IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


2012 වසර ගෙවුණු හැටි

”සුබ නව වසරක් වේවා” යැයි ප‍්‍රාර්ථනා කරමින් එළඹුන 2012 වසර නිමාවට ඇත්තේ තවත් දිනක් පමණි.

එළඹෙන සෑම තත්ත්පරයකින්ම යහපතක් වන්න යැයි ප‍්‍රාර්ථනා කළද, වසරක නිමාවේදී ආපසු හැරී බැලීමේදී අප මතකයට ඉතිරිව ඇත්තේ මිනීමැරුම්, මංකොල්ලකෑම්, අපරාධ, දුෂණ මෙන්ම වැස්සෙන්, සුළඟින් නියඟයෙන් පවා මිනිස් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ හදවත පාරවන කතා පුවත් පිළිබඳවය.

රිය අනතුරු, මිනීමැරුම් එදිනෙදා බහුලව දක්නට ලැබිණි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශන ආයතනයේ දත්තයන්ට අනුව මෙම වසරේ දෙසැම්බර් මස 20 වැනි දින වන විට මාරක රිය අනතුරු 2090 ක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් මියගිය පිරිස 2191 ලෙස වාර්තා විය.
බරපතළ රිය අනතුරු 2012 වසරේදී 6283ක් වාර්තා වී ඇති අතර සුළු රිය අනතුරු 13621ක් වාර්තා වී තිබේ. රිය අනතුරු හේතුවෙන් 17,095කට අලාභහානි පමණක් සිදුව මුළු අනතුරු සංඛ්‍යාව 39089ක් ලෙස සටහන් වී තිබුණි.

2010, 2011 වසරවලට සාපේක්ෂව 2012 වසරේදී මිනීමැරුම් අඩු වී ඇත. 2010 වසරේදී මිනීමැරුම් 745ක් මෙරටින් වාර්තා වූ අතර 2011 වසරේදී එය 707 දක්වා අඩුව තිබේ. පොලිස් පොත්වල සටහන් වන ආකාරයට මෙම වසරේදී සිදුව ඇති මුළු මිනීමැරුම් සංඛ්‍යාව 588කි.

සුළු සිදුවීම් මුල්කර ගනිමින් පවුල් ආරවුල් හේතුවෙනුත්, අනියම් සම්බන්ධතා හේතුවෙනුත්, මරණ බොහොමයක් සිදුව ඇති අතර, 2008 වසරේදී කොටකෙතනදී ආරම්භ කළ ඝාතන රැුල්ල 2012 වසරේදී තීව‍්‍ර වී තිබුණි. මෙම වසරේදීද කොටකෙතන ප‍්‍රදේශයෙන් ඝාතන දෙකක් වාර්තා වූ අතර, කාන්තාවන් 15 දෙනෙකුත් එක් පිරිමියෙකුත් එම මිනිස් ඝාතන රැල්ලෙන් මේ වනවිට මරණයට පත්ව තිබේ.

 

දියගම දී වෑන් රියක් ගිනි ගැනීමෙන් එකම පවුලේ සිව්දෙනෙකු වාහනය තුළම පිළිස්සී මියගිය අතර හත්දෙනෙක් පිළිස්සුම් තුවාල ලැබූහ.
බොරැල්ල මැගසින් බන්ධනාගාරයට පිටතින් ආහාර වර්ග රැගෙන ඒම සීමා කිරීම සහ ඒවා දැඩි ලෙස පරීක්ෂා කිරීම පිළිබඳව විරෝධය දක්වමින් රැඳවියන් බන්ධනාගාර දෙකකට ගිනි තබා ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාරය යුද පිටියක් බවට පත්විය.
බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් එහි රඳවා සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 180 දෙදෙනෙක් ගාල්ල බූස්ස ත‍්‍රස්තවාදී රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගියහ.

