IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අගනුවරත් ගඳ ගස්සන මහා කුණු කන්ද

   20_PAGE_7_T  

 

කුණුත්, කුඩුත් ලෙඩත් හැරුණු විට කොළොන්නාවට තව කවරක්ද? කොළඹ අවට එකතුවන කුණු මෙට්රික් ටොන් හත්සිය පනහක් අටසියයක් අතර ප‍්‍රමාණයක් දිනපතා ගෙනැවිත් දමන කොළොන්නාව මීතොටමුල්ලේ කුණු කන්ද අවට වැසියන් මුහුණපාන ගැටලූ හා කුණු කන්ද ඇතුළේ සිදුවන විවිධ වංචනික ක‍්‍රියා පිළිබඳව විමසීමක් කිරීම සඳහා අප කළ ක්‍ෂේත‍්‍ර ගවේෂණයක් අතරතුර ගම්වැසියන් අපට දැක්වූ අදහස එබඳුය.

 

 

හිස් අහස සිඹ නැගෙන නෙළුම් කුලූන එක් පසෙකින් දිස්වේ. නෙළුම් කුලූන සේම අහස උසට ගොඩගැසෙන මීතොටමුල්ල කුණු කන්ද නිරීක්ෂණය කිරීමේ අසීරු කාර්යයට අප මුලපිරුවේ ඒ අසල සිටි රජයේ නිලධාරීන්ගේ හා පොලිස් ආරක්ෂකයන්ගේ දැඩි විරුද්ධත්වය මධ්‍යයේය.


මැස්සන් කපුටන් හා කොකුන්ගෙන් ගහන වූ කුණු කන්දේ බල්ලෝද දෙතුන් සීයයක් වෙසෙති. ටිකින් ටික ඉහළට නැගයද්දී මිනිසුන් ද එකා දෙන්නා බැගින් දැක ගත හැකිවිය.


කුණු ගොඩින් ලැබෙන විවිධ ද්‍රව්‍ය එකතු කරගෙන ඒවා විකුණා යම් ආදායමක් ලබා ගැනීම සඳහා දිනපතා තිහ හතළිහක පිරිසක් කුණු කන්දට පැමිණෙති. ඒ අතරින් කිහිප දෙනකු කුණු කන්දට යටවී මියගොස් ඇත. කුණු කන්දේ බැකෝ යන්ත‍්‍රවලට හසුවී අත් පා අහිමි කරගත් කිහිප දෙනෙකුද වේ.

1
වමනය, ඔක්කාරය දැඩි අව් රශ්මිය නිසා ඇතිවූ හිසරදය මැද අපි කොළොන්නාව කුණු කන්ද තරණය කරන අතරතුර කුණු කන්දේ කුණු තෝරන අය සමග කතා කළෙමු.


”මම මෙහෙට ඇවිත් අවුරුදු හතක් විතර වෙනවා. බ්ලූමැන්ඩල් කාලෙ ඉඳන්ම මේ රස්සාව තමයි කළේ.”


(බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ කුණු කන්ද පැවැති අවධියේ ද ඔහු මෙසේ කුණු අතර ඇති විවිධ ද්‍රව්‍ය එකතු කිරීම සිදු කරයි.)

 


දවසකට කොච්චර විතර ආදායමක් හම්බවෙනවාද?


”මම රුපියල් පන්දාහක් විතර හොයන දවසුත් තියෙනවා. හිටපු ගමන් ඉල්ලම පෑදුණා වගේ වෙන වෙලාවලූත් තියෙනවා. මට දවසක් ඇපල් වර්ගයේ ෆෝන් එකකුත් හම්බ වුණා. අවිස්සාවේල්ල පැත්තේ මහත්තයෙකුට මම ඒක විකුණුවා.

 


කුණු කන්දේ හිටියම ලෙඩ හැදෙන්නේ නැද්ද?


”මට දෙපාරක් සෙංගමාලේ හැදුණා. ඩෙංගු එහෙම හැදෙනවා. දැන් දැන් අපි ඒකට ගොඩක් හුරුවෙලා ලෙඩ හැදෙනවා අඩුයි.


