බ්‍රෙන්ඩන් මැකලම් උපත ලබා ඇත්තේ 1981 සැප්තැම්බර් 27 වැනිදා නවසීලන්තයේ ඩනේඩන් හිදීය. බ්‍රෙන්ඩන් බැරි මැකලම් වන නමුත් කණ්ඩායමේ අය ඔහු අමතන්නේ බසිස් හෙවත් ගුමු ගුමු නාදයා ලෙසය. ඔහුගේ සහෝදරයා වන්නේ ඔහුට වඩා වසරකින් වැඩිමල් නේදන් මැකලම්ය. ඔහුද නවසීලන්ත පිල නියෝජනය කරන්නෙකි. මේ දෙදෙනාගේ පියා වන ස්ටුවට් මැකලම් නවසීලන්තයේ පළමු පෙළ තරග සඳහා දීර්ඝ කාලයක් කී‍්‍රඩාකර ඇත.
බ්‍රෙන්ඩන් මෙන්ම නේදන් ද කිංග්ස් උසස් අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලැබුවෝ වෙති. ඔටාගෝ ප‍්‍රාදේශීය කණ්ඩායම් පිල නියෝජනය කරමින් ප‍්‍රාන්ත කි‍්‍රකට් තරග වෙතින් කි‍්‍රකට් ආත්මයට බද්ධ කරගත් බ්‍රෙන්ඩන්, ඔටාගෝ වෝල්ට්ස්, කැන්ටබරි, ග්ලැමෝගන්, නිව් සවුත් වේල්ස්, කොල්කටා නයිඞ් රයිඩර්ස්, සසෙක්ස්, කෝච් ටස්කර්ස්, බි‍්‍රස්බේන් හීට්, චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සඳහා මේ දක්වා දායකත්වය ලබාදී ඇත. බ්‍රෙන්ඩන්ට ඇති ඉල්ලූම කොතරම් ද කියා කීමට එය හොඳටෝම ප‍්‍රමාණවත් වේ.
නවසීලන්ත ජාතික මේ අපූරු කී‍්‍රඩකයාගේ බිරිය වන්නේ ඕස්ටේ‍්‍රලියානු ජාතික කාන්තාවක වන එලිස්සා ආතර් මැකලම්ය. (Ellissa Mccullum) ඇය නිව් සවුත් වේල්ස්හි කැනෙයිබා පළාතේය. මේ මැකලම් යුවළට දියණියක සහ පුතකු වෙති. පුතා රයිලි ද තාත්තාගේ අඩිපාරේ යමින් සිටී. දියණියගේ නම මායා වේ. එල්ස්සා සහ බ්‍රෙන්ඩන් දෙදෙනාට දෙදෙනා අසීමිතව ආදරය කරන යුවළකැයි මිතුරෝ පවසති. මේ හැඩකාර වැඩකාරයාගේ රූමත් බිරියගේ විස්තරවලට පසු මෙවර ලෝක කුසලාන තරගාවලියේ අනෙකුත් වැඩකාර කී‍්‍රඩකයන්ගේ රූමත් බිරින්ඳෑවරුන්ගේ විස්තර මෙසේය.
බිරිය- ජෙසිකා බ‍්‍රැටිච් (Jessica Bratich)
කී‍්‍රඩාවලට වඩාත් ලැදි සුරූපී ජෙසිකා නිරූපිකාවක වන්නීය. ඊට අමතරව කරාතේ කළු පටි ශූරියකද වන්නීය. එක්දරු මවක වන ජෙසිකා අද වෘත්තීය ලෙස කරන්නේ විලාසිතා නිර්මාණකරණයයි. බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ වඩාත් ශෘංගාරාත්මක කාන්තාවක ලෙසය.
ඕස්ටේ‍්‍රලියානුවන් කයිලිව හඳුන්වන්නේ ෆස්ට් ලේඩි යනුවෙනි.
ප‍්‍රකට රූපවාහිනී චැනලයක ජනපි‍්‍රය චරිතයක් වන ඇය හිටපු විශිෂ්ටතම නිරූපිකාවක වන්නීය.
ඬේවිඞ් වෝනර් නමැති කී‍්‍රඩකයා අති දක්ෂ චරිතයක් වීම පිටුපස සිටින මහා චරිතය ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ ඔහුගේ මේ බිරියය. වෝනර් යකඩ පිතිකරුවකු නම් ඒ යකඩයා තැනූ යකඩ ගැහැණිය ඇයම වන්නීය.