 

පෙබරවාරි මාසයේදී බෝලවත්තේදී ත‍්‍රිරෝද රියක් ටිපර් රියක ගැටීමෙන් තිදෙනෙකු මියගිය අතර, එම මාසයේදී පමණක් මාර්ග අනතුරු දහයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග්-27 වර්ගයේ ප‍්‍රහාරක ගුවන් යානයක් පුහුණුවීම් සඳහා යොදවා තිබියදී දුම්මලසූරිය හැවන මීපුරවත්තට කඩා වැටීමෙන් මුළුමනින්ම විනාශයට පත්වූයේද පෙබරවාරි මාසයේදීය.

ඒ නවය මාර්ගයේ රඹෑව පොලිස් මාර්ග බාධකය ඉදිරිපිටදී, නවතා තිබූ ලොරියක මෝටර් කාරයක් හැපීමෙන් පුද්ගලයෙක් මිය ගියේය. ඒ ගෙවුණු අපේ‍්‍රල් මාසයේදීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ජෙහාන් මුබාරක් ක‍්‍රීඩකයාගේ නොසැලකිලි රිය පැදවීම හේතුවෙන් සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියෙහි ගමන්ගත් තරුණයෙකු මයික්කුලමේදී මිය ගියේය

 

නාරාහේන්පිටදී සිදුවූ රිය අනතුරකින් රග්බි කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයකු වූ මොහොමඞ් වාසිම් තජුඩින් මිය ගියේය.

කෝටිපති ව්‍යාපාරිකයකු වූ බියගම විලේජ් හෝටලේ හිමිකරු ආර්.ඊ.බී. ජයරත්න මහතා කපාකොටා මරා දැමීම පෙබරවාරි මාසයේ සිදුවූ අතර තේ කපන පිහියකින් කපා එක් දරු මව මරා සිරුර කාණුවක දමා තිබුණේද මාර්තු මාසයේදීමය.

කහවත්ත, කොටකෙතන ප‍්‍රදේශයේදී මවක් සහ ඇගේ දියණිය ඝාතනයට ලක්වූයේ වසර ආරම්භයේදීය.

මාර්තු මාසයේදී වාර්තා වූ හදවත් සසල කළ මිනීමරුමක් වූයේ කෝට්ටේ රජමහා විහාරස්ථානයට කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසක් විහාරවාසී ස්වාමීන් වහන්සේ දෙනමක් ඝාතනය කිරීමය.

ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බර්න් ක‍්‍රීඩාංගනයේදී පැවැති එක්දින ක‍්‍රිකට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිල පරදවා ලකුණු 9ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.
විෂබීජයක් ශරීරගත වීම නිසා ගාල්ල මහමෝදර රෝහලේ අලූත උපන් දරුවන් හය දෙනෙකු මියගොස් තවත් දරුවන් විසි දෙනෙක් රෝගාතුර වූහ.

මධ්‍යම පළාත් සභාවේ සභාපති සාලිය දිසානායක මහතාට අයත් බස් රථ දෙකකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් එක් බස් රථයක් මුළුමනින්ම විනාශයට පත්වූ අතර අනෙක් බස් රථයටද දැඩි ලෙස අලාභහානි සිදුවිය.

මාර්ග අනතුරු සිදුවීම් අතර වඳුරඹ දුම්රිය ස්ථානය අසලදී ඇන්ජිම ක‍්‍රියාවිරහිත වී තිබූ දුම්රියක, ඉන්ධන දුම්රියක් ගැටීමෙන් මගීහු විසි දෙදෙනෙකුට වැඩි පිිරිසක් තුවාල ලැබූහ.

මාර්ග ඉදිකිරීමට ගෙනැවිත් ගොඩගසා තිබූ කාපට් මිශ‍්‍රණවල ගැටීමෙන් යතුරුපැදි හයක් පැය දෙකකදී අනතුරට ලක්වීමෙන් අට දෙනෙකු තුවාල ලබා මරණයට පත් වූයේ බකමූණ හෙට්ටියපොළ ප‍්‍රධාන මාර්ගයේය.

 

අපේ‍්‍රල් මාසය තුළ සිදුවූ තවත් ඛේදවාචකයක් ලෙසට සටහන් වන්නේ පන්නල - කුලියාපිටිය ප‍්‍රධාන මාර්ගයේ නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියකින් ගමන් ගත් අයෙකු මරණයට පත්වීමය.