කුණු කන්ද මෙතැනින් අයින් කරනවා කියනවා නේද?  ඕගොල්ලෝ ඒක ගැන මොකද කියන්නේ.? 
අපි තවත් අයෙකුගෙන් විමසුවෙමු.


”බ්ලූමැන්ඩල්වල ඉඳන් කුණු කන්ද මෙහෙට (මීතොටමුල්ලට) ගෙනාවා. ඊට පස්සේ කැලණිමුල්ලට ගෙනියනවා කියලත් කිව්වා. කොහේ ගියත් කුණු කන්ද තියෙන්නේ කොළඹමයි. අපි මේක නිසා සොච්චමක් සොයා ගන්නවා. හැබැයි කොළඹ ඔෆීස්වල ලොකු මහත්වරු මේ කුණු කන්දෙන් කෝටි ගණනක් හොයනවාලූ.”

2

 


කුණු කන්ද මෙතැනින් ගෙනියනවට කැමතිද?
”ළඟකදී මැරිච්ච කොළඹ පැත්තේ වයසක නෝනා කෙනෙක් නිදාගත්තු මෙට්ටයක් කුණු ගොඩට ඇවිත් තිබුණා. ලොරි ඇවිත් ගිහිල්ලා පැය හයකට විතර පස්සේ තමයි ඒ නෝනගේ ගෙදරින් මෙට්ටේ හොයන්න ආවා. ඒ මෙට්ටේ ඇතුළේ හංගලා රුපියල් ලක්ෂයකුයි රත්තරන් බඩුයි තිබුණාලූ.

වාසනාවන්තයෙකුට  ඕක හම්බවෙයි. කුණු ගොඩ ඇවිස්සුවාම තමයි ඉතින්  ඕක හම්බවෙන්නේ.


කුණු ගොඩ නිසා වටපිටාවේ ළමයි ලෙඩ වෙනවා. ඉස්කෝලේ එහෙමත් කාලයක් වැහිලා තිබුණා.”


”වටේ ගෙවල්වල මිනිසුන්ට ඔතනින් අයින් වෙන්න කිව්වා. ඒත් යන්නේ නැහැනේ. කන්ද පහළ පොඩි ඇළක් තියෙනවා. ගෙවල්වල වැසිකිළි බට පවා හරවලා තියෙන්නේ ඒ ඇළට.”


”කුණු ගොඩට කෑම ජාති එහෙමත් ගෙනැත් දානවලූ නේද?” අපි අවට රැුස්ව සිටි දෙතුන් දෙනාගෙන් ඇසුවෙමු.

3
”ගුල්ලෝ ගහපු හාල් එහෙම ගෙනැත් දානවා. තේ කොළ එහෙමත් හම්බ වෙනවා. මට ළඟදී සැමන් ටින් වගයකුත් හම්බ වුණා. එක එක ජාති ගෙනැත් දානවා. නරක් වෙච්ච මස් මාළු එහෙම ගෙනැත් දාපු දාට කාක්කෝ වටවෙනවා. කිට්ටුවට යන්න දෙන්නේ නැහැ.”


කෑම ජාති ගෙනාවාම නගර සභාවේ මහත්වරු ඒවා වළලනවා. ඒත්..


”තව විස්තර කිව්වොත් හෙට මට රස්සාවට එන්න බැරිවෙයි. ඔහු අප සමග පැවැසීය. නමුත් හාල්, තේකොළ, සැමන් ටින්, මස් මාළු, බටර් වර්ග ආදී කල් ඉකුත් වූ ආහාර ජාති ඔවුන් තෝරාගෙන යන ප්ලාස්ටික් කැබලි වීදුරු බෝතල් ඇසිරූ බෑග් අස්සේ හොරෙන් දාගෙන ගොස් වෙළෙන්දන්ට දීම ඔවුන් බොහෝ විට සිදු කරන්නකි.


