ඇමෙරිකාවේ ප්ලොරිඩා නුවර එවර්ග්ලේඩ් හි වොලස් වෙදරහෝල්ට් (63) තම දරු පවුල හා මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් සඳහා පසුගිය ජූනියේදී ගියේය. නිදැල්ලේ සතුන් සිටින උද්‍යානයකට ගිය ඔවුහු හැඩි දැඩි කිඹුලකු සිටින කුඩා විලක් අසල බෝට්ටුව පදවමින් සිටියහ.කිඹුලකු අසලට තරමක් කිට්ටු කළ වොලස් පිළිස්සීමට ගෙනා මස් කුට්ටියක් කිඹුලාට දික් කෙළේය. සිදු වූයේ ඔහු නොසිතූ දෙයකි. උරහිස අසලින් අත කඩාගත් කිඹුලා විලේ අතුරුදන් විය. වනජිවි නිළධරින් හා උද්‍යාන පාලකයින් එක්ව කිඹුලා මරා බඩ පලා ගිල දමා තිබූ අත රැගෙන නැවත බද්ධකිරීම සඳහා වෛද්‍යවරුන්ට ලබා දුන්නද අතට සිදු වී තිබූ හානි නිසා එය කළ නොහැකි විය. දිනකට පසු රෝහලට පැමිණි වනජිවි නිළධාරීන් වොලස්ගේ බිරිය අත යම් ලියවිල්ලක් තැබීය. මරාදැමූ කිඹුලාගේ වටිනාකමත් එක්කාසු කොට අනවසරයෙන් සතුන්ට කෑම දීම පිළිබඳව ඔහු ලොකු දඩයකට යටත් කොට තිබිණි. අනවසරයෙන් සතුන්ට කෑම නොදෙන්නැයි එම උද්‍යානයේ ඇති දැන්වීම් නොසලකා ඔහු කිඹුලාට කෑම දුන් බව බිරිය කියයි. ගිය ජුනි12 වැනි දා වූ මේ සිද්ධියෙන් පසු වොලස් හිරගෙට යැවූ නමුත් පසුව ඇමෙරිකා ඩොලර් දහසක දඩයක් මත මුදා හැරිණි. බෝට්ටු කපිතාන්වරයකු වන ඔහු කැර ඇත්තේ ඇමෙරිකා ඩොලර් 500ක ( රුපියල් 65000ක) දඩයක් හා සිරදපඬුවම් නියම කළ හැකිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නීතිය ක්‍රියාත්මක කරන හැටි...හරියටම හරි(ස)
ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ අපේ අයව හිරේ යන්නේ නැහැ... (නි)
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි (ස)
අපේ රටෙත් කම්බි වැටෙන් ඉවත ඉඳලා අලීන්ට අනවසරයෙන් කෑම දාලා සමහරු මාධ්‍ය ඉදිරිපිට ඉදලා පුරාජේරුත් දොඩවනවා (ස)
තිරිසන් සත්තුන්ගේ හැටි නොදැනද ?අනවශ්‍ය දේ නොකරනම් මෙහෙම දේ වෙන්නේ නෑ නේ (ස)
කැකිල්ලේ නඩු තීන්දුව වගේ (ස)
ඔනතරම් ලෝකපුවත් බලන්න වෙනත් වෙබ් පිටු තිබේ.එමනිසා හැකිතරම් ලංකාවේ පුවත් පලකරන්න.නැත්නම් සයුරෙන් එතර කොටසේ පලකරනමෙන් ඉල්ලමි.(ස)
මේ කතාව අර මුට්ටියට ඔලුව දමපු එළුවාගේ ඔලුව ගන්න, මහදැනමුත්තා උගේ ඔලුව කපලා, ඔලුව එළියට ගන්න මුට්ටිය බින්දා වගෙයි. (නි)
මම හිතාගෙන හිටියේ ලංකාවේ කිඹුලන් තමයි දරුණු කියලා. බලාගෙන ගියහම සේරම එකයිනේ. (නි)
කිබුල්ලු අතගාන්න යන්න හොඳ නෑ (ස)
ලංකාවේ කෙනෙක්නම් කිඹුලගෙයි අත නැති වෙන්නේ (ස)
කල්පනා නොකර වැඩකරන්ඩ ගිහින් අහිංසක සතාගේ මරණය සුදුකරා මේවා මොනතරම් පවුද මනුසයත් පවු සතාත් පවු ....(අ)
නීතිය නම් නීතිය (ස)