- තිරසර බැඳුම්කරයට අදාළ වසරක කාලරාමුව වසර එකහමාරක් කරන ලෙස ඉල්ලයි
- හරිත ව්යාපෘති සඳහා වෙන් කළ මුදලින් ඉදිරි රු.මි. 337 බෙදාහැරීම අපේක්ෂාවයි
බැංකු නොවන මූල්ය සමාගමක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ සිදුකළ රුපියල් බිලියන 2ක් වටිනා තිරසර බැඳුම්කරයට අදාළ වසරක කාලරාමුව තවත් මාස හයකින් දීර්ඝ කරන ලෙස යෝජනා කරන බව සමාගම පවසයි.
පෙරේදා (20) දිනයේදී එම හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම මෙම ඉල්ලිම සිදු කර තිබේ. මෙම තිරසර බැඳුම්කරය හරහා රැස් කරගත් මුදල් මාස 12ක කාලයක් තුළදී අදාළ ව්යාපෘති වෙත යෙදවීම බලාපොරොත්තුව විය.
ඒ අනුව ඉන් සියයට 25ක් එනම් රුපියල් මිලියන 500ක් හරිත ව්යාපෘති මූල්යකරණය වෙනුවෙන් ලබාදීමටත්, සියයට 75ක් එනම් රුපියල් බිලියන 1.5ක් සමාජයීය වටිනාකමක් සහිත ව්යාපෘති වෙත යෙදවීමත් එම නිකුතුවට අදාළ සංස්ථා ප්රකාශය යටතේ වූ බව සමාගම පවසයි.
ඒ අතරින් සමාජයීය වැදගත්කමක් සහිත ව්යාපෘති වෙත වෙන් කළ රුපියල් බිලියන 1.5ක මුදල මේ වනවිට සම්පූර්ණයෙන්ම බෙදාහැර ඇති බව පවසන එම සමාගම හරිත ව්යාපෘති සඳහා වෙන් කළ රුපියල් මිලියන 500 න් තවත් රුපියල් මිලියන 337 ක් බෙදාහැරිමට නියමිතව ඇතැයි පවසයි.
ඒ අනුව එම මුදල් නිසි ලෙස අදාළ ව්යාපෘති වෙත ලබාදීම සඳහා, මෙම වසරක කාලරාමුව වසර එකහමාරක් ලෙස තවත් මාස හයකින් දීර්ඝ කරන ලෙස යෝජනා කරන බව සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙම මුදල් සම්පූර්ණයෙන්ම යොදවා අවසන් කරන කාලය 2027 අප්රේල් 17 වැනිදා ලෙස සටහන්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd