගැන්වීමක් වනු ඇත.
මෙම ප්රවර්ධන වැඩසටහනෙන් ශ්රී ලංකාව එක්සත් රාජධානියේ වෙළෙඳපොළ තුළ විශ්වසනීය සහ තරගකාරී වෙළෙඳ හා ආයෝජන හවුල්කරුවකු ලෙස ස්ථානගත කිරීමට අදහස් කරන අතර, ශ්රී ලාංකීය නිෂ්පාදන සහ සේවා ප්රදර්ශනය කිරීමටත්, අපනයන විවිධාංගීකරණය සඳහා වන අවස්ථා හඳුනා ගැනීමටත් බලාපොරොත්තු වේ.
ශ්රී ලාංකීය පාර්ශ්වකරුවන් සහ එක්සත් රාජධානියේ ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ ව්යාපාරික සංවිධාන අතර ඍජු සබඳතා පහසු කිරීම ද මෙහි අරමුණක් වන අතර, එමගින් එක්සත් රාජධානියේ පදනම් වූ සමාගම්වලට ශ්රී ලංකාව තුළ ව්යාපාරික අවස්ථා, ආයෝජන සහ හවුල්කාරිත්ව ගවේෂණය කිරීමට දිරිගන්වනු ඇත. මීට අමතරව, ශ්රී ලංකාවේ අපනයන සඳහා එක්සත් රාජධානියෙන් ලැබෙන වරණීය වෙළෙඳපොළ ප්රවේශය (UK DCTS) උපරිමයෙන් ප්රයෝජනයට ගැනීමටත්, අපනයන අවස්ථා ඉහළ නැංවීමට සහ දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා වඩාත් ශක්තිමත් කිරීමටත් මෙම මුලපිරීම හරහා අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd