IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


2013 ලෝකය පෙරැළි රැසක් සිදුවුණු වසරක්

2013 වසර දේශපාලනික වශයෙන් පෙරැළි රැසක් සිදුවුණු වසරක් ලෙස සැලකිය හැකිය. ඇමෙරිකා රජය රහසේ සිදු කළ නීති විරෝධී ඔත්තු බැලීම් නිසා හටගත් රාජ්‍යතාන්ති‍්‍රක අර්බුද, සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ රුසියාව ඇති කර ගත් එකඟතාව, නව ජනපතිවරයකු යටතේ ඉරානය සිය න්‍යෂ්ටික ප‍්‍රතිපත්ති ලිහිල් කිරීම, හියුගෝ චාවේස්ගේ සහ නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය ඒ අතරින් කැපී පෙනෙයි. ඊට අමතරව පෘථිවිය අසලින් දැවැන්ත ග‍්‍රහක ගමන් කිරීම, රුසියාවට වැටුණු උල්කා වැස්ස, පිලිපීනය කැළැඹූ බිහිසුණු සුළි කුණාටුව මෙන්ම, බුද්ධගයාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීම, ඇමෙරිකාවේ බොස්ටන් නුවර සහ කෙන්යාවේ නයිරෝබී නුවර සිදුවුණු ත‍්‍රස්ත ප‍්‍රහාර ද 2013 ලොව කැළැඹූ සිදුවීම් අතර කැපී පෙනෙයි.

 


 

ජනවාරි 4 වැනිදා:  ඕස්ටේ‍්‍රලියාවේත් ටැස්මේනියාවේත් දරුණු ළැව් ගිනි පැතිර ගියේය.

ජනවාරි 10 වැනිදා: මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, දැවැන්ත ග‍්‍රහකයක් පෘථිවිය අසළින් ගමන් කළේය.

ජනවාරි 16 වැනිදා: අල් කයිඩාවට සම්බන්ධ ජිහාඞ් සටන්කාමීහු ඇල්ජීරියාවේ ස්වභාවික වායු බලශක්ති බලාගාරයට කඩා වැදී, එහි සිටි සේවකයන් රැසක් ප‍්‍රාණ ඇපයට ගත්හ.

ජනවාරි 17 වැනිදා: පා පැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝං තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ල වූ චෝදනා තහවුරු විය.

ජනවාරි 20 වැනිදා: බැරැක් ඔබාමා සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේය.

ජනවාරි 21 වැනිදා: චීනයෙන් හමුවුණු පොසිලයක්, ලොව පැරැණිතම මිනිස් පොසිලය යැයි විද්‍යාඥයෝ ලොවට හෙළි කළහ.

ජනවාරි 23 වැනිදා:  ඊශ‍්‍රායල පාර්ලිමේන්තු මැතිවරණයෙන් යළිත් වරක් අගමැති බෙන්ජමින් නෙදන්යාහු ජය ගත්තේය.

ජනවාරි 28 වැනිදා:  වඳුරකු සහිත රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශයට යවා යළි ගෙන්වා ගැනීමට ඉරානය සමත් විය.

ජනවාරි 29 වැනිදා:  හින්දු බහුතරයකින් යුත් ඉන්දීය ජන සමාජයේ වෙසෙන මුස්ලිම් ජාතිකයකු වන තමාට, මුස්ලිම්ජාතිකයකු වීම නිසාම විවිධ දේශපාලන බලපෑම්වලට යටත් වීමට සිදුවී ඇතැයි සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් කළ ප‍්‍රකාශයක් මුල්කොට ගනිමින් ආන්දෝලනයක් හට ගැනිණ.

පෙබරවාරි 7 වැනිදා: ටියුනීසියා විපක්ෂ නායක චොක්රී බිලේඞ් ඝාතනයත් සමඟ රජයට එරෙහි විරෝධතා ආරම්භ විය.

පෙබරවාරි 9 වැනිදා: 2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ප‍්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ වරදකරු වූ අෆ්තාල් ගුරුගේ මරණ දඬුවම කි‍්‍රයාත්මක විය.