රූමත් සහ දඟකාර තැනැත්තියක ලෙස ඇය හැඳින්වීමට පුළුවන. දෝනි කී‍්‍රඩා කරන තරග නැරඹීමට ඇය පැමිණීම නිසා දෝනි හට එය වඩාත් උත්තේජනයට කරුණක් වන බව සඳහන් වේ. ඇය මේ දිනවල පසුවන්නේ කුළුඳුල් දරු ප‍්‍රසූතිය සඳහා වූ අපේක්ෂාවෙනි. මෙම මාසයේ දී දෝනි හට ඇය ඒ වටිනා තිළිණය ලබාදෙන බව සඳහන් වේ. ලෝක කි‍්‍රකට් කිරුළටත් වඩා දෝනි හට එය නම් සැබෑ සතුටකට හේතුවක් වේවි.
සුරූපී ”ලී” ව ප‍්‍රවේගකාරි ෂේන් වොට්සන් හමුවී ඇත්තේ ලෝ ප‍්‍රකට ෆොක්ස් (Fox) ටී වී නාලිකාවේ වැඩ සටහනක් අතරතුරදීය. ඇය එම නාළිකාවේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියකවීම ඊට හේතුවය. ඇය වැඩ සටහන් ඉදිරිපත් කරන විවේචනාත්මක ශෛලියට ලොල් බැඳි වොට්සන් ඇය විවාහ කර ගත් අතර දැන් ඔවුන් එක්දරු වම්පියෝය.
”නැහැ මේ වසරේ මම තවත් දරුවකු ප‍්‍රසූත කරනවා එතකොට මම දරු දෙදෙනකුගේ මවක්” යැයි සුරූපී ලී විටෙක පවසන්නීය.
වත්මන් ලෝක එක්දින කි‍්‍රකට් පිටියේ සිටින විදුලි වේගයෙන් පන්දු යවන දැවැන්තයා වන්නේ දකුණු අපි‍්‍රකානු පිලේ ඬේල් ස්ටයින්ය. ඔහු විවාහ ගිවිස ගෙන සිටින්නේ සුරූපී සුප‍්‍රකට නිරූපිකාවක වන ජීඈන් කීට්ස්මන් සමගය. ඇය දකුණු අපි‍්‍රකාවේ ජනපි‍්‍රය චරිතයක්ව සිටින්නේ වඩාත් ශෘංගාරය මතුකරවන රූපයකින් හෙබි තැනැත්තියක වන නිසාය.
දකුණු අපි‍්‍රකානු පිලේ කි‍්‍රකට් තරුව වී සිටින ඞී විලියර්ස් හට මේ සුරූපිනිය හමුවී ඇත්තේ වසර අටකට පෙරදීය. එය කෙතරම් ආදරණීය හමුවක්ද යත් 2013 ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී දෙදෙනා ටජ්මහල් ප‍්‍රාසාදය නැරැඹීමට ගොස් තිබේ. ඊට මාස කීපයකට පසු ඩැනියෙල් සහ විලියර්ස් අතර විවාහය සිදු කෙරිණි. ඩැනියෙල් සංගීතයට බෙහෙවින් ලැදි අතර විවාහ උත්සව දිනයේදී තම සැමියා වෙනුවෙන්ම ගීතයක් ද රචනා කළාය.
එංගලන්ත පිලේ ප‍්‍රබල පිතිකරු සහ නායක ඉයොන් මෝර්ගන් විවාහ ගිවිස ගෙන සිටින්නේ 2002 දී ඕස්ටේලියානු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ දේශපාලනඥයකුවන ඬේවිඞ් රිජ්වේගේ දියණිය වන ටාරා සමගය. සුරූපී ටාරා ද ප‍්‍රකට වෙළෙඳ නාම නිරූපිකාවක වන්නීය.
බංග්ලාදේශ කණ්ඩායමට නැතුවම බැරි ශකීබ් අල් හසන්ගේ මේ සුරූපී බිරිය බංග්ලාදේශ ඇමරිකානු සම්භවය ඇති සුරූපී තරුණියකි. බංග්ලාදේශයේ ජනපි‍්‍රයම කි‍්‍රකට් තරුව වන ශකීබ්ගේ මේ සුරූපිනිය ඇමරිකාවේ මිනොසොටා සරසවියේ උපාධිධාරිනියකි. වෘත්තියෙන් ඇය මෘදුකාංග ඉංජිනේරුවරියක වන්නීය.
දකුණු අපි‍්‍රකානු පිල බොහෝ විට ගොඩ දාන ඩුමිනිගේ මේ සුරූපී බිරිය මාධ්‍ය සහ කැමරා ශිල්පීන් අතර ජනපි‍්‍රයම චරිතයකි. ඒ ඇයගේ නිසෙත‍්‍ර ඉරියව් නිසාය. කැමරාව ඉදිරියේදී අඩ නිරුවතින් පෙනීසිටින සියල්ල ගැන නොසඟවා තම සැමියා හට ප‍්‍රකාශ කිරීම සුරූපී සුගේ පුරුද්දය.