අතරමගදී අපට හමුවූ එක් අයෙකු දැනට දින කිහිපයකට පෙර මස් කිලෝ තුන හතරක් එසේ ගෙන ගොස් බත්මුල් බැඳ විකුණන්නට විකුණා ඇත.
නරක් වූ තේ කොළ, සීනි වැනි ජාති නරක් වූ බව නොපෙනෙන්නට ඔවුන් විවිධ උපක‍්‍රම පාවිච්චි කරති. පරණ තේකොළ අලූත් ඒවාට කලවම් කිරීමට දීම එවැනි උපක‍්‍රමයකි. සීනි හා පරිප්පු එකට මිශ‍්‍රවී නරක්වූ විට සීනි දියවෙන්නට තබා පෙරා ගත් විට පරිප්පු හා සීනි වෙනම ලබාගත හැකිය. දියවූ සීනි විවිධ රසකැවිලි නිෂ්පාදනය කරන අය අතට පත්කිරීම සිදුවේ. මේ සියල්ල සිදුවෙන්නේ ඔවුන් කුණු කන්දෙන් ගෙනැත් මුලින්ම විකුණන වෙළෙන්දා හෝ අතරමැදි වෙළඳුන් අතිනි.


කුණු කන්දෙන් ගෙන එන නරක් වූ මස් සොසේජස් නිෂ්පාදනය කරන අයට සැපයීම සරුවට සිදුවන තවත් ජාවාරමකි.


කල් ඉකුත් වූ එළවළු තෙල් බෝතල් තොගයක් ලේබල් ඉවත් කර සීල් පිටින්ම කඩවල්වලට යැවූ අවස්ථාවක් ගැනද අපට තොරතුරු ලැබිණි.


කුණු කන්ද උඩ සිටිනා කිසිවෙකු එතැනින් කුණු කන්ද ඉවත් කිරීමට කැමැති නැත.


කුණු කන්ද උඩ සිට පල්ලම් බැහීමට සැරසෙද්දී අප පසුකර ටේ‍්‍රල් බයික් එකක් පැමිණීයේය. ඒ බ්ලූමැන්ඩල් නලින්ය. ඔහුගේ පැමිණීම අපට තවත් කතාවකට ආරම්භයක් සැපයීය.


කොළඹට එපාවූ කුණු එකතුවෙන මීතොටමුල්ලේ කුණු කන්දට වෙනම ආණ්ඩුවක් පවතියි.


කලකට ඉහතදී බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ බිමකට එකතු වූ කොළඹ කුණු 2004 වර්ෂයේ සිට එකතු වන්නේ මීතොටමුල්ලටය.


කුණු කන්දෙන් ඉපයෙන විවිධ දෑ පසුපස හඹා යමින් යම් ආදායමක් ලබා ගන්නට උත්සාහ කරන මිනිසුන් මෙහෙයවීමට ද හය හත් දෙනෙක් එහි යෑම ඒම පුරුදු කරගෙන සිටිති. කන්ද පාමුල පොලිස් මුරපොළ නිලධාරිනුත් ඒ ස්ථානයේ සිටින රජයේ නිලධාරිනුත් පසුකරගෙන කිසිදු බිය සැකයකින් තොරව ඔවුහු නිතර එහි යමින් එමින් කුණු ගොඩින් හමුවන යම් යම් වටිනා දෑ ඩැහැගෙන යෑම සිදු කරති.


කොළොන්නාවේ සුද්දාගේ කට්ටිය, නුවන්, නලින් තවත් අප දන්න ප‍්‍රසිද්ධ හිටපු දේශපාලනඥයෙකු ඇතුළු පිරිසකගේ නම් මේ සමග කියැවේ.


කුණු කන්දේ වැඩිපුරම තිබෙන්නේ ප්ලාස්ටික් හා පොලිතින්ය. ඒවා වෙන වෙනම එකතු කොට ගොඩ ගැසීමේ යම් ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කළා නම් මෙතරම් විශාල ගැටලූවක් ඉස්මතු නොවන්නේ යැයි අපට සිතුනි.


කන්ද බැසගත් අපි හෙමින් සීරුවේ මීතොටමුල්ල ගම්මානය දෙසට ඇදුනෙමු.