පෙබරවාරි 11 වැනිදා: 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් පදවියෙන් ඉල්ලා අස් වූයේය.

පෙබරවාරි 15 වැනිදා: රුසියාවේ කුඩා නගරයකට උල්කා වැස්සක් වැටිණි. 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මාර්තු 5 වැනිදා: පිළිකාවකින් පීඩා විඳි වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් මෙලොවින් සමුගත්තේය.

මාර්තු 13 වැනිදා: ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරු 76 හැවිරිදි ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ලෙස තේරී පත් වූයේය.

මාර්තු 20 වැනිදා: 1977 දී අභ්‍යවකාශයට යැවුණු වොයේජර් ගවේෂණ යානය සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගියේය.

මාර්තු 27 වැනිදා: ඇමෙරිකාවට අයත් කියුබාවේ පිහිටා ඇති ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ රැඳෙවියෝ තමන්ට සිදුවන කුරිරු වධ හිංසාවලට විරෝධය පාමින් උපවාසයක් ආරම්භ කළහ.

අපේ‍්‍රල් 8 වැනිදා: දේශපාලන වශයෙන් හා නායකත්වය අතින් තිරසාර ගුණාංග ලොවට පෙන් වූ ‘යකඩ ගැහැනිය’ බි‍්‍රතාන්‍ය අගමැති 87 හැවිරිදි මාග‍්‍රට් තැචර් අභාවප‍්‍රාප්ත වූවාය.

අපේ‍්‍රල් 9 වැනිදා: ඉරානයේ හටගත් ප‍්‍රබල භූමි කම්පාවකින් 38 දෙනෙක් මියගියහ. තුවාල ලැබූ ගණන 850 කි.

අපේ‍්‍රල් 15 වැනිදා: ඇමෙරිකාවේ බොස්ටන් නුවර මහා මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් බෝම්බ මාලාවක් පුපුරා ගියේය. තිදෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත් වූහ. 150 ක් තුවාල ලැබූහ.

අපේ‍්‍රල් 18 වැනිදා: කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන් පෘථිවියට සමාන ග‍්‍රහලෝක දෙකක් සොයා ගැනුණි.

අපේ‍්‍රල් 19 වැනිදා: බලයේ සිටිද්දී ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමත්, ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් තනතුරුවලින් පහකිරීමත් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්, යළි පාකිස්තානයට පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

අපේ‍්‍රල් 20 වැනිදා: නිරිතදිග චීනයට බලපෑ භූමි කම්පාවෙන් 160 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 6,700 කි.

අපේ‍්‍රල් 22 වැනිදා: ඇමෙරිකාවේ බෝස්ටන් මැරතන් තරගයට බෝම්බ එල්ල කළ අයියා මලෝ හඳුනා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

අපේ‍්‍රල් 24 වැනිදා: බංග්ලාදේශයේ මහල් අටකින් සමන්විත ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 600 ක් මියගියහ. දහසකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මැයි 5 වැනිදා: මැලේසියා මහ මැතිවරණයෙන්, අගමැති නජීබ් රාසාක්ගේ ‘ජාතික පෙරමුණ’ යළිත් වරක් විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය.

මැයි 7 වැනිදා: පාකිස්තාන මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී, ෆෝක්ලිෆ්ට් යන්ත‍්‍රයක ආධාරයෙන් ඉහළට ඔසවන ලද අට්ටාලයක නැගී, දේශපාලන රැලියක් අමතමින් සිටිද්දී ඉන් ඇද වැටී, ඉම්රාන් ඛාන් තුවාල ලැබුවේය.

මැයි 11 වැනිදා: තලේබාන් තර්ජන සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැද පාකිස්තාන මහ මැතිවරණය ආරම්භ විය. ජයග‍්‍රහණය කළේ නවාස් ෂරීෆ් ප‍්‍රමුඛ ඔහුගේ මුස්ලිම් ලීගය එන් පක්ෂයයි.

