සුදු පෙණ පිඬු නගමින් වෙරළ සිපගන්නා කරදිය රැල්ල ගම්බිම් සුන්බුන් බවට පත් කරමින් මව්පියන්ට දූ දරුවන්ද, දූ දරුවන්ට මව්පියන්ද, බිරින්දෑවරුන්ට ස්වාමියන්ද, ස්වාමියන්ට බිරින්දෑවරුන්ද, සහෝදර සහෝදරියන්ට, සහෝදර සහෝදරියන්ද හිතමිත‍්‍රාදීන්ට හිතමිත‍්‍රාදීන්ද, සුරතලයට ඇති කරන සතා සීපාවාද මහ සයුරු පතුළට රැගෙන ගියේය. උදුවප් පෝදා සාදු නාදයත් ඝණ්ඨා නාදයත් අසන්නට සිටියවුන්ගේ කණවැකුණේ වැළපීම් හා අඳෝනාය.
මෙ සිදුවීමේ අතිශය ඛේදනීය බව සනාථ කෙරුණු දසුන් පෙළක් පෙළ ගැසී තිබුණේ ගාල්ල බස් නැවතුම් පොළ අසල ගොඩනැගිල්ලක් මත සිට වීඩියෝ ගතකර තිබූ අජන්ත සමරවික‍්‍රම නම් මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරාවෙහිය. රූපවාහිනී තිරයේ දිගහැරුණු එම දසුන් පෙළ සැබවින්ම හද කකියවන සුළු විය. තැන තැන ගොඩගැසුණු දහසක් මිනී කඳු මිහිදන් කෙරුණේ බැකෝ යන්ත‍්‍රවලින් හෑරු විශාල වළවල් තුළයි. මරණයේ බියකරු අත්දැකීමෙන් ශේෂ වූ කම්පනයත්, දෑස් අග නළියන කඳුළත්, තිගැස්මත් සුනාමියෙන් බැට කෑ දහසක් ජනයාගේ සිත් සතන් තුළ සදහටම ඉතිරි කළේය. |
මෙවැන්නක් මීට පෙර සිදුවන්නේ වසර දහස් ගණනකට පෙරාතුවය. ඒ කාවන්තිස්ස රජ සමයේය. එදවස මෙලෙස මුහුද ගොඩගැලූ මොහොතේ රටවැසියා මුදාගැනීම සඳහා තම දූ කුමරිය වූ විහාර මහා දේවිය මුහුදට බිළිකළ බව මහාවංශය කියයි.
ලාංකේය ජන සමාජය ‘සුනාමිය’ යන්න පිළිබඳව මුල්වරට අසන්නේ දැනගන්නේ මෙම ව්‍යසනයත්් සමඟමය. සැබැවින්ම එය හද කම්පා කරවන සුළුය. වෙරළබඩවාසීන්ගේ දුක් කඳුළු හොඳින් හඳුනන ඔවුන්ගේ දිවි රැක ගන්නට උදව් වූ සොඳුරු මහ සයුර නොසිතූ ලෙසින් වියරු වී ඔවුන්ගේ ජීවිත උදුරා ගන්නට තරම් සැහැසි වූයේ කෙසේදැයි සිතා ගැනීම පවා ඔවුනට අසීරු වූයේය.
එදාවේල සොයා ගනිමින් දිවිගත් දුප්පතුන්ගේ පැල්පත්, කඩකාමර, ධීවරයන් සතු එකම ධනය වූ බෝට්ටු මෙන්ම එම වෙරළාසන්නයේ දිවි ගෙවූවන්ගේ, සෙස්සන්ගේ නිවෙස්, යානවාහන ද එකම දිය සුළියකට හසුව මුහුදට පාවී ගියේ කප්පරක් දුක් අඳෝනා මධ්‍යයේය.ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපත අසල මුහුදේ 2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලූයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප‍්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වූ අතර ඒවායින් වැඩිම දේපළ හානි හා ජීවිත හානි සිදුවූයේ ශ්‍රී ලංකාවටය.