ඉන්දීය කී‍්‍රඩක ස්ටුවට් බීනීට වඩා බොහෝ විට බොහෝ දෙනා කතා කරන්නේ ඔහුගේ බිරිය සුරූපී මයන්ති ලැන්ගර් ගැනය. සමහරු ඇය හඳුන්වන්නේ වඩා උණුසුම් චරිතයක් ලෙසය. දකින අය වශීකරණ තරමේ රූ සපුවක් හිමි මයන්ති ප‍්‍රකට ඊ.එස්.පී.එන්. කී‍්‍රඩා නාළිකාවේ ප‍්‍රකට චරිතයක් වන්නීය. සැමියා කි‍්‍රකට් කී‍්‍රඩකයකු වුවද ඇයගේ පි‍්‍රයතම කී‍්‍රඩාව වන්නේ පාපන්දුය.
අද ඉන්දීය පිලේ වඩාත් ප‍්‍රබල ආරම්භක පිතිකරුවා වී සිටින ශිඛර් ධවාන්ගේ සුරූපී බිරිය ගැනත් සඳහන් කළ යුතුමය. බි‍්‍රතාන්‍ය කාන්තාවක ඇයගේ මව වන අතර පියා බෙංගාලි ජාතිකයෙකි. සුරූපී අයේෂා වෘත්තීය බොක්සිං කී‍්‍රඩිකාවකි. එක්දරු මවක වුවද ඇයගේ පෙනුම වඩාත් තුරුණු ආකර්ෂණයකින් හෙබි බව සඳහන් කළ හැකිය. ඇය කිසිඳු විනෝදාස්වාද කටයුත්තකට වියදම් නොකළද තම සැමියා සහභාගි වන කි‍්‍රකට් තරග සහ වෙනත් උත්සව අවස්ථා සඳහා නොපැකිළිව අත දිගහැර වියදම් කරන්නීය.
වත්මන් එක්දින කි‍්‍රකට් පිටියේ සිටින අංක එකේ පිතිකරුවකුවන විරාට් කෝලි විවාහ ගිවිස ගෙන සිටින්නේ සුරූපී බොලිවුඞ් නිළියක වන අනුෂ්කා ෂර්මා සමගය. කෝලි මේ තරම් ප‍්‍රබලව දස්කම් පාන්නේ මේ සුරූපිනියගෙන් ලැබෙන උණුසුම් ආදරණීය බව නිසාම යැයි සඳහන් කළ හැකිය.
ලෝ ප‍්‍රකට ප‍්‍රහාරාත්මක පිතිකරුවකුවන කි‍්‍රස් ගේල්ගේ සුරූපිනිය වන්නේ නැසී බිනොයිට්ය. ගේල්ගේ හෙවනැල්ල මෙන් නිබඳව ඔහු සමග සැරි සරන මේ සුරූපිනිය සමග ඉතා සැහැල්ලූ ජීවිතයක් ගත කරන බව විටෙක ගේල් ප‍්‍රකාශකර තිබේ.
වත්මනෙහි ජගත් කි‍්‍රකට් පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම සහ ශ්‍රේෂ්ඨ පිතිකරුවකුවන මහේල ජයවර්ධනගේ බිරිය වන්නේ කි‍්‍රස්ටිනා මල්ලිකා සිරිසේනය. ශ්‍රී ලාංකීය පියකු සහ නෙදර්ලන්ත ජාතික මවකගේ දියණියක වන සුරූපී කි‍්‍රස්ටිනා මල්ලිකා සංචාරක උපදේශක දැනුමින් පොහොසත් තැනැත්තියක වන්නීය. හාද වූ දා සිට සැමියාගේ කි‍්‍රකට් ජීවිතය සමග ගහට පොත්ත මෙන් බැඳී සිටින කි‍්‍රස්ටිනා මහේලගේ සමාජ සත්කාරක සේවා සඳහා ද නිබඳවම සහාය වන්නියකි.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2015 ලෝක කුසලාන කි‍්‍රකට් පිටියේ වැඩකාරයන්ගේ රූමත් නෝනලා
දුමින්ද Monday, 09 March 2015 10:25 AM
නන්දලාල් මොනවා කරන්නද අපේ නොලැබීම-ආදර ඔරුව කහවනු ගඟේ පෙරලීම (නදී)
නන්දලාල් Friday, 06 March 2015 05:38 PM
ආදරයට වඩා ප්‍රසිද්ධිය පස්සේ දුවන ගැහැණු පිරිමි, ලෝකේ හැම රටකම ඉන්නවා නේ? ඒ උනාට ප්‍රසිද්ධියට පත් උන ක්‍රීඩකයෝ වැඩිදෙනෙක් නම් හොයන්නේ ඇහැට කනට පේන ලස්සන, ලමිස්සියොම තමා. (ර)