මැයි 19 වැනිදා: රාහා මොහාරක්, එවරස්ට් ශිඛරය තරණය කළ ප‍්‍රථම සෞදි කාන්තාව බවට පත් වූවාය.

ජූනි 1 වැනිදා: තුර්කි රජයේ සංවර්ධන වැඩසටහන්වලට විරෝධය දක්වමින්, තුර්කි අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කරමින්, එරට ඉස්තාම්බුල් අගනුවර විරෝධතා ඇරැඹිණි.

ජූනි 3 වැනිදා: ජුලියන් ඇසෙන්ගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියට ඇමෙරිකා හමුදාවේ රහස් තොරතුරු ලබා දුන්නැයි චෝදනා ලැබූ ඇමෙරිකා සෙබළ බ‍්‍රැඞ්ලි මෑනිංගේ නඩු විභාගය ඇරැඹිණි.

ජූනි 6 වැනිදා: ඇමෙරිකානු රජය, එරට සී.අයි.ඒ බුද්ධි අංශය සහ එන්.එස්.ඒ. හෙවත් ආරක්ෂක අංශය හරහා වෙනත් රටවල රාජ්‍ය නායකයන් ගැන ඔත්තු බලන බව එඞ්වඞ් ස්නෝව්ඩන් ලොවට හෙළි කළේය.

ජූනි 14 වැනිදා: ඉරාන ඉස්ලාමීය ජනරජයේ 11 වැනි ජනපතිවරණය ඇරැඹිණි. ජනපතිවරණයෙන් ජය ගත්තේ, මධ්‍යස්ථ මතධාරී හසන් රොව්හානීය.

ජූනි 18 වැනිදා: මහ වැසි හේතුවෙන් ගංගා නදිය පිටාර ගලා හටගත් සැඬ රළ පහරට හසු වී, ඉන්දියාවේ හිමාල කඳු පාමුල පිහිටි උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ නගර සහ ගම්මාන රැසක් ජලයෙන් යට වී ගියේය. 5,700 ක් මියගියහ.

ජූනි 29 වැනිදා: වසර 10 ක් තිස්සේ කළ සාකච්ඡාවලින් පසු කොරේෂියාව තම සාමාජික රටක් ලෙස පිළිගැනීමට යුරෝපා සංගමය තීරණය කළේය.

ජූලි 4 වැනිදා: ජනතා විරෝධය හමුවේ ජනපති මොහොමඞ් මොර්සි බලයෙන් නෙරපා දමා අහෝසි කිඑීමට ඊජිප්තු හමුදාව පියවර ගත්තේය.

ජූලි 6 වැනිදා: දකුණු කොරියාවට අයත් ගුවන් යානයක් ඇමෙරිකාවේ දී අනතුරට පත්විය.

ජූලි 7 වැනිදා: බුද්ධගයා විහාරය ආශි‍්‍රතව බෝම්බ මාලාවක් පුපුරා ගියේය. ප‍්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි සොයා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ අසමත් විය.

ජූලි 12 වැනිදා: 2012 සැප්තැම්බරයේ තලේබාන් වෙඩි ප‍්‍රහාරයට ලක් වී, ලන්ඩන් නුවරදී ප‍්‍රතිකාර ලැබූ මලාලා යූසොෆ්සායි පාකිස්තාන දැරිය, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම එක්සත් ජාතීන්ගේ පැසැසුමට ලක් විය. ඇගේ නම නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ද යෝජනා විය. ජූලි 12 වැනිදාට යෙදී ඇති මලාලාගේ උපන් දිනය නිමිත්තෙන් එදින ‘මලාලා දිනය’ ලෙස ද නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තේය.

ජූලි 20 වැනිදා: ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පාසලක සිසු දරු දැරියන් ද ඇතුළු 23 දෙනෙක් ආහාර විස වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.

ජූලි 22 වැනිදා: බි‍්‍රතාන්‍ය රජ පවුලට අලූත් සාමාජිකයෙක් එක් විය. ඒ, විලියම් කුමරු සහ කේට් කුමරියගේ පුතු ජෝර්ජ් කුමරුය.