අසල තිබූ නිවසක දොරට තට්ටු කළ අප ගෙට එබී බලද්දී නිවැසියන්ට පෙර අප වටකරගෙන පිළිගැනීමක් සිදු කළේ ගෙයි ඇතුළේ සිට පැමිණි මැස්සන්ය. ‘‘දවල්ට මැස්සෝ රෑට මදුරුවෝ හැමදාම ඔහොම තමයි.’’ ශෝක බරිත දෙනෙතින් අප දෙස බලමින් ගෙහිමි කාන්තාව අප සමග සංවාදය ආරම්භ කළාය.
”දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මහත්තයා පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. මෙතනින් ගියොත් අපිට ඒකත් නැහැ. නමුත් කට්ටිය මෙතනින් අපිව පන්නල දාන්න හදනවා. ලක්ෂ පහළොවක් දෙන්නම් කිව්වා. කොළොන්නාවේ මහල් නිවාස සංකීර්ණයට පදිංචියට යන්න කියලා අපිට කිව්වා. මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ගෙවල් අයින් කරගන්න කියලත් කිව්වා.


අපි හිරමණ හැඳි වගේ බඩු ජාති පිටින් ගෙනැත් විකුණනවා. තට්ටු නිවාසෙකට ගියොත් බිස්නස් එක කරගන්න බැහැ. දරුවෝ තුන්දෙනාට උගන්වන්න  ඕනෑ. ප‍්‍රශ්න කෝටියක් විතර තියෙනවා. මෙතැන දාලා යන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ.


මීතොටමුල්ලේ 102 වත්ත පන්සල පාර අවිස්සාවේල්ල පාරට යාබද පෙදෙස හා කුණු කන්දට යාබද ජීවත් වෙන පවුල් ප‍්‍රමාණය 5000 ට වැඩිය. ඔවුන් අතරින් සියයට හැටක් පමණ මානසික රෝගවලට ගොදුරු වී ඇත. ඩෙංගු උණ, සෙංගමාලය හා චර්ම රෝග ඔවුන් අතර නිරතුරුව ව්‍යාප්ත වෙන රෝග තත්ත්වයන්ය.


අපේ පුතාට විවාහ යෝජනා දෙකක් ආවා. ඒ ගෙවල් දෙකෙන්ම කැමැති වුණේ නැහැ. මොකද හේතුව කියලා ඇහුවාම කියන්නේ අපේ කෙල්ලව ඔය කුණු ගොඩට දෙන්න බැහැ කියලා.


අපිට කන්න බොන්න අඳින්න දෙන්න කියලා ආණ්ඩුවේ මහත්වරුන්ගෙන් ඉල්ලන්නේ නැහැ. හැබැයි මේ කුණු කන්දේ ප‍්‍රශ්නේ විසඳලා දෙන්න කියලා මම අත් දෙක එකතු කරලා එතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.


අපි තව ටික දවසකින් මැරිලා යාවි. ඒත් මේ දරුවෝ තවත් මේ ගමේ ජීවත් වෙන්න  ඕනෑ. ඔවුන් සමාජෙට යන්නේ හුඟක් බයෙන්. හොඳට නාලා පිරිසිදුවට ඉස්කෝලේ ගියත් අනෙක් ළමයි මේ දරුවෝ ගඳයි කියලා කොන් කරනවා.


තව ටික දවසකින් කුණු කන්ද අපේ ඔළුවට කඩා වැටෙයිද දන්නේ නැහැ. මරික්කාර් මහත්තයා ඇවිත් කිව්වා කුණු ප‍්‍රශ්නේ කොහොම හරි විසඳලා දෙනවා කියලා. අපි එතකම් තමයි බලන් ඉන්නේ.


”මම ඉගෙන ගත්තේ මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ. අපිට මේ කුණු කන්ද නිසා ගොඩක් කරදර විඳින්න සිදුවෙනවා. කෑම කන්නත් හිතෙන්නේ නැහැ. වැස්ස දවසට එහෙම ඉස්කෝලේ කලින් වහනවා. අපිට සෙල්ලම් කරන්නවත් තැනක් නැහැ.