ආසන පටි පැළඳීම පැහැර හරින රියැදුරන් හා වාහනවල ඉදිරිපස අසුනේ ගමන් කරන තැනැත්තන් උසාවියට ඉදිරිපත් කිරීම වෙනුවට රුපියල් 1000 බැගින් ස්ථානීය දඩ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබුණි.

කැලණිය සහ තදාසන්න ප‍්‍රදේශවල සිදුකරගෙන යන විවිධ දුෂණ සහ නීති විරෝධී ක‍්‍රියාවලට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට එම ප‍්‍රදේශවල මෙහෙයුම් දියත් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීය.

ඉන්ධන ප‍්‍රවාහන දීමනාව සියයට තිහකින් ඉහළ නංවන ලෙස ඉල්ලමින් ලංකා ඛනිජතෙල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය උද්ඝෝෂණ කිරීමට තීරණය කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව ගිය සාමාජිකයන් විසින් පිහිටුවා ගනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රථම ජාතික සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඉන්දුනීසියාවේ උතුරු සුමාත‍්‍රාවේ බණ්ඩාඅචේ ප‍්‍රදේශයේ ඉන්දියානු සාගරයේ මුහුදු පත්ලෙහි පස්වරුවේ සිදුවූ ප‍්‍රබල භූකම්පන දෙකක් හේතුවෙන් කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැුසක් සෙලවී ගියේය.

මාතර සිරගෙදර රඳවා සිටි සිරකරුවෝ 100ක් පමණ සුනාමි බියක් සමග තිහගොඩ පොලිසියේ සිර මැදිරියට මාරු කරනු ලැබූහ.
අඩි 70ක් ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටුණු නව හැවිරිදි නැගණිය බේරාගැනීමට 13 හැවිරිදි අයියා සමත්වීමේ සිද්ධියක් හලාවත අතුවන ගමෙන් වාර්තා වේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂනායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ඇතුළු ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් හමුවීම.

කොලොන්නේ පිහිටි ඇඟලූම් කම්හලක කාර්යාලයට පසුගිය 14 වැනිදා රාති‍්‍ර ඇතුළු වී සොරාගන්නා ලද රුපියල් හාර ලක්ෂ හැත්තෑ නව දහස් නවසිය තිහක මුදලක් එම කම්හලේ සේවකයකුගේ නිවෙස පිටුපස වැලිගොඩක සඟවා තිබියදී කොලොන්නාව පොලිසිය සොයාගන්නා ලදී.

 

බලපත‍්‍ර නොමැතිව දිවා කාලයේදී පමණක් වැලි ප‍්‍රවාහනය කිරීමට පනවා තිබූ සීමාව ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කොළඹ තරුපහේ හෝටලයක නවාතැන් ගෙන සිටි ඇමෙරිකානු ජාතිකයකු එම හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන දිවි නසාගෙන තිබේ.

කාත්තන්කුඩිහි මින්පිඩි ඉලංකා වීදියේ පිහිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ පක්ෂ කාර්යාලයට ගිනි තැබිණි.

කොළඹ කොල්ලූපිටියේ සමාජ ශාලාවකදී ව්‍යාපාරිකයකුට පහරදී ඔහුගේ නාසය සපාකන ලද සිද්ධිය සම්බන්ධ රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් දියත් කෙරිණ.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ  ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට සූදානමින් සිටි තරුණයෝ 113 දෙනෙකුද ලක්ෂ ගණනින් මුදල් අයකර මොවුන් රට යැවීමේ ජාවාරමේ නායකයා සහ ඔහුගේ ඒජන්තවරු පස් දෙනෙකුද කොළඹ වංචා විමර්ශන අංශයේ බුද්ධි සහ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ ඇප කොන්දේසි කඩ කර ඇති බැවින් ඇප අවලංගු කර ඔහු යළි රිමාන්ඞ් බාරයට පත්කරන ලෙස ඉල්ලා ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවෝ 300කට අධික පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කළහ.