ලංකාව ආසන්නයේ සිදු වූ භූ කම්පනය රික්ත මාපකයේ සටහන් වූයේ 6.5 ක් ලෙසය. එය සුමාත‍්‍රා ආසන්නයේ 8.5 ක් ලෙස සටහන් විණි. අපේ රටේ දකුණු, නැගෙනහිර හා නිරතදිග වෙරළ කලාපවල මෙම ව්‍යසනය හරහා සිදු වූ හානිය අතිමහත්ය. මුළු සිරිලකම මෙයින් එකම මළ ගෙයක සිරි ගත්තේය.
ත‍්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්, කල්මුණේ, කලවංචිකුඩි, මුතූර්, වෙන්නප්පුව, මාරවිල, හම්බන්තොට, ගාල්ල, මාතර, තංගල්ල, අහංගම, වැලිගම, තොඩුවාව, කටුනේරිය උල්හිටියාව, වයික්කාල ආදී පෙදෙස් බෙහෙවින් හානියට පත් වූයේය. තංගල්ල ධීවර වරාය අසල හුන් තරුණ ධීවරයකු මේ ව්‍යසනයට හසුව මහ ජල කඳ හා පොර බදිමින් දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි.
‘‘මට මතක විදියට වෙලාව උදේ 8.00 ට වගේ ඇති. මම මගේ පොඩි බෝට්ටු දෙකින් එකක නැගලා වරාය අයිනේ හිටියේ. එක පාරටම මුහුද බැලූමක් වාගෙ පිම්බුණා. මා හිටපු බෝට්ටුවත් එක්ක වරායේ තිබුණු අනෙක් බෝට්ටු අඩි 40 ක් විතර උඩට උස්සගෙන මුහුද ගොඩට ගලාගෙන ආවා. වරායේ ගොඩනැගිලිවල වහලවලට උඩින් ආව වතුරත් එක්ක මගේ බෝට්ටුව ගොඩබිමට ගහගෙන ගියා. ආයෙත් ටික වේලාවකින් මුහුද පැත්තට ඇදිලා ගියා. වරායේ නවත්තලා තිබුණු කාර්, වෑන්, ලොරි ගොඩනැගිලිවලට උඩින් වතුරේ එහාට මෙහාට කැරකෙනවා දකිද්දි මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා’’ ඒ ඔහුගේ සැලෙන හඬයි.
මෙ සිදුවීමේ අතිශය ඛේදනීය බව සනාථ කෙරුණු දසුන් පෙළක් පෙළ ගැසී තිබුණේ ගාල්ල බස් නැවතුම් පොළ අසල ගොඩනැගිල්ලක් මත සිට වීඩියෝ ගතකර තිබූ අජන්ත සමරවික‍්‍රම නම් මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරාවෙහිය. රූපවාහිනී තිරයේ දිගහැරුණු එම දසුන් පෙළ සැබවින්ම හද කකියවන සුළු විය. තැන තැන ගොඩගැසුණු දහසක් මිනී කඳු මිහිදන් කෙරුණේ බැකෝ යන්ත‍්‍රවලින් හෑරු විශාල වළවල් තුළයි. මරණයේ බියකරු අත්දැකීමෙන් ශේෂ වූ කම්පනයත්, දෑස් අග නළියන කඳුළත්, තිගැස්මත් සුනාමියෙන් බැට කෑ දහසක් ජනයාගේ සිත් සතන් තුළ සදහටම ඉතිරි කළේය.
එම ප‍්‍රචණ්ඩ රළ පහරින් තම ජීවිත කාලය පුරාවටම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් සේසතම මුහුදු රකුසා ගිලගත් මොහොතේ ජීවිතය යළි අරඹන්නේ කොතනින්දැයි කිසිවෙකුටත් නිනව්වක් නොතිබුණේය. සමහරෙකුට ඉතිරි වූයේ ඇඳිවත පමණි.
