IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අඩසියවසකට පෙර මැතිවරණයක අත්දැකීමක්

10_SLTK_P2_Back 

 

ඡන්දය ඉල්ලන අයට වඩා කැක්කුම ඇත්තේ ඔවුන්ට උදව් කරන අයට නොහොත් සපෝටර්ලාටය. ඒකට ඒ දවස්වල කීවේ දේශපාලන උණ කියාය. දැන් එයට මොනවා කියනවා දැයි නොදනිමි.

 


දැනට වසර 54කට පෙර පැවැති මහා ඡුන්දයක දී ඔය කියන දේශපාලන උණ මට ද වැළඳී තිබිණ. ඒ දවස්වල ඡුන්ද බලය තිබුණේ අවුරුදු 21ට වැඩි අයටය. එම මැතිවරණය සඳහා මට ඡන්ද බලය නොතිබුණ ද දේශපාලන උණ නම් තදේටම වැළඳී තිබිණ. එම උණ සන්නිපාත තත්ත්වයට පත්වුණේ ඡන්දය දාට එළිවෙන පාන්දර ජාමයේය.

sx
එකල අපේ ගම වූ මහබාගේ අපේ පක්ෂයේ අය සිටියේ දෑතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. එම නිසා දේශපාලන කටයුතු කරන්නට අපට සිදුවුණේ අනිත් පිලේ අයගේ එනම් එවකට ආණ්ඩු බලය හිමි පක්ෂයේ ආධාර කරුවන්ගේ විවිධ තර්ජන ගර්ජනවලට මුහුණ දෙමින්ය. එම නිසා අපගේ සීමිත පාක්ෂිකයන් අතුරින් ‘‘මැතිවරණ රහස් කොමිටියක්” ද පත්කර ගැණින. එම රහස් කොමිටියට මාද, මහබාගේ ගමේ උග‍්‍ර වාමාංශිකයෙකු වූ මාගේ ඥාති සහෝදරයෙකු වූ බර්ලන් අයියා ද, කැපුවත් ලේ නිල් පාට බැව් නිතරම කියූ සිමියන් සිල්වා හෙවත් සිමප්පු අයියා ද, ගමේ නමගිය වඩු කාර්මිකයකු වූ පැටි‍්‍රක් අයියා ද ඇතුළත් වූහ.


ඡුන්දය දා එළිවෙන ජාමෙට ඉතා වැදගත් රහස් ඡන්ද පෝස්ටරයක් ගම පුරා ඇලවීමට අපේ කමිටුව තීරණය කර තිබිණි. ‘‘හැබැයි මේක අපේ හොඳ තුරුම්පුවක්. මේ ගැන අපි හතරදෙනා විතරයි දන්නෙ. මේක හෙට එළිවෙනකං කාටවත් හෙම කියන්නෙපා” පැටි‍්‍රක් අයියා මේ සම්බන්ධ තීරණය ගන්නා වෙලාවේ අපට කීවේ අවවාදාත්මක ස්වරූපයකිනි. ඡුන්දය දාට පෙර දින රාත‍්‍රී දොළහට පෝස්ටරය ඇලවීම සඳහා මහබාගේ ගමේ ආරම්භය වන වැලිතුඩුව පොඩි ඇළ අසලට එකතුවීමට ද අපි හතරදෙනා තීරණය කළෙමු.


එදින මහා කළුවර රාත‍්‍රියක් විය. අද මෙන් එදා අපේ ගමේ විදුලිය නොතිබිණි. ? ගමනක් යාමට නම් හුළු අත්තක් පත්තු කරගතයුතු විය. එහෙත් මෙය හොර රහසේ යායුතු ගමනකි. එදා අද මෙන් ඉඩම් වෙන්කර ගන්නට තාප්ප හෝ වැට බැඳීමක් සිදු නොවුන හෙයින්  ඕනෑම කට්ට කරුවලක ගමේ  ඕනෑම තැනකට යාහැකි ඉවක් අපට තිබිණි. ටික දුරක් අඳුරේම මම ඉදිරියට ගියෙමි. මා පසුපසින් වියළි කොළ පොඩි වෙන ශබ්දයක් ඇසිණ. මම පසුපස හැරී බැලූවෙමි. දැල්වෙන බීඩියක එළියක් මට පෙනේ. මම උගුර පෑදුවෙමි. -ආ උඹ ද” ඒ සිමප්පු අයියාය. අප දෙදෙනා වැලිතුඩුවේ පොඩි ඇළ අසලට කිට්ටු වෙමින් සිටියෙමු. අප හමුවීමට නියමිත තැනින් තවත් බීඩි එළියක් පෙනෙයි. ළං වී බැලූ විට ඒ බර්ලන් අයියාය. ඔහු නියමිත වේලාවටත් කලින් එතැනට පැමිණ ඇත.