කැලණි ගෙඟ් පූගොඩ කුමාරිමුල්ල සහ  ඕවිටිගම යන ප‍්‍රදේශවලදී රන් ගැරීම සඳහා බලපත‍්‍ර 300ක් පමණ නිකුත් කරන ලදී.
මඩාටුගම කොටාගල ශ්‍රී පේ‍්‍රමානන්ද පිරිවෙනේ ඉගෙනුම ලබන භික්ෂූන් ඇතුළු සිසුන් 100ක් පමණ පිරිසක් උදෑසන බඹර ප‍්‍රහාරයකට ලක්වී දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

බිබිල නිල්ගල ඖෂධීය වනාන්තරය දහවල් සිට ගිනි ගෙන තිබිණි.

කඹුරුපිටිය රංචාගොඩදී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් පස්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත‍්‍රීවරයෙක් ජීවිතක්ෂයට පත්විය.

සාපේක්ෂව වාර්තා වන රිය අනතුරු ප‍්‍රමාණය වැඩි කරමින් හදවත් පෑර වූ මාර්ග අනතුරක් ලෙසට වාර්තා වූයේ, වැලිවේරියේදී පාරෙන් ඉවතට ගිය වාහනයක හැපී 17 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් තිදෙනෙකුට බරපතල තුවාල සිදුවීමය.

දියතලාව, හපුතලේ දුම්රිය මාර්ගයේ 156 දුම්රිය සැතපුමේදී භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක හැපීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු හා සිසුවියක එම ස්ථානයේදීම මියගොස් තිබිණ.

ගනේගොඩ දුම්රිය හරස් මාර්ගයේ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ මවක් හා පුතකු මරුමුවට පත්වී ඇති බවද වාර්තාවේ.

 


මාස හයක කාලයක් ගෙවුණු වසරෙන් පසුව ජූනි මාසයේදි හම්බන්තොට මිරිජ්ජවිල සිදුවූ රිය අනතුරකින් එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය සහ ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බව වාර්තා විය.

ජූනි මාසයේදී තිස්සමහාරාම වීරපොළදී තිස් දෙහැවිරිදි මවක හා ඇගේ 6 හැවිරිදි දියණිය පිහිවලින් ඇණ ඝාතනය කර තිබුණි.

 

පාසල් ළමයින් රැගත් බස් රථයක් අඩි 30ක ප‍්‍රපාතයකට පෙරළීමෙන් ළමයින් ඇතුළු 40 දෙනෙකුට තුවාල සිදුවීමද ගෙවුණු වසරේදී වාර්තා වූ මාර්ග අනතුරු අතර ප‍්‍රධාන විය.

හලාවත, හෙට්ටිපොළ කොළමුණුඔය පාලම අසලදී සිදුවූ ලොරියක් හා වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් 19 දෙනෙකුට බරපතල තුවාල සිදුවිය.

පෝද්දල වත්තක බණකට වඩිමින් සිටි බව කියන පිටිදුවේ සිරිධම්ම හිමියන් සමග ආ ආරක්ෂකයන් පිරිසක් පහරකෑමට ලක්විය.
රජය පොරොන්දු වූ වැටුප් වැඩිවීම ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු අඛණ්ඩ වර්ජනයක නිරත වූහ.

පාසල් දැරියක තංගල්ලේ සංචාරක හෝටලයකදී කෙලෙසීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තංගල්ල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී අංජන ලියනගේ ඇතුළු සැකකරුවෝ 5 දෙනෙකු උසාවියට බාරවිය.
බෙන්තොට, කොස්ගොඩ, ඉඳුරුව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක් භීතියට පත්කළ මිනීමැරුම්, කොල්ලකෑම් සඳහා පාතාලයට ගිනි අවි සැපයීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ හිමිනමක්, අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ජලාශ අපවිත‍්‍ර කරන පුද්ගලයන් කොටුකර ගැනීම සඳහා පොලිස් නාවික යාත‍්‍රා බලඇණියක් යෙදවීමට පියවර ගැනිණි.

නීති විරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් තිබූ බහුදින යාත‍්‍රාවක් එහි සිටි 41 දෙනෙකු සමග ත‍්‍රිකුණාමලය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්විය.