සුනාමි රළ පහර නිසා ගාල්ල, මාතර, හම්බන්තොට ආදී දිස්ති‍්‍රක්කවල වෙහෙර විහාරස්ථාන බොහොමයක් විනාශ වුවද එහි වූ කිසිදු බුදු පිළිමයකට කිසිදු හානියක් සිදු නොවීම සැබවින්ම මෙම දහම් දිවයිනේ තවමත් නිර්මල බුදු දහම නොනැසී පවතින බව සනාථ වන සැබෑ ආශ්චර්යක්මය. අතිශය දරුණු ලෙස විනාශ වූ ගාල්ල බස් නැවතුම් පොළ අසල වූ බුදු පිළිමයට පවා අබමල් රේණුවක හෝ හානියක් සිදු නොවුණු අයුරු පුදුම සහගතය. එසේම ප‍්‍රචණ්ඩ මහ සයුර මැද වූ බෞද්ධයන් අතර පරසිදු සීනිගම දෙවොලද ඒ ආකාරයෙන්ම ආශ්චර්යක් ලෙසින්ම ආරක්‍ෂා විණි.
කොටුව දුම්රිය පොළෙන් මාතර බලා පිටත් වූ දුම්රිය ගමන් ඇරැුඹුවේ පෙරවරු 7.10ටය. ඒ මගීන් දහසක් පමණ පිරිසක් සමඟින්ය. මැදිරි 8කින් පමණ සමන්විත වූ දුම්රිය උදෑසන 9.40 පමණ වන විට තෙල්වත්ත, පැ?ලියට ළඟා වී තිබූ අතර වියරුවෙන් ගොඩබිම කරා පැමිණි යෝධ කරදිය රැල්ල එහි මැදිරි පහක්ම සමුදුරු ගිල ගත්තේය. කෙළි දෙළෙන් ගමන් ගත් කුඩා දරු පැටවුන් මෙන්ම බාල, මහලූ, වැඩිහිටි ඒ සැවොම දුම්රිය තුළම සදහටම දෙනෙත් පියා ගත්හ.
අතිශය ඛේදනීය ව්‍යසනයේදී අපේ රටේ විවිධ ජන කොටස්වලට අයත් වූ 38,000ක් පමණ දෙනා ජීවිතක්‍ෂයට පත් වූහ. එයින් 5,000 කගේ සිරුරු අතුරුදන් විය. 800,000ක් අවතැන් වූහ. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවෙස් ප‍්‍රමාණය 80,000කි. එම නිවස්වලින් 40,000ක් ධීවරයන්ගේය. ආරෝග්‍යශාලා 72ක් සහ පාසල් 182ක් ද මේ ව්‍යසනයෙන් දැඩි ලෙස විනාශ වූයේය.
වෙරළ තීරයෙහි වූ ධීවර වරාය 13කට ද විශාල අලාභහානි සිදු වූ අතර මහා මාර්ග කිලෝමීටර් 1,615 ක් හා පාලම් 23 ක් සම්පූර්ණයෙන්ම විනාශ විය. දුම්රිය මාර්ගවලින් කිලෝමීටර් 160ක්, දුම්රිය ස්ථාන 35ක් හා දුම්රිය පාලම් 10ක් ද මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වූයේය. එමෙන්ම කිලෝමීටර් 6,500ක් පමණ වූ විදුලිය රැුහැන් පද්ධතියටද, නිවාස 50,000ක ජල සැපයුම් මාර්ගවලට ද සිදු වූ විනාශය අතිමහත්ය. විශේෂයෙන්ම වෙරළාසන්නව සංචාරකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙන් වූ සංචාරක හෝටල් 84ක් විනාශ මුඛයට පත්වීම සංචාරක කර්මාන්තයට සිදු වූ දරුණු බලපෑමක් ද වූයේය.
කෙසේවුවද මේ ව්‍යසනයේදී විවිධ දේශීය සංවිධාන මෙන්ම විදෙස් රටවල් හා එම රටවල විවිධ සංවිධාන දැක් වූ සහාය අපේ රටට විශාල ශක්තියක් විය. විශේෂයෙන්ම 1950 ඇරැුඹි කොළඹ ක‍්‍රමයේ සිට පුරා වසර 60කට අධික කාලයක් තිස්සේ අපේ රටට විශාල ආධාර ලබාදෙන ජපානය මෙම ව්‍යසනයේදී ද පෙරමුණ ගත්තේය.