ජූලි 24 වැනිදා: ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රියක් අනතුරට පත්විය. 80 ක් ඉන් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් තුවාල ලැබූහ.

ජූලි 30 වැනිදා: පාකිස්තාන ජනපති ධුරයට මම්නූන් හුසේන් පත්විය.

අගෝස්තු 2 වැනිදා: මැඩගස්කරයෙන් නව පි‍්‍රමාටාවෙක් සොයා ගැනිණ. ඌ ලෙමූර් වර්ගයට අයත් කුරු වදුරෙකි.

අගෝස්තු 14 වැනිදා: ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් හිටිහැටියේ පුපුරා යෑමෙන් එහි සිටි නාවික භටයෝ 18 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

අගෝස්තු 21 වැනිදා: සිරියාවේ සිදු වුණු රසායනික විස වායු ප‍්‍රහාරයකින් 600 දෙනෙක් මියගියහ.

සැප්තැම්බර් 7 වැනිදා:  ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ එරට විපක්ෂ නායක සිටි ටෝනි ඇබොට් අගමැති ධුරයට පත් විය.

සැප්තැම්බර් 13 වැනිදා: ඉන්දියාවේ නවදිල්ලි නුවර වෛද්‍ය සිසුවිය සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම හිමිවිය.

සැප්තැම්බර් 15 වැනිදා: සිරියානු රජය සතු රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කිරීමටත් ඒවා එක් රැුස් කර විනාශ කිරීමටත් රුසියාව ඉදිරිපත් කළ යෝජනාවට ඇමෙරිකාවේ අනුමැතිය හිමිවිය.

සැප්තැම්බර් 16 වැනිදා: ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදුණු තුවක්කුකරුවකු ඉවක් බවක් නැතිව කළ වෙඩි තැබීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සැප්තැම්බර් 21 වැනිදා: කෙන්යාවේ, නයිරෝබී නුවර විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයට අල් ෂෙබාබ් ඉස්ලාමීය ත‍්‍රස්තවාදීහු කඩා වැදී පහර දුන්හ. වෙළෙඳ සංකීර්ණයේ සිටි විදේශිකයන් ඇතුළු මුස්ලිම් නොවන පිරිස් ප‍්‍රාණ ඇපයට ගැනුණහ. කෙන්යානු ආරක්ෂක අංශ සහ ත‍්‍රස්තවාදීන් අතර සටන දින තුනක් පුරා පැවැතිණි.

සැප්තැම්බර් 28 වැනිදා: පාකිස්තානයේ සිදු වුණු භූමි කම්පාවකින් පසු, මුහුදේ කුඩා දුපතක් පහළ විය.

ඔක්තෝබර් 1 වැනිදා: ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර මත ගැටුමක් හේතුවෙන්, රජයේ අයවැය සම්මත කර ගැනීමට නොහැකිව අර්බුදයක් නිර්මාණය විය.

ඔක්තෝබර් 3 වැනිදා: ඉතාලිය අසල මුහුදේදී සංක‍්‍රමණික බෝට්ටුවක් පෙරැළීමෙන් 320 ක් ජීවිතක්ෂයට පත්වුහ.

ඔක්තෝබර් 4 වැනිදා: ගැම්බියාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් විය.

ඔක්තෝබර් 12 වැනිදා: ‘පේලින්’ සුළි කුණාටුව, ඉන්දියාවේ ඔරිස්සා සහ ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්ත හරහා හමා ගියේය.

ඔක්තෝබර් 27 වැනිදා: ඉන්දීය විපක්ෂ නායක නරේන්ද්‍ර මෝඩිගේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් බෝම්බ පහක් පුපුරා ගියේය.

නොවැම්බර් 5 වැනිදා: සඳ ගවේෂණයෙන් ලැබූ පන්නරයෙන් පසු, ඉන්දියාව අඟහරු ග‍්‍රහලොවේ රහස් සෙවීමට ගවේෂණ යානයක් පිටත් කර හැරියේය.