මඩකළපුව කොන්තියාමුල ගම්මානයේ පැවැති විවාහ මංගල උත්සවයකදී දිවා භෝජන ගැනීමෙන් පසුව රෝගාතුර වූ එම ගමේ වැසියන් 400 දෙනෙක් මඩකළපුව රෝහලට ඇතුළත් කරනු ලැබීය.

නීති විරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටි 41 දෙනෙකු රැුගත් බහුදින යාත‍්‍රාවක් මඩකළපුවට නැගෙනහිරින් පිහිටි මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්විය.

කොළඹ හැටන් පාරේ ගිනිගත්හේනේ කඩවිල ඇඟලූම් සේවකයන් රැුගත් පෞද්ගලික බස් රථයක් අඩි තිහක ප‍්‍රපාතයකට පෙරළීමෙන් එහි සිටි තිස් දෙනෙකු තුවාල ලැබූහ.

අනතුරු වැඩිපුර වාර්තා වූ වසරේ කුරුණෑගල දම්බොක්කේදී බස් රථයක ත‍්‍රිරෝද රියක් ගැටීමෙන් ත‍්‍රිරෝද රියේ ගමන් ගත් පස් දෙනෙක් එතැනදීම මිය ගියහ.

රත්නපුර ඇඹිලිපිටිය සිදුවූ මෝටර් රථ අනතුරෙන් පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලැබූහ. එය සිදුවී ටික දිනකදීම මුතූර් කොපර් ටයිල්වාඩි සිදුවූ ලොරි යතුරුපැදි අනතුරෙන් පියෙක් හා දියණියක් මියගියහ. දහස් ගණනින් කප්පම් ලබාගත් කල්ලියක් අත්අඩංගුවට පත්විය.

රුපියල් ලක්ෂ අනූවක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් නීති විරෝධී ලෙස සිංගප්පූරුවට ගෙන යෑමට තැත්කළ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට පත්විය.

ජූනි මාසයේදි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ නිවසට කඩාවැදී රුපියල් ලක්ෂ 80ක් වටිනා බඩු බාහිරාදිය සොරාගෙන ගිය බව වාර්තා විය.

බත්තරමුල්ල ලංකා බැංකු ශාඛාව කොල්ලකෑමට පැමිණි කොල්ල කල්ලියක් අසුවිය.

 

 

අගෝස්තු මාසයේදී අම්පාර සමන්තුරේ නින්දවුර් ප‍්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් ත‍්‍රිරෝද රියක ගැටීමෙන් හය දෙනෙකු මරණයට පත්වූ බව වාර්තා විය.

කටුබැද්ද තෙලවල මංසන්ධියේදී බස් රථ දෙකක් ගැටීමෙන් මගීන් තිස් හත් දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

අගෝස්තු මාසයේදී රාගම, ඇලපිටිවල සමුපකාර ඉන්ධන පිරවුම්හලට කඩා වැදුණු ගිනි අවි රැගත් කොල්ලකරුවන් තිදෙනෙකු, රුපියල් ලක්ෂ 40ක සහිත සේප්පුවක් පැහැරගෙන තිබුණි.

රුපියල් ලක්ෂ 25ක් වටිනා රන් බිස්කට් තුනක් ගුද මාර්ගයේ සඟවාගෙන බොම්බාය බලායෑමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්විය.

අලූත්ගම මොරගල්ල සංචාරක පුරයේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසලකින් රුපියල් ලක්ෂ 516ක් වටිනා මැණික් හා ස්වර්ණාභරණ කොල්ලකා තිබේ.

මහනුවර ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතාට පහරදීම සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මියට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමති සුනිල් කිත්සිරි අමරතුංග මහතා රිමාන්ඞ් ගත කෙරුණි.

ප‍්‍රමිතියෙන් තොර ඞීසල් භාවිතය හේතුවෙන් කාර්මික දෝෂවලට ලක් වීමෙන් ශ්‍රී ලංගමයට රුපියල් ලක්ෂ 60කට අධික ආදායමක් අහිමි විය.

කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා 19-22 දක්වා මෙරට ප‍්‍රදර්ශනය කෙරුණි.

සරසවි ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගුණි.