හදිසි ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් 2,96,000 ක සහනාධාර උපකරණ ද මුදලින් ඇ.ඩො. මිලියනයක්ද කෙටි හා මධ්‍ය කාලීන නැවත ඉදිකිරීම් වෙනුවෙන් ඇ.ඩො. මිලියන 80ක්ද, දිගු කාලීන නැවත ඉදිකිරීම් වෙනුවෙන් ඇ.ඩො. මිලියන 100ක් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන හා ජාත්‍යන්තර කණ්ඩායම් ඇ.ඩො. මිලියන 250, ජයිකා හා සිවික් ෆෝස් ඇතුළු ජපාන රාජ්‍ය නොවන සංවිධානවලින් ඇ.ඩො. මිලියන 700,000ක් සමස්ත ජපන් රජයේ අරමුදල් ලෙස අපට ප‍්‍රදානය කිරීම ඒ මොහොතේ විශාල ශක්තියක් වූයේය.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අට වසරක සුනාමි මතකය
දිනූෂා Thursday, 25 December 2014 11:26 AM
අපි මාස ගණනක් දකුණේ නැවතිලා කළ හැමදේම සමහරු විනාශ කළා (නි)
ශිරන්ති Tuesday, 30 December 2014 06:35 AM
අවුරුදු 9 ක් ගතවෙලා කිව්වත් ඊයේ වගේ මතකය අලුත් .තාමත් ලොකු කම්පනයක් දැනෙනවා . (දී)
රුස්දී Sunday, 25 January 2015 11:37 AM
"අට වසරකට පසු" යන්න "දස වසරකට පසු" ලෙස නිවැරදි විය යුතුවේ. (ර)
රත්නායක Saturday, 03 January 2015 03:34 AM
ඔය කියපු ආධාර සල්ලි වලට මොනවද වුණේ? (නි)
අමාලි Monday, 29 December 2014 07:42 AM
දස වසරක සුනාමි මතක සටහන් ලෙස මාතෘකාව වෙනස් විය යුතුය (නදී)
සජීවා Wednesday, 24 December 2014 05:32 AM
මෙරට ඉතිහාසයේ සිදු උ එම ඛේදවාචකය නැවතත් මේ පුංචි දිවයිනට සිදු නොවේවා. (නදී)
මාධව Thursday, 25 December 2014 01:15 PM
ඉතා වටිනා ලිපියක්. අදටත් ඒ මුළු රටම කම්පා කල දිනය මතක් වෙනවා.(අ)
සමන්තිකා පෙරේරා Tuesday, 23 December 2014 08:22 PM
හොඳ ලිපියක්. (නදී)
සරසි Wednesday, 24 December 2014 06:31 AM
එදා ඒ නපුරු ව්‍යසනයෙන් අපේ ජිවිත බේරුනා. නමුත් තාමත් ඒ බය අපේ හිත් වල තියනවා. නැති උන අපේ පවුලේ සාමාජිකයන්ව අදත් මතක් වෙනවා ගොඩක් ලොකු වේදනාවක් එක්ක (නදී)
ශාන්ති Thursday, 25 December 2014 07:32 PM
ඇත්ත. ගොඩක් දෙනෙකුට අමතක වෙලා තිබුණු දෙයක් තමයි මේ දිනවල වැඩිපුර මතක් වෙන්නේ (නි)
රිද්මා Wednesday, 31 December 2014 04:26 AM
ගාලු බස්නැවතුම පොළවට සමතලාවුවත් ඇස් අදහාගත නොහැකි දර්ශනයක් වූ ඒ ඉදිරියේ ඇති බුදුගෙය නිරුපද්‍රිතව තිබූ අයුරු ..... සොබාදහම යම් දෙයක් අපට කියා දෙනු ඇත. (බ)
නුවන් Saturday, 27 December 2014 08:00 AM
මේවා මතක්කර දෙන එක හොඳයි (නි)
චාන්දනී Wednesday, 24 December 2014 04:08 AM
අමතකවෙලා තිබුණ දෙයක් මෙහෙම මතක්කරලා දුන්නාට බොහොම ස්තූතියි! (නි)