‘‘කෝ පැටි‍්‍රක් අයියා ආවෙ නැද්ද?” මම බර්ලන් අයියාගෙන් ඇසුවෙමි. ‘‘පැටි‍්‍රක් කොහෙ එන්ඩද බං. ඊයෙ අපේ කොමිටිය වෙලාවෙත් හොඳට දාල හිටියෙ. මිනිහ මෙලහකටත් ගොරෝ ගොරෝ නිදි ඇති. මිනිහ එන එකක් නැහැ අපි තුන්දෙනා යමු.”


අපි තුන්දෙනා පෝස්ටර් ඇල වීමට පටන් ගතිමු. කලින් දැනුම් දුන් පරිදි සිමප්පු අයියා පාප්ප සාදාගෙන ඇවිත් තිබිණි. ඔහු බීඩිය ඉහළට උරන විට නැගෙන එළියෙන් පෝස්ටර් ඇලවීම සිදුවුණේ මා අතිනි. බර්ලන් අයියා පොල්ලක් ද අතැතිව සිටිමින් අපට ආරක්ෂාව සැලසීය. මෙසේ පෝස්ටර් අලවමින් අප ගම මැද හරියට එන විට ඈතින් හුළු එළියක් පෙනුණි. මේ ජාම් වෙලාවෙ යන්නේ කවුරුන්දැයි දැක ගැනීමට අපි ටිකක් වේගයෙන් ඒ දෙසට ගියෙමු. ඒ අනිත් පක්ෂයේ ගමේ ප‍්‍රබලයන් කිහිපදෙනෙකි. ඔවුන් අතරින් සුපුරුදු කට හඬක් ද අපට ඇසෙයි. ‘‘ ඕකුන්ට පුළුවන් ද මේ ආණ්ඩුව පෙරළන්න. ගමේම ඡුන්ද කීයද  ඕකුන්ට තියෙන්නෙ. යකෝ මං  ඕකුන්ගෙ රහස් කොමිටියෙ එකෙක්. මං ප්‍රෝඩාවක් කළේ. මං  ඕකුන්ගෙ රහස් දැනගන්ඩයි ඔය කොමිටියෙ හිටියෙ.” ඒ පැටි‍්‍රක් අයියාගේ හඬය. ඔහු තොරතෝංචියක් නැතිව ඔහේ කියවාගෙන යයි. ‘‘ ඕකුන් දැන් එයි පෝස්ටර් අලවන්ඩ ඔය.... පුතාලගෙ අඬු කැඩෙන්ඩ ගහපියව්” පැටි‍්‍රක් අයියා පුතාලගෙ යන්න මුලට අසභ්‍ය වචනයක් ද එක් කළේය.


‘‘පැටි‍්‍රක් අයිය ඒ පැත්තට ගිහිල්ල නේද? අපටයි රහස් රකින්න කියාල අවවාද කළේ. පැය දෙක තුනක්වත් ගියෙ නැහැ, මිනිහ ඒ පැත්තෙ.” මා කීවේ මහත් කලකිරීමකිනි. මගේ දේශපාලන උණ, දැන් සන්නිපාත තත්්ත්වයටම උත්සන්න වී තිබේ. ‘‘අපි දැන් මොකද කරන්නෙ” මම අනිත් දෙදෙනාගෙන් ඇසුවෙමි. ‘‘මොනවා කරන්නද අපි ගෙදර යමු.” ඔවුන් දෙදෙනාම එකවර කියන ලදී. ‘‘ ඕකට අරක්කු ටිකක් දුන්නොත්  ඕනෑම ජඩ වැඩක් කරයි” ඒ කීවේ සිමප්පු අයියාය.


ඉතිරි පෝස්ටර් ටිකත් කිහිල්ලේ ගසාගත් මම ආපසු ගෙදර එන්න පිටත්වුණෙමි. අනිත් දෙන්නා ද කසාය බිවූ ගොළුවන් සේ මා පසු පස එති. දැන් පාන්දර ජාමයයි. ගස්වල ලැග උන් කුකුල්ලූ සියලූදෙනාම එකවර හඬලන්නට පටන්ගත්හ. ඒ අපට ඔච්චම් කරන්නා වගේය.

 

m



අදහස් (0)

අඩසියවසකට පෙර මැතිවරණයක අත්දැකීමක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4550 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 580 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1166 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 103 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 248 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site