මාතලේ හඳුන්ගමුව නවෝද්‍යා පාසලේ සහ තවත් අවට පාසල් 5ක 5 වසර ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් 75 දෙනෙකු හඳුන්ගමුව විදුහලේ සම්මන්ත‍්‍රණයක ආහාර විෂවීමෙන් රෝහල් ගත කෙරුණි.

විශ්වවිද්‍යාල 13ක් සහ ඒවායේ අනුබද්ධිත ආයතන 8ක් අගෝස්තු 22 සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමිණි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ප‍්‍රතිකාර ඒකකයේදී සිදුකළ වකුගඩු බද්ධ කිරීමේ ප‍්‍රථම සැත්කම වෛද්‍යවරුන් අපේක්ෂා කළ ආකාරයටම සාර්ථක විය.

ජනමාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීම සඳහා පොලී රහිතව බැංකු ණය ලබාදීමේ සම්මුඛ පරීක්ෂණ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

 

ශ්‍රී ලංකාවේ දෙවැනි පස්දරු නිවුන් දරු උපත මහනුවර රෝහලේදී සිදුවිය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දින 99ක් පුරා ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් විය.

බාල පෙට‍්‍රල් මිලදී ගෙන ආණ්ඩුවට පාඩු කළේ යැයි ඛනිජ තෙල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු හා වාණිජ කළමනාකරුට නඩු පවරයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාලිත රංග බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම සහ අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගෙන් පක්ෂ සාමාජිකත්වය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළේය.
කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි නව හැවිරිදි සිසු දැරියකට දෙන ලද ප‍්‍රතිජීවක ඖෂධයක් ආසාදනය වීමෙන් මිය ගියාය.
මේ වසරේ රජයේ ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් කෝටි 6000කින් වැඩි කිරීමට රජය තීරණය කළේය.

වසර ආරම්භයේදී සිදුවූ ප‍්‍රධාන මංකොල්ලකෑමක් ලෙසට වාර්තා වූයේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉපැරණි කෞතුක භාණ්ඩ රැසක් සොරාගැනීමය.

උඩුගම උඩලමත්ත නිවසක 27 හැවිරිදි කාන්තාවක හා ඇගේ අවුරුදු 2 1/2ක දරුවා පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදලක් ඉල්ලූ බවට වාර්තා විය.

ගල්ගමුව අමුණුකොළ ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 40ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකෑ බවට වාර්තා වූයේ මැයි මාසයේදීය.

 

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා පත‍්‍රය පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව විසින් අගවිනිසුරුවරිය වෙත යවනු ලැබීය.

බිබිල ප‍්‍රදේශයේ පාචනය වැළඳුන රෝගීන් 200ක් පමණ ගෙවී ගිය දින තුන ඇතුළතදී ප‍්‍රතිකාර ලබා තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ යන්ත‍්‍රාගාරයේ ගෑස් නළයකින් විෂ ගෑස් වායුවක් කාන්දුවීමෙන් එහි නඩත්තු කටයුතුවල යෙදී සිටි සේවකයන් දෙදෙනෙකු මියගොස් තවත් එකොළොස් දෙනෙක් රෝගී වී රෝහල් ගත කෙරුණි.

ඇඟකැසීම, පලූ දැමීමේ රෝග ලක්ෂණ මතුවීමෙන් ගම්පොළ, සියඹලාණ්ඩුව, තෙල්දෙණිය ප‍්‍රදේශවල පාසල් දරුවන් රැසක් රෝගාතුර වෙති.

ගම්පොළ නගරයේ විවෘත කිරීමට නියමිතව තිබූ ලක් සතොස වෙළෙඳසලේ ඇති වූ හදිසි ගින්නකින් රුපියල් ලක්ෂ 30ක භාණ්ඩ විනාශ විය.

දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපෑ මහ වැස්සෙන් ජල ගැලීම්, නාය යෑම්, පස්කඳු කඩා වැටීම් සහ ගස් කඩා වැටීමෙන් මරණ විස්සකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී පුද්ගලයන් 70000ක් පමණ පීඩාවට පත්වී ඇති අතර 15 දෙනෙකු අතුරුදන් වී ඇත.