මීට නොබෝ කලකට පෙර මීතොටමුල්ල රාහුල විද්‍යාලයට හදිසියේ දළඹුවෝ සහ පණුවන් බෝවීමේ තත්ත්වයක් උද්ගත විය. ගැටලූව නිසා පාසල ටික දිනෙකට වසා දැමීමට සිදුවිය. මීතොටමුල්ල කුණු කන්ද අවට පිහිටි භූමි ප‍්‍රදේශයේ ඇති රාහුල විද්‍යාලය සහ අවට ගෙවල් ඉවත් කර එම ඉඩමේ ලොරි රථ නවතා තැබීමට නගර සභාව සැලසුම් කළ නිසා මීතොටමුල්ල රාහුල විද්‍යාලයට පණුවන් ගෙනවිත් දමා ළමුන් පාසලින් ඉවත් කිරීමට කොළඹ මහ නගර සභා නිලධාරීන් උත්සාහ කළ බව අවට වැසියෝ  අප සමග පැවසූහ. රාහුල විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවෝ 100 පමණ පිරිසක් මේ වන විට අධ්‍යාපනය ලබති. මෙම දරුවන් සිය අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ දැඩි අසීරුතා මධ්‍යයේය. කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් නීතිඥ නුවන් බෝපගේ මහතාද අප සමග අදහස් දැක්වීය.


කොළොන්නාව කුණු කන්ද දේශපාලනඥයන්ගේ මූල්‍ය වංචා ගසාකෑම් සඳහා පවත්වාගෙන යන ව්‍යාපාරයක තත්ත්වයට අද පත්වී තිබෙනවා.


ගම අවට ළමුන් සියයට හැටක ප‍්‍රමාණයක් විවිධ මානසික රෝගවලින් පෙළෙනවා. උණ රෝග, වසංගත රෝග බොහෝමයක් නිරතුරුව පැතිරෙනවා.
කොළඹ කුණු රැුගෙන ඒම සඳහා කොන්ත‍්‍රාත් ලබා දී තිබෙන ආයතනවලට කොළඹ මහ නගර සභාවෙන් වෙන් කර තිබෙන මුදල් නගර සභාවේ ඉහළ පාලනාධිකාරිය සහ නිලධාරීන් අතර වංචනික ලෙස බෙදී යනවා.


කුණු පිළිබඳ ගැටලූව අද පන්ති ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. මුළු කොළඹම එකතු වෙන කුණු දුප්පත් අහිංසක පවුල් ජීවත් වෙන ගෙවල් 5000 මැද්දේ දැමීම ඉතාම සාහසික ක‍්‍රියාවක්.


මේ කුණු කවදාවත් විහාර මහා දේවී උද්‍යානය අසල ගොඩගසන්නේ නැහැ. ගාලූ මුවදොර පැත්තට රැගෙන යන්නෙත් නැහැ. අහිංසක මිනිස්සු මැද්දට තමයි ගෙනැත් දාන්නේ.


කුණු අතර විශාලතම ප‍්‍රමාණයක් තිබෙන්නේ වීදුරු හා ප්ලාස්ටික්. මෙම කුණු නැවත ප‍්‍රතිචකී‍්‍රයකරණය කිරීමට කටයුතු කරනවා නම් මේ මීතොටමුල්ල ගැටලූව විසඳගන්න පුළුවන්.

 


පාර්ලිමේන්තු මන්ත‍්‍රී (එජාප) එස්.එම්. මරික්කාර් මහතා:
මීතොටමුල්ල ආසන බල ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ලෙස මීතොටමුල්ලේ කුණු කන්දට විසඳුමක් යෝජනා කරන්න පුළුවන්ද?


කුණු කන්දට විසඳුම අපි දැනටම සොයලා ඉවරයි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡුා කරලා දැනට මාස තුනකට කලින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දීලා තියෙනවා ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩ පිළිවෙළක් හදන්න.