නොවැම්බර් 9 වැනිදා: ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ බිහිසුණුම සුළි කුණාටුව ලෙස විද්‍යාඥයන් නම් කළ ‘හයියාන්’ පැයට කිලෝ මීටර් 380 ක අධික වේගයකින් පිලිපීන දුපත් රාජ්‍යයට කඩා වැදුණි.

නොවැම්බර් 10 වැනිදා: වෙනිසියුලාව නියෝජනය කළ සුරූපිනිය ගැබ්රියෙලා ඉස්ලර් 2013 විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගත්තාය.

නොවැම්බර් 15 වැනිදා: මාලදිවයින දුපත් රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයෙන් ප‍්‍රගතිශීලී පක්ෂ නායක අබ්දුල්ලා යමීන් ජයග‍්‍රහණය කළේය.

නොවැම්බර් 19 වැනිදා: ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා විශේෂ පාලක මණ්ඩලයක් පිහිටුවීමේ අරමුණින්, නේපාලයේ ඡුන්ද විමසුමක් පැවැත්විණි.

නොවැම්බර් 24 වැනිදා: ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින්, ලෝකයේ බලවත් රටවල් සහ ඉරානය නියෝජිතයන් අතර ජිනීවා නුවරදී පැවැති සාකච්ඡුා සාර්ථක විය.

නොවැම්බර් 27 වැනිදා: චෝදනා රැුසක් මුල්කොට ගෙන අධිකරණය හමුවේ ද වරදකරුවකු වී සිටින ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී, මන්තී‍්‍ර ධුරයක් හෙබවීමට සුදුස්සකු නොවන බව තීරණය කර, ඔහුගේ මන්තී‍්‍ර ධුරය සය වසරකට අහෝසි කිරීමට ඉතාලි සෙනෙට් මණ්ඩලය තීරණය කළේය.

නොවැම්බර් 29 වැනිදා: සිදුහත් කුමරුගේ උපත සිදුවුණු ස්ථානය ලූම්බිනියේ මායා දේවි විහාරයෙන් සොයා ගැනීමට බි‍්‍රතාන්‍ය පුරා විද්‍යාඥයෝ සමත් වූහ.

දෙසැම්බර් 1 වැනිදා: ජනපි‍්‍රය හොලිවුඞ් නළු පෝල් වෝකර් රිය අනතුරකින් මෙලොවින් සමුගත්තේය.

දෙසැම්බර් 4 වැනිදා: ඉන්දියාවේ චතිස්ගාර්, දිල්ලි, මධ්‍ය ප‍්‍රදේශ් සහ රාජස්ථාන් යන ප‍්‍රාන්තවල පැවැති ප‍්‍රාන්ත සභා මැතිවරණවලින් පාලක කොංග‍්‍රස් පක්ෂය පරදා ජයග‍්‍රහණය හිමිකර ගැනීමට ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයට හැකිවිය.

දෙසැම්බර් 6 වැනිදා: වර්ණභේදවාදය දකුණු අපි‍්‍රකාවෙන් පමණක් නොව, මුළු ලෝකයෙන්ම තුරන් කිරීමට අසමසම මෙහෙයක් ඉටු කළ, දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනපතිවරයකු මෙන්ම එරට ප‍්‍රථම කළු ජාතික ජනපතිවරයා ද වන නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය සිදුවිය.

දෙසැම්බර් 9 වැනිදා: සිංගප්පූරුවේ ලිට්ල් ඉන්දියා දිස්ති‍්‍රක්කයේ, ඉන්දියානු ජාතික කම්කරුවකු පුද්ගලික බස් රථයක හැපී ජීවිතක්ෂයට පත් වීමත් සමඟ කලකෝලහාල හටගත්තේය.

දෙසැම්බර් 10 වැනිදා: විපක්ෂයේ විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර ලබන වසරේ පෙබරවාරි දෙවැනිදා මහ මැතිවරණය පැවැත්වීමට තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා තීරණය කළාය.

දෙසැම්බර් 11 වැනිදා: මැන්ඩෙලාගේ අවමංගල දේව මෙහෙය අතරතුරේ, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා සමඟ හිදිමින් ඩෙන්මාර්ක අගමැතිනිය ගත් ඡුායාරූපය ලෝ පුරා ආන්දෝලනයට ලක් විය.