දැදුරු ඔය පිටාර ගැලීමෙන් හලාවත නගරය යට වී ගම් 50ක පවුල් 1500ක් පමණ අවතැන් විය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල නිවසට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබුණි.


අඹන්ගඟ පිටාර ගැලීමෙන් අලූත හැදු පාලම විනාශයට පත්විය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් බාහිර පන්ති ගුරුවරයෙකු සහ ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගති.

කොළඹ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක හෙදියකගේ නව හැවිරිදි දියණිය පැහැරගෙන ගොස් ඝාතනය කරන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ දෙකක කප්පමක් ලබා ගැනීමට උත්සාහ ගත් බවක් වාර්තා විය.

එප්පාවල ත‍්‍රිරෝද රථ රියැදුරෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ තුනක කප්පමක් ඉල්ලූ කාන්තාවක ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවට පත්විය.

රට රැකියා දෙනවා කියා කෝටි 5ක් වංචාකළ ශ‍්‍රමණ වේශධාරියා රිමාන්ඞ්ගත කෙරුණි.

රුපියල් ලක්ෂ 4ක අල්ලසක් ගත්තැයි දොම්පේ ප‍්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට පත්විය.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා සිගරැට්, සපත්තු, සුවඳ විලවුන් හා එනසාල් විශාල තොගයක් රේගු බහලූම් පර්යේෂණ අංශයෙන් අත්අඩංගුවට පත්විය.

 

 

වසරක් උදාවීම සැමරීමට ඇඟිලි ගනිමින් සිටින ශ්‍රී ලාංකික අපට ඉකුත්දා, මොරටුව කල්දෙමුල්ලේ නිවසක පදිංචිව සිටි මවක සහ ඇගේ අවුරුදු 3ක් සහ මසක් වයසැති දරු දෙදෙනා නිදි යහනේදී, තම සැමියා විසින් පුලූස්සා මරා තිබුණු කතා පුවත, ප‍්‍රවෘත්තියකින් ඔබ්බට ගිය ඔවුන් නොහඳුනන කාගේත් හදවත් කම්පා කළ සිදුවීමක් විය.

බීමත් බෝට්ටු රියැදුරකුගේ නොසැළකිලිමත් බව හේතුවෙන් තිස්සමහාරාම තිස්ස වැවේදී, ඉංගිරිය පෞද්ගලික ආයතනයක සේවකයන් විසි දෙනෙකුගෙන් හත් දෙනෙක් වැවේ ගිලී මරණයට පත්වූහ.

 

සටහන - අසුන්තා එදිරිසූරිය

 

 



අදහස් (0)

2012 වසර ගෙවුණු හැටි

ඩක්ෂන් Saturday, 05 January 2013 12:50 PM

ලැබුවා වූ නව වසරේ සිට ධාර්මික සිතිවිලි වලින් පිරි වාසනාවන්ත ජීවිතයක් ගොඩනගා ගැනීමය සිතා ගමු (ස)

:       0       0

කුමාර Monday, 31 December 2012 05:15 AM

අපේ රටට බුදු සරණයි! (නි)

:       0       0

ක්‍රිෂ් Saturday, 05 January 2013 03:42 PM

සාරාංශ ගත කිරීම හොඳයි.නැවත අසන්න නොලැබේවා (ස)

:       0       0

දමිත් Saturday, 05 January 2013 03:43 PM

2013 වසර‍ට මෙවැනි දේ අසන්නට නොලැබේවා (ස)

:       0       0

වසන්ත Tuesday, 01 January 2013 11:55 AM

ලබන වසර ඉකුත් වසරින් පාඩම් ඉගන ගෙන සාර්ථක වන්නට අදිටන් කර ගනිමු(ස)

:       0       0

වසන්ත Tuesday, 01 January 2013 11:51 AM

ලබන වසර ඉකුත් වසරින් පාඩම් ඉගන ගෙන සාර්ථක වන්නට අධිටන් කර ගනිමු(නු)

:       0       0

ධම්ම Saturday, 05 January 2013 05:38 PM

2013 වසරට සුභපැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 172 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 642 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 168 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 157 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 358 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 682 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site