එම වැඩ පිළිවෙළට ආයෝජනය කරන්න මේ වෙලාවේ ආණ්ඩුවට මුදල් නැහැ. අලූත් තාක්ෂණයත් එක්ක ඒ අයටම ආයෝජනය කරන්න පුළුවන් සමාගම් 56ක් ටෙන්ඩර්වලට ඉදිරිපත් වෙලා තියෙනවා.


කරදියආරුවල අක්කර එකහමාරක් වෙන්කරලා තියෙනවා. මෙම වැඩ පිළිවෙළ නාගරික සංවර්ධන අධිකාරියෙන් ආරම්භ වුණා. එය ආරම්භ කිරීමෙන් අනතුරුව එහි ප‍්‍රථම අදියර වෙන්නේ කොළඹ මීතොටමුල්ලට කුණු එන එක නතර කරලා කරදියආරුවලට යොමු කරන එකයි. දෙවැනි අදියර ලෙස මීතොටමුල්ල කුණු ක‍්‍රමානුකූලව අයින් කරලා කරදියආරු වල ප‍්‍රතිචක‍්‍රීයකරණයට යවනවා.


ආසනයේ දේශපාලන නායකයා හැටියට මේ මිනිසුන්ට ජීවත් වෙන්න නිදහස් පරිසරයක් හදලා දෙන එක මගේ වගකීමක්. මේකෙන් පීඩා විඳින්නේ යූ.එන්.පී. කාරයෝ විතරක් නෙවෙයි. පීඩා විඳින්නේ සියලූම පොදු මහජනතාව. දරුවන්ගේ සෞඛ්‍ය කඩා වැටිලා. අධ්‍යාපනය කඩාවැටිලා. ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා.

sdh


කොළොන්නාවේ කුඩු තුරන් කිරීම, කුණු අයින් කිරීම, පාරවල් හදලා ලස්සන නගරයක් කිරීම මගේ වගකීම. අනිවාර්යයෙන්ම මේවට විසඳුම් දෙනවා. මේක තවත් එක දේශපාලන පොරොන්දුවක් නෙමෙයි. මම කුණු කන්ද විකුණගෙන කාලා දේශපාලනයට ආවේ නැහැ.


ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩ පිළිවෙළ බිලියන 15 විතර ආයෝජනය කළ යුතු වැඩපිළිවෙළක්. ගෙදර කුණු ටික ට‍්‍රැක්ටරයකට දාලා යවනවා වගේ නෙමෙයි. මේක ජාතික ව්‍යසනයක්. සැප්තැම්බර් මාසේ අග වෙනකොට වැඩ පිළිවෙළ පටන්ගන්න තමයි මගේ උත්සාහය. පැලැස්තර විසඳුම් දෙන්න මම ලැස්ති නැහැ. ප‍්‍රශ්නයට සැබෑ උත්තරය තවත් මාස කිහිපයකින් දෙන්න මම ලෑස්තියි.


මීතොටමුල්ල කුණු කන්ද ගැටලූවට ඍජුව වගකීම දැරිය යුතු කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සමග මෙම ගැටලූව පිළිබඳව සාකච්ඡුා කිරීමට අප ගත් සියලූ උත්සාහයන් ව්‍යර්ථ විය. නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අංජලී දේවරාජා මහත්මියට ද දුරකථනයෙන් ඇමතූ අවස්ථා කිහිපයකදීම ඇය අපගේ ඇමතුම මග හැරියාය.


ගැටලූව සම්බන්ධයෙන් බලධාරින්ගේ අදහස් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව අපි කනගාටුවන්නෙමු.


මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධ ගැටලූව විසඳීම සඳහා ඍජු රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යව ඇති බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු.

m



අදහස් (0)

අගනුවරත් ගඳ ගස්සන මහා කුණු කන්ද

සජිත් Sunday, 27 September 2015 12:34 PM

දියුණු රටවල් වලට කුණු සම්පතක්ලු. ඔවුන් එයින් බලශක්තිය පොහොර ඇතුළු බොහෝ ප්‍රතිලාභ ලබා ගන්නවා.ඒත් අපි..? හැමදාම කුණු නිසා කුණු කනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3393 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 384 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site