දෙසැම්බර් 12 වැනිදා:  ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ඉන්දීය තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොන්සල් ජනරාල් දේව්යානී කොම්බ‍්‍රගේට් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකා ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමඟ, ඉන්දු ඇමෙරිකා රාජ්‍යතාන්ති‍්‍රක අර්බුදයක් නිර්මාණය විය.

දෙසැම්බර් 14 වැනිදා: ඉරානය තවත් වඳුරකු අභ්‍යවකාශයට යවා යළි ආපසු ගෙන්වා ගත්තේය.

දෙසැම්බර් 15 වැනිදා: චීනය හඳට යැවූ ප‍්‍රථම රොබෝ ගවේෂණ යානය, ‘ජේඞ් රැුබිට්’ සඳ ගවේෂණ කටයුතු ආරම්භ කළේය.

දෙසැම්බර් 16 වැනිදා: දේශද්‍රෝහියකු යැයි පවසමින්, උතුරු කොරියානු තරුණ නායක කිම් ජොං උන්, සිය මාමා ජැං සොන් තෙක්ට මරණ දඬුවම නියම කිරීම ආන්දෝලනාත්මක සිද්ධියක් විය.

දෙසැම්බර් 23 වැනිදා: ඒ.කේ. 47 ගිනි අවියේ නිර්මාතෘ රුසියානු ජාතික මියාහිල් කැලැෂ්නිකෝව්ගේ අභාවප‍්‍රාප්ත විය.


 

 

 

ඉරාන නව ජනපති ඇෆ්ගනිස්තානයේ
 
තායිලන්තයේ විරෝධතා
 
සිදුහත් කුමරු උපන් ස්ථානය
 
බුද්ධගයාවට බෝම්බ
 
සිරියානු රජයේ හමුදාව
 
අලූත් රජ පැටියා
 
ඇමෙරිකාවේදී කඩා වැටුණු දකුණු කොරියානු යානය
 
කෙන්යාවේ වෙළෙඳ සංකීර්ණයට එල්ල වූ ප‍්‍රහාරය
 
පිලිපීනය කැළඹූ හයියාන්
 
ඩෙන්මාර්ක අගමැතිනිය ගත් ඡායාරූපය
 
උතුරු කොරියාවේ තරුණ නායකයා
 
විශ්ව රූ රැජින
 
 ඕස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනි
 
රුසියාවට වැටුණු උල්කා
 
වෙනිසියුලා නායක චාවේස්
 
ග්වන්තනාමෝ උපවාසය

 

 

ඒ.එෆ්.පී. සහ රොයිටර් ඇසුරිනි



අදහස් (0)

2013 ලෝකය පෙරැළි රැසක් සිදුවුණු වසරක්

නසාර් Friday, 03 January 2014 11:07 AM

ලංකාවේ කිසිම දෙයක් උනේ නැද්ද? (නදී)

:       0       0

බණ්ඩාර Friday, 03 January 2014 12:32 PM

හරිම වටිනා ලිපියක්. (දිල්)

:       0       0

වාසල Thursday, 02 January 2014 07:01 PM

හරිම පිළිවෙලයි. ගොඩක් ස්තුතියි! (අ)

:       0       0

ජ. තිසර Wednesday, 01 January 2014 04:24 PM

එක් පිංතූරයක් වචන දහසකටත් වඩා විස්තරයක් දක්වයි කියා කතාවක් ඇත. පසුගිය වර්ෂයේ ලෝකයේ සිදුවූ විශේෂතාවයන් මෙසේ ලුහුඬින් දැක්වීම ගැන ලුසිත ජයමාන්න මහත්මියට සහ කර්තෘ මණ්ඩලයට ස්තූතියි. (නදී)

:       0       0

මංජු Friday, 03 January 2014 08:23 PM

කුඩු කන්ටේනරයක් බේර ගත්ත කෙනෙක් ගැන ලියවිලා නැහැ නේද? (නදී0

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5124 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site